1 Views  
නොහැරගිය මම
විමලධීර මෙතැන යහපත් යැයි කියූ නිසා මම දිගැති කොන්ක්‍රීට් පාරේ කුඩා පාලමක් සමීපයේ වෑන් රිය නැවැත්වූයෙමිග දෙපස හරිත වර්ණයෙන් යුතු නොපීදුනු වෙල් යායයිග වෙල් යාය නොපෙනෙන ඉසව්වක් දක්වා කුඩා වෙමින් පැතිරී ඇතග දෙපස දුරින් පොල් රුප්පාවෙන් යුතු ගෙවතුයග

පාලමෙන් දකුණු පස උස් බිමක පන්සලයග එය පාළුම පාළුයග එහි වැඩ හිඳින කාලවර්ණ මිටි ස්ථුල ලොකු හාමුදුරුවන් ඉස්තෝප්පුවේ හාංසි පුටුවේ දිගෑද්දී ඇතැයි මට සිතුණිග විමලධීර නිසා උන්වහන්සේ සමඟ මම කතා කර ඇත්තෙමිග ඈත නියරක උඩුකය නිරුවත් ගැමියෙක් වැස්සියක සහ වහු පැටියකු දක්කාගෙන යයිග

ර්‍ණමං ඔය පන්සලේ නැවතිලා හිටියග” පාලම් ඇන්දට හේත්තු වී සිටි විමලධීර කීවේයග

විමලධීර ගේ බොහෝ තොරතුරු දන්නා මම නොදන්නා දෙයක් ඇසුවක් වන හෙයින් ඔහුගේ මුහුණ දෙස බැලුවෙමිග පාසල් වියේ කැරැළි ගැසී තිබුණු ඔහු ගේ හිස කෙස් දැන් බොහෝ සෙයින් සිඳිලායග හැටහත් හැවිරිදි වියට වඩා බාල පෙනීමක් ඔහු ගේ පැහැපත් වතේ වියග ඔහු බොහෝ දක්ෂ ලේඛකයකු සහ දේශකයකු වියග ඔහු ගේ දැනීම විඳීම සහ නිර්මාණාත්මක රසඥතාව ඉහළ තැනක ඇතැයි අපි කවුරුත් සිතුවෙමුග

ර්‍ණඒ අටේ පන්තියේදී” විමලධීර යළිත් කීවේයග

ර්‍ණකොච්චර කාලයක් හිටියදරෑ”

ර්‍ණහය මාසයයිග ඊට පස්සේ පිරිවෙනේ හොස්ටල් එකට ගියාග”

ඔහු පිරිවෙනේ ගත කළ නේවාසික ජීවිතයේ හැම දෙයක් ම පාහේ ලියා ඇතග එය එක් අතකින් ටොම් සෝයර් ගේ පාසල් ජීවිතය වගේයත නැත්නම් ඔලිවර් ට්විස්ට් ගේ ළමා කාලය සිහිපත් කරවන සුලුයග ඔහු අව්‍යාජ ලෙස හැම දෙයක් ම කියන්නේයග ඔහුට ඇත්තේ විරාගයේ කුලසූරිය තැපැල් මහත්තයාට තිබූ නරුම වතක් නොවේග ඇත්තට ම ඔහු තුළින් මා දුටුවේ දෙවොන්දරා සං යග නැත්නම් සීගිරි කුරු‍ටු ගී ලියූ බුදල් යග

සංසාරගත උරුමයෙන් එපා කරවන සුලු විද්‍යා විෂයයන් නිසා බ්‍රහ්මචාරී ආශ්‍රමය ම නන්නත්තාර කරගත් විමලධීර වගතුවක් නැති රැකියා කරමින් පස් අවුරුද්දක් ඉබාගාතේ ඇවිද ගියේයග යළි ආපසු පිරි‍වෙනට ම පැමිණ අවුරුදු විසි හතරේ දී උසස් පෙළ කර එහි ම උපාධිධාරී ගුරුවරයෙකු ලෙස රජයේ පත්වීමක් ලබා ගත්තේයග

ර්‍ණඅපි ඇළ කණ්ඩිය උඩට යමු” විමලධීර පහළට බැස පාලම සමීපයේ ම ඇළ කණ්ඩියේ මඳක් තුත්තිරි සහිත තණ බිස්ස දෙසට ගමන් කළේග මම ඔහු සමීපයේ ම වාඩි වූයෙමිග

