1 Views  
ලැන්තන් මහත්තයා
ලැන්තන් මහතාට ඇය මුණ ගැසුණේ ඔහුගේ දෙපාර්තමේනතුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී තැන විසින් පිළියෙල කරන ලද සාදයක දී යග ඔහු තම නෙත් බිඟුන් රන් හුයක පටලාල මාලතී පුෂ්පයක් බඳු ඇය වෙත පියා හඹන්නට ඉඩ හළේයග උහු රිසිසේ සැරි සැරූහග ඔහු‍ගේ මතක ලොවේ ඇය තනි වූවායග

ඕ වසර කිහිපයකට පෙර පරලොව සැපත් වූ ප්‍රාදේශීය වරිපනම් නිලධාරියෙකුගේ එක ම දියණිය වූවායග කලක් ඇවෑමෙන් මවල දැරියත් කැටුව පැරිස් නගරයට පැමිණියායග දියණිය සරණ පාවාදීමේ අදහස පෙරදැරිව ඇය අසල්වැසි මධ්‍යම පන්තිකයන් හා ඇසුරට වැටුණායග මවත්ල දියණියත් දුප්පත් වුව ද අවංක නිස්කලංක දිවියකට කැමැතිල යුක්තිගරුක ඇත්තෝ වූහග ඕනෑම තරුණයෙකු සිහින ලොවෙහි දී පමණක් ‍කලාතුරකින් දකින තරමේ රූපශ්‍රීයෙන් හෙබි ඕ යහපත් භාර්යාවක් සතු ගුණාංග මොනවට පළ කළා යග දෙවඟනක බඳු ඇයගේ දෙතොල් අතර නිරතුරු රැඳි මන්දස්මිතය ඇගේ හදවත කියාපාන්නක් බඳු වියග

සෑම කෙනෙක් ම පාහේ ඇගේ ගුණාංග වර්ණනා කළහග ඇගේ හදවත දිනන්නා මිහිපිට වසන වාසනාවන්ත තැනැත්තා වනු ඇතැයි කවුරුත් අනාවැකි පළ කළහග

ප්‍රාදේශීය ඇමතිවරයකුගේ ප්‍රධාන ලිපිකරු වශයෙන් උසස් වීමක් ලැබ මසකට ෆ්රෑන්ක් තුන්දහස් පන්සියයක් ඉපැයූ ලැන්තන්ගේ යෝජනාවට ඇගේ මව එක පයින් එකඟ වූවා යග

ලැන්තන් අදහා ගන්නට බැරි තරමින් ප්‍රීති ප්‍රමෝදයට පත්වියග ඇය ගෘහයේ කටයුතු ඉතා දක්ෂ අන්දමින් මෙන්ම ‘සුඛෝපභෝගී’ තත්ත්වයකට ළං වන තරමින් ඉටු කළා යග ඇය පිසූ ආහාර දිව්‍ය භෝජන මෙන් රස දැනවියග ඇය වටා පැතිරී සුන්දරත්වය හමුවේ ලැන්තන් වසර හයක් ඉක්ම ගිය තැනේ දී පෙරටත් වඩා ඇයට ඇලුම් කළේ යග

එය එසේ වුවත් නාට්‍ය නැරඹීමට ඇගේ තිබූ ආශාවත්ල අරුමෝසම් ආභරණ පැලඳීමට ඇය තුළ වූ ගිජුකමත් ලැන්තන්ගේ සිත් ගත්තක් නොවීයග

