1 Views  
පිඹුරු පැටියා
කඳ මැදට වැදුණු පොලු පහරින් කොඳු නාරටිය බිඳී ගිය පිඹුරු පැටියා වේදනාවෙන් මඳක් හිස ඔසවන විට වටේ සිටි පිරිසෙන් හඬක් නැඟුණිග

ර්‍ණගහපං ඔළුවටමග පනින්නයි හදන්නෙල ගැට පොළඟ”

හිසට වැදුණු ඊළඟ පහරින් පිඹුරු පැටියාගේ එක් ඇසක් චුරු පැන්නේයග ජානමය ශක්තියෙන් ලබාගත් උරුමයෙන් වේදනාව ඉවසීමේ ශක්තියක් තිබුණත් වේදනාවෙන් ඌ හිස බිමට තබා ගත්තේයග උගේ විවර වූ ඇසින් වටේ රැස්ව සිටි පිරිස දෙස බැලීම පවා බියකරු වියග

දුරුත්තේ හීතලත් සමඟ ක්‍රමයෙන් උණුසුම් වන කාලගුණයක් සහිත එසේම ඒකතානමය ලෙස ගෙවී යෑමට තිබූ වෙන්දේසි වත්තේ දිවා කල ජීවිතය මෙම ගැට පොළඟා නිසා වෙනස්වීම පිළිබඳව උද්‍යෝගිමත් විස්මයක් හැම දෙනාම සතු වියග

ඇතැම් කාන්තාවෝ රාත්‍රියේ බලා යළි උදේ කාලයේත් බලන්නට සිටි දුක්මුසු සහ ප්‍රීතිමත් අඹුසැමි ප්‍රේමයකින් යුක්ත ටෙලි නාට්‍යයන් අමතක කර දමා සිටියහග සැබවින්ම ගෙහිමි කාන්තාවන් ඔවුනොවුන් පිළිබඳ තොරතුරු දූසමානව දැන සිටියත් එකිනෙකා හමුවීමේ භාග්‍යය පිඹුරු පැටිය ලබා දී තිබිණිග

ගැට පොළඟා යනුවෙන් පිඹුරු පැටියා වරදවා වටහා ගෙන සිටි සර්ප දඩයක්කරුවා හතළිස් හැවිරිදි මුඩු හිස් ඇති මහත දෙහෙත එසේම වේගයෙන් තරුණ විය ඉක්මවා යමින් සිටි අයෙකිග රැකියාවේ රාත්‍රී සේවා මුරය අවසන් කර පැමිණ නිදා ගැනීමට පෙර අත්තිවාරම පමණකින් යුතු ඉදිරිපස ඇවිදිද්දී මල් ගාලකට ඇදී යන පිඹුරු පැටියා ඔහු දුටුවේයග ඒ විගස ම ඔහු පිඹුරු පැටියා ගැට පොළඟා සේ වරදවා වටහා ගත්තේයග සමීපව තිබූ ගෙවල් දෙක තුනකට කෑ ගැසූ ඔහු පොල්ලක් ගෙන උගේ පිටකොන්ද කඩා දැමීයග

පිරිස වේගයෙන් විස්සක් පමණ රැස්වියග යතුරුපැදි දෙකක් ද ත්‍රීවිලරයක් ද පැමිණ තිබිණිග මෙහිදී බොහෝ දෙනෙක් ගැටපොළඟුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව තම අත්දැකීම් ඉදිරිපත් කරන්නට වූහග සමීප පොළවල් දෙකක වට්ටක්කා විකුණන මැදි වයස් වෙළෙන්දා තම සර්ප විශේෂඥ දැනීම ඉදිරිපත් කළේ මෙසේ යග

ර්‍ණනයාටත් වැඩිය ගැට පොළඟා විෂයිග අපේ මාමා කෙනෙක් ගැට පොළොගෙක් දෂ්ට කරල ජීවත් වුණේ පැය තුනයිග මළේ ගැට ගැහිල උණ්ඩි වෙලාග”

පිරිසේ සිටි තරුණ මවක තම හය මස් හැවිරිදි බිලිඳිය වඩාගෙන විස්මයෙන් මේ කතාව අසා සිටියායග මේ සිදුවන අලකලංචිය පිළිබඳව හාංකවිස්සියක් නොදන්නා බිළිඳිය හඬන්නට වූ පසු මව කාරණය පැහැදිලි කර දුන්නායග

ර්‍ණගැට පොළඟ හප්පාග බබා කෑ ගහන්න එපාග ඌ පනීවිග”

