1 Views  
දෙමළිච්චි
තල්අඩි සිට මුලතිව් මාර්ගයේ ඝන කැලෑව මැද වැටී ඇති පටු පාරේ යතුරු පැදියකින් ගමන් කළ හමුදා නිලධාරි ප්‍රසන්න ඉදිරිපිටට මෝටාර් ප්‍රහාරයක් පතිත වියග‍ යුද භූමියේ දීර්ඝ කාලයක් ගත කර ඇති ඔහුට මරණ බිය එතරම් දැනුණේ නැතග රාත්‍රියේදී තමා යතුරු පැදියකින් යන මේ ගමන බියකරු වුව ද එය හුදු විනෝද ගමනක් නොව රාජකාරියේදී තමාට පැවරුණු වගකීමක් බව ඔහුට අමතක කළ නොහැකග මෝටාර් ප්‍රහාරය එන්නේ තමාගේ ඉදිරිපසින් නිසා ටික වෙලාවක් තම පාපැදිය නවතා ටික වෙලාවක් සන්සුන්ව සිටීමට සිතී යග ඒ සමඟ ම පිටුපසින් පැමිණි මෝටාර් ප්‍රහාරය ඔහු බියපත් කළේ යග සතුරු හමුදාව තමා වටකර පහර දෙන්නේ යැයි ඔහුට සිතුණ නමුදු සේවයේ යෙදී සිටියදී බිය ගැන පසු තැවීම නො හොයි යැයි තම අත්දැකීම් තුළින් පසක් කරඟත් ඔහු නැවතත් ගමන් ඇරඹීයග තම ගමනේ අවසානයට තවත් කිලෝමීටර් පහක් පමණ ඇතැයි ඔහු අනුමාන කළේ යග කෙසේ ‍හෝ තමාගේ පරමාර්ථය ඉටුකර ගත යුතු බව හේ පසක් කළේ යග මෝටාර් ප්‍රහාරය නතර වියග ඝන කැලෑව මැද වෙසෙන නොයෙකුත් සතුන්ගේ නාද පමණක් ඔහුගේ තනියට සිටියේ යග එම නාදයන්ට කන්දෙමින් සෙමින් සෙමින් යතුරු පැදිය පැදවූ ඔහු දොස්තර මහතාගේ නිවසට පැමිණෙන විට පාන්දර හතර පසුවී තිබිණිග

තමා පැමිණි කාරණය ඔහු දොස්තර මහතාට පැහැදිලි කළේ යග දොස්තර මහතා ඉතා සෙනෙහෙබරව ඔහු පිළිගත්තේ යග හමුදා ඇඳුමින් සැරසී සිටි ඔහු ගැන දොස්තර මහතා සැක සංකා මතු නොකළේ යග ප්‍රසන්නගේ පැමිණීමේ කතාවට සවන් දුන් දොස්තර මහතා ඔහු සමඟ හිරු උදාවූ පසුව එන බවට පොරොන්දු වියග දොස්තර මහතාගේ පැමිණීම සහ ඔහුගේ මැදිහත්වීම මත තමාගේ කාර්යය සඵලවන බව ප්‍රසන්නට සැකයක් නොමැතග

හමුදා අනුඛණ්ඩයේ ප්‍රධානියා තමා ඇමතූ අයුරු ප්‍රසන්නට මැවී පෙනුණිග

ර්‍ණප්‍රසන්න තවම බැරි වුණාද දෙමළිච්චි දැලේ දාගෙන නිවුස් එක ගන්නග”

ර්‍ණතාම බැරිවුණා සර්”

ර්‍ණඑහෙම හරියන්නේ නැහැ මේ වැඩේ කොහොම හරි කරන්න ඕනා නැත්නම් අපේ ජීවිතත් අනතුරේග ඒ විතරක් නොවෙයිග මේ නිව්ස් එක හරියට ගත්තොත් අපිට ප්‍රොමෝෂන් එකක් ලැබෙන එකත් සිකුරුයිග”

