0 Views  
ඊශ්වරායාගේ චිත්‍රය

ඊශ්වර දෙවියන් විසින් අඳින ලද 'නියඟය' නමැති කර්කශක චිත්‍රය බොහෝ දෙනා දුටුවේ කල්ප විනාශයේ පෙරනිමිත්තක්‌ ලෙසිනි. එහි හිරු මහ පොළොවට රවාගත්වනම සිටී. ගිනි අව්ව හිරු දහසක්‌ පෑයුවාසේය. කරවුණ පොළොව පුපුරා ඒ අතරින් දුම් දමයි. ගසක වැලක දල්ලක්‌ හෝ කොළයක්‌ පෙනෙනට නැත. ගස්‌ දර ගස්‌ය. ඒවායේ අතු අහසට විහිදී තිබුණේ සාගතයෙන් පීඩිත වූවන් වැසි ඉල්ලා දෙවියන්ට යාච්Æ කරන්නාක්‌ මෙනි. වියළුණු වැල් ගස්‌ තුරුලෙන් කඩා වැටී පොළොව බදාගෙන නියඟයට සාප කරයි. ඇළ, දොළ, ගංගා, වැව්, පොකුණු තුළ ද දිය සීරාවන් පෙනෙන්නට නැත. ජලජ සතුන් සියල්ලම මියගොසිනි. අපා දෙපා සිවුපා බහුපා ආදි සතුන් බොහොමයක්‌ ද මළවුන් අතරය. ඇතැමෙක්‌ මළවුන්ගේ ගීතය සතුටින් ගායනා කරති. එතන දෙවියන්ගේ කප් රුකය. ඔවුනට නීරෝගේ වීණාව තෑගි ලැබී තිබුණේය. මේ අතර නොමළවුන් සාගත හටනින් ජය ගන්නට දුෂ්කර ක්‍රියාවේ යෙදී සිටියාහ. එතන 'පිංතු' නමැති අසරණයාගේ ජීවිතය ද ඉතාමත් දුර්වර්ණයෙන් සිතුවම් වී තිබුණේය...

ඔහුගේ ගේ පැල ගරා වැටී ඇත. හිරු වහළේ ඉරටු අතරින් ගෙතුළට ආලෝකය සපයයි. පිංතුගේ බිරිඳ පැදුරු කඩ මාල්ලක වැතිරිලාය. ගින්න නිසා ඇයගේ පපුවේ හතිය තවත් වැඩිවී ඇත. කිsරි දරුවා ඇයට තුරුලු වී වියළි තන පුඩුවෙන් කිරි උරමින් කෑ ගසයි.

පිංතුට ද හිටගෙන ඉන්නට වාරු නැත. ඔහු සිටියේ ගෙපිල මත ඇන තියාගෙනය. මිදුලේ කෙළවර නාකි ගොන් තඩියෙක්‌ වැතිරි සිටී. උගේ නම පිං ගොනාය. එහෙත් ඒ උගේ නියම නම නොවේ.

නම වල්ලියාය...

වල්ලියා පිං ගොනෙකු වීමට කලින් ජීවිත ගණනාවක බැරි බර කරට ගත් සතෙකි. බර අදින්න දෙපා වාරු නැතිව ගිය පසු ඌට වන්දිය වශයෙන් ලැබුණේ ගෙවුණ ලාඩම් පලු හතරත් දිරූ නාස්‌ ලණුවත් පමණි. අවසානයේ ඌ ස්‌වාමියා වෙනුවෙන් දාන පාරමිතාව පුරන්නට ද සූදානම්ව සිටියේය.

එහෙත් ඌට ඒ සඳහා ඉඩක්‌ ලැබුණේ නැත. මස්‌ කඩයට යන්නට නොදී අයිතිකරුට දෙගුණයක්‌ මිල ගෙවා පිංතු උගෙ ඇස්‌, ඉස්‌, මස්‌, ලේ පණ පිටින්ම අරගත්තේය. පිංතුට පිං සිද්ධ වෙන්න ඌ පිං ගොනෙක්‌ වූයේ එදා පටන්ය.

