1 Views  
පාරමී
ගුරු පාරේ දූවිලි අවුස්සමින් දඩබඩ ගා ගෙන කරත්තය ඇදගෙන ආ ගොනාල ඇර තිබූ කඩුල්ලෙන් හැරී මැද ගෙදර මිදුලේල නතර වූයේයග එහි වැතිරී සිටින හාම්පුතාගේ සියලු දුක්ඛ දෝමනස්සයන් ගොනුගේ දෑස් තුළින් හඳුනාගත් ජයලතා ඉණට දෑත් ගසාගෙන දොරකඩට වී බලා සිටියා යග පුන්නක්කු බාල්දිය ගොනා ළඟට‍ කළ ජයලතා තම ස්වාමියා දැක ගස්සා ඉවත හැරුණා යග සත්ත්වයා ගැන උපන් කරුණාව ස්වාමියා දැකීමෙන් වෙනස් වියග‍

ජයලතා ආපසු මුළුතැන්ගේ දෙසට පිවිසියා යග බත් මුට්ටිය සුදු පෙණ දමමින් උතුරයිග ළිප තුළට වැටුණ පෙණ නිසා ගින්දර තිබෙයිග හනසු ආනෙන් හනස්සක් ඇදගත් ඕ ළිපට දමා ඇවි­ෙළන ගින්නට පණ පෙව්වා යග සැමියා වත්තන් කරගෙන ගින්නට පණ පෙව්වා යග සැමියා වත්තන් කරගෙන ගෙට ගෙන යාම ජයලතාගේ කාර්යභාරය වේග

ර්‍ණආවද ඕකාගගගරෑ අදත් දපල ඉන්නෙගගග සුරනිමලගේ මව එසේ කියමින් ලේලිය වෙතට හැරුණා යග

ර්‍ණඋඹටත් ලැජ්ජ තියෙන ගෑනියෙක් ද බංග සැමදාම මද්දහනේ පොල් පටවාගෙන කරත්තයෙන් යන සුරනිමල ගෙදර එන‍්නේ හොඳටම බීමත්ව හතර ගාතයෙනිග පුත්‍රයා රාජකුමාරයකු වී තමාගේ පැල්පත මාලිගාවක් කරන තුරු සාංඛෝ නෝනා බලා සිටියා යග රාජකුමාරයා තට්ටු කරත්තය තුළ දපා ඉන්නා හැටි ඇයට පෙනේග

ර්‍ණඅනේෟ අම්මේල ඔය පැත්තෙන් අල්ලල ගෙට ගත්ත නං” ජයලතා තම නැන්දණියට පින් සෙණ්ඩු වූවා යග

ර්‍ණඋඹට නං ලැජ්ජ නෑ බංග දවසක් ද දෙකක් දරෑ මේ සුමේල අන්න අර සුවාරිස්ටවත් කතා කරපන්ග මට ඕවට ඔට්ටු වෙන්න දැන් හයිය නෑ‍ග”

නැන්දණිය මුහුණ කොරහක් කරගෙන ආපසු හැරුණා යග

ර්‍ණජයලතා අක්කේල හිටපං‍ග මං එන්නම්ග

සුවාරිස් ගිනි මද්දහනේ ම සරම කැහැපට කවාගෙන කම්බි වැටෙන් පැන ආවේ කඩිනමින් යග ඔහු කරේ දමා තිබූ මේස් බැනියම ඔළුවෙන් රිංගවමින් කරත්තය ළඟට කිට්ටු කළේ යග

ර්‍ණඅම්මප මේ තිරිසන් සතා හිටිදාරනේ හිටගෙන ඉන්නවග මූට හිතක් පපුවක් නැද්ද මන්ද”

ර්‍ණනිලමෙ අයිය හොඳ මිනිහෙක් නැන්දෙල මේව පොවන අයටයි සහගහන්ඩ ඕනෑ”

සුවාරිස් දෙදෙනාගේ ම මුහුණ දෙස බලමින් කීවේ යග

සුරුස් ගාන පමාවෙන් සුවාරිස් ගොනා ලිහා හැරියේ යග දරාගත් බරින් නිදහස් වූ ගොනා දෙහි ගහ යට වූ පුන්නක්කු බාල්දිය වෙතට කිට්ටු කළේ යග

