1 Views  
වම්බටු පෙත්ත
උපහාසාත්මක කෙටිකතාවක ඉංග්‍රීසි පරිවර්තනය ඇසුරෙනිග ඉන්දීය සාහිත්‍ය ඇකඩමිය විසින් පළ කරන ලද Krishan Chandar- Selected Short Stories කෘතියේ මෙය ඇතුළත් වන්නේ  The Brinjal Cutout නමිනිග

ඉතින් මොරම්පූර් හි මගේ ව්‍යපාරික කටයුතු මුළුමනින් ම කඩා වැටීම හේතු කොට ගෙන මා මේ වනවිට සිටින්නේ ආර්ථික ආගාධයේ පතුළට ම වැටිලා යග අපේ පවුලේ අයට තාමත් එසේ නොවුණාට වැඩිකල් යා නොදීම හාමතේ ඉන්නට සිදු වනු නිසැක යග මගේ පසුම්බියේ තව ඉතිරි ව ඇත්තේ පයිසා පනහක් පමණිග

‘ආටා පොඩ්ඩක් හරි නැද්දරෑ’ මම බිරියගෙන් විමසීමිග ‘තියෙනවා’ ඕ පිළිතුරු දුන්නා යග ‘යාන්තම් චපාති හතරකට සෑහෙන තරමට’

මම සාක්කුවේ තිබූ අන්තිම ඇනා අටේ කාසිය අතට ගතිමිග ‘ගිහිල්ල වම්බටු ටිකක් ගේන්න’ එය ඇය අත පත් කරමින් මම කිමිග‘රසට වම්බටු වෑංජනයක් උයන්නල අපි චපාති කමු ඒවත් එක්ක’

‘දවාල නම් කොහොම හරි පිරිමහා ගත්තෑකි’ මගේ යහපත් ස්ත්‍රිය කණගාටුවෙන් එවිට කීවා යග ‘ඒත් හැන්දෑවට මොකද කරන්නේරෑ’

‘ඒ ගැන කරදර වෙන්න එපා සීදේවීල උඩ ඉන්න ඇත්තො අපි ගැන බලා ගනීවි’

එවිට මගේ දෑස එක්වර ම නතර වූයේ අප විවාපත් අලූත අග්‍රාහි තාජ්මහල් වෙත ගිය විනෝද ගමනේ දී අපේ ආදරයේ සිහිවටනයක් ලෙස මා ඇයට තිලිණ කළ වීදුරු මංජුසාවක ඇතුළත් කොට ඇති තාජ් මන්දිරයේ අනුරුව වෙතයිග එය දැන් අපේ සාලයේ සයිබෝට්ටුව මත තබා තිබේග ආදරය විසින් නිමවනු ලබන දෑ ගැන කිසිවකුටත් ඉඳුරා ම කිව නොහැකි යග රුපියල් දහයක් වටනා ඒ ත්‍යාගය ඇයට දුන් විට ඇගේ දෑස් දිදුළේ යග

‘මොකුත් ම නැත්නම් මේ ටාජ්මහල හරිම අපුරුයි’ මම දෑස් එහි අලවා ගෙන ම කීමිග ‘විකුණන්න’

එවිට ලේ සියල්ල ඉවතට ඇද ගත්තාක් මෙන් ඇගේ මුහුණ සුදුමැලි වියග කණගාටුවෙන් සහ තරහින් වෙව්ලන හඬින් ඇය කීවේ ‘මට ඔයා ඒක විකුණනව බලා ඉන්න බෑග ඒක මගේ විවාහ සතුටේ සංකේතය’ කියා යග

‘හරි හරි මම ඒක විකුණන්නේ නෑග’ මම ඇගේ වික්‍ෂිප්තිය සංහිඳුවනු වස් නිවුණු සරින් කීමිග ‘වෙනින් මොනව හරි විකුණනවග උඩ ඉන්න ඇත්තො අපට වෙනින් මොකක් හරි මඟක් පෙන්නාවිග දැන් ඉතිං ඉස්සෙල්ලාම ගිහිං වම්බටු අරන් එන්නකෝග මට හොඳටම බඩගිනියිග’

වම්බටු මිල දී ගෙන ආ මගේ බිරිය කුස්සි පිහියෙන් ඒවා කපන්නට වූවා යග පළමු වම්බටු කරල දෙකට කැපූ ඈ පිහිය හඬනගා බිම දැමුවා යග