ඒ සිදුවීම ඔහුගේ ජීවිතය හා සම්බන්ධ වුවත් මීට හය මාසයකට පෙර තමා පපුවේ අමාරුවෙන් මැරෙන්නට ගිය හැටි ඔහුට මතකය. ඔහු ඒ සඳහා නොකළ පිළියමක්‌ නැත. බෝධි පූජා බාරහාර ඔප්පු කිරීම් බලි තොවිල් ආදියෙන් ද කෙළවරක්‌ නොවීය. කේන්දරකාරයෝ කීවේ සෙනසුරු ඒරාෂ්ඨකයත් ලබා ඇති බවකි. එය මාරක යෑයි බොහෝ අය ඔහු බිය වැද්දූහ. සෙනසුරු විෂ්ණු දෙවියන්ටත් බට කොළ කැව්වා නම් තමාට නපුරක්‌ කරන එක අරුමයක්‌ නොවේ යෑයි ඔහුට සිතිණි. ඔහු හිටියේ මැරෙන්නට හිත හදාගෙනය. එසේ සිටින පිංතුට දිනක්‌ කවුදොa හීනෙන් පෙනී මාරකයෙන් බේරීමට පණට පණක්‌ බේරාගත යුතු යෑයි කියා ඇත. මස්‌ කඩයට මරන්නට ගෙන යන වල්ලියා පිංතු විසින් බේරාගන්නා ලද්දේ එහෙයිනි. එපමණක්‌ නොව ඔහු ඌට අයාලේ යන්නට ද ඉඩ නොහැරියේය. කන්නට බොන්නට දී සාත්තු සප්පායම් ද කළේය. නිකන් කන්න බොන්න ලැබෙන නිසා පිං ගොනා නාම්බකු මෙන් පෘෂ්ටිමත් විය. එහෙත් දැන් නම් ඌට ලබා ඇත්තේ ද නරක කාලයකි. කුසගින්නේ මැරි මැරී ජීවත්වනවාට වඩා එදා මස්‌ කඩේ මුදලාලිගේ එක පිහි පහරින් මැරුම් කෑව නම් හොඳ යෑයි ගොන් මොළයට නොසිතුණත් ඌ දුක්‌ විඳින්නෙ තමා නිසා බව පිංතු සිතයි. එහෙත් කරන්නට දෙයක්‌ නැත. ජීවිතයක්‌ බේරාගැනීමෙන් කරන ලද පිනෙහි මහිමය තමාත් මැරි මැරි ජීවත්වීම නම් සාගතය අපලයේ ඉතුරු කොටස යෑයි පිංතුට සිතිණ. ඔහු වියරුවෙන් හිරුට රැව්වේය.

"දෙයියනේ මෙහෙමත් පෑවිල්ලක්‌. මේ විදියට පායන්න ගියොත්.....·"

මෙතෙක්‌ නියඟය නමැති කර්කශක චිත්‍රයේ නිසලව සිටි පිංතු කියන්නට කට ගත්තා පමණි පිං ගොනා ගොබලු ගෙඩි වන් දෙ ඇස්‌ කරකවා ඔහු දෙස බැලුවේය. පිංතුට කියන්නට ආ දෙය හිර විය. ඔහු ඉතුරු කොටස සම්පූර්ණ කළේ මේ විදියට පායන්න ගියොත් තිරිසනකුට උලා කන්නවත් තණ කොළ ගහක්‌ ඉතුරුවන එකක්‌ නැහැයි" යනුවෙනි. තිරිසනාට එය නොතේරුණත් ඌ කෘතඥ පූර්වකව මෙන් පිංතු දෙස බලා සිටී. එහෙත් පිංතුට කියන්නට වුවමනා වුණේ එය නොවේ "මේ විදියට පායන්න ගියොත් තමාට හා බිරිඳටත් දරුවටත් යන කල දසාව" ගැනය.

