1 Views  
හිත අස්සේ හීන
,කොහෙ යන්නද උඹ මේ නැගිට්ටෙ,

, ලයිට් එක දාල එන්න හාමිනේ ,

, ඕක ඔන්න ඔහෙ කපුරුහාමි දා ගනියිග උඹ මෙන්න මෙහෙ මා ළඟට වෙලා හිටපන්ග මට මේ පාලුවෙ ඉන්න බැරුව ඉන්නවාග උඹත් එනව මෙතන එහෙ මෙහෙ ඇවිදින්න යන්නග බලන් ඉන්නේ කිව්වම අහල වාඩිවෙයන්ග,

හාමිනේගේ විධානයත් සමඟ මම නැවත හිඳ සිටි පුටුවට බර වීමිග මම හිමිහිට හාමිනේගේ මුහුණ බැලීමිග අඩ අඳුරේ වුව ඒ මුහුණේ ද එවන් වික්ෂිප්තභාවයක් සටහන්ව ඇති සෙයක් මට පෙනෙයිග

රතු මහතාගේ මරණින් පසුව කුමන ආකාරයේ පියවරක් ගත යුතු දැ යි ඇයද කල්පනා කරමින් සිටිනවා විය යුතුයග මම නැවත හැරී ඇය දෙස බැලුවෙමිග ඇය ගැන මට මහත් දුකක් ඇති වියග

, මොනවද හාමිනේ මේ හැටි කල්පනා කරන්නේ ,

, කල්පනා කරන්න දේවල්ද සුමනෙ නැත්තේරෑ,

, ඕනවට වඩා ඕව ඔළුවට ගන්න එපා හාමිනේග,

මම මහත් අනුකම්පාවෙන් යුතුව ඇයට කීවෙමිග අපි වාඩිවී සිටි ඉස්තෝප්පු කෑල්ලට ඉහළ අහසේ සිතුවම් මනාව පෙනේග

, තවත් වැහි කළුවක් නඟිනවාග තව පොඩ්ඩකින් ආයෙ වහින්න තියා ගනිවිග මේ වතුර කොහෙ තිබිලා වැටෙනවද මන්දාග ඇත්තට ම සුමනෙ අපි දැන් මොකද කරන්නේරෑ ,

, ඒව කල්පනා කරන්න තව ඕනතරං කල් තියෙනවනෙ හාමිනේග මෙන්න මේ දැන් කරන්න තියෙන දෙයක් ගැන කල්පනා කරමුග ,

, ඒකත් ඇත්ත තමයිග දැන් ඉතින් හත්දොහේ බණටයි දානෙටයි ලේස්ති වෙන්න එපායැග ,

, ඔව් හාමිනේ ඒව කෙරෙන විදිහ හොයල බලන්න වෙයි ඔක්කොටම කලින්ග,

, හ්ම්ගගගගග හ්ම්ගගගගග , , ඔන්න ආයෙ වහින්න තිබා ගත්තග අනේ මේ මනුස්සයා කාට වරදක් කළාටද මේ මිනිය යට කළ ගමන්ම වහින්න තිබා ගත්තෙග මොන සාපෙ වැහිලද මන්ද සුමනෙග හුස්ම ටික ගිය වෙලේ ඉඳන් වහිනවාග මිනියෙ වැඩ ටිකවත් කොරගන්න ලැබුණද හිතේ හැටියටග,

රතු මහතාගේ මිනී වළ හෑරීමට සිදු වුයේ ද අධික වර්ෂාවේ යග අද සවස මිනිය භූමිදාන කිරීමට පෙර කිහිපවිටක් ම වළේ වතුර ඇද දමන්නට සිදු වියග අවසානයේ මිනිය වළ දාන්නට සිදු වුයේද මදක් වතුර පිරි වළේ යග එය මගේ හිතට ද වේදනාවකිග මොනව කළත් හොඳ මිනිහග එදයින් පස්සේ මගෙ ඇඟට අතවත් තිබ්බේ නෑනෙග අඩු ගානෙ මනමාල බැල්මකින්වත් බැලුවෙ නෑග ඒ පහසල ඒ බැල්ම මගේ යටි සිත ප්‍රාර්ථනා කළා දැ යි මට සැකයකිග මින් පෙර මගේ සිතට මෙවැනි සිතුවිලි ගලා ආවේ නැතග

, ඈ බං මොනවද උඹ ඔය හැටි කල්පනා කරන්නේග මං කියන කිසි දේකට උත්තරයක් නෑග කල්පනාවගගගගග කල්පනාවගගගගගග යකෝ මගේ මිනිහනෙ මළේග උඹ මොනවද ඔය හැටි කල්පනා කොරන්නේග ,

මං කල්පනා කරන දේ හාමිනේට කිවහොත් මට තවත් මේ ගෙදර බත් කෑමට නොලැබෙනු ඇතග යට ගිය දේ ඔහේ යට ගියාවෙග ආයෙ මොකටද ඒවා කාටවත් කියන්නෙග

