1 Views  
මිනි­ස්කමේ පරිස්සම
හිසට ඉහළින් කැරකෙන විදුලි පංකාව ගතට සිසිලක් නොව හිතේ කීරිගැස්සීමක් උපදවයිග කපුටන් සේ කළු පැහැයෙන් සැරසුණ පෙරකදෝරුවන් එකිනෙකාල ඔවුනොවුන් හා සෙමින් කෙඳිරුවත්ල ඔවුන්ගේ නෙත් දිවයන්නේ සැකකරුවන්ගේ වැරදි ලියැවුණු රෝනියෝ කඩදාසි මතයිග සුදු ඇඳුමෙන් සැරසී බංකුවල හිඳ සිටින විත්තිකරුවන් බියෙන්දෝ ගල් රූ මෙන් නිසල ව සිටිතිග වටපිට බලා සි‍ටින්නෝ නිහඬ බව රකිතත් ඔවුන්ගේ උකුසු ඇස් උසාවිය පුරා දිවයන්නේත්ල දෙකන් වටපිටාවට හරවන්නේත් කාට හෝ සිනාසීමට අවස්ථාවක්ල කොහෙන් හෝ ඉස්මතුවන තෙක් මෙනිග

දෙව් පිළිරුවක් අබියස යදිනා වන්දනාකරුවකු මෙන් සිරිපාල විනිසුරු ආසනයේ තේජවන්තව වැඩ සිටින විනිසුරුතුමා දෙස බලා සිටීග ඔහුගේ වමතට යාවුණු යදමේ බැඳී සිටින සභාරත්නම් බිම බලාගෙන කල්පනාවක යග ඊටත් එහාල එනම් පේළියට සිටගෙන සිටින්නේල සිරිපාල නොහඳුනන මුස්ලිම් මිනිසුන් කීපදෙනෙකිග

ර්‍ණපළමුවන විත්තිකරුගගග නල්ලයියා සභාරත්නම්ගගග දෙවන විත්තිකරුගගග ටීගජේග සිරිපාලගගගග” මවාගත් ගැඹුරු කටහඬින් ආරච්චි දිගින් දිගට ම නම් කීපයක් කියූ මුත්ල තම නම ඇසීමෙන් ඇතිවූ නොසන්සුන්තාව නිසා ඉන් එහා කිසිවක් සිරිපාලට මතක නොසිටියේ යග තම පපුවේ ගැස්ම බලා සිටින මිනිසුන්ටත් විනිසුරුටත් ඇසේදෝයි බියක් ඇති ව‍ූ සේ ඔහු වට පිට බැලුවේ යග

මේ සියල්ලෙහි ම අග මුල කොහේ දැයි සොයා ගැනීමට සිරිපාල තවමත් අපොහොසත් ව සිටීග

ර්‍ණවිත්තිකරුගගග ටීගජේග සිරිපාල‍ගගග” ඒ හ‍ඬේ දෝංකාරය දහස් වාරයක් ඔහුගේ සවන්පත්වල වැඳී අවතාරයක් මෙන් හදවත බියවද්දනු ඔහුට දැනේග

ර්‍ණතමා විත්තිකරුවකු ව‍ූයේ කෙසේදරෑ යන්න තවමත් සිරිපාලට පැනයකිග විත්තිකරු යනු වැරදිකාරයකු වීමේ ප්‍රවණතාවක් හෝ ප්‍රස්තාවක් ඇත්තෙක් වේග එහෙත් වරදක් නොකළ මිනිසකු විත්තිකරුවකු වන්නේ කෙසේදරෑ ඔහු ඔහුගෙන් ම ප්‍රශ්න කර සිටියේ යග

ර්‍ණස්වාමීනි මේ දෙවන විත්තිකරු කොයියම්ම අයුරකින්වත් මේ සිද්ධීන් කිසිවකට සම්බන්ධ නැහැග ඔහු මේ කෝලාහලය සිදුවූ තැන සිටියේ එතැන තිබූ පුස්තකාලයට ගිය බැවිනිග එසේ ම ඔහු පළමු විත්තිකරු හෝ කෝලාහලයට සම්බන්ධ මුස්ලිම් මිනිසුන් දැන සිටියේ නෑ” සිරිපාලගේ නීතිඥයා දිගින් දිගටම කියවයිග