ර්‍ණඒක නම් ඇත්ත සර් මම කිහිප දවසක් ම කෙල්ලව මුණගැහිලා යාප්පුවෙන් කතා කළාග ඒකි එක වචනයක්වත් කතා කරන්නේ නැහැනේග”

ර්‍ණමම හිතන්නේ ඒකිගේ අයියා තමයි මුහුදු බළකායේ දෙවැනියාල මිනිහා සමහර දාට රෑට ගෙදර ඇවිල්ලා අම්මා බලලා යනවලු අපි දවසක් රෑට ගේ වටකරලා රෙඩ් එකක් දෙමුග

ර්‍ණමම පොඩි ප්ලෑන් එකක් දාලා ති‍ෙයන්නේ දැන් කෙල්ලගේ අම්මා අසනීපයෙන් ඉන්නේග බෙහෙත් ගන්න දොස්තර කෙනෙක් නැතුවල අර තල්අඩේ ඉන්න දොස්තරට මම අරන් ගිහිල්ලා අම්මට බෙහෙත් අරන් දීලා සනීප කරනවාග ඒ හරහා මට පුළුවන් වෙයි කෙල්ලව දැලේ දාගෙන අයියගේ විස්තර දැනගන්නග

ර්‍ණඒක හොඳ අදහසල තමුසේ දක්ෂයා බව මම දන්නවාග

තම ප්‍රධානියාගේ එම හමුවීමෙන් පසුව රහසේ ම දොස්තර මහතා කැඳවාගෙන පැමිණ දෙමළ තරුණියගේ අම්මාට ප්‍රතිකාර කළ යුතු යැයි යන හැඟුම ප්‍රසන්න තුළ බලවත්ව නැගිණග එම අවස්ථාව ප්‍රයෝජනයට ගෙන දෙමළ තරුණිය සමඟ කතා බහ කිරීමට මාර්ගයක් පාදා ගත හැකි යැයි ප්‍රසන්නට සිතුණිග

හිරු එළිය වැටුණු පසු දොස්තර මහතා ද මෝටර් බයිසිකලයේ පිටුපස තබාගෙන පෙරදින රාත්‍රියේ ගමන් කළ කැලෑබද මාවත දිගේ ම ප්‍රසන්න ආපසු පැමිණියේ යග ඔහු කෙළින් ම ගියේ දෙමළ තරුණියගේ නිවසට යග ‘රංජිනී” ර්‍ණරංජිනී” දෙමළ අම්මා හමුදා නිලධාරියා ද දොස්තරව ද දැක ඈ කෑගැසුවා යග

රංජීනී කොහේදෝ සිට නිවසට දිව ආවා යග

ප්‍රසන්න එක එල්ලෙම රංජිනී දෙස බලා සිටියේ යග

ර්‍ණමේ ඩොක්ටර් සතාසිවම් මම දන්නවාග රංජිනීගේ අම්මට අමාරුයි කියලාග”

ර්‍ණසර් කොහොමද දන්නේල සර් මම ගැන හොයලා බලලා තියෙනවාග

ර්‍ණඔව්”ල ඒ කතා වැඩක් නැහැ දොස්තර මහත්තයා දැන් අම්මට ප්‍රතිකාර කරයිග අම්මා සනීප වෙයි‍ග දොස්තර මහතා රංජිනීගේ අම්මා පරික්ෂා කර ප්‍රතිකාර දුන්නේ යග දොස්තර මහතාගේ අදහස වූයේ තව ටික දිනකින් නිසි ප්‍රතිකාර නොලැබුණේ නම් ජීවිතයල පවා නැතිවීමට ඉඩ තිබූ බව යග

