1 Views  
පෙරපාසල් ගුරු­තුමී
දිනෙන් දින ව්‍යාප්ත වූ ඩෙංගු රෝගය හේතුවෙන් රෝහලට ඇතුළත්වන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළයාම නිසා වාට්ටුව තුළ පැවතුනේ තදබදයක්ග රෝගීන්ගේ සුවදුක් බැලීමට පැමිණි ඥාතීන්ල හිතවතුන්ගෙන් වාට්ටු පිරීයමින් තිබුණාග විසිපස්වන වාට්ටුවේ සේවයේ නියුතු හෙදියන් දෙදෙන වාට්ටුව හරහා කඩිනමින් ගොස් ප්‍රසාද් දොස්තර මහතා සිටි කාමරයට පිවිසුණේ වාට්ටුවට තවත් රෝගියෙකු රැගෙන ඒම නිසයිග

ර්‍ණඩොක්ටර් වාට්ටුවට පේෂන්ට් කෙනෙක් ඇඩ්මිට් කරල”

ර්‍ණඩෙංගුදල ඇඳන් නැතිව ඇති නේදරෑ”

ර්‍ණඩෙංගු රෝගියෙක් නෙවෙයි වගේ ඩොක්ටර්ග ඒත් ඇඳන් තමයි නැත්තෙග”

ර්‍ණඑහෙනං මොකද කරන්නෙග අර දහනවයෙ ඇ‍ඳේ ලෙඩා ටිකට් කපලනේ ඉන්නෙග ඒ ඇඳ හිස්වෙනකං ලෙඩාව ට්‍රොලියෙ ඉන්න අරින්නග

ර්‍ණඩොක්ටර් පේෂන්ට් වයසක අම්මා කෙනෙක්ග සිහි කල්පනාවත් අඩුයිග”

ර්‍ණහ්ම් යමු බලන්නග”

රෝගියා අසල අවුරුදු විසිපහක පමණ වයස කාන්තාවක් රැඳී සිටියාග දොස්තර මහතා රෝගියා අසලට ගොස් අසල සිටි කාන්තාවගෙන් තොරතුරු විමසුවාග

ර්‍ණඔයාද ලෙඩාගෙ බාරකාරය”

ර්‍ණඔව් ඩොක්ටර්”

ර්‍ණමොකද දැන් මේ අම්මට වෙලා තියෙන්නෙග”

ර්‍ණඋණ හැදි හැදි තිබුණල එහෙදි බලපු ඩොක්ටර් කිව්ව ප්‍රෙෂර් එකත් අඩුවෙලා කියලග හොස්පිටල් ඇඩ්මිට් කරන්න කියලග සීනි වැඩි කමකුත් තියනවග නිතරම කලන්තෙ දානවග කොහොමත් අම්මගෙ සිහිකල්පනාවත් අඩුයිග

ප්‍රසාද් දොස්තර මහතා රෝගී කාන්තාව දෙස විමසිල්ලෙන් ටික වෙලාවක් බලා සිටියාග ඒ ඔහුගේ සිතට කිසියම් අතීත මතකයක් ගලා එමින් තිබුණ නිසයිග

ර්‍ණමේ අම්මගෙ නමරෑ”

ර්‍ණපියවතී ඩොක්ටර්”

ර්‍ණගෙවල්රෑ”

ර්‍ණමාලිම්බඩ”

ර්‍ණමේ ඔයාගෙ අම්මදරෑ”

ර්‍ණනෑල මේ අපේ ලොකු අම්ම”

ර්‍ණකලින් මේ අම්ම මොනවද කළේරෑ”

ර්‍ණමේ ලොකු අම්ම ඉස්සර පෙර පාසලක් කළාග සමාරා පෙර පාසල කියල”

ප්‍රසාද් දොස්තර මහතා ඉහළට ඇදගත් හුස්ම පහළ හෙළන්න අමතක වෙලා වගේ මොහොතක් කල්පනාවේ ගැලී සිට අසල සිටි හෙදිය ඇමතුවාග

ර්‍ණතනුජා දහනවයෙ ඇ‍ඳේ ඉන්න ටිකට් කපාපු පේෂන්ට්ට වාඩිවෙලා ඉන්න පුටුවක් තියලදීලා මේ අම්මව ඒ ඇඳට ගන්නග සේලයින් දෙන්න ලෑස්ති කරන්නග”