ර්‍ණඇත්තල ඔය සේරම ඇත්තග ඒත් ‍ඔය ඇත්ත කියන්නත් මට පෙරකදෝරුවෙක් හොයන්න වුණා නේදරෑ ඒකත් නිකම්ම නම් කමක් නැහැ‍ග සල්ලි ගෙවලාග පෙරකදෝරුවෙක් නොඇල්ලුවා නම් මාව දුර්වල කරල පැමිණිල්ල දිනනවාග සත්‍යය ඒ තරමට බාල්දු වෙලා අද සමාජයේ”

තම අසරණකම ඔහු තුළ ඇති කළේ අපේක්ෂා විරහිත හැඟීමකිග සිරිපාල එදා පුස්තකාලයට ගියේ කාලයකට පසුයිග‍ එදිනම මෙවන් සිදුවීම් වැලක් මුල් අදින්නටත්ල ඒ සිදුවීම් බූවල්ලකු සේ තමාවත් ග්‍රහණය කරමින් අනාගතය වෙත ඇදෙන්නටත් පටන් ගත් අයුරු පුදුමාකාර යග මෙය තම ඉරණම යැයි ඔහුට සිතිණිග

ර්‍ණගිනි තියපියව්ගගග මරාපියව්ගගග කියමින් මුස්ලිම් මිනිසුන් කිහිපදෙනෙක් දිව ආ අයුරු ඔහුට මැවී පෙනේග සිංහල මෙන් ම දෙමළ භාෂාවෙන් කෑගැසූ හඬ රෞද්‍ර වියග පුස්තකාලය ඉදිරිපසින් වූ නිවසකට සහ ඒ අසල ම වූ තරමක ඩිස්පෙන්සරියකට කඩා වැද ඒවාට ගිනි තබන්නටත්ල එහි සිටි මිනිසුන්ට හිරිහැර කරන්නටත්ල මොවුනට එතරම් වෙලා ගියේ නැතග මේ කෝලාහලය දෙස සිරිපාල බලා සිටියේ දැඩි කනගාටුවෙනිග පහර වදින්නවුන් ඇඳ සිටි ඇඳුම පිටින් ම පාර දිගේ දුවනු ඔහු දුටුවේ යග ඒ අතර කුඩා ළමුන් කිහිප දෙනෙක් ද වූහග එහෙත් ඔහු හෝ බලා සිටි වෙනත් අයකුට අර ඝට්ටනකාරී මිනිසුනට විරුද්ධවීමට තරම් එඩිතර නොවී යග

සමහරවිට මෙය නිවස හිමි දොස්තරගේ කිසියම් වරදක් විය හැකි යග සමහර විට ඒ මැරවර මිනිසුන්ගේ අවින‍ීතකමේ ප්‍රදර්ශනයක් විය හැකි යග එහෙත් මිනිසකු දිවිය පුරා රැස් කළ වස්තුව හා යාන වාහන ගිනි ගනිද්දීත්ල ඒ මිනිසාගේ බිරිය සහ දූ දරුවන් උන් සිටි තැන් නොමැතිව හිස් ලූ ලූ අත දුවද්දීත්ල ඊට මුල් වූ මිනිසුන් කෙරෙහි වෛරයක් සිරිපාලගේ සිත තුළ ඇති වියග

ර්‍ණමෙහෙම දෙයක් මට වුණා නම් හෙට වන විට මම අනිවාර්යයෙන් ම හිඟන්නෙක්ල ආයෙ කවදාවත් හිටි තත්ත්වයට එන්න මට ලැබෙන්නෙ නැහැ” ඔහුට එවේලේ සිතුණිග මේ කෝලාහලයෙහි අග මුල කුමක්දැයි දැන ගැනීමට කුකුසත් ඇති වූ හෙයින් අසල සිටියකුගෙන් විමස‍ූ නමුත් ඔහු ද වැඩියමක් දැන සිටියේ නැතග

ර්‍ණඔය දොස්තර මහත්මයෙක්ගගග නම සභාරත්නම් ටික දවසකට කලිනුත් මේ දෙගොල්ල අතරෙ රංඩුවක් වෙලා තියෙනවා මුස්ලිම් කෙනකුගෙ බිරියකට ගබ්සාවක්ල කසාද මිනිහට හොරෙන් කළා කියලග සමහර විට මේකටත් හේතුව ඒක වෙන්නැතිග”