සේරටම කලින් බිරිඳට බෙහෙත් බෝතලයක්‌ හා දරුවට පිටි පෙට්‌ටියක්‌ ගත යුතුව තිබුණි. ඔහු ගෙපිල මත බොහෝ වෙලාවක්‌ ඇන තියාගෙන කල්පනා කළෙත් ඒ ගැනය. ඔහුගේ දෙපා හිරිවැටී ඇත. ඒත් එක වරම ඔහු අමුතු පණක්‌ ලැබුවාක්‌ මෙන් නැඟිට ඇඳිවත පිටින්ම ගිනි අව්වේ කොහේදොa යන්නට ගියේය.

හිටි හැටියෙම ඔහු මේ කොහේ ගියාද යන්න බිරිඳ ද නොදත්තාය. නාකි ගොන් තඩියට ද ඒ ගැන සිතන්නට තරම් මොළයක්‌ නැත. ඌ පිංතු ඈතට නොපෙනී ගියාට පසු හරි බැරි ගැහී නිදාගත්තේය. ඌට නිදාගත් පසු සිදුවූයේ මහත් ආශ්චර්යයකි.

"ගිනි සළුවෙන් සැරසී සිටි අහස එය උනා ඉවතට විසි කළාය. හිරු ලැ-ජාවෙන් අහස වැහි වළාවන්ගෙන් සැරසීය. ගිනි ගුලියක්‌ මෙන් කරව තිබූ පොළොව සීතලෙන් ගැහෙන්නට ද විය. හිරුට බයෙන් සැඟවී සිටි වැස්‌ස වලාහක දෙවියන් සතුටු කඳුළු වගුරන්නට පටන් ගත්තේය. එය මහා වැස්‌සකි. නොකඩවාම ඇදහැළුණේය.

short1ඇළ, දොළ, ගංගා, වැව්, පොකුණු පිරී උතුරා යයි. ජලජ සතුන් සියල්ලම පණ ලබමින් සිටිති. රිදී රත්තරං පාට මාළුවෝ දියබුං ගසමින් පීනා කුරුල්ලෝ අහසේ පියාසර කළේ ප්‍රීති ගීතිකා ගයමිනි. බිහිසුණු හා වන සතුන් ප්‍රීතියෙන් උදම්ව සිටිති. ගස්‌, වැල්, දලු ලියලා වැඩුණේ බලා සිටියදීය. නියඟයට විනාශ වී තිබූ කුඹුරු කෙත්වතු නව පණක්‌ ලබමින් සුළඟට ලෙළදේ.

පිංතුගේ කෙත් යාය ද රන්වන් කරලින් බරවී ලෙළදෙන හැටි පිං ගොනා බලා සිටියේ ඉමහත් ආසාවෙනි. පිංතු ද බිරිඳ සමඟ නියර මතට වී ඒ දෙස බලා සිටී. නියර මත තණකොළ පඳුරු අපූරුවට වැවී තිබුණි. මේ ආශ්චර්යයෙන් ඔකඳ වුණ ගොන් තඩියා අලුතින් ලියලා වැඩුණු තණකොළ පඳුරක්‌ ගිල දමන්නට නින්දෙන් නැඟිට්‌ටේය.

පුදුමයකි !

හිරු පෙර මෙන්ම මහ පොළොව රවාගත්වනම සිටී. වෙනසකට වූයේ කඳුළු පිරුණු දෙනෙතින් යුතුව තඹ පටක්‌ අත ඇතිව ගොනා අසලින් සිටින පිංතුය.

මේ සැබෑ වෙන්නට යන සිහිනය කුමක්‌ද? යන්න ඌට වැටහුණේ නැත. එහෙත් පිංතු අත තිබුණේ "එදා මස්‌ කඩේ මුදලාලිගෙන් තමා බේරාගෙන එන විට ගෙලෙහි තිබුණ කඹ පටය බව නම් ගොන් මොළයට හොඳින් වැටහුණේය."


Wmqgd .ekSu උපුටා ගැනීම දිවයින පුවත් පත ඇසුරෙනි weiqfrks
o