1 Views  
හිරු නොදුටු රංගනය
සිගරට් දුමාරයෙන් කැකෑරෙන අවන්හල කෙළවරේ අඳුරු මුල්ලකට වී මධුවිත තොලගාන සාලියගේ මනස් කවුළු සිය බිරිය කුසුම්ගේ හඬින් විවර වියග  ර්‍ණඔයාට පිස්සු දරෑ මම එනකොට අරගෙන ආව රත්තරං බඩු උකස් කරල නාට්‍යයක් නිෂ්පාදනය කරන්න ඉල්ලන්නේරෑ”

 ර්‍ණඔයා කල්පනා කරන්නග මට හොඳට විශ්වාසයක් තියෙනවාල මේ පිටපත නිෂ්පාදනය කළොත් හොඳ ප්‍රතිචාරයක් ලැබේවි කියලාග මට ඕනේ මේ ප්‍රපාතයෙන් වේදිකාව ගොඩ අරගෙන උඩුගං බලා පීනන්නග”

 ර්‍ණඔයා උඩුගං බලා පීනන්න හදන්නේ ළමයිනුයිල මාවයි බඩගින්නේ තියල දරෑ ඔන්න ඔය වැඩක් බලාගෙන තියෙන හකුර රැකගන්නග”

සාලිය සිරිවර්ධනගේ නාට්‍ය පිටපත කියවූ බොහෝ මිතුරන් හා මහාචාර්යවරුන් කීවේ එය මහඟු කෘතියක් බවයිග සාලිය දිවා රෑ නෙත් සඟළ රිදවා එළිදැක්වූ සිය කුලුඳුල් නාට්‍ය පිටපතින් ලුහුබඳින්නේල ඔහු වසර පනස් හතක් පමණ කාලයක් මුළුල්ලේ පොතපතින් හා වේදිකාවෙන් උකහාල මිරිකාගත් අත්දැකීම් යග නාට්‍ය නිපැයීමට දායකත්වයක් ලබා ගැනීමට කිහිප දෙනෙකු ම හඹා ගොස්ල අවසානයේ අවන්හලේ අඳුරු මුල්ලකට වී සුසුම්ලන සාලියල වරෙක මන්දෝත්සාහී චෛතසිකයක වහලකු වියල වරෙක ස්වාමියකු වියග එනමුත්ල කවර නම් භවතකු හෝ මෙම කුලුඳුල් නාට්‍යය එළිදැක්වීමට අනුග්‍රහ දක්වාවි දැයි යන පැනයට පිළිතුරක සේයාවක්වත්ල මධුවිත හෝ කල්පනා සයුර බිඳුවකින් හෝ දායක නොවීම ගැන ඔහු තමාට ම දොස් නඟා ගත්තේයග

මධුවිතේ අන්තිම බින්දුව තොලගෑ සාලියල දල්වාගත් දුම්වැටිය අතැති ව අවන්හලින් පිට වියග ඔහු නාරාහේන්පිට හන්දිය දක්වා ගමන් කොටල මරදාන දෙසට යන බසයකට ගොඩනැඟුණේ සේදවත්තට යාමට යග බසයෙන් බැස ඔහු මෝටර් රථ අමතර කොටස් අලෙවි කරන සාප්පු පේළිය දිසාවට ඇදුණේයග තම මිතුරකු විසින් දානපතියකු ලෙස හඳුන්වා දෙනු ලැබූ සාප්පු හිමියාගේ නම සිය මතකයට නඟා ගත්තේයග

ගරුසරු බවක් සිය ගතට ගත් සාලිය සිනහවකින් මුව සරසා ගත්තේයග  ර්‍ණමොකද මහත්තයාල නාට්‍යයක සුවනියර් එකක් දරෑ අපෝ මහත්තයාල මේ අවුරුද්දේ බජට් එක ඉවරයිග ඇඩ්ස් නම් මතක් කරන්න එපා”

 ර්‍ණනැහැ මහත්තයාල ඇඩ් එකකට නොවෙයිග මේ නාට්‍ය පිටපත මං ලීවේග බොහෝ දෙනෙක් ඉතා හොඳ නාට්‍යයක් කියලා රෙකමදාරු කරලා තිබෙනවාග මට ඕන කරනවා මේක නිෂ්පාදනය කරන්න අර්ථපතියෙක්ග”

 ර්‍ණකෝටිපතියෙක්රෑ අනේ මහත්තයාල කෝටිපතියෙකු තියා මං තාම දහස්පතියෙක්වත් නෙවෙයිග මේ අනූනවය සියය කර ගන්න බැරිව ළතවෙනවාග මං කියන්න දරෑ අර ඉස්සරහ ටයර් සාප්පුවට ගිහිල්ල අහන්නග”