මම විමලධීර හඳුනා ගත්තේ උපකාරක පන්තිවලදී යග විමලධීර රජයේ සේවයට පරිබාහිරව බාහිර පන්තිවල උසස් පෙළ ඉතිහාසයත් ශිෂ්ටාචාරයත් ඉගැන්වීයග මම සාමාන්‍ය පෙළ ඉතිහාස ගුරුවරයා වූයෙනිග ඔහු මට වඩා අවුරුදු විස්සකටත් වඩා වැඩිමහලු වියග ඔහු ලියන කියන හැම දේකම සෞන්දර්යාත්මක රිද්මය මම වටහාගෙන සිටියෙමිග එහෙයින් ඔහු හඹා ගියෙමිග නිර්මාණාත්මක සාහිත්‍ය රිද්මය මට ඔහු කියා දුන්නේයග මා ඔහුගේ අන්තේවාසිකයා වියග

විශ්‍රාමික ජීවිතයක් ගත කරන විමලධීර බැලීමට නිතර මම ඔහු ගේ නිවසට ගියෙමිග ඔහු මා සගයකු සේ ප්‍රිය කළේයග ඔහු හොඳ යහපත් හාස්‍ය උත්පාදකයකු වියග

ර්‍ණවැඩක් නැත්නම් යමුද රවුමක්”ග ඒ යෝජනාව කළේ මායග විවේකයෙන් සිටි නිසා ඔහු එයට කැමැති වියග ඇරත් එවැනි ගමන් අප දෙදෙනා කොතෙකුත් ගොස් ඇතග

විමලධීර ගේ නිවසේ සිට කිලෝමීටර් විස්සක් පමණ දුරින් පිහිටි මේ වෙල්යායට එන්නට යෝජනා කළේ විමලධීරයග ඒ හැමදාමත් ඔහු ප්‍රිය මනාප වූ කිසිවක් මට කියා දෙන්නේයග ඔහු කියන බොහෝ දේවල්වල සදය හාස්‍යයක් ඇත්තේයග

ර්‍ණඉබාගාතෙ ගිය කාලෙ මං මිනී එම්බාම් කාරයෙක් ගාව තුන් මාසයක් වැඩ කළාග”

මට මතක් වූයේ ගෝර්කියග ඔහු කළ නන්නත්තාර රැකියාවන් අනන්තයග කාලයක් පාන් පෝරණුවක වැඩ කළ ගෝර්කි මිනිසුන් විසිහය දෙනෙකු සහ තරුණියක් යන අපූරු කෙටිකතාව ලියුවේයග විමලධීර යන යන තැන රාත්‍රියේ පොත් කියවමින් ආරක්ෂක නිලධාරියකු හේන්කොටන්නකු පතල් කරුවකු යකඩ බඩු කඩයක සේවකයකු ආදී වශයෙන් බොහෝ රැකියාවන් කළේයග ඔහු ඒ හැම අත්දැකීමක් ම කෙටි කතාවක් බවට පත් කළේයග බොහෝ දෙනකු ඔහුගේ කතා කලාව ප්‍රිය කළ බව මම දැන සිටියෙමිග

විමලධීර මුද්‍රණය කළේ එක් කෙටිකතා පොතක් පමණිග එහි පිටපත් දහස මුල් තුන්මසය ඇතුළත අලෙවි වියග එහෙත් ඔහු යළි පුවත්පත් සඟරාවලට ලියුවා මිස පොතක් මුද්‍රණය නො කළේයග

ර්‍ණදැන් කෙටිකතා කීයක් විතර තියෙනවදරෑ” දිනක් මම ඔහුගෙන් ඇසුවෙමිග

ර්‍ණසීයක් විතරග”

ර්‍ණඉතින් තව පොතක් කරන්නකොග”

ර්‍ණමට ඕවට දැන් හයිය හත්තියක් නෑල අනෙක ප්‍රකාශන ආයතනවල ඉන්න අයට සංවේදී සිතක් නෑග අනෙක මං පත්තරවලට යවන හැම කතාවක් ම පළ වෙනවාග ඒ මදෑග”

