1 Views  
ප්‍රේමයේ මායාව
දුම්රියපළට ඇතුළු වූ සීතා සිය බෑගයන් ඔසවාගෙන තුන්වන වේදිකාව සොයා ඉදිරියට ඇදී යන්නට වූවායග තවම ළහිරු රැස් දහරින් වැසී ඇති නමුදු දුම්රියපළ මගීන්ගෙන් පිරී පැවතිණග අලුයම් කාලයේ දිවියිනේ සතර දිශාවටම ගමන් අරඹන දුම්රියන් වෙනුවෙන් පැමි‍ෙණන මේ සෙනඟට හිඳගන්නට ආසන ප්‍රමාණවත් නොවන තරම් යග බොහෝ මගීහු නිදි කිරමින් සිය බෑගයන් උකුළ මත තබාගෙන වරින්වර ශබ්ද විකාශනයෙන් ප්‍රචාරය වන නිවේදනවලට සවන් යොමා සිටියහග

දුම්රිය අදත් ප්‍රමාද වේ ද නියමිත වේලාවට ගමන නිමා කළ හැකි වේද සවස් වන විට කඳුකරය මීදුමෙන් වැසී යයිග පසුගිය දින කීපය තුළ පැවැති මොර සූරන වැස්ස අදත් පටන්ගතහොත්ගගග සීතා සුසුමක් හෙළා සතරවන වේදිකාවට පිවිසෙන පියගැට පෙළ දෙස නෙත් දැල්වූවායග සතරවන වේදිකාවට පැමිණීමට නියමිත වූයේ මහනුවර බලා යන දුම්රියයිග එහි යාම සඳහා රැස්ව සිටිනුයේ දළදා වහන්සේ වැඳ පුදා ගන්නට සැරසී හුන් බැතිමතුන් පිරිසක් බව ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් හා අත ඇති පූජා භාණ්ඩයන්ගෙන් පෙනී යන්නේයග

හදිසියේ දුටු දසුනකින් සීතා මවිත වෙයිග පියගැට පෙළ බසින සෙනඟ අතරේ තමාට හුරුපුරුදු මුහුණක් දුටු බවක් ඇයට හැඟිණග උස්වූදල තරමක් කාලවර්ණල කඩවසම් සිරුරක් හිමි ඔහුගේ හිසකේ මඳ ලෙස සුදු පැහැයට හැරෙමින් තිබුණිග

ඔහු සෙමෙන් පියවර නගමින් පැමිණ තමා අසල නතර වුණිග තමා ළඟ හිඳ සිටි තරුණයා නැගිට සිය අසුන ඔහුට පිරිනැමීයග

ර්‍ණස්තුතියි පුතාග”

ඔව් ඒ කටහඬග ඒ ඔහුගේ කටහඬගගග කිසිදා තම දෙසවන්වලින් නික්ම නොගිය ඔහුගේ කටහඬග සීතා දෑස් විහිදා තමා ළඟ හිඳගත් අමුත්තා දෙස විස්මිතව බැලුවායග

ර්‍ණශ්‍රියන්ගගග”

ර්‍ණආ” තමා දෙසට හැරෙමින් ඔහු යමක් සිහිපත් කරන්නට තැත් දරයිග

ර්‍ණආ - සීතා” ඉන්පසු ඔහු මඳ ලෙස සිනාසිණග ඔහුගේ මුවෙහි ඉදිරිපෙළ දත් කීපයක් ම අඩු බව දුටු ඇයට සුසුමක් හෙළුණිග

ර්‍ණසීතා මේ කොහේද යන්නෙගගග” ඔහු අසයි ර්‍ණතනියෙමගගග”

තම ජීවිතයට කවදත් උරුම වූයේ තනිකම බව සිහි වුවද සුසුමක් නොහෙළා සිටීමට සීතා ප්‍රවේසම් වූවායග ඔහුට තම සෝ තැවුල් හෙළි කළ යුතු නැතග මේ ඊට අවස්ථාව ද නොවේග

ර්‍ණනංගිගෙ දුවගෙ වෙඩින් එක අනිද්ද - මම බණ්ඩාරවෙල යනවාගගග”

ර්‍ණආ - අර ඒ දවස්වල ඕ ලෙවල් කරපු නංගි ද - දැන් බඳින වයසෙ දූවරුත් ඉන්නවා එහෙනම්ග කාලය ගිය ඉක්මනගගග” ඔහු සැහැල්ලුවෙන් සිනාවෙයිග

ඔව් - කාලය ගිය ඉක්මනග ප්‍රීතිය ජීවිතය පුරා සිටි අයට කාලය යන ඉක්මන දැනෙන්නේ නැතග එහෙත් ජීවිතය එකම ශෝකාන්තයක් වූවනට කාලය එසේ ඉක්මනින් ගත ‍නොවේග

සීතා හතළිස් වසරකට එහා අතීතයට පිවිසෙමින් සිටියායග එකල ඔහු තමා සේවය කළ රෝහලට පැමිණියේ සීමාවාසික වෛද්‍යවරයකු ලෙසයග හරියට ම ඉරණම විසින් තීන්දු කළා සේ ඔහු තමා සේවය කළ වාට්ටුවට පත්ව තිබුණේයග

මේ තමාගේ සිහින කුමරාදගගගරෑ තමා සිහින මැවුවේල හදවත අරක් ගෙන තිබුනේ උස්ල කඩවසම් කුමරකුට යග මේ සියලු සුදුසුකම් ඔහු සපුරා තිබුණිග

