1 Views  
මහිංසා දුවේ
ත්‍රස්තවාදයේ ගිනිදැල් බුර බුරා නැගෙද්දී බොහෝ දෙනකු පැතුවේ ඉක්මනින් යුද්ධයේ නිමාවක් දැකීම යග උදෑසන නිවසින් පිටවන අයකු ගේ නැවත පැමිණීම විශ්වාස කළ නොහැකි තරමට ම ව්‍යාකූල වූ සමාජයකල කලෙක ර්‍ණආමිකාරයා”ල ර්‍ණරණවිරුවා” වී තිබුණිග ඒ කෙතරම් ද යත් බස්රථයකට ගොඩවූවිට නැගිට අසුන පිරිනැමීමට තරම් ගෞරවයක් ජන හදවත්තුලට කා වැදී තිබුණිග සාමාන්‍ය සෙබළකුට ලැබෙන ගරුත්වය දෙගුණ තෙගුණ වී අප වෙත ළඟා වියග උරහිස මත දිලෙන ර්‍ණතරු” සමාජය තුළ විශේෂ ගරුත්වයක් අප වෙත ළඟා කර දී තිබුණිග

යුද්ධය දරුණු ලෙස ම ඇදී යද්දී බොහෝදෙනකු ක්‍රියාන්විත රාජකාරි සඳහා යොමු වූයේ ස්වේච්ඡාවෙනිග ඔවුන් හට තම දරුපවුල්වලටත් වඩා යුද්ධයේ අවසන් කිරීම පිළිබඳ හැඟීමක් තිබුණිග බොහෝදෙනකු එලෙස උතුරේ රාජකාරි සඳහා පිටත් ව යාම නිසා ස්ථාන මාරුවක් ලැබීමට නියමිත ව සිටියත් මා හට කොළඹ රැඳී සිටීමට හැකි වියග එය මාගේ රාජකාරි වලට අමතර ව සිදුකළ අනෙකුත් ව්‍යාපාර කටයුතු පාලනය කර ගැනීමට මහත් රුකුලක් වියග ඒ පිළිබඳ ව මම හිත යටින් සතුටු වුණෙමිග තනතුරෙන් මා ලැබූ වැටුපට වඩා ර්‍ණතරුවල දිලිසීම” මාගේ ව්‍යාපාර කටයුතු වලට මහත් ආශිර්වාදයක් වියග බොහෝ අය ඉතා අසීරුවෙන් ළඟා කරගන්නා ඉලක්ක මම තරුවල පිහිටෙන් ඉතා පහසුවෙන් ළඟාකර ගතිමිග

ර්‍ණමචං අකුරැස්ස පැත්තෙ තේ ෆැක්ට්‍රියක් විකුණන්න තියෙනවාග අයිතිකාරයා ලොකු සල්ලි හදිසියකට දෙන්නෙග පුළුවන් නම් ට්‍රයි කරලා බලපන්ග වැඩේ හරි ගියොත් ගොඩග තුන හමාරක් විතර තමයි කියන්නෙ කතා කරලා තව මොනව හරි කරන්න පුළුවන් ”

බොහෝ කලක සිට තේ කර්මාන්ත ශාලාවක හිමිකරුවකු වීමේ සිහිනය දකිමින් සිටි මා හට මාගේ මිතුරකු හදිසියේ මතක් කළේ යග එතැන් සිට මගේ සිතේ වැඩ කළේ තේ කර්මාන්ත ශාලාව මිලදී ගන්නා අයුරු යග කෙසේ හෝ තේ කර්මාන්ත ශාලාව මිලදී ගැනීමට සිතුවත් මා හට සොයාගත හැකි වූයේ කෝටි දෙකක මුදලක් පමණිග තවත් කෝටියක මුදලක් මා සොයා ගතයුතුව තිබිණිග එය සොයා ගන්නා අයුරු මම දස අතේ කල්පනා කලෙමිග