හෙදියන් දෙදෙන යුහුසුලුව අසල ඇ‍ඳේ ටිකට් කපා සිටි රෝගියාව පුටුවක හිඳුවා ඇඳ සූදානම් කිරීමේ යෙදුණාග ඒ අතර දොස්තර මහතා රෝගියා සමඟ කතාවට යොමුවුණේ තවත් තොරතුරු දැන ගැනීම සඳහායිග

ර්‍ණමේ අම්මගෙ නම මොකක්දරෑ”

රෝගියා අවට විපරම් කර බලමින් කල්පනාවට වැටුණාග

ර්‍ණඅම්මට මාව අඳුනගන්න පුළුවන්දරෑ”

ර්‍ණආගග මේ අපේ” ඇය වචන ගළපන්න උත්සාහ කළාග ඇයට සිහිකල්පනාව අඩුබවක් දොස්තර මහතාට පෙනී ගියාග දොස්තර මහතා රෝගියාගේ හෘදය ස්පන්දනය සහ රුධිර පීඩනය මැන බැලුවාග අනතුරුව ඔහු රෝගියාගේ වම් අත දෙපසට හරවමින් බලා අතේ වූ කැළැල් කීපයක් දෙස විමසිල්ලෙන් බලා සිටියාග

ර්‍ණතනුජා මේ අම්මගෙ ප්‍රෙෂර් එක හුඟක් අඩුයිග අයිගසීගයූග දාන්න වෙයිග”

දොස්තර මහතා සිය ස්ටෙතස්කෝපය මේසය මත තබා පුටුවේ හරි බරි ගැසී වාඩිවුණේ සිතේ පැවති නොසන්සුන් කම දුරුකර ගැනීමට මෙන් වටපිටාව දෙසට නෙත් යොමුකරමිනුයිග එවිට ඔහුගේ දෙනෙතට හසුවුණේ කුඩා දරුවෙක් වඩාගෙන සිටින කාන්තාවකගේ ඡායාරූපයයිග ඒ දෙස මඳ වෙලාවක් බලා සිටි ඔහුගේ දෙනෙත් තෙත්වන බවක් ඔහුට දැනුණාග ‘දෙයියනේ පියවතී ගුරුතුමීග මගේ පෙරපාසල් ගුරුතුමීග කොයිතරං කාලෙකට පස්සෙදග අනේ මගේ දෙවනි අම්මග අපි කොයිතරං අකෘතඥදග අපේ ජීවිතයට මුලින් ම පාර පෙන්නපු ගුරුතුමී අපි අමතක කරල දැම්ම එක කොයිතරං පාපයක්දග මට මතකයි පියවතී ගුරුතුමිය ඒ කාලෙ හරි ලස්සනයිග අපේ අම්මගෙ වයසෙ වගේග මට ඒ සිද්ධිය තාම මතකයිග මාව පෙරපාසලට මුලින්ම බාරදීල ආපහු යන්න හදපු දවසෙ මං කෑ ගහගෙන අම්මගෙ පස්සෙන් දිව්වාග ඒ වෙලාවෙ ගුරුතුමිය ඇවිත් මාව වඩාගෙන ගියාග ඒ වෙලාවෙ තමයි මම ගුරුතුමියගෙ අත හැපුවෙග අතින් ලේත් ගැලුවාග ඒත් මාව අතෑරියෙ නැහැග පස්සෙ අම්මවත් පන්තියෙ වාඩිකරගෙන තමයි මාව තියාගත්තෙග ඒකාලෙ ගුරුතුමියට මම කොයිතරං කරදර කළාදග පන්තියෙ හිටපු දඟම ළමය මමග අම්ම මාව පෙර පාසලට එක්කරගෙන එනකොට මගේ කමිසෙ අමුණල එවන ලේන්සුව හැමදාම ගලවල දමනවග ඉතින් ගුරුතුමී ඇවිත් මගේ ඔළුව අතගගා එක එක කතා කිය කිය ආපහු ලේන්සුව කමිසෙ අමුණනවග අනේ දෙවැනි අම්ම වගේ හිටිය ගුරුතුමීට දැන් ඒ දේවල් මොනවත් මතක නෑග මාත් එක්ක එදා පෙර පාසලේ ඉගෙන ගත් දෙන්නෙක් ම අද වෛද්‍යවරුග සමහරු ඉංජිනේරුවොග සමහරු වෙනත් ඉහළ රැකියාවල්වලග අපි ඉගෙනගෙන ඉහළ රැකියාවල්වලට ගිය එක ඇත්තග ඒත් අපි මේ ගතකරන ජීවිතේ මොකක්ද කියල හිතෙනවග බාහිර ලෝකය එක්ක අපේ තියෙන සම්බන්ධකම් හුඟක් ම පහළ මට්ටමක තියෙන්නෙග හොස්පිටල් එකේ ඉඳල අපි කෙළින් ම යන්නෙ දිස්පැන්සරියටග ඒකෙ වැඩ ඉවරවෙලා ගෙදර යනකොට රෑ නවය විතර වෙනවග අපි ඒකාකාරී ජීවිතයකට කොටුවෙලා අපි කරන්නෙ සමාජ සේවයක් තමයිග ඒත් පොතක් පතක් කියවන්න විනෝද ගමනක් යන්න යාළු මිත්‍රයො මුණගැහෙන්න වෙලාවක් නැහැග