ඇගේ යෙහෙළියෝ කෙසේ හෝ ඇය රංග ශාලාවකට එක්කර ගෙන යෑමට මං පෑදූහග කලින් ආසන වෙන්කරවා ගැනීම ඔවුහු ඇය වෙනුවෙන් ඉටු කළහග ලැන්තන්ට මෙය හිසරදයක් වුවදල අකැමැත්තෙන් හෝ එකඟ වීමට සිදුවියග දවස පුරා රාජකාරී කටයුතු ඉටුකිරීමෙන් ලබන වෙහෙසට වඩා වෙහෙසක් ලැන්තන්ට මේ නිසා දැනිණිග නාට්‍ය ශාලාවකට ඇය රැගෙන ගොස් නැවතත් නි‍ෙවසට ගෙනවිත් ඇරලීමට ඇගේ යෙහෙළියක සූදානම් කරගන්නැයි ලැන්තන් ඇයට කන්නලව් කළේ යග ඇය ඊට අකැමැත්ත පළ කළා යග තීරණයකට එළැඹීම පසුවට කල් දැමුවා යග කලකට පසුව ඔහුගේ යෝජනාවට ඇය කැමැති වූයෙන්ල ලැන්කන් සිය කෘතඥතාව ඇයට නොමඳව පළ කළේයග

නාට්‍යය නැරඹීමට යෑමේ දී ඕ අනිවාර්යයෙන් ම විසිතුරු ආභරණ පැලඳුවා යග චාම් ඇඳුම් පැලඳුම්වලට වඩා ඇගේ ආභරණ වෛර්ණ ඒවා වියග දියමන්ති ඇල්ලූ තෝඩු ඇගේ කන් පෙති සැරසීයග විචිත්‍ර මාල ඇය සුමුදු ගෙල වටා වියග කුඩා මැණික් ගල් එබ්බ වූ වළලු ඇය සුරත් සැරසීයග

තම බිරිය ප්‍රදර්ශන භාණ්ඩයක් බඳු යැයි සිතූ ලැන්තන් සිය අමනාපය පළ කළේයග ර්‍ණවටිනා ආභරණ මිලට ගන්නට ඔයාට වත්කමක් නැතිකොටල ඔයාගේ ලස්සන පෙනෙන්න ඕන ස්වභාවයෙන්ල ඔයා සතු චාම් ගතිගුණවලින් නේදැ” යි දිනක් ඔහු ඇගෙන් විමසීයග

ඇය සුපුරුදු සිනාවෙන් මුව සරසා ගත්තීයග ර්‍ණඉතින්ගගග මං මොනවා කරන්න දරෑ මං දන්නවා ඔයා කියන දේ හරි කියලාග ඒත් මම මේ තියන ආශාව කොහොම ද නැති කරලා දමන්නෙරෑ” ඇය දොඩමලු වූවා යග

ඇයට මේ තරම් වටිනා ආභරණ කොහෙන් දරෑ ලැන්තන් වරෙක සිතුවේයග

සමහර සැඳෑවෙක ඔවුන් ගිනි උඳුන අසල සිටිද්දී ඇය තමා සතු ආභරණ පිරි පෙට්ටිය ගෙනැවිත් ටීපෝව මත මුණින් නමා එකිනෙක පලඳින්නී යග ඇය වරෙක සිඟිත්තියක මෙන් ලැන්තන්ගේ ගෙල වටා ද පලඳවන්නී යග උමතු­‍ෙවන් මෙන් සිනාසෙන්නීයග ඔහුගේ ගෙල බදාගෙන හාදු දෙන්නීයග

එක් ශිත සන්ධ්‍ය‍ාවෙක ඇය ගීත නාටකයක් නරඹා ශීතලයෙන් ගැහි ගැහී ගෙට ගොඩ වැදුණා යග ඊළඟ දිනයේ දරුණු කැස්සකින් පෙළෙන්නට වූ ඇයල සතියක් ඉක්ම ගිය තැනේ දී මරු වසඟ වූවායග