‘ඒයි’ ඇගේ හඬ මා සොයා ආයේ යග

‘බලන්න’ ඕ වම්බටු අඩ මා වෙත පෑවා යග ‘මේකෙ මොනව හරි ලියල තියෙනවානේග’

මම ඒ දෙස විපරමින් බැලිමිග තෙත් ගතියෙන් යුත් වම්බටු පෙත්තේ ඇට මුතු ඇමිණු සේ තිබූ අතර Aකක්ය යනුවෙන් ලියා තිබිණිග

‘අනේ දෙයියනේ’ මම නලලත පහරා ගනිමින් කීමිග ‘ඒ මුස්ලිම් අයගේ දෙවියන් වහන්සේ’

එසමයේ මා පදිංචිව සිටි පුර්බියන් නිවාස සංකීර්ණයේ හින්දුල ක්‍රිස්තියානි සහ මුස්ලිම් යන වර්ගවලට අයත් ප්‍රජාව සම අයිතිවාසිකම් භුක්ති විඳමින් සාමයෙන් දිවි ගෙවූහග ආරංචිය ඇසූ ඒ මිනිස්සු සිය නිවාසවලින් නික්ම මගේ නිවස්නයට ඇ දී ආහග හින්දුහු සහ ක්‍රිස්තියානිහු දැඩි සේ විවේචනාත්මක වුහග ඔවුහු මේ ප්‍රකට සාධකය පිළිගැනිම ප්‍රතික්‍ෂෙප කළෝ යග එහෙත් මුස්ලිම්මු සිය විශ්වාසයේ තදින් ම එල්බ ගෙන සිටියෝ යග හජ් වන්දනාවේ අත්දැකීම් ඇති මියැන් අච්චාන් එය වෙත ප්‍රථම භක්ත්‍යාදර පූජාව කළේ යග

මම ටාජ් මහලේ අනුරුව බහා තිබුණු වීදුරු කුටීරයෙන් එය ඉවතට ගෙන පසෙක තබා කාටත් පැහැදිලිව දැක ගත හැකි වන පරිදි වම්බටු කැබැල්ල එහි තැන්පත් කළෙමිග ඒ එක්කම වාගේ මුස්ලිම්මු එය ඉදිරිපිට බිම කොළ පැහැති ඇතිරිල්ලක් අතුළහග දුම්කොළ වෙළෙන්දා වන මුනී මියැන් ශුද්ධ කුරාණ පාඨ සජ්ඣායනා කරන්නට වන්නේ යග

නොබෝ වේලාවකින් වම්බටු පෙත්තේ කතන්දරය නගරයට ද පැතිර ගියේ යග අපේ ගමට අල්ලපු ගම් සියල්ලේමත් නුදුරින් පිහිටි ගම්වලත් මිනිස්සු සුනංගු නොවී එය දැක බලා ගන්නට මගේ නිවස වටා රොද බඳිමින් සිටියෝ යග

‘මේ ගැන මොකුත් හිතෙන්නෙ නැද්දරෑ අල්ලාගේ ලාංඡනය ඇවිල්ල තියෙන්නේ මිත්‍යදාස්ටිකයකුගේ ගෙදරට නේෟ’ ඇතැමෙක් කීහග

වැටෙන පුද පඬුරු ප්‍රමාණය ශීඝ‍්‍රයෙන් ඉහළ ගියේ යග පළමු දින පහළොව තුළ රුපියල් එක්දහස් පන්සියයක් ඉක්මවන මුදලක් එක් රැස් වු අතර ඉන් තුන්සියයක් හෂිස් අදිමින් පැය විසිහතර පුරා ම එය මුර කළ කිරන් ෂා පූජක තැනට දෙන ලදීග

දෙසතියකින් මිනිසුන්ගේ ආගමික උද්‍යෝගය හීන වි ගිය අතර වන්දනාමානයට පැමිණියේ ඉඳහිට එකෙක් දෙන්නෙක් පමණිග එක් රැයෙක කරන් ෂා තුමා හෂිස්වලින් මත් ව දැඩි නින්දේ සිටි අවස්ථාවක කුතුහලාත්මක ව බිරිය ඇහැරවා වම්බටු කෑල්ල සහිත මංජුසාවේ පිධානය විවෘත කැර ඇයට එය දක්වා දැන් එහි දකින්නට ඇත්තේ කුමක් ද’යි විමසීමිග