ර්‍ණජයලතෝල මෙහෙවරෙන් බං ගෑනියෙල තමා කැඳවන හැම වාරයකදීම ජයලතා දිව එන්නේ කීකරු දාසියකු මෙන් යග ඇයගේ තත්පරයක ප්‍රමාදයෙන් ගේ තුළ ඇති බි‍ඳෙන බඩුල පියාඹන පීරිසි බවට පත්වෙයිග

ර්‍ණමුන්දැට පොල්කටුවලට තමයි දෙන්ඩ ඕනෑග දැන් සේසත ම බිඳල ඉවරයිග”

අල්ලක් තරම් නැති පුංචි බිම් කොටසකට අසල් වැසි පුංචි බණ්ඩා සමඟග නිරතුරුවම දබරයට පැටලෙන සුරනිමල වෙරි මත උත්සන්න වූ විට මහා කල කෝලාහලයක් පාරේ යන එන අය මඳක් නැවතී මේ දර්ශනය නරඹතිග

දිරාගිය වැටක සිටුවූ ඉනි පෙළක් මෙන් අසල් වැසි ගැහැනු පිරිමි ඒ දෙස බලා සිටිතිග පාසලේ සිට ගෙදර පැමිණෙන සුනිමල් පියාගේ විලාසයෙන් බියපත්ව පොත් ටික මේසය මතට වීසිකර කෑමත් නොකා ගම්මානේ ළමයින් සමඟ සෙල්ලමට යයිග

ගෙවත්තේ එළවළුවත් පලාවත් වගා කර කීයක් හෝ අතට ගන්නා ජයලතා උදේට ඒ සියල්ලම සැමියාට පුදන්නීයග

ර්‍ණතව නැද්ද කීයක්වත්රෑ”

සුරනිමල දොරකඩ අවුරාගෙන සිටින්නේ කීයක් හෝ තවත් අත මිට මොළවන තුරු යග පොඩි එකාට බනිස් ගෙඩියක් අරන් දෙන්නටල එය ඇය ඉනේ ගැට ගසාගත් සොච්චම් කාසියකිග අල්මාරියේ මුල්ලක චීත්ත පටවල් අතර ද ඇගේ කාසි එක් රැස් වී ඇතග

ර්‍ණහැම තිස්සෙම ඤං පචං ගාන එකමයි වැඩේග ඊයෙ ලූල් මාළු වැලටත් වියදං උණා”

ර්‍ණලූල් මාළුගගගරෑ ඒව සන්කිරිස්තියන් බාස් නිකං දුන්න කියල නේද කිව්වෙ ජයලතා මොර දුන්නා යග ඇය ද අරින්නේ නැතග

අල්මාරියේ මුල්ලක පරණ දිරාගිය රෙදි අතරේ සැඟවුණ කැටය අතට ගත් ඔහු එය සිමෙන්ති පොළොවේ අත ඇරියේ දේවාලේ ගලක් මත පොල් ගෙඩිය ගසන්නා මෙනිග කැටයේ සිර වී තිබූ හතර අතට නිදහස ලබා පෙරළී ගියේ නිලමේගේ මුව පුරා වූ කෝපය දෙගුණ තෙගුණ කරවමිනිග

ර්‍ණඅහවල් එකකට රෙද්ද අස්සෙ ගහගෙන ඉන්නවද මන්දග මං දරු පැටවුන්ට කන්ඩ හම්බ කරල දෙන්නෙ නෑ කියල හිතුවදරෑ”

මේ සියල්ල අසා නිහඬව බලා සිටිනුයේ ජයලතාගේ නැන්දණිය යිග

ර්‍ණමේවට අම්මලත් වග කියන්න ඕනෑග අම්මල හරියට දරුවො හැදුව නං මෙහෙම වෙන්නෙ නෑ”

ඇඟට පතට නොදැනී ජයලතා පවසද්දී සාංචෝ එය කාගෙන ඉවසා සිටියා යග

සතියේ සෑම දිනකම උදය වරුවේ නිලමේ නිවසට එන්නේ ගොනාට කෑ ගසමින් පදමට වෙරි වී ගෙන යග ළිපේ වෑංජන තවම ඉදෙයි‍ග කරවල හොද්ද නම් ළිපෙන් බෑවා විතරයිග සුරනිමල බැන බැන අවුත් මුළුතැන් ගෙය දොරකඩ අවුරා සිට ගත්තේ යග