ලැන්තන් සතු වූ ආත්මය කවුරුදෝ සොරා ගත් සෙයකිග අසාර වූල අනන්ත වූ ලෝකයේ ඔහු තනි වූවේයග ඇගේ සොහොන වෙත උමතුවෙන් පියමං කරන ඔහුල සිහි විකල් ව ගෙට ගොඩවෙයිග මසක් ඉක්ම යන්නට පෙර ඔහුගේ හිසකේ සුදු වියග ඉවසා දරා ගන්නට බැරි වේදනාවෙන් ඔහු හෙම්බත් වියග රිදී සීනුවක් වන් ඇගේ කටහඬ දුටුවන් වශී කරන ඇගේ මුදු සිනහවල දෙවඟනකගේ බඳු රූපශ්‍රීය මතක සටහන් අතරට එක්ව ඔහුට වධ දෙන්නට වියග

නික්ම යන දින ගණන් ඔහුගේ ශෝකය තුනී කරන්නට අපොහොසත් වූ සේ යග කාර්යාලයේ තම මිතුරන් සතුටු සාමීචියේ යෙදෙද්දීල ලැන්තන්ට හොරා දෙනුවන් කෙරෙන් වෑහෙන කඳුළු බිඳු වළකාලන්නට කෙනෙක් නොවූහග

ඇයගේ ඇඳුම් පැලඳුම් කාමරයේ තුබූ තැන්වල එසේම තිබෙන්නට ඉඩහළ ඔහුල ඒවා දෙස බලා දැහැනකට සම වැදුණකු මෙන් නිසොල්මන් ව උන්නේයග

ජීවිතය තව දුරටත් ගෙවීමට ඔහුට මහත් ගැටලුවක් වියග තම ආදරණීය බිරියගේ දෑතින් සියලු සැප විඳි ලැන්තන්ට එදිනෙදා දිවිය ගෙවාගන්නට වත් තමා ඉපයූ වේතනය මදි වියග ඔහු ණයගැතියෙක් වියග මාසයේ වැටුප් ගෙවන දිනට තව සතියක් තිබෙද්දී ඔහු අත තඹ දොයිතුවක් නොවූයෙන් කුමක් හෝ විකිණිය යුතු යැයි ඔහු කල්පනා කළේයග අවසාන දිනය දක්වාම දිනපතා පාහේ තම බිරිඳ මොනයම් හෝ අලුත් ආභරණයක් ගෙනාවා නේ දැයි ඔහුට මතක් වියග ඒත් ඇය එතරම් ආදරයෙන් රැස්කළ ඒවා මා විකුණා දමන්නේ කෙසේ දරෑ ඔහු ඇගේ ‘නිධානයේ’ දොර විවර කළේයග ඇස් අදහාගත නුහුණු ඔහුල වටිනාකමෙන් අඩු යැයි සිතුණු මාලයක් තෝරාගෙන එය ෆ්රෑන්ක් හතක් හෝ අටක් වටිනු ඇතැයි තක්සේරු කළේයග මාලය සාක්කුවේ ලා ගත් ඔශුල විශ්වාසවන්ත කෙනෙකු සොයා යන්නට පටන් ගත්තේයග

එක් ආභරණ සලක් ඉදිරිපට නැවතුණු ඔහුල ලජ්ජාවෙන් මිරිකුණේයග ‘මේ මාලෙ අරන් ගියාම මම හිඟන්නෙක් කියලා ඒ මිනිස්සු හිතාවිග මේ වගේ නොවටිනා මාලයක්’ ඔහු කෙසේ ‍හෝ දිරි උපදවා ඊට ගොඩවියග

ර්‍ණමුදලාලි මේ මා‍ලය කීයක් විතර වටිනව දරෑ” ඔහු තැතනුවේයග සාප්පු අයිතිකරු ඒ අතට ගෙන පරීක්ෂා කොට බලා බර කිරුවේයග තම සගයෙකුට කථා කළ මුදලාලි ඇසෙන නෑසෙන තරමින් මොකක්දෝ කීයග මේ සියල්ල දුටු ලැන්තන් හදිසියේම වාගේල ර්‍ණ‍ඔව් මම දන්නවා මුදලාලි ඒක එච්චර වටින්නේ නැති බවගගග ඒත් මේ වෙලාවෙ හැටියටගගගග” යි කීෆව්යග