සිරිපාල සභාරත්නම් ව දැන ගත්තේ ඔය අයුරිනිග සිද්ධිය ගැන නිවැරදි අදහසක් ගැනීමට ඒ විස්තරය නොසෑහුණත් කිරා බලා අඩුතැන් පුරවා සත්‍යය යැයි හැ‍ඟෙන කථාවක් සිරිපාල විසින් ගොතාගත්තේ යග

ර්‍ණගබ්සාවක් කරනව කියන එක නම් නීති විරෝධී වැඩක්ග දොස්තර කෙනෙකුගෙ යුතුකම තියෙන නීති යටතේ ලෙඩුන් සුවපත් කිරීමල ගබ්සා වගේ දේවල් ඇතිවෙන්නල ඇතිවෙන්න සමාජෙ තියන සදාචාර ලක්ෂණ විනාශ වෙලා යනවා‍ග දොස්තර කරල තියෙන්නේ වැරදි වැඩක්ග ඒත් දොස්තරගේ පවු‍ලයිල දරුවොයි මෙන් ම ගේ දොර මොනව කරන්නද මිනිහගෙ වරදටග මේ මිනිසුන්ට තිබුණෙ දොස්තරව පොලිසියට අල්ලල දෙන්නග

සිරිපාල නැවත පියවි ලොවට පිළිපන්නේ ඔහුගේ නම නැවතත් සාක්කි විභාගයේ කියවෙනවා ඇසීමෙනිග‍

ර්‍ණස්වාමිනිල සිරිපාල සිද්ධියට පටලැවුණේ අහම්බෙන්ග ඒ ඔහුගේ සිතේ තිබුණ මිනිස්කම නිසා ඔහුට‍ අද ‍උසාවි එන්න වෙලා තියෙන්නෙ ඔහු සතුව ඇති මේ මිනිස්කම නිසාග අපි අද ජීවත්වෙන්නෙ මිනිස්කම නුහුරු සමාජයක නිසාග ඔහු එදා පුස්තකාලයෙ වාඩිවෙලා නොසිට පිටවෙලා තියෙන්නෙ කෝලාහලය දුරදිගු යාවි යැයි සිතලාග‍ ඔහුගේ රථයක් රැගෙන කෝලාහලය සිදුවූ තැන පසුකර නිවස දෙසට එන ඔහුට බියෙන් පලායන සභාරත්නම්ල බිරිය හා ළමයි හමුවී තිබෙනවාග ඔහුගේ සිතේ ඇති වූ අනුකම්පාව නිසා ම ඔහු ඔවුනට පිහිටවෙලා තිබෙනවා ස්වාමීනිග

ර්‍ණකුමන ආකාරයකින් ද දෙවන විත්තිකරුල පළමු විත්තිකරුට උදව් වී ඇත්තේරෑ”

විනිසකරුගේ ගැඹුරු කටහඬ සිරිපාලට ඇසිණිග

ර්‍ණඔහු කාරය නතරකොට අසා තිබෙනවාග මහත්තයාට යම් උපකාරයක් අවශ්‍ය ද කියලා සභාරත්නම් මේ අවස්ථාවේ සිට ඇත්තේ එවන් උපකාරයක් අවශ්‍ය වග විශේෂයෙන් මිනිසකුට තවත් මිනිසකු පිහිට නොවන මෙවන් කාලයකල ඒ අවස්ථාවේ සභාරත්නම් සහ පවුල තම නිවසට ගෙනවිත් නවත්වා පසුව සභාරත්නම් සමඟ පොලිසියට ගොස් පැමිණිල්ලක් කර තිබෙනවාග මෙය මිනිසකු විසින් විපතකදී ක්‍රියා කළ යුතු ආකාරයයි ස්වාමීනිග

සිරිපාලට දැඩි සතුටක් නොවුව ද තරමක සැනසුමක් ඇති වියග අසරණ වූවෙකුට තමා වෙත පාව එන අනුකම්පාව අංශුමාත්‍රයක් පවා වතුරේ ගිලෙන මිනිසෙකුට හමුවන ලී කොටයක් මෙනිග ඔහු මුළු සභා ගැබ පුරාම බැලුවේ තමා නිවැරැදි යැයි වටහාගත් මිනිසුන් දැකීමට වුවත් සභා ගැබේ කිසිවකු ඔහු දෙස බලා සිටියේ නැතග