රංජනී එක එල්ලේ ප්‍රසන්න දෙස බලා සිටියා යග ඇගේ බැල්ම තුළ ගැබ් වූයේ තම මවගේ ජීවිතය බේරා ගැනීම සඳහා හමුදා නිලධාරියකුගේ මැදිහත්වීමට තමා ස්තුති කරන්නේ කෙසේ දැයි යන හැඟුමකිග සියලු ප්‍රතිකර්ම අවසන් වූ පසු ප්‍රසන්න දොස්තර මහතාව තම පැදියේ නංවාගෙන ආපසු යන්නට සැරසුණේ යග රංජිනීගේ අම්මා මේල හමුදා නිලධාරියා දෙස බලා සිටියේ දෙනෙතේ කඳුළු වගුරවමිනිග

ර්‍ණසර් දොස්තර මහත්තයා ගෙදරට බස්සලා ආපසු මෙහේ ඇවිත් යන්න එන්න” රංජිනීගේ දෙනෙතේ කඳුළු පිරී තිබුණිග ප්‍රසන්නගේ සිත සතුටින් උද්දාම වියග කිසිවකු සමඟ කතා බහ නොකරන රංජිනී දැන් තමා සමඟ මිතුරු වී ඇතග ඉතා සියුම් ලෙස ඇයගේ සහෝදරයා පිළිබඳව විස්තර ලබාගත හැකි යැයි ප්‍රසන්න අනුමාන කළේ යග රංජිනී ගේ මුහුදු කොටි අයියා ඉක්මනින් දැලේ දාගත හැකි යැයි ප්‍රසන්නට සිතුණි‍ග තමා රංජනී ඇසුරු කර ප්‍රවෘත්තියක් ලබා ගැනීමට සැරසෙන විට කොහේ සිට හෝ මුහුදු කොටි නායකයා තමාම සියුම් ලෙස ඝාතනය කරයි ද යන්න ප්‍රසන්නගේ සිත තුළ පැන නැගුණිග

පසුදා ප්‍රසන්න රංජිනී හමුවීමට නිවසට ගියේ යග එසේ යෑමට ප්‍රථම හමුදා අනුඛණ්ඩයේ නිලධාරියා ප්‍රසන්න ඇමතුවේ යග

ර්‍ණතාමත් බැරි වුණා ද ප්‍රසන්න අර දෙමළිච්චිගේ අයියා ඉන්න තැන හෝඩුවාවක් දැන ගන්නග”

ර්‍ණඉක්මනට පුළුවන් වෙයි සර්”

ර්‍ණහැබැයි තමුසේ ඒ ගෑනි එක්ක ලව් කරන්න එහෙම යන්නේ නැහැ තේරුණා දරෑ”

ර්‍ණපිස්සු ද සර්”

ර්‍ණතව සතියයි කල් දෙන්නේ හොඳදරෑ” ප්‍රසන්න රංජිනීගේ නිවසට ළඟා වනවිට ඇය මිදුලේ තල වේළමින් ද සිටියා යග

ර්‍ණඑන්න සර්ල සර්ට පින්සිද්ධවෙන්න අම්මාගේ ජීවිතය බේරුණාල එදා දොස්තර මහත්තයා ඇවිල්ලා බෙහෙත් නොදුන්නා නම් අම්මගේ ජීවිතය නැති වෙන්න තිබුණාග මේ හැම දෙයක් ම සිද්ධ වෙන්නේ කිසිම තේරුමක් නැති යුද්ධයක් නිසානේ සර්”

ර්‍ණඉතින් යුද්දෙ කරන්නේ ඔය ගොල්ලන්ගේ කට්ටියගේ ඒ ගොල්ලන්ට කියන්න යුද්දෙ නවත්වන්න කියලා එහෙම වෙනවා නම් අපිටත් සැනසිල්ලේ ගෙදර යන්න පුළුවන්ල අපිත් මොන තරම් දුක් විඳිනව ද මේ යුද්දෙ නිසාග”