‘අල්ලා’ ඕ තෙපළා යග

මම එය මදක් එහා මෙහා කළෙමිග එවිට ඊ මත ආලෝකය පතිත වන කෝණය වෙනස් වී යග

‘දැන් මොකක්ද කියැවෙන්නේරෑ’

‘ ඕම්ග ඒ ඕම්’ ඕ විමතියෙන් එහෙත් නිශ්චිත ව කීවා යග

මහ රැයේ ම මම පණ්ඩිත රාම් දයාල්ගේ නිවෙස වෙත ගොස් දොරට තට්ටු කළෙමිග කාරණය ඔහුට විස්තර කැර දුන් මම ඔහු මගේ නිවෙස වෙත කැඳවා ගෙන ආමිග ‘අරේ ඇත්තමයිග ඒ තියෙන්නේ ඉංගී‍්‍රසි AU අකුරුග ඒකෙන් කියැවෙන්නේ ඕං තමයිග‘ එය පිරික්සු හේ හඬ නගා කී යග ‘මේකුං අපිව රැවැට්ටුවා පහුගිය සති දෙකේ ම’

පණ්ඩිතගේ කෑ ගෑමෙන් කිරන් ෂා විභ‍්‍රාන්තියෙන් මිදි ගැස්සී අවදි වියග මෙතැන සිදු වෙමින් පවතින්නේ කුමක් ද’යි වටහා ගන්නට ඔහුට තවත් වේලාවක් ගත වියග ඔහුට කළ හැකි වූයේ අබබ්බ ලෙසින් අප දෙස බලා හිඳී ම පමණක් ම යග පණ්ඩිත තෙමේ පහරක් දී ඔහු නැගිටු වීයග ඔහුගේ පස්සට තවත් පහරක් දුන් පණ්ඩිත ‘උඹලා අපේ ධර්මයට නිගරු කළාග ඕං කියා පැහැදිලි ව පේන්න තිබෙද්දිත් ඒ තියෙන්නේ අල්ලා කියා අපේ ධර්මයට නිගරු කළාග අපහාස කළාග’ කියමින් ඔහු මගේ නිවෙසින් පළවා හළේ යග

ඇත්තට ම එහි ඇත්තේ ‘ඕං’ ය යන පුවත ලැව් ගින්නක් සේ වහා පැතිර ගියේ යග වම්බටු කැබැල්ල ඉදිරිපිට ස්තෝත්‍ර සජ්ඣායනය ඇරැඹිණිග ජනයා පැමිණ ශ්ලෝකයක් හෝ පාඨයක් හෝ කියා සම්මාදමක් දුන්නෝ යග ඒවායින් පණ්ඩිතගේ කොටහ මම ඒ ඒ අවස්ථාවල ම ඔහුට දිනිමිග ඔහු බොහෝ මහන්සියෙන් ශ්ලෝක ගායනයේ යෙදුණු අතර වැටෙන දෙයකින් වැඩිපුර ඔහුගේ පැත්තට ඇද ගන්නට නිතර සූදානමින් සිටියේ යග එහෙත් ඔහු මුලා කරන්නට මම සමත් විමිග වම්බටු කැබැල්ලට මගේ හිමිකම අත් හැර දමන්නට මට නොහැකි යග

වම්බටු හරස්කඩ හොඳින් දැක බලා ගනු සඳහා මහා නගරයේ සිට යෝගීන් ද සාධුන් ද මගේ නිවසට වැල නොකැඩි එන්නට පටන් ගෙන ගත වූයේ නොබෝ දිනකිග Aකක්ය ගේ තැන Aඹ විසින් අභිභවනු ලැබීම වේගයෙන් සිදු වූ අතර එය අදහන්නටත් අසීරු අරුමයක් ම වියග පනිපිත් සංග්‍රාමයේ දී මිසදිටුවන් අතින් හිංසා ලැබුවන් ගැන උන් වහන්සේගේ අවධානය යොමු වී ඇත් දරෑ මේ අතර හින්දු ආගම අන් සියලූ ආගම්වලට වඩා උසස් බව තරයේ කියා සිටින සම්මේලන පවා පැවැත්විණිග මෙයාකාරයෙන් මම මේ ආගම් දෙකේ අනුගාමිකයන් අතර ආතතියක් ඇති කිරීමේ නිර්මාපකයා වීමිග