ර්‍ණඑක අතකින් මටත් තිබුණේ මට ඉස්සරහින් ගිය අය වගේ අහක බලාගෙන යන්නග අහල පහළ මිනිසුන් වගේ ගෙවල්වල දොරවල් වහගන්නග උන්ගෙ ගමේ මිනිස්සුන්ගෙ ලෙඩ දුක බලපු දොස්තරටල උන් එහෙම කළා නම් ඇයි මට බැරිවුණේ ඒ ටික කරන්නග දැන් ඒ මිනිස්සු හිතනවා ඇති මට ඕනෙ නැති දේට අතදාල බැටකනවා කියලාග”

කෙසේ වෙතත් සභාරත්නම්ට උපකාරීවීමෙන් සිරිපාල ලැබුවේ උපරිම තෘප්තියකිග ගෙදරදී ඒ කුඩා දරුවන් සිරිපාල දෙස බැලුවේ සුරංගනා කථාවල එන වීර චරිතයක් දෙස මෙනිග ඔවුන්ගෙන් ස්තුතිවල කෙළවරක් නොවූවේ යග

ර්‍ණමට තේරෙන්නෙ නෑ සිරිපාලට කොහොම ස්තුති කරන්න ද කියලාග මගෙ මුළු සේසතම විනාශ වෙලා ගියත් එක මිනිහෙක් හරි මට උදව් කළා කියල මට සතුටුවෙන්න පුළුවන්ග”

ර්‍ණමොකක්ද මහත්තයා මේ සිද්ධිවලට මුලරෑ සිරිපාල ඇසුවේ සිතේ නැගෙන කුකුස තරමක් වත් මැඬගැනීමේ අභිලාෂයෙනිග

ර්‍ණඅනේ මන්ද සිරිපාලග දැනට මාසයකට විතර කලින් ගැහැනු කෙනෙක් ආවා වෛද්‍ය ප්‍රතිකාර ගන්නග ඇත්තටම ඇය ගැබිනියක්ග‍ ඇගේ වුවමනාවෙන් ම ඇය කිව්වා ඒ ගැබ විනාශ කරන්න ඕනෙ කියලාග ඉස්සර නම් මමත් බයයි ඔය වගේ දේ කරන්නග දැන් සමාජයේ ඔය වගේ දේ අනල්පයිග ටික දවසකට පස්සේ ඇගේ ස්වාමියා ඇවිත් මා එක්ක බහින් බස් වුණාග ඒ මනුස්සයා දැනගෙන ඉඳලා නැහැල ඇය ගැබිනියක් බව හෝ ගබ්සාවක් සිදුවූ විත්තියක්ග

ඒ මතක ලොවේ රැඳෙන්නට අවස්ථාව නොදී සිරිපාලව උසාවියට ගෙන්වීමට විනිසුරුගේ ගැඹුරු කටහඬ සමත් විය‍ග

ර්‍ණදෙවන විත්තිකරුගේ නිවසේ පළමු විත්තිකරු කොපමණ කාලයක් වාසය කොට ඇතිදරෑ”

ර්‍ණස්වාමිනිල මොවුන් සිරිපාලගේ නිවසේ වාසයකොට ඇත්තේ දින දෙකක් පමණිග පසුව ඔවුන් පළමු විත්තිකරුගේ නෑදෑ ගෙදරකට ගොස් තිබෙනවාග”

ර්‍ණමා විශ්වාස කරනවා මේ උගත් නීතිඥ මහතා අප හමුවේ සත්‍යය ප්‍රකාශ කරන බව‍ග විශේෂයෙන් අප පළමු විත්තිකරු දොස්තර කෙනෙක් වශයෙන් යහපත් නමක් දරන අතරමල අනිත් අතින් රාජ්‍ය විරෝධී ත්‍රස්තවාදී කටයුතුවලට යොමු වී ඇත්තේය කියා සැක කෙරෙනවාග‍ නීති විරෝධී ලෙස මත්ද්‍රව්‍යල වීඩියෝ චිත්‍රපටිල රාජ්‍ය දේපොළ අයුතු ලෙස පරිහරණය කිරීම වැනි කටයුතු වලින් ඔහු ත්‍රස්තවාදී කටයුතුවලට රුකුල් දී ඇතැයි පොලිසිය වාර්තා කරනවාග ඒ නිසා අපට සම්පූර්ණ සත්‍යය දැනගැනීමට අවශ්‍යයිග”