,ආයෙ කල්පනාවග මොනවද සුමනෙ ඔය හැටි කල්පනා කරන්නේග මොකද උඹ මෙහෙන් යන්නවත්දරෑ ,

,පිස්සුද හාමිනේග රතු මහත්තය නැති කොට මං හාමිනේව දාල යනවදරෑ අනික මං කොහේ කියලා යන්නදරෑ මෙතනින් එළියට බැස්සොත් ඉතින් මහ පාරේ හරි මහලු නිවාසෙක හරි තමයි නතර වෙන්න වෙන්නේග මොකෝ මට දරුමල්ලෙක්වත් මිනිහෙක්වත් ඉන්න එකක්යැග ,

, අන්න උඹේ කට ඇරුණාග ඔන්න ඔහොම කතා කරපන්කෝග උඔට ඕනකමක් තිබුණා නං දරුවෙක් මල්ලෙක් හදා ගන්න තිබුණාග කෝ උඔට තිබුණද එහෙම වුවමනාවක්ගග,

හාමිනේගේ කතාව මට එතරම් ඇල්ලුවේ නැතග මටත් විවාහයක් කර ගන්න තිබුණා නම් දරුවෙක් මල්ලෙක් නෙවෙයි හත් අට දෙනෙක්ම හදා ගන්න තිබුණාග කෝ ඉතිං ඒකට මේ ගෙදරින් ඉඩක් තිබුණයැග අඩුගානේ මාව කසාද බන්දලා දෙන්න කාටවත් වුවමනාවක් තිබුණේ නෑනේග මගෙ හිත නැවත නොසන්සුන් වෙයිග දැන් ඉතින් හතළිහත් පැන්නට පස්සෙ මට මොන මඟුල්දරෑ හාමිනේලත් ඉතින් වුවමනා කාලෙ කරල දුන්නෙ නෑග දැන් එනවා කියවන්නග මගේ හිතේ යම් තරහවක් උපදියිග ඒත් තුන්වේල කන්නට දුන් අයට වචනයකින් හෝ පෙරළා පහරදීම නොකළ යුතු දෙයකිග

, ආයෙත් කල්පනාවග ඇත්තට සුමනෙ මොකද උඹ දරුවෙක් හදා ගත්තේ නැත්තේගරෑ ,

මේ මොන හතර බීරි කතාවක්දරෑ දරුවෙක් හදා ගන්න මිනිහෙක් ඉන්න එපැයැග මොකෝ හුළගෙන් කියලා දරුවො හදන්න යැග නොදන්නව වගේ කතා කරන හැටි විතරක්ග මට කියන්න එන්නෙ එයාට තිබුණනෙ ළමයෙක් හදා ගන්නග මම නෝක්කඩු බැල්මකින් ඉවත බලාගෙන සිටියෙමිග

, මේ අහපන්ග උඹට ළමයෙක් හිටියනම් මේ සේසත ඔක්කොම ඌට දෙන්න තිබුණාග කොහෙද ඉතිං රතු මහත්තයට ඕනකමක් තිබුණටල උඔට ඕනකමක් තිබිල නෑනෙ ළමයෙක් හදාගන්නග ,

මම තිගැස්සී හාමිනේ දෙස බැලුවෙමිග ඇගේ මුහුණේ සිහින් සිනහවක් රැඳී තිබෙණු අඩ අඳුරේ වුවද මට පෙනෙයිග දෙයියනේ එතකොට මට අතවර කළ බව රතු මහත්තයා හාමිනේට කියලදරෑ අපොයිගගගග අපොයිගගගග මං මෙච්චර කාලයක් රැකගෙන හිටි රහස එළි වෙලාදරෑ මොන විළිිි ලැජ්ජාවක් ද මේ වුණේග දිවගොස් ඈත පේන රේල් පීල්ලට බෙල්ල තැබීමට සිතෙයිග චිහ්ගගගග චිහ්ගගගග මං හිතුවෙ නෑ රතු මහත්තය මේ වගේ කෙනෙක් කියලාග මට කොච්චරවත් ඉඩ කඩ තිබුණා එයා එක්ක එකට ඉන්නග ඉඳල ළමයෙක් හදා ගන්නග ඒත් ඒවා සමාජ සම්මතයට විරුද්ධනෙග අනික කොහොමද ගමේ මිනිස්සුන්ගෙ මූණ බලාගෙන පාරෙ බැහැල යන්නෙග විශේෂයෙන් හාමිනේගෙග

, සුමනෙ උඹ දුක් වෙන්න එපාග මේ නැති වුණේ මගේ වගේ ම උඹෙත් මිනිහග ඒ මිනිහ කිව්ව මට උඹ එයැයි අතින් අනාථ වෙච්චි වගග මං ඒකට උඹටවත් ඒ මිනිහටවත් දොස් කියන්නෙ නෑග මං දොස් කියාගන්නෙ මටමයිග ඒ එකම එක දේකටග උඹට ඒ මිනිහට කියවල ළමයෙක් හදා ගන්න ඉඩ සැලැස්සුවෙ නැති එකටග ,