ර්‍ණකොච්චර යාළුවො හිටියත් හදිසියකට ලක්ෂ 50 ක් 60 ක් ඉල්ල ගන්න පුළුවන් එකෙක් නෑ නේ”

මගේ කාර්ය මණ්ඩලයට ලබා දී තිබූ විශ්වාසවන්තම සෙබළා හා මම පැවසුවෙමිග මට ඇතිවන සමහර ගැටලු ඔහුට පැවසීම මගේ පුරුද්දක් වියග මා ලබා දුන් එක් දුරකතන ඇමතුමකින් කිසියම් වරදක් කර අත් අඩංගුවට පත් ඔහුගේ සොයුරකු නිදහස් කරලීමට මට හැකි වියග එතැන් පටන් ඔහු මට ඉතා ළෙන්ගතු ව සිටියේ යග එමෙන්ම මා හට අවශ්‍ය ඕනෑ ම කාර්යක් ඔහු ලවා ඉටු කරවා ගැනීමට හැකිවීම නිසා මමද ඔහුට විශේෂයෙන් සැලකීමට අමතක නොකළෙමිග

ර්‍ණ සර් සර්ගෙ වැඩේ කරගන්න නම් ක්‍රමයක් තියෙනවා ඒත් ගගගගගග” හදිසියේ මා සොයා ආ ඔහු පැවසුවේ යග

ර්‍ණකවුද මිනිහෝ මේ හදිසියෙ මෙව්වර ගානක් දෙන්න ඉන්නෙ”

ඔහුගේ වදන් කෙරෙහි කිසිදු විශ්වාසයක් මා තුළ නොවීයග

ර්‍ණසර් මම දන්න මිනිහෙක් ඉන්නවාග මිනිහට පොඩි දෙයක් ඕන කරලා තියෙන්නෙග මිනිහා කැමතියි මේ ගානට වැඩේ කරන්න”

ර්‍ණමොනවද ඕයි මිනිහට ඔච්චර ම වටින දේ”

ර්‍ණසර් මිනිහට ඕන කරලා තියෙන්නෙ ලබන සතියෙ ප්ලෑන් එකග සේරම ඕනෙත් නෑල සඳුදා ටික විතරයි ඕනග”

ඔහු කටේ තොලේ නොගෑවී කියාගෙන ගියේ යග

ර්‍ණ තමුසෙට පිස්සුද ඕයිල තමුසෙ හදන්නෙ මාවත් ගස් යවන්නදරෑ ”

එක්වරම සිතට ආ ආවේගය පාලනය කර ගැනීම මට අපහසු වියග

ර්‍ණනෑ සර් ඉතින් මම කිව්වෙ ගගගගගගග ”

ප්‍රභූ ආරක්ෂාව වෙනුවෙන් සැලසුම් සකස් කිරිම මාගේ ප්‍රධාන රාජකාරියක් වියග සඳුදා දින ආරක්ෂක අමාත්‍යවරයාගේ ගමනක් යෙදී තිබුණිග තමන්ට අවශ්‍ය දේ ලබා ගැනීමේ සියුම් හැකියාවක් ත්‍රස්තවාදීන් සතු වියග ඔවුන් මා හට ළං විය හැකි නිවැරදි ම පුද්ගලයා අල්ලාගෙන තිබුණිග මාගේ අවශ්‍යතාව ඔහු දැන සිටි නිසා මා පොළඹවා ගැනීමට අසීරු නොවන බව ඔහුටද වැටහෙන්නට ඇතග ඒ ගනුදෙනුවෙන් ඔහුටද සැලකිය යුතු ප්‍රතිලාභයක්ද තිබෙන්නට ඇතග

ගනුදෙනුව සාර්ථක වීම පිළිබඳ මම ඉමහත් සතුටට පත් වුණෙමිග පොරොන්දු පරිදි ම මුදල බාධාවකින් තොරව ලබා ගැනීමට හැකි වූයෙන් පසුදා ම තේ කර්මාන්ත ශාලාව මිල දී ගතිමිග රාජකාරිය පාවාදීම පිළිබඳ අඹ මල් රේණුවක තරම් වත් කනස්සල්ලක් මා තුළ නොවීයග මගේ සිහිනය සැබෑවීම පිළිබඳ ව මම මහත් ප්‍රීතියෙන් පසු වුණෙමිග