 ර්‍ණඅනේ මහත්තයෝ මේකට බාගයකින්වත් දායක වෙන්නග”

 ර්‍ණමං මහත්තයෝ පන්සලේ නම් දායකයෙක්ග බොරු නම් ගිහිල්ලා බිම්බාරාමේ ලොකු හාමුදුරුවන්ගෙන් අහන්නග ඒ ඇරෙන්න මං දායක වෙන්න කැමති නැහැග”

සාලිය ඉදිරියට ඇදුණේයග පාර හරහා ගමන් කොට ටයර් සාප්පුවට ගොඩ වැදුණේයග  ර්‍ණමේගගග මේගගග සාප්පුවේ අධිපති මහත්තය ද අර කාමරේ ඉන්නේරෑ”

 ර්‍ණකියන්නකොල මහත්තයාට ඕනේ ටවුන්එස් බඩු දරෑ එයිඑස් බදු දරෑ ලයිට්එස් දරෑ අපි තමයි බඩු විකුණන්නේග”

 ර්‍ණනැහැල නැහැල මට මේ සාප්පුවේ අයිතිකාර මහත්තයාට කතා කරන්න ඕනෑ පොඩ්ඩක්ග නාට්‍යයක් නිෂ්පාදනය කරන්න උදව්වක් ගන්නග” සාලිය ඔහුගේ අණ පිළිපැදීයග මුවගට සිනහවක් නඟා ගෙන කුඩා කුටියට ඇතුළු වියග

 ර්‍ණමහත්තයෝල මම මේ නාට්‍යයක් ලිව්වාග මට කරුණාකර පුළුවන් ද මේ නිෂ්පාදනයට බරපැන දරන්නග”

 ර්‍ණබරපැන කිව්වේ මහත්තයෝ බෝල් පොයින්ට් පෑනට ගහන්න පෑනක් තියෙනව දරෑ”

 ර්‍ණනැහැල මම මේ කිව්වේල මේ නාට්‍ය නිෂ්පාදනයට මුදලක් යොදලා වේදිකාගත කරන්න උදව් වෙන්නග”

 ර්‍ණආගගග ආගගග දුවයිගගග කොමිට් කෑලි තියෙනව දරෑ අර තම්බි ඩාන්ස් කෑලි තියෙනව දරෑ”

 ර්‍ණමේක මහත්තයෝ ප්‍රබුද්ධ පිටපතක්ග හුඟක් දෙනෙක් උසස් නිර්මාණයක් කියලා අගයලා තියෙනවාග” සාලිය සාප්පු හිමියාට කරුණු පැහැදිලි කිරීමට උත්සාහ ගත‍්තේයග

 ර්‍ණනිර්මාණයක් උසස් කියල කොහොමද දැන්ම කියන්නේග දුවන්න ඕනෑ බැඳගෙනග එතකොටයි උසස් වෙන්නේග දැන් කවුද ප්‍රධාන නිළියට ගත්තේරෑ”

සාලිය තුළ බලාපොරොත්තුවක සේයාවක් මෝදු වන්නට පටන් ගත‍්තේයග

 ර්‍ණචාරුලතා උමයංගනා”

 ර්‍ණකවුද ඒ රෑමොනවත් කරන්න පුළුවන් එක්කෙනෙක් දරෑ”

 ර්‍ණඅයියෝ මහත්තයාල බොහොම ආධුනිකයෙක් වගේග මහත්තයාගේ නම මොකක් දරෑ”

 ර්‍ණමම සාලිය සිරිවර්ධන”

 ර්‍ණආගගග නම නම් අහලා තියෙනවාග මහත්තයානේ අර බැලුන් බෝල්ස් ඇඩ් එකේ ඉන්නෙරෑ”

 ර්‍ණනැහැල මම ඇඩ්ස්වලට ඉඳලා නැහැග”

එහෙනම් මම කියන්න දරෑ අපි ඉස්සර වෙලා ඇග්‍රිමන්ට් එකක් සයින් කරමුග මහත්තයා මං අඳුරන දෙන්නෙක්වත් හොයාගන්නග මං මගේ එක්කෙනෙක් පත් කරනවා සල්ලි වියදම් කරන්නග මහත්තයා සුමාන දෙකකින් නාට්‍ය හදලා බාර දෙන්න ඕනේග ඊට පස්සේ මං මහත්තයාගේ නමට රුපියල් පන්සියයක ගෙවීමක් කරනවාග මුළු මුදල ඔක්කොම මටග නාට්‍යයට ගන්න නිළිය කවුද කියලා මට හඳුන්වලා දෙන්නග නාට්‍ය පටන්ගන්න ඉස්සරවෙලා ඒ ළමයින්ව ට්‍රාන්ස්පෝට් කරන්න මම භාර ගන්නම්ග මහත්තයා ඒකට කරදර වෙන්න එපාග මං මහත්තයා ඒකෙන් නිදහස් කරන්නම්ග කැමති දරෑ හෙට ම හොයාගන්න මහත්තය මට රෙකමන් කරන්න පුළුවන් මගේ යාළුවෝ දෙන්නෙක්ග