වම්බටු හරස් කැපුමේ ඇත්තේ Aඹ හැර අන් යමක් නොවෙතැයි හින්දුහු තරයේ කියා සිටියෝ යග ඒ අතර මුස්ලිමුන් දැඩි ව කර්ක කළේ එහි ඇත්තේ Aකක්ය හැර අන් යමක් නොවන බවයිග

‘ ඕං’

‘අල්ලා’

‘හරීග ඕං සත්‍ය’

‘අල්ලා හ්උ- අක්බාර්’

එම දවස් පහලොව තුළ ද රුපියල් එක්දහස් පන්සියය ඉක්මවන මුදලක් එක් රැස් වී තිබිණිග ඒ පූජා කළ රණබරණවලට අමතර වශයෙනිග ඒ සියල්ල මහත් වාසනාවක් සේ මා වෙත ම ඇද ගතිමිග

නැවතත් පෙර මෙන් ම මිනිසුන්ගේ උනන්දුව හින වී ගියේ යග කිසියම් දෙයක් කළ යුතු ය’යි මම සිතීමිග ඇත්තට ම ඒ වනාහි ගැඹුරින් සිතා බැලිය යුතු කාරණයක් වූයේ යග

 

කෙසේවෙතත් වෙසෙසින් සඳහන් කළ යුතු කාරණයක් නම් වම්බටු මුහුණතේ ස්වරූපය නොවෙනස් ව පැවැති බවයිග සමහරවිට උඩ ඉන්නා ඇත්තන්ගේ හාස්කමින් විය යුතු යග

එක් රැයෙක රාම් දයාල් ගුරුතුමා බෑං වඩියකින් සප්පායම් වී නිදි ආගාධයක කිමිදෙද් දී මමල මගේ යහපත් බිරින්දෑ නැගිටුවා ගෙන එය ඉදිරියට කැඳවා ගෙනවුත් ‘සීදේවී දැන් බලන්න ළං වෙලාල මොකක්ද පේන්නේ කියලා’ කීමිග

‘Aඹ ඇර ආයේ මොකක්ද එහෙනංරෑ’ ඕ නිදිමතේ ම නොමනාපයෙන් කොඳුළා යග

මම වම්බටු කැබැල්ලේ කෝණය වෙනස් කළෙමිග ඕ මා දෙස වික්ශිප්තියෙන් බලා දබරැඟිල්ල මුවේ රුවා ගත්තී යග ‘රාම දෙවියනේ කුරුසයක්නේග ක්‍රිස්තියානි කුරුසයක්’

මම මුව පියා දෙතොල් මත දබරැඟිල්ල තබා පෙන්විමිග ‘සද්ද කරන්න එපා හෙට එළිවෙනකංග මම උදෙන් ම ගිහිල්ල කතෝලික පල්ලියෙ පියතුමා ව කැන්දං එන්නම්ග එතකම් ඉන්න’

ඊළඟ උදෑසන පල්ලියේ පියතුමා තවත් ක්‍රිස්තියානි බැතිමතුන් එකොළොස් දෙනෙකුන් ද කැටුව මගේ නිවස වෙත ආයේ යග වීදුරු මංජුසාවේ තිබූ වම්බටු කැබැල්ල දුටු ඔවුහු භක්තියෙන් ආලෝලනය වූවෝ ළය මත කුරුසි සටහන් කැර ගනිමින් ගීතිකා ගායනය ඇරඹූහග ඉන්පසු ගොතන ලද ශිරස්කවලින් හිස් වසාගත් ලස්සන ගවොමින් සැරැහුණු පියකරු ක්‍රිස්තියානි යුවතියෝ සිය කෙණ්ඩාවල සහ උඩිපතුළ්වල මනරම් පැහැ විදාරණය කරමින් මගේ නෙත් සැනැහූහග ඔවුහු වම්බටු කෑල්ල මත සටහන් වැ තිබූ ක්‍රිස්තුන්ගේ කුරුසයේ හාස්කම දැක ධර්ම සංවේගයට පත් වූහග