ර්‍ණමොකද ප්‍රසාද් මහත්තය කෑම කන්නෙ නැද්දරෑ”

ර්‍ණහා යමු යමුග පරක්කුත් වුණානේ”

දිවා ආහාරයෙන් පසු ප්‍රසාද් දොස්තර මහතා සිය වාට්ටුව දෙසට පියමං කළේ ගුරුතුමියගේ තත්ත්වය පරීක්ෂා කිරීමටයිග පියවි සිහියෙන් තොරව සයනයේ වැතිරී සිටින රෝගියා අසලට ගිය දොස්තර මහතා ඇගේ තත්ත්වය පරීක්ෂා කළාග එවිට ඔහුට පෙනී ගියේ රෝගියාගේ රුධිර පීඩනය දැඩි ලෙස පහත බැස ඇති බවයිග ඔහු අසල සිටි හෙදිය ඇමතුවාග ර්‍ණතනුජා ඉක්මනට මේ පේෂන්ට් අයිගසීගයූ එකට ගන්න ලේස්ති කරන්නග මම අයිගසීගයූග එකට ගිහින් එන්නංග ඉක්මන් කරන්නග” ප්‍රසාද් දොස්තර මහතා කඩිනමින් දැඩි සත්කාර ඒකකය වෙත පිය නැගුවාග හෙදියන් දෙදෙන රෝගියා රැගෙන යාමට අවශ්‍ය කටයුතු සූදානම් කළාග පසුව රෝහල් උපස්ථායකයින් දෙදෙනෙකු පැමිණ රෝගියා දැඩි සත්කාර ඒකකය වෙත රැගෙන යනු ලැබුවාග

ර්‍ණතනුජා මේ‍ පේෂන්ට පිටින් ගේන්න ඕන බෙහෙත් තුණ්ඩුව මට ගෙනත් දෙන්නග ලෙඩාගෙ අයිතිකාරයන්ට දෙන්න එපාග ධර්මදාස යවල අපිට ගෙන්න ගන්න පුළුවන්නේග ලෙඩා ගැන අවධානයෙන් ඉන්නග හෙට මට එන්න වෙන්නෙ නැහැග දන්නවනේ හෙට අපේ සංකේත වැඩ වර්ජනේ දවසග”

එසේ පවසමින් ප්‍රසාද් දොස්තර මහතා ඉවත්වී ගියාග රෝහලේ වැඩ අවසන් වීමෙන් පසු ඔහු සිය පෞද්ගලික බෙහෙත්හල වෙත ගියේ සිතේ බරක් දරාගෙනයිග පෞද්ගලික බෙහෙත්හලේ රෝගීන්ට ප්‍රතිකාර කර ‍ෙවනදාට වඩා කලියෙන් දොස්තර මහතා නිවස බලා පැමිණියාග

ර්‍ණමොකද අද වේලාසනින් කලබලෙන් වගේ”