ර්‍ණමා පවසන්නේ මාගේ දැනීමේ හැ‍ටියට සම්පූර්ණ සත්‍යයි ස්වාමීනිල මගේ ග්‍රාහකයා ඒ බව දිවුරා කියා සිටීග”

දන්දීමටත් වඩා මිනිසකුට සුළු උපකාරයක් කිරීම පු‍ණ්‍යකර්මයක් යැයි සිතා සිටි සිරිපාලට කණපිට පෙරළී තම හිස මතට කඩා වැටුණ මේ සිදුවීම් පෙළ ම පුදුමයක් වියග හදිසියේ ම තම නිවෙස පොලිසියෙන් වට කිරීමෙන් ඔහු දැඩි විමතියට පත් වියග ඒ සභාරත්නම් පිට වී දින දෙකකට පමණ පසු ව යග තමා වරදක් කර නැති නිසා සිරිපාල ඔවුන් හමුවට ගියේ සිනාමුසු මුහුණෙනිග

ර්‍ණතමුසෙද සිරිපාල කියන්නේග”

ර්‍ණඔව් රාලහාමිගගග”

ර්‍ණකෝ අර සභාරත්නම් කියන එකගගගල ඌ මෙහෙ නේද හිටියෙගගගරෑ”

ර්‍ණඑයා‍ ගිහින් දැන් දවස් දෙකක් වෙනවාග” සිරිපාල දන්න සියල්ල ඔවුනට පැවසූවත් පෙරළ පෙරළා සොයද්දී කුමක් හෝ වරදක්ල කොහේ හෝ සිදුව ඇතැයි සිරිපාලට හැඟුණිග පොලිසියේ රාලහාමිලාගෙන් වැදුණු පහරවල් වලින් මිනිසකුට උදව් කර ඔහු ලැබූ ආත්ම තෘප්තිය කෙළවර වියග සභාරත්නම් ත්‍රස්තවාදියකු බවත්ල ඒ බව සනාථ කෙරෙන ලියකියවිලි ඔහුගේ නිවසේ තිබී හමුවුණ බවත් කියමින් ඔවුන් සිරිපාලට තව තවත් පහර දුන්හග

ර්‍ණමම වරදක් කරල නැහැ රාලහාමිගග‍ග‍” ඔහු වේදනාවෙන් මොර දුන්නත් පොලිසිය ඔහුට පහර දුන්නේ ලේ කඳුළුවලල සත්‍යය රැඳී ඇතැයි සොයා ගැනීමට මෙනි‍ග

පොලීසිය විසින් ‍සභාරත්නම් සොයාගන්නා විට සිරිපාල පොලිස් අත්අඩංගුවේ පසුවියග තම වමතට සභාරත්නම්ගේ දකුණත යදමකින් බැඳුණු දා සිරිපාලට කෑගසා හඬන්නට තරම් සිත් කම්පාවක් ඇති වියග ඔහුට ජේසු තුමා මතක් වියග බරබ්බස් සහ තවත් හොරෙක් සමඟ එතුමාවත් කුරුසියේ ඇණ ගැසුවේ මිනිස්සු යග ජේසුතුමා ඒ නින්දා ඉවසුවේ නම් මම වගේ සුළු මිනිහෙක් මොනවට කලබල වෙනවා දැයි සිත හදා ගැනීමට සිරිපාල පුරුදු වූවත්ල යදම් වලින් බැඳ මහ පාරේ ගෙන යන විටත්ල වරදකරුවකු ලෙස සලකා මිනිසුන් විසින් පිළිකෙව් කරන විටත්ල ඔහුට දැඩි කනගාටුවක් දැනිණිග විශේෂයෙන් දෙමළ ත්‍රස්තවාදී අදහස් දරන්නකුට තමා ආධාර කළ බැව් ප්‍රකාශ වීම හේතුවෙන්ග සිංහල මිනිසුන් තුළ ඔහු කෙරෙහි අනුකම්පාවක් ඇති නොවී වෛරයක් හෝ අප්‍රසාදයක් ඇතිවීම ස්වාභාවික වියග