ළඟ සිටි මැදි වයස ඉක්මවූ ගැහැනියක දරුවා ඔසවා ගැට පොළඟා පෙන්වීයග උඩට එසවුණු බිලිඳිය සන්සුන් වූවායග

සර්ප දඩයක්කරුවා මේ මොහොතේ වෙන්දේසි වත්තේ සියලු නිවැසියන්ගේ ගෞරව ප්‍රණාමයට පාත්‍ර වී තිබිණිග ඔහු මෙයට පෙර ද සර්පයන් අල්වා බෝතල්වල දමා ළඟ කැලෑවලට ගෙන ගොස් දමා ඇති බවට කීප දෙනෙක් කතා වූහග

සුළඟ සහිත උණුසුම් කාලගුණය හැම තැනම පැතිරී තිබිණිග කලින් රබර් හේඩාවක් වූ ඉඩම මුළුමනින් ම මුඩු කර එනම් සංවර්ධනය කර විකුණා තිබූ නිසා තවමත් බඩ් අඹ ගහක් රඹුටන් ගහක් හැරෙන්නට ගහකොළ වැඩී නොතිබිණිග නිවෙස් මුළුමනින්ම ඉදිවී තිබුණේ කීපයක් පමණිග බොහො­් නිවෙස්වල අත්තිවාරම මත නිමකර තිබුණේ කාමර දෙකක් පමණිග

ර්‍ණහැම තැනම මුගටියො ඉන්න හින්ද නයිනං නැතිව ඇතිග” එක් ගැහැනියක කීවේ සති අන්තයේ තමන් බලන ටෙලි නාට්‍යයක් සිහිපත් කරමින්යග

ර්‍ණනැත්තෙ මොකදරෑ දවල්ට වෙලේ කළු හැපින්නක් අව්ව තැප තැපා ඉන්නවලුග”

පිඹුරු පැටියා මේ මොහොතේ සිහිපත් කළේ තම මව සහ වැඩිමල් සහෝදරයා පිළිබඳවයග අම්මා තම දරු දෙදෙනා සමඟ දිවා කල ගත කළේ බොරු පන් යායේයග ඇය ගම්මානයට ගියේ රාත්‍රී කාලයේයග බොරුපන් යායේ තිබූ සීතලෙන් මිදී වෙන්දේසි වත්තේ ගෙවල් පිටුපසින් බෙහෙවින් සැඟව දරු දෙදෙනා සමඟ ඇය හෙමිහිට ඇදී ගියායග

අයියා අම්මාගේ හෙවණට පැවැත්මට කීකරු වුවත් තමා හිතුවක්කාර වියග මේ ඒ අකීකරු වීමේ ප්‍රතිඵලයයිග බොහෝ නිවෙස්වල බොහෝ දෙනකු රැකියාවට ගොස් ඇති නිසා අමුතු නිදහසක් භුක්ති විඳිමින් වැසූ දොරවල් සහිත මිදුල් උඩින් ඌ ඇදී ගියේයග එහෙත් අවාසනාවට සර්ප දඩයක්කාරයාගේ උකුසු ඇසට පිඹුරු පැටියා හසු වියග

හිරු එළිය දැඩි වුවත් තමන් සිටින ඉරියව්වෙන්ම සිටිය යුතු යැයි පිඹුරු පැටියා සිතුවේයග තමන් කිසියම් සසල වීමක් සිදු කළහොත් ඉතිරි ඇස ද චුරු පැනීම ඒකාන්තයග

ර්‍ණමං හිතන්නෙ මැරිලග” කවුදෝ කීවේයග

ර්‍ණබලමුල ගැට පොළඟගෙ පණ හයියයිග” දඩයක්කරුවා කීවේයග

මේ අතර පාර අයිනේ පෝච්චි මඩුවේ සේවකයන් හතර දෙනා තමන්ගේ සියලු දෛනික වැඩ අත්හැර දමා ගැට පොළඟා නැරැඹීමට පැමිණ තිබිණිග පෝච්චි මිලදී ගැනීමට පැමිණි තරුණ යුවළක් ද ඒ සමඟ වියග

ර්‍ණඑදා අපි නාච්චිමලේ ගිය දවසෙ හොටෙල් එකේ ස්විමිං ෆූල් එක ගාවදි සිකියුරටි මරල දැම්මේ මේ වගේ එකෙක් නේද රවිග” තම ස්වාමියාගේ අතේ එල්ලී සිටි හිසකෙස් මඳක් තඹ පැහැ ගැන්වුණු තරුණ බිරිය ඇසුවායග

ර්‍ණනෑග ඌ මෙයිට වඩා හීන්ග මූ සැපට හැදිච්චි එකෙක්ග”