නාගරිකයන් අතර මේ හේතුවෙන් කලහ පැන නැංගේ යග එහි ඇත්තේ ‘ ඕම් ය’යි හින්දුන් කියනවිට ‘අල්ලා ය’යි මුස්ලිම්හු කිහග ‘ඔය දෙකම නොවේග එහි ඇත්තේ කුරුසය’යි එවිට ක්‍රිස්තියානිහු කීහග මේ නිසා උද්ගත වූ ආරාවුල් ගල් ගසා ගන්නාල පිහියෙන් ඇන ගන්නා තරමට දුර දිග ගිය අතර ඇතැම් ඒවා මාරාන්තික වූහග සාන්තපුර් හි හින්දුන් දෙදෙනකු ද මිස්ර් මොහොල්ලාවේ මුස්ලිම්මු දෙදෙනෙක් ද මරා දමන ලද්දෝ යග නගර මධ්‍යයේ මහ දවාලේ ක්‍රිස්තියානි මිෂනාරියකු ඝාතනය වියග ඇඳිරි නීතිය පනවන ලද්දේ යග

මා සිටින්නේ අනතුරුදායක අඩියකය ය යන්න එවිට මට වැටහිණිග මා අත්අඩංගුවට ගන්නට ඉඩ ඇති බව මට පෙනී ගියේ යග පසු දින උදේ ඒ ගැන පුර්වාපේක්‍ෂා ප්‍රකට වූ අතර මම සියලූ අපරාධවලට මුල් වූ වම්බටු කැබැල්ල කානුවට විසි කොටල මා සන්තක සියල්ල පොදි ගසා ගෙන රාත්‍රිය පහන් වන්නට පෙර මෙතැනින් වහංගු වී යා යුතු බව බිරියට කිමිග එවිට වෙනත් නගරයක වෙනත් ව්‍යාපාරික කටයුත්තක් මට ඇරැඹිය හැකි වනු ඇතග

ඉතින් එදා රාත්‍රියේ බොම්බායට යා හැකි දුම්රිය මට අල්ලා ගත හැකි වූ අතර මම එනුවර පදිංචියට ගියෙමිග වම්බටු කෑල්ලේ අනුහසින් එක්රැස් කැර ගත් මුදලින් මා ටැක්සියක් මිල දී ගත් අතර එයින් නගරය පුරා එහා මෙහා වේගයෙන් යමින් මුදල් උපයමින් මගේ යහපත් බිරින්දෑ සමඟ සන්තෝෂවත් දිවියක් ගත කරමිග මෙය අසා සිටි යහපත් මිතුරනිල දැන් මා මේ සූදානම් වන්නේ මේ කතාව අවසන් කරන්නට යග

මේ කතාව කියා අවසන් වීමෙන් පසු මගේ වීදුරුවේ වු අවසන් වඩිය ද එක හුස්මට ගිල දැමීමිග එවිට වීදුරුව ඔසොවන්නට පෙර තිබුණු තැන ශේෂ වී ඇති තෙත් සළකුණ මගේ නෙත ගැටිණිග ‘බලන්න මොහමද්බායිල ’ මම මගේ සහායගාමි ටැක්සි රියැදුරුට එය පෙන්විමිග ‘ඒක මොනවාගේ ද පේන්නේරෑ ඕම් රෑ අල්ලා රෑ’

මොහමද්බායි වහා සළකුණ දෙස නෙත් යෙමී යග අනතුරුව හේ ප්‍රබෝධවත් ලෙසින් මගේ පිටට තට්ටු කළේ යග

සහෝදරයා අමතක කරන්නෙපා මේ බොම්බේ බවග මේහේ අපට ඕං නෑග අල්ලා ම්හ්ග කුරුසෙත් එහෙමයිග රුපියල් විතරයිග ඔව් රුපියල් විතරයිග ඒව තමා අපව ඇදං යන්නෙග මුළු ලෝකෙම ඇදං යන්නේග දෙවියන්වත් ඇදං යන්නෙග’

එහි තැනට කිසි අදාළකමක් නොමැති සදොස් දැයක් ලියැවී තිබුණාසේල ඔහු එක් වරක් අත්ල ඒ හරහා ගෙන ගොස් මකා දැමී යග ඉන්පසු හේ පිටව යමු’ සන් කරමින් මගේ පිටට තට්ටු කොට පෙරමුණ ගත්තේ යග


Wmqgd .ekSu Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks weiqfrks
o