හිඳ සිටි තැනින් නැගිට ආ ඇය මගේ ඔළුව අතගාමින් කියයිග

, හාමිනේ මේ මොනවද කියන්නෙගග ,

, මොනවත් නෙමෙයි මං කියන්නෙ ඇත්තග ඒ මිනිහ කිව්වෙ උඹ එයැයි දිහා බලන්නෙවත් නැතල ඉතින් කොහොමද මම ළමයි හදන්නෙ කියලාග ඇත්තට ම මමත් හරිම දුර්වලයිග මට උඹල දෙන්නටම මේක හොඳින් පැහැදිලි කරල දීල ඒකට ඉඩ දෙන්නයි තිබුණේග ඒත් කවුද හිතුවෙ මෙච්චර ඉක්මණට මෙහෙම විපත්තියක් වෙයි කියලාග ,

මම ඇසිපිය නොහෙළා ඇය දෙස බලා සිටියෙමිග තමන්ගේ මනුස්සය ගෙදර වැඩට උදව් වූ ගැහැනිය සමඟ අනියම් ඇසුරක් පැවැත්වූවා කියා කෝපාවිෂ්ට ලකුණක්වත් ඒ මුහුණේ සටහන් ව නැතග ශෝකාකූල බව පමණක් සටහන් වු ඒ මුහුණ දෙස මම මුව අයා බලා සිටියෙමිග

නැවතත් ඇය මගේ හිස අතගාමින් කියයිග මට රතු මහතා මා සමග ගත කළ ඒ දිනය සිහිවෙයිග ඇත්තට ම ඒ ගැන මගේද අකමැත්තක් තිබුණේ නැතග මේ ගැන කාටවත් කියන්න එපා යැයි ඔහු කීවේද නැතග තනි හිතින් තීරණයක් ගෙන මම මේ බව කාටවත් නොකියා සිටියෙමිග මේ මොහොත වන තුරුම මා සිතා සිටියේ එම රහස දන්නේ අප දෙදෙනා පමණක් බව යග

, දැං ඉතිං මේව ගැන කල්පනා කරල වැඩක් නෑ සුමනෙග මමයි මේ අපරාදෙට වග කියන්න ඕනෙග උඔට දරුවෙක් හිටියනං මං ඒකගේ නළල ඉඹල ඌව තුරුල් කරගන්නෙ මෙන්න මෙහෙමග ,

මගේ නළලත සිපගත් හාමිනේ මාව කිටි කිටියේ ඇයගේ සිරුරට තද කර ගත්තා යග ඒ මොහොතේ මගේ ගත මෙන්ම සිතද උණුසුම් ස්පර්ශයක් සොයමින් සිටින්නට ඇතග මම තව තවත් ඇයගේ සිරුරට තුරුලු වී දෙනෙත් පියා ගතිමිග එකවර ම ඉස්තෝප්පුවේ විදුලිය එළිය දැල්විණිග එහෙත් හාමිනේ මා අත් නොහැරියා යග

, මේගගගග මොකද මේගගගග දෙන්න එක්ක තාමත් අඬනවදරෑ අටලෝදහම කියන්නේ ඕක තමයි හාමිනේග කාටවත් කිසි වරදක් නැති මනුස්සයාග හොඳ තැනක ඉපදිලා ඇති මෙලහකටත්ග හාමිනේ දුක් වෙන්න එපාග , කපුරු හාමි කියවාගෙන යයිග

කපුරු හාමි අයියා කියන්නේ ඇත්ත තමයිග මොනවා කළත් හොඳ මනුස්සයග නැත්තං මට මේ වගේ නිදහසේ ඉන්න දේවියැග තියන නාට්ටාලි ඔක්කොම නටන්න එන්න කියයි මටගඒ නිසා ඇත්තටම හොඳ තැනක ඉපදිලා ඇතිග එතකොට පරදාර සේවනය කරන අය හොඳ තැන්වලට යන්නෙ නෑ කියලා එදා පෝයට බණ කියද්දි හාමුදුරුවෝ කිව්වේග පරදාර සේවනය කියන්නෙ අනුන්ගේ භාර්යාවන් එක්ක ඉන්න එකලුනෙග අනේ මන්ද මට තේරෙන්නෙ නෑ ඕවාග මම අනුන්ගේ භාර්යාවක් නෙමෙයිනෙග ඒ නිසා පව් සිද්ධ වෙන්නේ නැතුව ඇතිග

මොනවා කළත් රතු මහත්තයා හොඳ තැනකට යන්න ඇතිග මගේ දෙඅත් නමස්කාරාකාර වියග දැන් ඉතින් ඉතිරිව ඇත්තේ මියෙනතුරුම හාමිනේ රැක බලා ගැනීම පමණිග



Wmqgd .ekSu Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks weiqfrks
o