ර්‍ණමොකුත් නෑග අද අපේ මොන්ටිසෝරි ගුරුතුමී ඇඩ්මිට් කළානේග ටිකක් අමාරුයි වගේග”

ර්‍ණඉතිංරෑ”

ර්‍ණඉතිං මගේ හිතට හරි නෑග ඒ ගුරුතුමී ගැන කලින් නිකංවත් හොයල බලන්න බැරි වුණානේග දැන් සිහි කල්පනාවත් නැහැග හෙට මට ලෙඩා බලන්න යන්න විදියකුත් නැහැග”

ර්‍ණඒ ‍මොකදරෑ”

ර්‍ණඇයි හෙට අපේ සංකේත වැඩ වර්ජනේනේග”

ර්‍ණඒකත් එහෙමදල ඇයි මේ ඩෙංගු වසංගතෙත් වැඩි වෙච්ච වෙලාවකරෑ”

ර්‍ණමොනව කරන්නද සංගමේ කියන ඒව කරන්නත් එපායග”

එදින රාත්‍රියේ සිත සැහැල්ලු කරගෙන නිදා ගැනීමට උත්සාහ කළත් දොස්තර මහතාගේ මනස ඉදිරිපිට කුඩා කල සිදුවූ සිදුවීම් සිතුවම්පටක් මෙන් දිග හැරෙන්න වුණාග පෙර පාසලේදී ඉගෙනගත් කවි සින්දු මතකයට ගලාගෙන ආවාග මුලදී දඟ වැඩ කළත් පසුව ගුරුතුමී සමඟ ළෙන්ගතුකමින් වැඩ කළ හැටිත්ල පෙර පාස‍ැලේ විවිධ ප්‍රසංග අවස්ථාවලදී ගුරුතුමිය තමාව ඉදිරියට ගත් අයුරුත් ඔහුට කල්පනා වුණාග එවැනි එක් අවස්ථාවක විකට ඇඳුම් තරගයකදී තමා දොස්තර කෙනෙකු මෙන් ගුරුතුමිය විසින් වෙස්ගැන්වූ අයුරුත් ඔහුගේ මතකයට ආවාග ඒ හැම දෙයක් ගැනම මෙනෙහි කරමින් දොස්තර මහතා නින්දට පිවිසුණේ පසුදින රෝගියා බැලීමට යාමට නොහැකි වීම ගැන සිතේ ඇතිවූ කනස්සල්ලෙන් යුතුවයිග

වැඩ වැරුමෙන් දිනකට පසු ප්‍රසාද් දොස්තර මහතා රෝහල වෙත ගොස් කඩිනමින් දැඩි සත්කාර ඒකකය වෙත පිය නැගුවේ රෝගියාගේ තත්ත්වය දැන ගැනීම සඳහායිග එසේ ඉදිරියට පියනගන දොස්තර මහතා අබියසට වාට්ටුවේ හෙදියන් දෙදෙනා කලබලෙන් පැමිණෙන අයුරු දුටුවාග

ර්‍ණතනුජා කොහොමද පේෂන්ටරෑ”

ර්‍ණසර් ලෙඩා අන්තරා වෙලාග”

ර්‍ණමොනවාෟ”

ර්‍ණඔව් සර් ඇටෑක් එකක් ඇවිත්ග තාම අයිගසීගයූ එකේ අයින් කළේ නැහැග”

ප්‍රසාද් දොස්තර මහතා දැඩි සත්කාර ඒකකය වෙත දිව ගියාග ගුරුතුමියගේ නිසල සිරුර අසල ඒකකය බාර වෛද්‍යවරු සහ හෙදියන් සිය කාර්යයේ නිරතවී සිටියාග ප්‍රසාද් දොස්තර මහතා හෙමි හෙමින් සිය පෙර පාසල් ගුරුතුමියගේ දේහය අසලට ගොස් අත අල්ලා ගත්තාග ඔහු අවසන් වරට තමාගේ දත් පහරින් ඇතිවූ තුවාල කැළැල් සහිත අත හෙමින් පිරිමැද්දේ දෑසට ගලා එන කඳුළු ආයාසයෙන් මැඩ ගනිමිනුයිග



Wmqgd .ekSu Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks weiqfrks
o