 ර්‍ණබොහොම ඉස්තූතියිල මං ගිහිල්ලා එන්නම්ග”

සාලිය වාඩිවී හුන් අසුනින් නැගිටල රිංගා එළියට වන්නේයග ඔහු සාක්කුව අතගා සිල්ලර කාසි කිහිපයක් එළියට ගත්තේයග සේදවත්ත කෙළවරට ම ගමන් කොටල දුම්වැටියක් දල්වා ගත්තේයග තේ බීලා ම මේක බිව්වොත් හොඳයිග ඔහු භෝජනාගාරයක් සොයමින් ඉදිරියට ඇදුණේයග

දහඩිය පිස දමමින් නිවසට ගොඩවන සාලිය දුටු ඔහුගේ බිරිය කුසුම්  ර්‍ණමොකද දාහට අරං පන්සීයට දීලා වගේ” යි විමසුවායග

 ර්‍ණමේ ළමයා‍ගේ ඇඟ රත්වෙලාග ඒක බලන්නවත් කෙනෙක් නැහැග සෙනසුරාදා - ඉරිදා ගෙදරල නාට්‍ය කෙහෙල්මලක් කිහිල්ලේ ගහගෙන රට පුරා ම රස්තියාදු වෙනවාග” සාලිය නිසොල්මන් ව නිදන කාමරයට පියමං කළේයගිඋදේ ඉඳන් යකඩ කෑලි අතගාන එවුන් දන්නවද සියුම් නිර්මාණයක අගයග මොකක්ද අර මුදලාලියා ඇහැව්වේග නිළියගෙන් මොනවත් කරගන්න බැරිද කියලාග මොනවා කරන්න දරෑ ඒ දක්ෂ කෙල්ල චරිතය රඟපානවා ඇරෙන්න’ග සාලිය තොල් මැතුරුවේයග කුසුම් කාමරයට එනු දුටු සාලියල  ර්‍ණදුවට මොකදරෑ උණ බැහැලදරෑ බලන්නකෝ කුසුම්ල අර සේදවත්තේ මුදලාලිලා දෙන්නෙක් මුණ ගැහුණාග නාට්‍යයට කාගෙන් හරි උදව්වක් ගන්න කියලාග ඒ මිනිස්සු යන්නේ කොහෙද කියලා අහනකොට මල්ලෙ පොල් කීවාග”

 ර්‍ණමං කිව්වනේ සාලිය ඔන්න ඕක දුම්මැස්සට දාලා හැන්දෑවට ඕවර්ටයිම් ටිකක් හදා ගෙන කරන්න කියලාග දැන් නාට්‍යයක් නැති ‍එකේ ඔයාට රිහර්සල් යන්නත් ඕ‍ෙන් නැහැනේරෑ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නවලට මිනිසුස්නට නාට්‍ය බලන්න සල්ලි කොහෙන්දරෑ ඕනෑ ගේක ටීවී එකක් තියෙනවාග ඕක හතර වටේට ම කැරකෙව්වාම ඕගොල්ලන්ගේ ඔය ප්‍රබුද්ධ නාට්‍ය කැලේග සල්මන් ඛාන්ලාල මධුරි දික්සිත්ලා පෙන්නන රටකල ඔය නාට්‍ය රස විඳියි දරෑ අනිකල එක අවුරුද්දකට සැරයක් ඔය පවත්වන නාට්‍ය උත්සවයක්වත් මිනිස්සු භාර ගන්නේ විහිළුවක් කියලනේරෑ චිත්‍රපට උත්සව පවත්වනවාග ඒවට ආරාධනා යවන්නේ ක්‍රියාකාරිත්වයේ නියැළී ඉන්න ශිල්පීන්ට නෙවෙයිනේරෑ සබන් කොම්බැනියට ගස්ලබු කිරි එකතු කරලා දෙන මිනිස්සුන්ටනේරෑ ඔන්න ඔය මනස්ගාත අත්හැරලා දාලා සල්ලියක් උපයන වැඩක් කරන්නග

අවුරුදු පනස් හතක් තිස්සේ වේදිකාවේල චිත්‍රපටයේ බඩගානවාග අඩු තරමේ පොල් පරාල කෑල්ලකට තහඩු කෑල්ලක් අලවපු සම්මානයක් ලැබුණ දරෑ”