ර්‍ණතව ‍ඩිංගයි”

ජයලතා හෙමින් පැවසුවා යග

ර්‍ණඔය තියෙන්නෙ”

සුරනිමල කරවල ඇතිළිය ඔසවා ඇගේ හිසට වත් කරද්දී ජයලතා අහකට පැන්නා යග ඒ සැෙණන් කතා නායකයා දරගොඩට යට වී තිබූ මන්නය ද රැගෙන මිදුලට බැස්සේ යග නිවෙස්වලින් ඉදෙන වෑංජන සුළඟට එක්වෙයිග පියසි අගින් දුම් ඉහළ නගියිග උයන පිහන වේලාව ළං වී තිබුණ ද ඒවා අමතක කර දමා ගැහැනු වැට ළඟට වී බලා සිටිතිග

ඒ සමඟම ගුරු පාරේ දූවිලි නංවමින් ආ ජිප් රථය එක්වරම බ්‍රේක් පාරක් ගසා නතර කළේ යග ජයලතාගේ සිත සන්ත්‍රාසයෙන් ඇලළී ගියේ යග බීගත් සැමියා පිහිය වනමින් දබරයට ගොස් ඇතග ඔහුව අල්වාගෙන ජීප් ‍එකේ දමාගෙන ගියොත් පොලිස් කූඩුවට දමනු ඇතග

පොලීසියේ රාළහාමි ජීප් රථයෙන් ඉදිරියට එයිග තරබාරු දේහයෙන් යුත් ඔහුගේ දරදඬු පෙනුම ඇගේ බිය සැක දෙගුණ තෙගුණ කරවීයග මහලු මාතාව ගැහෙන හදවතින් යුතුව පපුවට අත තබා ගත්තා යග සුරනිමලගේ අතේ වූ පිහිය ලෙස්සා ගොස් බිමට වැටුණේ ඉබේම යග ලිහිල් වී බිම වැටෙන්නට ගිය සරම එක් අතකින් ද වැටේ වූ එඬරු අත්ත අනිත් අතින් ද අල්ලා ගත් නිමල උමතු සිනාවකින් තමා ඉදිරියට එන පොලිස් භටයාට සංග්‍රහ කළේ යග

ර්‍ණරාළහාමිගගග රාළහාමි”

හෙතෙම මෝඩ සිනාරැල්ලක් දෙතොලට නැංවූයේ යග

ර්‍ණඅනේෟ රාළහාමිල ජයලතා දෝත එක්කර ඔහුට වැන්දා යග

ර්‍ණසුරනිමලල ‍අපි ආවේ බේත් බඩුවක් හොයාගන්න”

ර්‍ණමේගගග නීරමුල්ලිය ටිකක්ගගග”

රාළහාමි සුරනිමල හා බෙහෙවින් කුළුපගව සිටියේ බොහෝ ඈතක සිට යග පොලීසියේ නිලධාරි මහතුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කර දීමට හෙතෙම නිතරම සැදී පැහැදී සිටියේ යග අදත් පොලීසියේ රාළහාමිලා දැක දැක ද සුරනිමලට ඒ තරම් තැති ගැන්මක් ඇති නොවූයේ සබැඳියාව නිසා ම බව අහල පහළ අය ද දැන සිටියෝ යග

ර්‍ණආෟ යමු යමු”

නිලමේ ජීප් රථයට ගොඩ වැදුණේ බිය සැකයකින් තොරවයල හැමෝ ම මේ දර්ශනයෙන් බියට පත්වූයේ සුරනිමලව ජීප් රථයෙන් කැඳවාගෙන ගියේ කූඩුවට දැමීමට යයි සිතූ නිසා යග

ර්‍ණඒත් ඔය මිනිහට දෙකක් ඇනල කූඩුවෙ දැම්ම නං තමයි හොඳගගග”

ජයලතාගේ යටි සිතට නැඟුණ ද ඒ සැනෙන් තම සැමියා පිළිබඳ අනුකම්පාව ද ලියලා වැඩෙයිග

දිනෙන් දිනම ජරාවාස වී යන මේ මහ ගෙදරට සුරනිමලගේ සහෝදරියන් ද වැඩිපුර නොඑ‍න්නේ ඔහුගේ බේබදුකම නිසා බව ජයලතා දැන සිටියා යග