විමලධීර කෙටිකතා තරග හතරකට ලියූ බව මට කියයිග ඒ කිසි ම දිනක ඔහුට ප්‍රථමයා වීමට නොහැකි වියග එක් ආයතනයක කෙටිකතා තරගයක දී ඔහු පස්වෙනියා වියග එහි ප්‍රථම ස්ථානය දිනූ කෙටිකතාවේ පරිසර වර්ණනා දෙබස් සහ කතාව ගොතා ඇති අයුරු ඔහු මට කියයිග ඉන්පසු අයිත්මාතොව්ගේ ගුල්සාරි ගෙන එහි පරිසර වර්ණනා ඉදිරිපත් කරයිග

දැන් මේ ප්‍රථම තැන ගත්ත අහිංසකය හිතනව මේ තමයි කෙටිකතාවෙ කූට ප්‍රාප්තිය කියලග එයා එතැනින් ම ඉවර වුණාග මගෙ කතාව ඒ ආයතනයෙ වෙනත් සඟරාවක මං දැක්ක මහ වර්ණනාවක් එක්ක පළ කරල තියෙනවග අබේ ජූරි සභාවල ඇත්තන් ගෙ වින්දන හැකියාව හැමදාමත් ප්‍රශ්න ඇති කරනවග”

විමලධීර කියන්නේ හැබෑ යථා ලාභ සන්තුට්ඨිය අත් විඳීම සුවදායක වන බවයග එක් නගර සභාවකින් ඔහුට පිරිනැමූ සම්මානය බැහැර කළේ සෙසු සම්මාන ලාභීන් සමඟ නැටුම් ගැයුම් සහිත පෙරහැරක ආ යුතු වූ නිසායග ඒ පෙරහැරේ තොරණල කූඩුවල කවි කියන්නෝ ද නගරවල බසයේ විරිදු කියන්නෝ ද වූහග උත්සවයේ සංවිධායක නගරාධිපති අමු තක්කඩි ලී මෝල් කාරයෙකු වියග

පාර දිගේ පැමිණි යුවතියන් තිදෙනෙකු පාලම් ඇන්දට හේත්තු වී අප දෙස බලා සිනා සී මාළුන්ට පෙඩි කළ රටකඩු වීසි කරයිග ඔවුහු යන්නට පෙර යන්නම් සර් කියා විමලධීරට අත වැන‍ුවෝයග ඔහු ද සුහද සිනාවකින් අත වැනුවේයග කොතැනක දී හෝ ඔවුන්ට විමලධීර හමුවී තිබෙනවා විය හැකියග ඔවුන් සාමාන්‍ය පෙළ උපකාරක පන්තිවලට සහභාගි වී ආපසු යන්නියන් විය හැකියග

ර්‍ණඅර කොණ්ඩෙ පොකුටු කෙල්ල දැක්කහම මට විටින් විට මතක්වෙන අතීතයක් මතක් වුණාග” දුරස්ව යන යුවතියන් දෙස බලා විමලධීර කීවේ යග

විමලධීරට එදත් අදත් තිබෙන්නේ ආදරණීය සිතකිග ඔහු ගේ රමණීය මෘදු වදන්වලින් ඔහු යෞවනයකු වියග ආදරය ඔහුට හැමදාමත් හිඟ නොවීයග එසේම ඔහු ආදරණීය ස්වාමියෙකු මෙන් ම යහපත් පියෙකු ද වියග විමලධීර අතීතයේ කොතැනක හෝ නැවතී සිටියේයග

ර්‍ණමං දෙතුන් අවුරුද්දක් ගමේ ඉන්න කාලෙ එක දිගට සමීපවෙලා හිටිය කෙල්ලෙක් එක්කග ඒක හරිම බොළඳ ආදරයක්ග ඒකිගෙ කොණ්ඩෙත් බොකුටුයිග එයාගෙ නම සාමා”ග

සාමා සිහින් කයක් තිබූ පැහැපත් යුවතියකිග ඔහු කවදත් සිහින් කයට රුචි වියග ඔහු කවදාවත් මහත දෙහෙත යුවතියන් ප්‍රිය නො කළේයග