සභාරත්නම් අමුතුම මිනිසකු වී සිටියේ යග ඔහු සිරිපාල සමඟ කතා කළේ ඉඳහිට පමණිග ඒත් ඕනෑවට එපාවට මෙනිග කෙසේ වුවත් සිරිපාලගේ සිතේ වූයේ වෙනත් බලාපොරොත්තුවකිග

ර්‍ණමම වරදක් කර නැති බව සභාරත්නම් මහත්තය දන්න නිසා සමහර විට කියයිග මාව මේකට ගාවන්න එපා කියලාග මම හිතන්නේ නෑ එයා ගුණමකුවෙක් වේය කියලාග”

එහෙත් සභාරත්නම්ට එවැනි අවශ්‍යතාවක් හෝ හැඟීමක් නොවී ය‍ග සමහර විට සභාරත්නම් සැඟවී සිටි තැන පිළිබඳව පොලිසියට කීවේ සිරිපාල බවට ඔහු සැක සිතන්නට ඇතග නොඑසේ නම් සිරිපාල සිංහල නිසා ඔහුගෙන් පළිගන්නට මෙලෙස කරන්නට ඇතග සභාරත්නම් කළේ සිරිපාල සමඟ කතාව තවදුරටත් අඩු කිරීමයිග මේ ප්‍රතිචාරය සිරිපාල තුළ ඇති කළේ ආත්මානුකම්පාවකිග

එදා සභාරත්නම් සිටි අසරණ විලාසය විටින් විට සිරිපාලට මතක් වේග එදා පිදූ තුති සහ දෙඩු මුදු වදන් මතක් වෙද්දී සිරිපාලගේ හද අභ්‍යන්තරයේ ඉඳිකටු අනින්නා සේ දැනෙයිග

ර්‍ණස්වාමිනිල ගගගමේ කෝලාහලය අපට ආරංචි වුණේ පළමු විත්තිකරු දෙවන විත්තිකරු සමඟ පොලිසියට පැමිණ පැමිණිල්ලක් දැමූ පසුයිග ඔවුන් පැමිණියේ දෙවන විත්තිකරුට අයත් රථයෙන් අප වහාම මේ ගිනි තැබීම පිළිබඳ සැකකරුවන් අත්අඩංගුවට ගත්තාග :එම පැමිණිල්ල වෙනම ඉදිරිපත් කර ඇත- පසු දින ඒ නිවස පරීක්ෂා කරන විට ඉතිරි වූ පිඹුරු පත් හා ලිපි කීපයක පළමු විත්තිකරු ත්‍රස්තවාද‍ී කටයුතු වලට උදවු කරන බව හැ‍ඟෙන කරුණු අඩංගුව තිබුණාග ඊට පසුවයි අපි මොහු ගැන සොයා බැලුවෙග”

ර්‍ණගමේ මිනිස්සු දැන සිටියේ නැහැ මොහු ත්‍රස්තවාදී කටයුතු වලට සම්බන්ධ බවග අප මොහුව සෙවූ කාලය තුළ මොහු සැඟවී සිට ඇත්තේ සිරිපාලගේ නිවසේ වන අතර පසුව වෙනත් ගමක ඥාතියෙකුගේ නිවසේ දී අත්අඩංගුවට ගත්තාග‍ ‍ඔහු ළඟ තිබූ ලිපි හා පිඹුරුපත් අනුව අසල ප්‍රධාන නගරයට පහරදීමේ තැනක් ඇති බවට ඔප්පු වෙනවාග අප දෙවන විත්තිකරුට චෝදනා කරන්නේ පළමු විත්තිකරුව සඟවා තැබීමල ත්‍රස්තවාදී කටයුතුවලට සහය දීම හා සැකකටයුතු පුද්ගලයකු හා කිට්ටු ආශ්‍රය නිසයිග”

ර්‍ණස්වාමිනිල මේ සභාරත්නම් නැමැත්තා නීති වි‍රෝධී කටයුතු කීපයක යෙදී සිටි බව ආරංචියිග මේ කලබලය ඇතිවී ඇත්තේ ගබ්සාවක් සම්බන්ධ වග මගීන් ප්‍රවාහනය කරන බස් දෙකක් ඔහු සතුව ඇති අතර වීඩියෝ චිත්‍රපට හා මත්ද්‍රව්‍ය තිප්පළක හිමිකරුවෙක් ස්වාමිනිග