ර්‍ණසර් කියන එකනම් ඇත්ත තමයිල ඒත් සර් මට කොහොමද කියන්නේ අයියලට යුද්දේ නවත්වන්න කියලාල එහෙම කිව්වොත් සංවිධානයෙන් මාව මරලා දායිග මට දුක සර් ගැනල සර්ලා වගේ හොඳ මිනිස්සුන්ටත් වෙන කරදර ගැන මොකක්ද මේ ජීවිතේ සර්ග”

ර්‍ණරංජිනීගේ අයියා ආවේ නැද්දරෑ” අම්මව බලන්න තරමක් නිශ්ශබ්දව සිට ප්‍රසන්න ඇසී යග

ර්‍ණඒ ගොල්ලන්ට අම්මා ගැන හැඟීමක් නැහැ සර් මොන එහෙකට මේ යුද්දෙ කරනවද කියලා මට තේරෙන්නේ නැහැග”

ර්‍ණරෑට රෑට අයියා මෙහේ ඇවිල්ලා යන්නේ නැද්දරෑ මට ඇත්ත කියන්නග”

ර්‍ණඇත්තමයි සර් දැන් සුමානයකට ඉස්සෙල්ලා රෑ ඇවිල්ලා එවෙලේ ම බෝට්ටුවක නැගිලා ගියාග අපිත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැග”

ර්‍ණසර්ලට ඕන මගේ අයියව අල්ල ගන්න නේදෟ”

ර්‍ණඔව්”

මම ඒකට සර්ලට දොස් කියන්නේ නැහැග ඒක සර්ලගෙ රාජකාරිය බව මම දන්නවාග අපිට අයියව පාවලා දෙන්නත් බැහැග සර්ව පාවලා දෙන්නත් බැහැල සර් අපිට දෙවියෙක් වගේ සර්ව ආරක්ෂා කරලා දෙන්න කියලා මම හැමදාම කෝවිලට ගියහම දෙවියන්ගෙන් ඉල්ලනවාග

ර්‍ණරංජිනීට සින්දු කියන්න පුළුවන්දරෑ”

ර්‍ණඇයි එහෙම ඇහුවේ සර්”

ර්‍ණනැහැ මට නිකම් හිතුනා‍ල කියන්න කෝ සින්දුවක් බලන්නග”

ර්‍ණහොඳයිල ර්‍ණයනවා නම් අනේ මං අරන්

යන තැනකට යන්න රත්තරං”

රංජිනී සිනාසුණායග ප්‍රසන්න ද සිනා සුණේ යග

ර්‍ණඅම්මට දැන් සනීප ද රංජිනී”‍

ර්‍ණදැන් නම් ටිකක් හොඳයි”

ර්‍ණඒත් අම්මා හරි දුකෙන් ඉන්නේග අයියා ගැන කොයි වෙලාවේ හරි අයියගේ ජීවිතය නැතිවෙයි කියලා අම්මා නිතරම අඬනවාග

ර්‍ණඉතින් අයියට කියන්නල ඔය සංවිධානෙන් අයින් වෙන්න කියලාල පුනරුත්ථාපන කඳවුරකට දාලා අපි අයියාගේ ජීවිතය බේරගන්නම්ග”

ර්‍ණඑහෙම වුණොත් සංවිධානයෙන් අයියව විතරක් නොවෙයි මාවත් මරයිග”

රංජිනී ඈත සයුර දෙස බලාගෙන හැඬුවා යග

නිවස තුළින් ඇසුණු අමිමාගේ කෙඳිරිළි රංජිනී බිය වූවා යග ප්‍රසන්න ද නිවස තුළට එබී බැලුවේ යග

ර්‍ණඅම්මට අමාරුයි වගේ සර්”

ර්‍ණමම දොස්තර මහත්තයාව එක්ක ගෙන එන්නම්ග”

ර්‍ණහොඳයි සර්”

ර්‍ණප්‍රසන්න දොස්තර මහතා කැඳවාගෙන එන විට අම්මා අවසන් හුස්ම හෙළා තිබුණිග ප්‍රසන්න තවත් එම ස්ථානයේ නොරැඳී කඳවුර බලා පිටත් වියග