විශාල කොට කලිසමක් ඇඳ සිටි තට්ට හිසක් සහිත ස්වාමියා සිටියේ වාහනේ යතුර දකුණතේ දබර ඇඟිල්ලේ රඳවා කරකවමින්යග

මේ අතර පෝච්චි මඩුවේ සිට පැමිණි එක් තරුණයෙකු දිග රිටක් ගෙන ගැට පොළඟා හරවා මහ හඬින් මෙසේ කීවේයග

ර්‍ණඅපරාදෙ මේ පිඹුරු පැටියෙක්ග”

ර්‍ණනෑ මේ පුල්ලිල වළිගෙල ඔළුවල ගැට පොළඟමයිග” සර්ප දඩයක්කරුවා ඉක්මනින් පිළිතුරු දුන්නේයග

ර්‍ණකෝ විෂ දළරෑ පිඹුරු පැටියාගේ කට රිටෙන් විවර කරමින් තරුණයා කීවේයග

ර්‍ණගහපු පාරට විෂ දළ කැඩිලග” දඩයක්කාරයා සිටියේ ස්ථිර නිගමනයේයග

මේ අතර දඩයක්කාරයාගේ තරුණ බිරිය ගෙදරට දුව ගොස් පින්තූර කොළයක් රැගෙන ආවායග

ර්‍ණමේ ඉන්නෙ ගැට පොළඟම තමයිග” එහෙත් පින්තූරයේ සර්පයා හඳුන්වා දී තිබුණු නම් කොටස ඇගේ පිරිමි දරුවන් තුන්දෙනාගෙන් එක් අයෙකු රොකට් තැනීම සඳහා කඩාගෙන තිබිණිග

ර්‍ණඅපරාදෙ පිඹුරු පැටියාග හරිනම් උන් මරණ එක නීතියෙන් තහනම්ග”

පෝච්චි මඩුවේ සේවකයා තම සගයන් පිරිවරා ආපසු ගියේ තම ප්‍රකාශයට පිළිතුරක් බලාපොරොත්තු නොවෙමින්යග

විශ්වාසය බිඳ වැටුණු බොහෝ දෙනා හෙමිහිට යන්නට වූහග කෙසේ වුව ද තමාට යළි ප්‍රකෘතියෙන් තම මව සොයා බොරු පන්්ගාලට යා නොහැකි බව පිඹුරු පැටියා වටහා ගත්තේයග තමාගේ චුරු පැන්න ඇසත් බිඳුණු පිටකොන්දත් දුටු විට අම්මා බොහෝ ශෝක වනු ඇතග

ර්‍ණවළ දානව දරෑ පුච්චනව දරෑ” ඉතිරි වී සිටි පොළේ යන සර්ප විශේෂඥයා ඇසුවේයග

ර්‍ණවළ දානවග”

අවසානයට ඉතිරි වූයේ දඩයක්කරුවාත්ල බිරියත් දරුවන් තිදෙනාත් පමණිග

ර්‍ණඇත්තටම මේ පිඹුරු පැටියෙක් දරෑ” දඩයක්කරුවාගේ බිරිය ඇසුවායග

ර්‍ණගැට පොළඟග ඒ පඟරනැට්ටො දන්න මළහත්තිලව්වක් නෑග”

දඩයක්කරුවා අඩියක හමාරක වළක් කැපුවේයග අනතුරුව කඳ මැදින් රිටක් දමා ඔසවා ගෙනගිය පිඹුරු පැටියා වළ තුළට දැමුවේයග

අලුතින් පස් ගොඩ දැමූ වළ ඇතුළ සීතලයග ඒ අම්මා සමඟ සිටි බොරුපන් යායේ සීතලයග අම්මා සමඟම දැවටෙමින් සිටි තම සහෝදරයාත් තේජවන්ත සිරුරකින් යුතු එහෙත් කාරුණික තම මවත් සිහිපත් වීමෙන් පිඹුරු පැටියාගේ යහපත් ඇසට කඳුළු නැඟිණග

රතු දුඹුරු පස් සහිත බිත්ති කඳුළින් බොඳ වූ ඇසින් දකිමින් සිටි පිඹුරු පැටියා මතට දඩයක්කරුවා ගොඩ දැමූ පස් තල්ලු කළේයග එක්වරම ඌ දුටුවේ අඳුරේ ආලෝක රේඛාවකිග අනතුරුව ක්‍රමයෙන් එය අතුරුදන් වී ඝනැති තද අඳුරකින් සියල්ල වැසී ගියේයග



Wmqgd .ekSu Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks weiqfrks
o