අද දිනයේ අර මුදලාලිලාගෙන් ලැබුණු ප්‍රතිචාරය හා තම බිරියගෙන් ලැබුණු උපදේශය අතර ඉතා සමීප බවක් ඇතැයි සාලිය සිතුවේයග ඔහු ඇඳුම් උනා තුවාය පටලවා ගෙන නාන කාමරයට පිය මැන්නේයග කෙසේ හෝ නාට්‍ය එළිදක්වමියි තරයේ අදිටන් කරගත් සාලිය කරාමය කරකවන්නට පටන්ගතිග

දින ගණන් සති ගණන් ඉක්ම ගියේයග හේ හැම දිනක ම නින්දට යාමට පෙර කියවීම පුරුද්දක් කොට ගත්තේයග නළු නිළියන් සිය රංගනයන් කරන විලාසය ඔහුගේ මනසේ රජකරන්නට වියග නාට්‍ය පිටපත කාහට හෝ දෙන්නට ඔහු සිතුවේයග එනමුත් ඒ සිතුවිල්ල උපන් ගෙයි ම වළලා දැම්මේයග මේක කාටවත් දුන්නොත් මිනිහා මේක උඩ යට පෙරළලා දාවිග මේ යන රැල්ලට මේ කෘතියත් එකතු කරාවිග එත‍කොට මගේ කුලුඳුල් නිර්මාණය බොළඳ හාස්‍ය රැල්ලට ගසා ගෙන යාවිග”

ඔහු තම නාට්‍ය පිටපත රැගෙන ප්‍රසිද්ධ නාට්‍යකරුවන් කිහිප දෙනෙකු ළඟට ද ගියේයග  ර්‍ණපිස්සු ද සාලියරෑ මේ නාට්‍ය කරන්න පුළුවන් කාලයක්දරෑ අපිත් මේ අයින් ගහලා ඉන්නේග අනිත් එක ස්වතන්ත්‍ර නිර්මාණයක්ග මං හොඳ ඉංග්‍රිසි කොමික් පොතක් දෙන්නම්ග ඔයා කරන්න දුවන්න පුළුවන් අනුවාදයක්ග ඕන්නම් පොලියට අරගෙන දෙන්නම් රුපියල් දාහක් දෙදාහක්ග ඊට වැඩිය නම් බැහැග”

ප්‍රවීණ නාට්‍යකරුවන් සෑම දෙනකුගෙන් ම පාහේ සාලියට ලැබුණේ සමාන උපදේශයන්යග තම කුලුඳුල් නිර්මාණය කෙදිනක හෝ එළිදක්වාල අාගාධයට වැටී ඇති වේදිකා නාට්‍යය ඉන් ගොඩ ගන්නවා යැයි දැඩි සිතුවිල්ලෙන් මඬනා ලද සාලිය දවස් ගෙවන්නට පටන් ගත්තේයග කාර්යාලයේ ඉන්නා තම සගයන් කිහිප දෙනෙකුගෙන් ම ඔහු ගත හැකි උපකාරයන් පිළිබඳව පිළිවිසුවේයග

 ර්‍ණමේල පිස්සා නොවී ඕක පැත්තකට දාලා වරෙන් ඩ්‍රින්ක් එකක් දාන්න” ඇතැමෙක් කීහග සාලිය කාලයක් නිසොල්මනේ හුන්නේයග එහෙත් ඔහුගේ සිහිනය සැබෑ කර ගන්නේ කෙසේ දැයි ඔහු නිරතුරුව මසිතට වද දුන්නේයග

 ර්‍ණමහත්තයා අර නාට්‍ය කොහොමදරෑ කළා දරෑ” බෙන්ස් රථයකින් ගමන් කළ තැනැත්තෙකු සිය රථයේ වීදුරුව පහතට දමා සාලියගෙන් විමසුවේයග කල්පනාවේ නිමග්නව පදික වේදිකාවේ ගමන් කළ සාලියල අන්දමන්ද වී ගියේයග දිනෙක රාජකාරි කටයුතු නිමා කොට සාලිය ගෙදර ආවේ පිටපත රැගෙන තමාගේ පාසල් මිතුරෙකු මුණ ගැසීමට කතිකා කර ගෙනයග

‍‍ ර්‍ණකවුද මේ ළමයට මේ නාට්‍ය පිටපත දුන්නේ ඉරලා දාන්නග” මේඝ ඝර්ජනාවක බඳුව සාලිය බෙරිහන් දුන්නේයග

 ර්‍ණමම” කුසුම්ගේ කටහඬ වාතලයට එක්වියග



Wmqgd .ekSu Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks weiqfrks
o