මධ්‍යම රාත්‍රිය පසු වුව ද නිලමේ ආපසු නො ආවේ යග බල්ලන්ගේ උඩු බිරුම් හඬ ගංගොඩ දෙසින් ඇසේග ඔත්පලව සිටින මහලු පියාගේ කෙඳිරිලි හඬ දල රාත්‍රි කාලයේ නිහැඬියාව මැද සවන් වැකෙයිග

එක්වරම ඇසුණ රිය හඬින් නිවැසියෝ ඒ දෙසට සවන් යොමු කළහග අඳුර අතරින් ගෙය දෙසට පියමන් කළේ තම සැමියා බව ජයලතා වහා අඳුනා ගත්තා යග පොඩි එව්වෝ නොකා නොබී නින්දට වැටී සිටියහග රාත්‍රි කාලයේ වැස්ස නො අඩුව ම ලැබිණිග දිරා ගිය පොල් අතු ගෙබිමට වැටෙන දිය පාර දෝරේ ගලා යමින් තිබිණග

සුරනිමලගේ එක් අතක විස්කිරිඤ්ඤා පොදියකි‍ග

ර්‍ණපුතේල පුතේල නැගිටල කාහල්ල” හේ නිදා සිටි දරුවන් අවදි කරවයිග

ර්‍ණඋන් හාමතේ නිදි”

ජයලතා මුවින් නොබැන කෝපයෙන් පසුවන විට සාංචෝ පුත්‍රයා දෙස නොමනාපයෙන් බලමින් පිළිතුරු දුන්නා යග

ර්‍ණඅනේ සාදුල එවන්නෙ නැතුව ටික දොහකට කූඩුවෙ තියාගත්ත නං තමයි හොඳ”

ජයලතාට සැමියා සමඟ එකටෙ’ක කීමට මෙසේ දිරියක් ලැබුණේ දරුවන් කෑම නොකා නිදාගත් නිසා යග

ර්‍ණමං හිටියෙ කූඩුවෙ කියල හිතුවදරෑ” පොලිසියෙ ලොකු මහත්තයගෙ ගමනක එක්කං ගියාගගග”

සුරනිමල වචන පෙළ ගස්වන්නේ කුඩා දරුවකු මෙන් යග

ර්‍ණපොඩි උන්ටත් මොනවහරි අරන් යන්න කියල දුන්න”

ර්‍ණඅනේ වැඩ රාජකාරිවලට අරන් යන්ඩම මිනිහග පොලීසියෙ මහත්තුරුන්ගෙ මොළේ හොඳ නැතුව ද කොහෙදරෑ”

අනේෟ මේ ගෑනියෙ කට වහගෙන හිටහංග මං ගැන නොදන්න කිසි කෙනෙක් මේ ගම් තුලානෙ නෑග මේකෙ සමහර එවුන් මං ගැන දන්නෙ නෑග

රෝගී වූ පියාගේ කැස්ස බලවත්ව නැගී එයිග දොට්ට පිලට පවා යා ගත නොහැකිව එක තැන පසුවන පියාගේ බර ඉසිලිය යුත්තේ සුරනිමල විසින් යග එහෙත් සාත්තු සප්පායම් අඩුවක් නොකර ඔහුව රැක බලා ගැනීමට නැන්දණිය ද ජයලතා ද පොහොසත් වූහග සුරනිමල දොරකඩ හිටගෙන දොර රෙද්ද මෑත් කර පියාගේ ඇඳ දෙසට දෙනෙත් හෙළුවේ යග

ර්‍ණමොකද දොරකඩ හිටගෙන දොර රෙද්ද මෑත් කර පියාගේ ඇඳ දෙසට දෙනෙත් හෙළුවේ යග

ර්‍ණමොකද දොරකඩ හිටගෙන දොර රෙද්ද අස්සෙන් බලන්නෙ නිලි අහුවෙනවද තාත්තගෙ කාමරේට ගිහින් සාත්තු සප්පායමක් කළොත්ග‍ගගරෑ