ර්‍ණසර් මේ මාලය ෆ්රූන්ක් දොළොස් දහටත්ල පහළොස් දාහටත් අතර වටිනවාග ඒත් මහත්තයට මේක ලැබුණේ කොහොමද කියලා හරියට කියන තුරු මිලයට ගන්න බැහැගගග”

ලැන්තන් තද නින්දකින් ගැස්සී අවදි වූවෙකු බඳු වියග දෙසවන් අදහාගත නුහුණු ඔහුල අන්දමන්ද වියග අවසානයේ ඔහු ගොත ගසමින්ල ර්‍ණමොනවා මුදලාලි ඔය ඇත්තමදැ” යි ඇසීයග

ර්‍ණඔබ විශ්වාස නොකරනවානම් මට කරන්න දෙයක් නෑග මට දැනට ඒක පහළොස් දාහක් වටිනවාග ඕන්නම් වෙනින් තැනකට ගිහිල්ලා බලවා ගන්නාග මීට වඩා අඩු ගණනක් කීවොත් නැවතත් මෙතැනට එන්න” යි මුදලාලි තරමක අමනාපයකින් කීයග

ලැන්තන් මාලයත් රැගෙන ඉන් පිටවියග ඔහුට දැන් අවශ්‍ය වූයේ තනිවීමටයග කිසි කෙනෙකුගේ සෙවණැල්ලක් හෝ නොගෑවී හුදෙකලා වීමටයග

 

ඔහු තනිව සිනාසුණේයග ‘මන් කොච්චර මෝඩයෙක් දරෑ මට මුදලාලි කීව ගානට මේක දෙන්න තිබුණේග ඒ මෝඩ මිනිහා බඩුවක් තක්සේරු කරන්න දන්නේ නැහැග’

ඔහු ඒ මගෙහි ඇති වෙනත් ආභරණ සලකට ගොඩවුණේයග මාලය දුටු සැණින් ඒ සාප්පු හිමියා මවිත වීල ර්‍ණඇත්ත වශයෙන්ම මේ මාලය මට හොඳට අඳුනාගන්න පුළුවන්ගගග මේක විකුණුවේ මමගගග” යි කීවේයග

ලැන්තන්ට දහවල් තරු පෙනෙන්නට ඔන්න මෙන්නයග ර්‍ණමේක කීයක් වටිනවාදරෑ” ඔහු පුදුමය අතරින් විචාළේයග ර්‍ණසර් මේක මම විකුණුවේ ෆ්රූන්ක්් විසිපන් දාහටග ඕන්නම් මම නැවත ගන්නන් ෆ්රූන්ක් දහ අටදාහටග හැබැයි මේක මහත්තයට ලැබුණේ කොහොම ද කියලා දැනගන්න ඕනැග”

මෙවර ලැන්තන් තුළ පුදුමයෙන් ශරීරයේ අඩක් පණ නැතිව ගියේ යග ර්‍ණහොඳට බලන්නග හොඳට බලන්නග මේක එච්චර වටිනවා ද කියලාග” ලැන්තන් කන්නලවු කළේයග

ර්‍ණමට කරුණාකරලා සර්ගේ නම කියන්න පුළුවන් දරෑ” ඔහු විමසීයග

‘ඔව්ල මම ලැන්තන්ගගග” ඔහු සිය රැකියා ස්ථානයත්ල ලිපිනයත් කීවේයග

සාප්පුකරු ගිණුම් පොතක් ගෙනල පිටු පෙරළන්නට පටන් ගතිග ර්‍ණඔව් සර් කියාපු ලිපිනයේ ලැන්තන් නෝනටල 1876 ජූලි 20 වැනිදා මම මේ මාලය වික්කාග”