ර්‍ණප්‍රසන්න තවම බැරි වුණා නේද වැඩේ සාර්ථක කරගන්නග”

ර්‍ණතව ‍දවස් දෙකක් දෙන්න සර්”

ර්‍ණබලමුල බලමු”

ප්‍රසන්න එසේ කීවේ වඩාත් බලාපොරොත්තු ඇතිව යග

මවගේ මිනිය බැලීම සඳහා කොටි නායකයා පැමිණෙන බව ප්‍රසන්නට විශ්වාසයග එවිට ඔහුට දැල එළීම පහසු බව ප්‍රසන්නට වැටහිණිග ඔහු ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු නූලටම සිදු කළේ යග

රංජිනීගේ මවගේ ආදාහනයට තම අයියා නොපැමිණීම ගැන ඇය දුක් වූවා යග ප්‍රසන්න ද ඒ සඳහා සහභාගි නොවී යග රංජිනී හමුදා කඳවුර දෙසට එනවිට ප්‍රසන්න ඇය දුටුවා යග

ර්‍ණරංජිනී මේ කොහේද යන්නේග”

ර්‍ණසර් හම්බවෙන්න”

ර්‍ණඇයි”

ර්‍ණසර් මගේ අම්මගේ ආදාහනයට ආවේ නැහැනේග”

ර්‍ණඔව් මට මේ දවස්වල ගොඩාක් වැඩ තිබුණාග”

ර්‍ණඅයියාවත් ආවේ නැහැ අම්මාගේ මිනිය බලන්නග මට ඒ ගැන හරිම දුකයි අම්මා මැරුණේගගගගග අම්මා මැරුණේ අයියා නැති දුකටග ප්‍රසන්න නිශ්ශබ්දව සිටියේ යග

ර්‍ණසර් ඇයි කතා කරන්නේ නැත්තේරෑ”

ර්‍ණමාව කොළඹට මාරු කරලා උසස්වීමකුත් එක්කල මම හෙට ඉඳලා මෙහේ නැහැ”‍

ර්‍ණමම දැන් තනිවුණා මට කවුරුවත් නැහැ”

ප්‍රසන්න එක එල්ලේ රංජිනී දෙස බලා සිටියේ යග

ර්‍ණරංජිනීගේ අයියා දැන් ඉන්නේ අපේ කඳවුරේල එයාගේ ජීවිතයට මුකුත් වෙන්නේ නැහැග පුනරුත්ථාපනය වෙලා එයා ආපහු එයිග”

ර්‍ණඅම්මාගේ මිනිය බලන්න එයා එන වෙලාවේ සර්ලා අයියව ඇරෙස්ට් කළා නේදරෑ

ර්‍ණඔව් රංජිනීල ඒක අපේ රාජකාරියග”

ර්‍ණනැහැල මම සර්ලට වරදක් කියන්නේ නැහැග ඒක සර්ලාගේ රාජකාරිය බව මම දන්නවා”

ර්‍ණරංජිනී දැන් මොකද කරන්නේ”

ර්‍ණමම බඳින්න ඉන්න එක්කෙනා ඉන්නේ එංගලන්තෙග ලබන සතියේ එයා මාව එංගලන්තයට ගන්නවා කිව්වාග රංජිනී රට හැර යන බව පැවසූ විට ප්‍රසන්නට දැනුණේ දැඩි වේදනාවකිග

ර්‍ණඇයි එකම රටක ඉඳලා අපිට මෙහෙම වුණේ ඇයි සර්ල මම එංගලන්තේ ගියත් සර්ව අමතක කරන්නේ නැහැග මම හැමදාම දෙවියන්ට කියනවා සර්ව ආරක්ෂා කරලා දෙන්න කියලාග


Wmqgd .ekSu Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks weiqfrks
o