පියාගේ දිරාපත් සිරුර හැමදාම දුටුවත් වෙනස් නොවෙයිග අඩියක් පෙරට තබා හෙමින් හෙමින් පියා වෙතට පියවර තැබූ සුරනිමල පියාගේ කට දෙකෙළවරින් බේරෙන කෙළ තලිය පිස දැමුවේ යග ඔහුට පියාගේ පාලන සමය සිහියට නගෙයිග උදේට කෝටුවක් ද අතැ’තිව තමා පසු පසින් පැමිණෙන පියා ආපසු හැරී යත්ම පොත් ටික පින් ළිඳ ළඟ තබා දංගොල්ලේ සෙල්ලමට වැටුණ හැටි ඔහුට මතක් වෙයිග ජිනේල සෝමෙ ආදීහු එතැනට රැස්වෙතිග යළිත් ඔවුන් ආපසු යන්නේ පාසල ඇරෙන වේලාවට යග රුක්අත්තන ගහ පියමන් කර යනවිට වැවට උඩින් ඇති දේවාලය පෙනේග උදේ පාන්දර වැවේ නිසල දියට ගල් කැටයක් දමා විසිරී යන දිය රැල්ල දකින විට කොලු රංචුවේ සිත් සසල වෙයිග ඔවුහු දේවාලය ළඟින් යන පාර දිගේ ගොස් සොරොව්ව අසලදී නතර වෙතිග නුග ගස්වල වැල් ගස් වටා එතී ඇත්තේ දරන ගසා ගත් නාගයන් පරිද්දෙනිග පොත් ටික රබර් පටියෙන් සිරකර ‍තබන ඔවුහු ඒ වැල්වල එල්ලී දියට පනිතිග ‍මද්දහනේ දේවාලය වටා වූ ගල්පොත්ත අවට ඇති පොල් කෑලි උලා කමින් දිවා කාලය ගෙවා දමතිග ගල්ලෑලිවල ලියන ලද දෙයක් සොයා බලන්නට කිසිෙවක් නැතග

‍අතීත සිදුවීම් සිතුවම් පටක් සේ ඔහු ඉදිරියේ දිග ඇරී යන්නට වියග දර ඉපලක් සේ කර්කශ වූ දුබල සිරුරෙන් යුත් පියා වැල් කැඩුණ ඇ‍ඳේ සැතපී සිටියිග පළාතම දෙදරා යන වෙරි මතේ හයියට පියාගේ දෙනෙත් විවර වී හෘදය ස්පන්දනය වැඩි වෙයිග කඳුළු දහරාවත් කුහර පෑදුණ ඇස් වටය දිගේ බේරී අවුත් හිස තබා ඇති කොට්ටය තෙමී යයිග

පසුගිය දින කිහිපය පුරාම නොකඩවා ඇද හැලුණ ධාරානිපාත වර්ෂාව නිසා කරත්තය මඩුවේ අලසව ඇතග සුරනිමල ‍ඉස්තෝප්පු කුලුනට පිට දී බර කල්පනාවක නිමග්න වී සිටියිග

ර්‍ණමොකද උදේ පාන්දරම බුදු වෙන්ඩ ද පෙරුම් පුරන්නෙරෑ දැන් ඉතින් අකුලගෙන ඉන්න ඕනෑග හම්බ කරපු තුට්ටු‍ දෙක ගුබ්බෑයමට පූජා කළාගගග”

සුරනිමල සැනෙකින් අතුරුදන් වූවා සේ යග

‍”අම්මේල මේ මනුස්සය කොහාටද ගියේරෑ”

අන්න පැදුරු ආනෙ සල්ලි වගයක් එවල තිබුණාග”

පියාගේ ඇප උපස්ථානවලටය කියා වරින් වර දියණියෝ මුදල් එවතිග එහෙත් ඔවුහු නිවසට ගොඩ නොවදිතිග ඔවුන් පිට පාරෙන් ම මුදල් දී ආපසු යන්නේ සුරනිමලගේ චරියාව දකිනු නොරිසි වූ නිසා බව මව දන්නී යග

ර්‍ණඅනේ එයාලගෙ සල්ලිගගගගරෑ අල්ලල වීසි කරන්නෙ නැතුව මොනවට ද පැදුරු ආනෙ ගැහුවෙගගග” අපි නැති බැරි කමට හිටියට උන්දෑව හාමතේ තියල නෑග”