ඔවුහු දෙදෙනාම තුෂ්නිම්භූතව එකිනෙකා දෙස බැලූහග

ර්‍ණසර් මට මේ මාලය එක දවසකට දෙන්නග මම එය භාරගත් බවට සර්ට රිසිට් පතක් දෙන්නම්ග”

ලැන්තන් මාලය ඔහුට භාර දීල රිසිට් පත රැගෙන මාවතට වන්නේයග ඔහු පාර හරහා ගියේයග මඳ දුරක් ගමන් කළේයග ඔහු ආපසු හැරී බැලුවේයග තමා මෙතෙක් වැරදි මාර්ගයක පැමිණ ඇතැයි වැටහිණිග ඔහු සිහි විකල්ලෙන් මෙන් මිමිනුවේයග ‘මගේ බිරිඳ මෙතරම් වටිනා මාල ගත්තේ කොහොම දරෑ ඒක වෙන්න බැහැග තෑගි ලැබෙන්නට ඇතිග එහෙනම් කාගෙන් දරෑ කොහෙන් දරෑ කොහොම දරෑ

ඔහු නොදැනුවත්වම පාර මැද්දට පැමිණ ඇතග මහ පොළොව කැරකෙන්නට පටන් ගෙන ඇතැයි ඔහුට සිතුණේයග මහ පාර මැද ඔහු සිහිසන් නැතිව ඇදවැටිණිග නැවත සිහිය ලබද්දී ඔහු අසල ඔසුසලක සිටියේ යග නාඳුනන පුද්ගලයකුගේ උපකාරයෙන් නි‍ෙවසට ළඟා වූ ඔහු ගෙට වැදී දොරගුළු ලා ගතිග ඔහු හැඬුවේයග විලාප දුන්නේයග ලේන්සුව තෙත් වනතුරු කඳුළු පිස දැමුවේයග

හිරු රැසින් දැවුණු ඔහුට හදිසියෙන් ඇහැ‍රුණේයග ඇ‍ඳෙන් නැගිටින්නට පවා සිතක් ඔහුට නොතිබිණිග කාර්යාලයට පැමිණිය නොහැකි බව දන්වා ඔහු ලිපියක් යැවුවේයග සාප්පුකරු සමඟ තනිකර ආ මාලය හදිසියේම ඔහුගේ මතකයට නැඟිණිග කඩිමුඩියේ ඇඳගත් ඔහු නිවෙසින් පිටවියග

ර්‍ණමන් පොහොසත් නම් කොච්චර ලේසියෙන් සන්තෝෂයෙන් ඉන්න පුළුවන් දරෑ සල්ලිවලට ඕන දෙයක් කරන්න පුළුවන්ග වැඩට හිතුණොත් විතරක් යන්න පුළුවන්ග නැතිනම් ගෙදර නවතින්න පුළුවන්ග ලෝකෙ ඕන මුල්ලකට යන්න පුළුවන්ගගග”

ඔහුට හනික කුස ගින්නක් දැනිණිග පෙර දින දහවල් ආහාර වේලක් ගත්තට පසුවල අනුභව නොකළ බව ඔහුට පසක් වියග ඒත් කෝ සල්ලිග සාක්කු දෙකම හිස්ග ඒත් මාලය ෆ්රූන්ක් දහ අටදාහක්ග මොන සම්පතක් දරෑ ප්‍රෑන්ක් දහ අටදාහක්ග

ඔහු සාප්පුව ඉදිරිපිටට පැමිණ එහාටත්ල මොහටත් ගමන් කරන්නට පටන් ගතිග යම්දෝ නොයම්දෝල ෆ්රූන්ක් දහ අටදාහක්ග

ඔහු දුටු සැණින් සාප්පු හිමියා ඔහුව හැඳින ගතිග මුව පුරා සිනාසී හනිකට ආසනයක් පිරිනැමුවේයග

ර්‍ණමම ඔබට ප්‍රෑන්ක් දහ අටදාහක් දෙන්නම් සර්” සාප්පු හිමියා කීයෙන් ලැන්තන් ගොත ගසමින් ර්‍ණහා” යි කීවේයග