විමලධීර කියන බොහෝ දේවල ගැඹුරු සංවේදීතාවක් ඇතග ඔහු කුහකයෙකු නොවේග

සාමාගේ සහ විමලධීරගේ ආදරය අනාගත සැලසුම්වලින් තොර ළෙන්ගතුකමක් වියග එහෙත් ඇය ඔහු වෙනුවෙන් බෙහෝ පරිත්‍යාගශීලී වියග දිරාපත් වෙමින් තිබූ කුඩා නිවෙසක් තිබූ ඇගේ අම්මා කුලීන බව හිසින් ගත් ඒකතානමය චරිතයක් වියග ඇගේ පියා මිය ගොසින්යග ඔහු අරවින්දගේ තාත්තා සේ වෙදෙකු වියග විමලධීර ඉඳහිට ඒ ගෙදරට ගියේයග තමා ගේ තනියට ඇය යහපත් යැයි ඔහු සිතුවේයග

ර්‍ණඔය කාලෙ එයාගෙ අක්ක බඳින්න හාදයෙක් ආවාග මිනිහට තිබුණෙ රදළ වාසගමක්ග මුළු ගෙදර ම අහංකාර වුණාග ඒ පාර මං ඔක්කොම අත්හැරදාලා ආපහු ඉගෙන ගන්න ආවාග”

විමලධීර අතීතය සිහිපත් කර ශෝක වෙනවා කිසි දිනෙක මම දැක නැත්තෙමිග අතිශයින් දුක්ඛිත ආතක් පාතක් නැති අතීත සිදුවීමක් පවා ඔහු සිහි කළේ සිනාසෙමින් යග

ර්‍ණආදරය කරනකොට වෙන් වෙන්නත් ඉ‍ඩ තියෙන්න ඕනැග වෙන්වෙන්නෙ හමු වෙච්චි හින්දනෙග”

සාමාගෙන් වෙන් වූ විමලධීර වැඩිහිටි ශිෂ්‍යයෙකු ලෙස වඩාත් ස්වයං අධ්‍යයනයෙන් උපාධිල පශ්චාත් උපාධි ලබා ඉදිරියටම ගියේයග හතර අවුරුද්දක් සිංගප්පූරුවේ සේවය කළේයග

ර්‍ණප්‍රථමයෙන් මට තිබුණේ මාව නොසලකා හැරීම පිළිබඳ කෝපයෙන් උපන් ආවේගයක්ග මට කලා විෂයයන් පිළිබඳව විඤ්ඤාණගත ශක්‍යතාවක් තිබුණාග”

ආසාවෙන් කියවන විට විමලධීරගේ සිතේ උපන් කෝපය නැත්තට ම නැති වී ගියේයග ඔහු සාමලාගේ තිබූ අහංකාර බව දුටුවේ ගැමි අහිංසක හැසිරීමක් ලෙසයග මුලින් විමලධීර සිටියේත් එතැනයග එහෙත් ඔහු ජෝති පරායනය වියග

කෙටි ළෙන්ගතුවීම් කීපයකින් පසු අවුරුදු විසිනමයේදී විමලධීර විවාහ වියග

ර්‍ණඇයි එයාව විවාහයට තෝර ගත්තෙරෑ”

ර්‍ණබිරියකගෙ තියෙන්න ඕනෑ ආධිපත්‍යයෙන් යුතු සෙනහස තාමත් එයා ගාව තියෙනවග”

විමලධීර ගේ දෙතොලේ තෘප්තිමත් සැනසිල්ලකිග මම ඔහු ගේ නෝනාත් පුතාත් දියණිවරු දෙදෙනාත් දනිමිග දැන උගත් ඔවුන් යහපත්යග

ර්‍ණඉතින් සාමා බැන්දෙ කවුදරෑ” කතාව ඇසීමේ ප්‍රිය මනාපභාවයක් මා තුළ ඇති වී තිබුණිග

හදිසියේ ම විමලධීරට මා සමඟ එනවිට ඇති කර ගත් පුරුද්දක් සිහිපත් වියග

ර්‍ණදුම් උගුරු දෙක තුනක් බිව්වා නං අපූරුයිග”

විමලධීර නිවසේ දී කිසි දිනක දරුවන්ට බිරියට පෙනෙන්න දුම්පානය කර නැතග

ර්‍ණසාමා කවදාවත් බැන්දෙ නෑග” කතාව නැවැත්වූ තැන මතක තිබූ විමලධීර කීවේයග

ර්‍ණඇයි ඒරෑ”