ජයලතා නැන්දණියට ඇසෙන්නට පැවසුවා යග සුරනිමල වත්තේ තිබූ පුවක් ගෙඩි කිහිපය අහුලා ගෙන කඩ මණ්ඩිය දෙසට ඇදෙන අයුරු සංචෝ දුටුවා යග යළි ආපසු පැමිණි සුරනිමල පියා දෙස බලා සිටියේ යග මේ හුස්ම පොද ඉදිරි දිනයක හිටි හැටියේ නතර වනු ඇතග තාත්තාට මේ හුස්ම පොද නිදහසේ හෙළන්නට ඉඩ නොදුන් වසවර්තියා තමා යැයි මිනිසුන් පවසනු ඇතග මව ද පුතා ද පියා දෙස බලා සිටියහග හුස්ම ඉහළ පහළ හෙළනවා දැයි ඔවුනට නොදැනිණග

එය නම් අපූරු නිදහස් වීමකිග සාංචෝ එය දුටුවා යග දෙදෙනා අතරින් එකකුවත් උඹ නො දකින් කියාගෙන නැතග රෑ දෙගොඩහරි ජාමේ අවදි වී බුලත් විට කොටා බෙදා දෙදෙනාම බුලත් හපය ඒ හක්කෙන් මේ හක්කට රෝල් කරමින් කතා බහේ යෙදෙතිග කලින් අවදි වූ තැනැත්තා උදෑසන කහට තේ හකුරු සමඟ ගෙන’වුත් අනිකා අවදි කරවයිග

සියල්ල උපේක්ෂාවෙන් විඳ දරා ගැනීමට සාංචෝ උත්සාහ කළා යග සුරනිමල තුෂ්ණිම්භූතව මරණ මංචකය වෙතට දෙනෙත් යොමු කළේ යග

කාලය ගතවන්නට බොහෝ ඉඩකඩ ලබා දී තිබුණිග වැහිවලාවක් කඩා පාත් වූවා සේ වැඩුමලී බණ්ඩාර මැණිකේ හඬා ගෙන එහි පැමිණියායග ඈ කෙළින් ම දිව්වේ පියා ළඟට යග

ර්‍ණතාත්තේල අපිව දාල ගියා ද තාත්තේල දැන්වත් සැනසීමෙන් ඉන්නවද තාත්තේ”

මුළු ගමම දෙවනත් කරමින් ඇගේ විලාප හඬ නැඟී එයිග කිසියම් ආවේගයකින් මෙන් ඇය මොර දෙයිග හැමෝම ගල් ගැසී බලා සිටිතිග

දඬු කඳන් වන් හස්තයකින් ඇගේ බාහුව අල්ලා ගත් වග බණ්ඩාර මැණිකේට දැනිණිග

ර්‍ණනවත්ත ගනින් උඹගෙ ඔය ගෝරනාඩුවග උඹල පැත්ත පළාතක ආවදග දැන් මෙතන බොරුවට බෙරිහන් දෙන්නේ බේබද්ද උණත් උඹලගෙ මලයණ්ඩි තමයි කැත කුණු අත ගාල සාත්තු සප්පායම් කෙරුවෙ”

ර්‍ණඌට බුදු බවම අත්වෙන්ඩ ඕනෑ”

ප්‍රාතිහාර්යයක් සිදුවූ කලෙක මෙන් දියණිය මව දෙස බලා සිටියා යග හඬමින් විලාප කියමින් තැවෙන්නේ තමා පමණක් බව ඇයට වැටහී ගොස් තිබිණග

හැමෝම වැඩවල නිරතව සිටිතිග පාර දෙපස ශුද්ධ පවිත්‍ර කිරීමේ මූලිකත්වය ගෙන කටයුතු කරන්නේ ද සුරනිමල යග

ර්‍ණසුරනිමල උන්නැහෙ තව මොනවද කෙරෙන්න ඕනෑ”

හැමෝම ඔහුගෙන් උපදෙස් අසතිග සුරනිමල ඩාබිඳු අතින් පිස දමන අයුරු බණ්ඩාර මැණිකේ දුටුවා යග ඈ මඳ වේලාවක් ඒ දෙස බලා සිට සිය පියාගේ ඉහ ඉද්දරින් දැල්වෙන පොල් තෙල් පහනට තෙල් වත්කර පහන් සිළුව දැල්වූවා යග





Wmqgd .ekSu Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks weiqfrks
o