ර්‍ණස්වාමීනිල ඔහු ධනවතෙක්ග”

සිරිපාලට පුදුම සිතුණිග කවුදෝ කී දේ සැබෑ යග පොලීසිය සභාරත්නම් ගැන සියල්ල දනීග සාජන්ගේම අර සුවිශේෂ වචනය සිරිපාලට මතක් වේග ර්‍ණඔහු ධනවතෙක්” මෙතුවක් යමක් නොකළේ ඒ නිසා වන්නට ඇතග නීති වි‍රෝධී ගබ්සාවක් කළ බවට පැමිණිල්ල ලැබූ අවස්ථාවේ අල්ලසක් ගෙන නිදහස් නොකොටල තමාට මෙන් තළා පෙළා සත්‍යය උදුරා ගැනීමට බැලුවා නම් මේ කිසිවක් සිදු නොවනු ඇතග ර්‍ණඅපි දුප්පත්” ඔහුට සිතිණිග කාගෙන් හවුහරණක් නැති අපිට අපේ ම නීතියක් ද්‍රෝහි වෙලාග

සිරිපාල විනිසුරු අසුන දෙස බැලී යග විදුලි පංකාව තවමත් කැ‍රකෙයිග බලා සිටින්නෝ බැලූ බැලූ අත බලාගෙන සිටිතිග යදම්වල බැඳුණු විත්තිකරුවෝ නිහඬ යග පෙරකදෝරුවෝ තම සටන්වල ප්‍රතිඵල ලැබෙන තුරු බලා සිටිතිග සත්‍යයේ ජයග්‍රහණය හෝ නිවැරැදිකරුවන්ගේ නිදහස කෙසේ වුවත් තම අනාගතයල ලැබෙන ප්‍රතිලාභ හෝ ප්‍රසිද්ධිය මෙවන් තින්දු මත රැඳී තිබෙන බව ඔවුහු දනිතිග

ර්‍ණවිනිශ්චය සභාවේ මහත්වරුනිල” ඒ ගැඹුරු කටහඬ සිරිපාල තුළ දැඩි බියක් ඇති කළේ යග සභාරත්නම් බිම බලාගෙන සිටීග ඔහුට කෙසේ වෙතත් සි‍රිපාලට ජීවිතය වටීග නිදහස ඊටත් වඩා වටීග

ර්‍ණපැමිණිල්ලේ හා විත්තියේ සාක්ෂි සසඳා බලා මෙහි පළමු විත්තිකරු තවදුරටත් රිමාන්ඩ් බාරයේ තැබීමටත්ල වැඩිදුර පරීක්ෂණ කටයුතු කරගෙන යාමටත් නියෝග කරමිග මෙම නඩුවට අදාළ ගිනි තැබීම්වලදී විත්තිකරු නිදොස් සේ හැ‍ඟෙන මුත් මේ තීරණයට ඒ කාරණය අදාළ නැතග

කිහිල්ලෙන් ගලා ආ දහ බිඳුවක් බඩ තුළින් සරමට වැටී බොඳවී යනු සිරිපාලට දැනිණග රිමාන්ඩ් එකේ බත් පෝලිමල අපුල කෑමල බර වැඩල ගුටි බැට සිතුවම් පටක් සේ ඔහුගේ මනසේ දිස් වෙයිග ඒ දුකට වඩා මරණය යෙහෙකැයි ඔහුට සිතුණිග

ර්‍ණමෙම සාක්ෂි සසඳා බැලීමේදී දෙවැනි විත්තිකරු බරපතළ වරදක් කර නැති බවත්ල ඔහු අහම්බෙන් මේ සිද්ධි දාමයට පැටලී ඇති බවක් මට පෙනී යනවාග අදාළ සිද්ධියේ දී මිනිසත්කම සංකේතවත් කළ දෙවැනි විත්තිකරුට මගේ ප්‍රණාමය පුද කරන අතර මල මම ඔහුට අවවාද කරනවා විෂම වූ සමාජයක උත්තරීතර ගුණ යහපත්කම් දැක්වීමේ දී මීට වඩා මඳක් පරිස්සම් ව කටයුතු කරන ලෙසග ඔහු නිර්දෝශියිග”


Wmqgd .ekSu Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks weiqfrks
o