කාලය දවසින් දවස ගතවී ගියේ ඔවුන් දෙදෙනා පෙම්වතුන් බවට පත් කරමිනිග ලෝකය කොතරම් සුන්දර තැනක්දරෑ තමන් දෙදෙනාගේ සම්පූර්ණල සේවා කාලය ගතවූයේ ජීවිතයේ අනිත්‍ය භාවය දක්වන දුක්වේදනා කඳුළුල සුසුම් නිබඳව පැවැති ස්ථානයක වුවද ඔවුනට එය අතිශය ප්‍රීතිමත් විසිතුරුල චමත්කාරජනක ලොවක් ම වියග

ඔහුගේ ආදරයෙන් පිරීගිය අනාගතයක් ගැන තමා කොතරම් නම් සිහින මවන්නට ඇද්දරෑ ඔහු හා අනාගතයේදී ගෙවන ජීවිතය ද ඇය සැලසුම් කාට තිබිණිග ලස්සන නිවෙසක්ල පියකරු දරු දෙදෙනෙක්ල ඔහුගේ තනතුරේ ‍උසස්වීම්ගගග ලෝකයේ ප්‍රීතිමත්ම පෙම්වතිය වූවා සේමල වාසනාවත් බිරියක බවට පත්වන්නට ද ඇය පෙරුම් පිරුවායග

කාලය ඉක්ම ගියේ කොතරම් වේගයෙන් ‍දරෑ ඒ සිහින බිඳී යන්නට වූයේ කොතරම් ශෝචනීය අන්දමින්දරෑ ‍

‍ සිය සීමාවාසික කාලය අවසන්ව ඔහු ස්ථිර පත්වීම ලැබ රෝහලට සමුදුන් අයුරු ඇය සිහි කරයිග ඒ සමඟ ඔහු තමාගේ ප්‍රේමයට ද සමුදුන්නේයග

ර්‍ණමං කවදාවත් බඳින්නෙ නෑග මං දන්නෑ ඒ ඇයි කියලාග ඔයා මා ගැන බලාපොරොත්තු නොවී වෙන කෙනෙක්ව බඳින්නග” සමුගනිමින් ඔහු කී වචන අද මේ මොහොතේදී ද තම දෙසවන් තුළ දෝංකාර දෙයිග

සිතින් සිතාගත නොහැකි තරම් දුක් වේදනා විඳි ඇය අන්තිමට තීරණය කළේ කිසිදා විවාහ නොවී සිත කය දෙකෙන් ම රෝගීවූවන්ගේ සේවයට මුළු ජීවිත කාලය ම කැප කරන්නටයග දෙමාපියන් හිතවතුන් මේ කිසිවකුටත් ඇයගේ තීරණය වෙනස් කළ නොහැකි වියග

ර්‍ණසීතා ඔයාගෙ ඔය කඳුළු හරි වටිනවග ඒව ඔය වාගෙ චපල මිනිහෙක් වෙනුවෙන් වැය කරන්න එපාගගග”

ර්‍ණඑයාට ඕන කරල තිබුණෙ පාළුව මකා ගන්නල කාලය ගත කරන්න කෙනෙක්ග”

කවුරු කෙසේ කීවද ඔහු කොහේ හෝ සුවෙන්ල සතුටෙන් ජීවත්වේවා යන්න ඇයගේ ඒකායන ප්‍රාර්ථනාව වියග තමාට හිමි නැති දෙයක් ලබා ගැනීමට කෙතරම් උත්සාහ කළත් පලක් වේදරෑ එය ඔහුගේ වරදක් නොවේග එහෙයින් ම ඔහුට වෛර කළ නොහැකියග ආදරය කවර කලකවත් ආදරය කළ තැනැත්තාට වෛර නොකරයිග

ඔහු විවාහ වූ බවත්ල දරු දෙදෙනෙකු ලද බවත් ඇයට පසු කලකදී අසන්නට ලැබිණග

ර්‍ණශ්‍රියන් ඔයා සතුටෙන්දරෑ”

ර්‍ණඔව්”

තමා අම්මා වීමට පෙරුම්පුරා සිටි ඔහුගේ දරු දෙදෙනා ගැන අසා දැනගන්නට ඇයට ඇතිවූයේ මැඩගත නොහැකි ආශාවකිග

ර්‍ණදරුවො දෙන්නරෑ”

ර්‍ණදෙන්නම මෙඩිසින් කළේග දැන් නුවරල පේරාදෙණි ‍රෝහල්වල වැඩග දෙන්න ම බැඳලග මම දැන් සීයා කෙනෙක්ග මේ එයාලව බලන්න යන ගමන්ගගග”

කිසිදා විවාහ නොවන බව තරයේ ම කියා සිටි ඔහු සීයා කෙනෙක් වූයේ කෙසේදැයි සීතා කල්පනා කරන්නට වූවායග ලෝකය බොරුවෙන්ල මායාවෙන් පිරී තිබේග

දුම්රිය දෙකම‍ වේදිකා දෙකට පැමිණියේ එකම වේලාවේදීයග ඔවුහු අත රැඳි බෑගයන් ද රැගෙන නැගිට සිටියහග වරෙක තමා තර‍කොට වැලඳ ගත් ඔහුගේ ඒ ශක්තිමත් දෑත් මඳ ලෙස වෙව්ලන අයුරු ඇය කම්පාවෙන් බලා සිටියායග

ර්‍ණමම පේරාදෙණියෙන් නවතිනවග ඔයා දිගටම යන්න ඕන නේද” ඔහු අර පැරණි සුපුරුදු ප්‍රේමාන්විත සිනාව පා තමා දෙස බලා සිටීග

ආදරය පිරිමියකුට තම ජීවිතයේ එක් අවස්ථාවක් පමණිග එහෙත් ගැහැනියකට නම් එය මුළු ජීවිතය ම වන්නේයග



Wmqgd .ekSu Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks weiqfrks
o