ර්‍ණනුගේගොඩ ර්‍ණබ්ලාස්ට්” එකක් වෙලාලු හේතුව මොකක්ද කියලා හිතාගන්න අමාරුයිලුග සෑහෙන හානි කියලා තමයි ආරංචියග”

එසේ සිදුවන බව දැන සිටි මට එය තවදුරටත් අලුත් ආරංචියක් නොවීයග ඒ ප්‍රහාරයෙන් ආරක්ෂක අමාත්‍යවරයා බේරී තිබුණිග ඔහුගේ ගමන හදිසියේ වෙනස් වීමෙන් ඔහු ඒ මාර්ගය එදින භාවිතා නොකළේ යග තම සැලසුම අසාර්ථක වු ත්‍රස්තවාදියා තමන්ට උපරිම හානියක් කළ හැකි ලෙසට පිපිරීම සිදුකරන්නට ඇතග

දෛවයේ සරදමට මෙන් ඒ ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමේ වගකීමද පැවරුණේ මා වෙත යග මම පසුදා උදෑසන ම නුගේගොඩ බලා පිටත් වුණෙමිග තේ කර්මාන්ත ශාලාව මිලදී ගැනීමට හැකිවීමේ ප්‍රීතියෙන් මම පිනා යමින් සිටි මාගේ නිල ඇඳුමේ තේජස ප්‍රීතියට ආඩම්බරයක් එක් කළේ යග

අහම්බෙන් දුටු මගේ දියණියගේ රූපයට සමාන රුවක් සහිත පින්තූරයක් වූ එක් පෝස්ටරයක් අබියස මගේ දෑස් නතරවියග

සුන්දර සිනහවකින් මුව සරසාගත් කොළ පැහැති ටයි පටියකින් සැරසුණු හුරතල් පාසල් දැරියකගේ රුවක් එහි වියග මගේ දියණියගේ මෙන් ගෙතූ දිගු කොන්ඩා කරල් දෙක ඇගේ සුන්දරත්වය වඩාත් ඉස්මතු කළේ යග පෑනක් අතින්ගෙන පොතක යමක් ලිවිමට සූදානම් වන ඉරියව්ව ඇගේ ඡායාරූපයට එක් කළේ ආදරණීය බවකිග ඈත් මගේ දියණියත් අතර කිසිඳු වෙනසක් නොවීයග මම රථයෙන් බැස පෝස්ටරය අසලට ගියෙමිග

ර්‍ණමහිංසා දුවේ ෟ
ඔබේ රුධිරයෙන්
තෙත්වූ මව්බිම
අපේ රණවිරුවන්
මීනී මරු ප්‍රභාකරන්ගෙන්
බේරා ගන්නා දිනය
වැඩි ඈතක නොවේ”

ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය එය අලවා තිබූ පෝස්ටරයේ ඡායාරූපයට යටින් එසේ සඳහන් කර තිබුණිග

ර්‍ණඊයේ දින සිදුවූ ප්‍රහාරයෙන් මිය ගියේ මේ අහිංසක දැරියදරෑ ”

මට මගේ දියණිය සිහි වියග ඇගේ සිනහවත් මහිංසාගේ සිනහවත් අතර කිසිදු වෙනසක් නොවීයග

ර්‍ණ මේ අහිංසක දැරියගේ මිනී මරුවා මම දරෑග මම සල්ලි හොයා ගත්තෙ මේ කෙල්ල ව මරා දාලාදරෑග”