ගැහෙන දෑතින් යුතු ව ප්‍රෑන්ක් දාහේ කොළ දහඅටක් ගත් ලැන්තන්ල ආපසු යන්නට හැරිණිග සිනාසුණේයග ර්‍ණමගේ ළඟ තවත් මේ වගේ මාල තියෙනවාග ඔබ ගන්නට කැමැති දරෑ”

ර්‍ණඔව් සර් ඔක්කොම ගේන්න”

සාප්පු හිමියාත්ල ඔහුගේ සගයන් කිහිප දෙනෙකුත් ඔහුගේ නිවසට ගියහග ලැන්තන් දැන් නියම වෙළෙඳ ව්‍යාපාරිකයෙක් බඳු යග තම බිරිය විසින් මිලයට ගනු ලැබූ භාණ්ඩයන්ගේ නියම බිල්පත් පරීක්ෂා කරල නියමිත ගණන් හිලව් සාප්පු හිමියාට දැන්වූවේයග අරුංගල් ජෝඩුව ප්‍රෑන්ක් විසිදාහයිල වලලු ෆ්රූන්ක් තිස්පන්දාහයිල කොණ්ඩ කටුල මුදු ෆ්රූන්ක් දහසය දාහයිග සියලුම ආභරණළුල වටිනාකම ප්‍රෑන්ක් එක්ලක්ෂ අනූහය දහසකිග

ලැන්තන්ගේ වටිනාකම එන්න එන්න ම ඉහළ යයිග මිටෙන් හළ කුරුල්ලකු මෙන් ඔහු ආඩම්බරයෙන් දෙපා ඔබා ගමන් යයිග

පෙනෙන්ට තිබුණු හොඳම අවන්හලට ගිය ඔහු බෝතලය ෆ්රූන්ක් විස්ස ගණනේ වයින් බීවේයග හොඳට බඩ කට පුරා කෑවේයග කුලී රියක් මිලට ගෙන නගරය පුරා සැරිසැරුවේයග

ර්‍ණමන් පොහොසත්ල ‍ෙම් බලනවාගගග ෆ්රූන්ක් ලක්ෂ දෙකක් මුළු ලෝකයටම ඇසෙන්නට බෙරිහන් දෙන්නට ඔහුට සිතිණිග

ඔහු තම කාර්යාලයට ගොඩවියග තම ජ්‍යෙෂ්ඨ නිලධාරියා ළඟට මහත් ආඩම්බරයෙන් පියමං කළේයග ර්‍ණසර් මම ඉල්ලා අස්වීමේ ලිපිය බාරදෙනවාග මට ප ෆ්රූන්ක් ලක්ෂ දෙකක නිධානයක් පහළ වුණාග” ඔහු කාර්යාලයේ උන් සෑම සගයෙකුටම අතට අත දී සමුගත්තේයග රාත්‍රී භෝජනය සඳහා ඉතා විශාලම ‍හෝටලයක් ‍තෝරමින් ගමන් ගත්තේයග

පැයෙන් පැය ෆ්රූන්ක් ලක්ෂය බැගින් වැඩි කරමින් ඔහු හයියෙන් කෑගහන්නට ඔහුට සිත්වියග

ජීවිතයේ පළමු වතාවට නාට්‍යයක් නැරඹීමට ඔහුට ආශාවක් උපනිග ඔහු නාට්‍යය නරඹා මහත්සේ අමන්දානන්දයට පත් වියග

මාස හයකට පසු ඔහු නැවතත් විවාහයකට ඇතුළු වියග ඒ බිරිය මහත් වූ ධනයක් හිමි කතක් වූවායග ඒත් ඇයල ඔහුගේ ජීවිතය සහමුලින්ම විනාශ ‍ෙකාට දැමුවායග


Wmqgd .ekSu Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks weiqfrks
o