විමලධීර සාමා අත්හැර දැමූ පසු සාමා උපන් වෛරයෙන් සහ කෝපයෙන් ඔහුව ඉක්මවීමට වෑයම් කළා විය හැකියග එහෙත් එවැන්නෙකු සොයා ගැනීමට ඇයට නොහැකි වියග සාමාගේ අක්කාගේ පෙම්වත් රදළයා ඇය අත්හැර දැමූ පසු අක්කා විවාහ වූයේ අමු බේබද්දකු සමඟයග ඔහු අකාලයේ මිය ගියේයග අක්කාගේ දරුවන් අතරේ ම සාමාගේ කාලය හෙමිහිට ගෙවී ගියේයග

විමලධීර ගෙවී ගිය හතළිස් වසර තුළ සාමා දැක නැතග එහෙත් ගමේ මිතුරන් ඉඳහිට කතා කරන විට කියූ පරිදි ඇය දැන් වේගයෙන් මහලු විය සොයා යන්නීයග විමලධීර දැනටත් පෝදිනවල ධර්ම සාකච්ඡාවලට ගොස් නිරවුල් ගැඹුරු පහන් හඬින් දේශනා පවත්වයිග එහෙත් සාමා දැන් පෝ දිනයේ පසුදින පවාරණ වන්න දස සිල් සමාදන් වන්නීයග

ර්‍ණනොදකින එක හොඳයිග අන්තිමට දැක්ක රූප මතකය වෙනස් වෙයි කියල මට බයයිග”

විමලධීර සුවපත් සිතින් අහස දෙස බලා හිඳීග ඔහු නැහැය ගිරා හොටක් වැනියග ඔහු නිසා මා කියවීම පුරුද්දක් කර ගත්තද ඔහු විඳින සොඳුරු සමාධිය මට හිමි නැතග

වතාවක් විමලධීර සමඟ වෙලකට මායිං වූ ගංසභා පාරක එන විට ඔහු අයින් කර රිය නවත්වන ලෙස මට කියුවේයග මුහුණ හඳුනාගත නොහැකි තරම් දුරක කුඹුක් හෙවණෙ ළිඳක තරුණ ගැහැනියක දිය නාන්නීයග

ර්‍ණඅනුරාධපුර යුගයෙ ඉඳන් අපට තිබුණු සංස්කෘතික අලංකාරයක් තමයි ඔය දකින්නෙග ඒත් බාත් රූම් නානකාරම අටං පහුර හැදුවට පස්සේ ඒ අලංකාරය විලිසංගෙ නැතිව පුංචි කාමරයකට කොටු වුණාග”

අපි මඳවේලාවක් නිශ්ශබ්දව සිටියෙමුග පියඹා යන කපුටෙකුගේ හඬක් නැගේග දිය පිපාසිත ගවයෙකු පිල්ලෑවක හිඳ වැලපෙයිග

විමලධීර එක් වරම මා දෙස බැලීයග කතාවේ සමාප්තිය කරා ඔහු පැමිණ ඇතිව විය හැකියග

මං සාමත් එක්ක යාළු නොවුණ නම් එයා ගමේ ම හාදයෙක් බැඳල ළමයි හදාගෙන අපූරුවට ඉන්නවාග

දැන් අධි බලැති විදුලි රැහැන් මත වී කුරුල්ලන් බො‍හෝයග උන් නිහඬව බලා සිටින්නේ බටහිර අහස දෙසයග කල්තබා නින්දට යෑමට පෙර බටහිර අහසේ නෙක වරුණ සිත්තම දකින්න උන් ප්‍රිය කළා විය හැකියග

රෑ හඳ පායන්නට තව කල් තිබේග හිරු සමුගෙන හමාරයග නැගෙනහිර අහස සමුගත් හිරු නිසා ඇඳිරියග එහි දුර ඈත කඳුක සිහිල හැගෙන සුසුමින් යුතු හාංකාවක් වැතිරී ඇතැයි මම සිතුවෙමිග

curtesy :silumina.lk


Wmqgd .ekSu Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks weiqfrks
o