මගේ සිතට ක්ෂණික ව ම පීඩාකාරී සිතුවිලි රාශීයක් කඩා පැන්නේ යග මගේ දියණියගේ සිනාහඬ මගේ දෙසවන් අබියස රැව් පිළිරැව් දෙන්නට වියග මගේ දියණිය මා විසින් මරා දැමුවාක් මෙන් හැඟීමකින් මගේ හදවත තද වෙනවාක් මෙන් දැනුණිග අවට ලෝකය කරකැවෙනවාක් මෙන් මට දැණුනිග ප්‍රහාරයට ගොදුරු වූ දරුවකුගේ පොත් බෑගය හා වතුර බෝතලය කිසිවකු විසින් ආරක්ෂක වැටක එල්ලා තිබුණිග එය දුටු මගේ හදවත ශෝකයෙන් පිරී යන්නට වියග පොත් බෑගය දෙවුරේ රඳවාගත් මගේ පුංචි දියණිය එක් අතකින් වතුර බෝතලයත් අනෙක් අතින් මගේ සුළැඟිල්ලත් අල්ලා ගෙන පාසල් ගිය හැටි මගේ සිහියට නැඟුණිග

පාසල් ඇරී නිවසට ආ දියණිය මා එනතුරු මග බලා සිටිනවා ඇතග මා මිලදී ගත් තේ කර්මාන්ත ශාලාව බැලීමට ඈ පෙරමං බලා සිටීග මා එය ලබා ගත්තේ ඇය වැනි ම වු තවත් දියණියක මරා දමා බව ඈ දැනගතහොත්ගගග මගේ හදවත පුපුරා යාමට ආසන්න යැයි දැණුනිග මහිංසා අහිමි වීමෙන් ඇගේ පියා අඬා වැලපෙන අයුරු මට මැවි මැවී පෙනෙන්නට වියග මගේ දියණිය අසනීප වී රෝහල් ගත කළ දිනක මට දැනුණු වේදනාව මට සිහි වියග මගේ බලය හමුවේ නීතිය අසරණ වුව ද මගේ හදවත මට උරුම දඬුවම ලබා දෙමින් තිබිණිග

මා හට කිසිම ආකාරයක සැනසීමක් නොවීයග කනිටු නිලධාරියා වෙත රාජකාරිය පැවරූ මම යළි නිවස බලා පැමිණියෙමිග මුහුණ සේදීමට ගත් වතුර බේසමෙන් ර්‍ණමහිංසා” මා දෙස බලා සිටින අයුරු පෙනන්නට වියග මුහුණ සෝදා මෙතෙක් ඇඟලා සිටි බර ඇඳුම ඉවත් කර සැහැල්ලු ඇඳුමක් ඇඟලා ගත්තද හදවතට කිසිදු සැහැල්ලුවක් නොවීයග මගේ ගෙලවටා අත දමාගත් දියණියගේත් මගේත් ඡායාරූපයක් සාලයේ තබා තිබුණිග එහි මගේ දියණිගෙන් මට ර්‍ණමහිංසා” මැවී පෙනේනට වියග මට මා ගැන ම පිළිකුලක් ඇති වියග හදවතේ ඇතිවූ වේදනාවත් සමඟින් මොටර් රථයට නැඟුණු මම ඉබාගාතයේ එය පදවාගෙන ගියෙමිග අතර මගදි මහ වැස්සක් ඇද හැලුණ හෙයින් වර්ෂාව නතරවන තුරුම මම ගමන් කළෙමිග මම බොහෝ දුර එන්නට ඇතග

මා කළ වරදට මට උපරිම දඬුවම ලැබෙමින් තිබිණිග එය කිසිසේත් නිවැරදි කළ නොහැකි වියග ඒ වෙනුවෙන් මම උපරිම දඬුවම විඳිය යුතුයග මට තවදුරටත් කිසිවක් පිළිබඳ ආශාවක් නොවීයග මම දුම්රිය මාර්ගය මැදට වී දෑස් පියා ගතිමිග වේගයෙන් දිව එන රුහුණු කුමාරිගේ මූසල හූ හඬ මට ළං ළං ව ඇසුණිග


Wmqgd .ekSu Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks weiqfrks
o