19 Views  
ටැලිගිරාන්
ශාඛාවේ සියලු දෙනාම පාහේ ප්‍රේමාගේ අකල් මරණය ගැන දුක් වූහග මරණය සිදුවන්නට ඇත්තේ පමණට වඩා වෙහෙස වූ නිසා බව සමහරෙක් කීහග

ර්‍ණනෑ නෑ වෙන්න බැහැග එයා එච්චර මහන්සි වුණේ නැහැග වැඩකාර කෙල්ලකුත් ගෙදර වැඩට උන්නේ” තවෙකෙක් පැවසූහග

ර්‍ණඑයාගේ හස්බන්ඩ් කිසි උදව්වක් කළේ නැහැග බිබී හිටියා මිසක්” නන්දනී පැවසුවා යග

ර්‍ණදැන් ඉතින් කතා කර කර ඉඳලා වැඩක් නැහැග බස් එකක් කතා කරගෙන අවමංගල්ලෙට යමු” සරත් යෝජනා කළේ යග සියල්ලෝ ම එකඟ ව‍ූහ‍ග

ර්‍ණමිස්ටර් ෆොන්සේකා එනවද” නන්දනී විමසුවා යග

ර්‍ණඅනේ මට එන්න විධියක් නැහැග හදිසි වැඩක් තියෙනවා” ෆොන්සේකා මහතා පිළිතුරු දුන්නේ යග

සියල්ලෝ ම පාහේ අවමංගල්‍යයට සහභාගි වන්නට තීරණය කළහග

ශාඛාවේ තනි වූ ප්‍රධාන ලිපිකරු ෆොන්සේකා මහතාල සෙලින්කෝ මන්දි‍රයේ තැපැල් හල වෙත පිය නැගුවේ යග විදුලි පුවත් පෝර්මයක් ගෙන ලිපිනය ලීවේ යග ‘‍මාගේ සාතිශය කණගාටුව පිළිගන්නග’ සුපුරුදු පරිදි ලියැවුණේ යග නැවත කියවූවේ යග ‘පිළිගන්න’ ඒ වචනය වැඩියි නේදරෑ කොහොමත් පිළිගන්නේ නැතිව අහක දමනවැයිග ‘මගේ’ ඕනැත් නැහැග ‘මගේ’ කියන වචනය අධ්‍යාහාරයි ‘මගේ’ල ‘පිළිගන්න’ වචන දෙකම ඔහු කතා දැමුවේ යග

‘සාතිශය කණගාට‍ුව - ෆොන්සේකා’ ඔහු විදුලි පුවත යැව්වේ යග

පසුවදාත් ප්‍රේමාගේ මරණය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ බොහෝ වියග

ර්‍ණඔක්කොම වගේ අවමංගල ගෙදර හිටියාල මිස්ටර් ෆොන්සේකා’ විතරයි හිටියේ නැත්තේ” සරත් ඇනුම් පදයක් ස්වරූපයෙන් මුදා හළේ යග

ර්‍ණටෙලිග්‍රෑම් එකක් ගහන්න ඇති” තවෙකෙක් ඉඟි මැරුවේ යග

ර්‍ණඅනේ මට හදිසි වැඩක් තිබුණා” ෆොන්සේකා සමාව යදින්නකු මෙන් කීවේ යග

ර්‍ණඒක නොවෙයි මිස්ටර් ෆොන්සේකා අනිද්දා ලකී බඳිනවාල ඔක්කොට ම ආරාධනා‍ කරලනේ තියෙන්නෙරෑ අපි ඔක්කොම මාතර යනවාග‍ ගිහිල්ලා ෆුල් ෆන් එකක් ගන්නවාග මිස්ටර් ෆොන්සේකා එනවදරෑ සෙනසුරාදනෙල නිවාඩුනේරෑ”

ර්‍ණඅනේ ගුණවර්ධන මට එන්න විධියක් නැහැග මට පරිගණක විද්‍යාව ගැන රැස්වීමක් තියෙනවාග ඒක නෙවෙයි මම සුළු තෑග්ගක් දෙනවාග පුළුවන් නේද ගිහිල්ලා දෙන්නග යන ගමන් මේකත් ගහගෙන යන්නකෝග ‘පරිගණක පන්තියක් - ෆොන්සේකා’ ර්‍ණකීයක් ගියාද කියලා මට ආවාම කියන්නකෝග”

ර්‍ණහොඳයි හොඳයි දෙන්නකෝ”

සඳුදා කාර්යාලය ආරම්භ වූ මොහොතේ පටන් අවසානය දක්වා විටින් විට මාතෘකාව වූයේ ලකීගේ මංගල උත්සවයයිග

ඔවුහු මත්පැන් බී විනෝද වූ හැටිල විනීතා හැ‍ඳගෙන ආ ඔසරියල ගීත ගැයූ හැටිල නැටූ හැටි එකම ගාල ගෝට්ටියකිග ෆොන්සේකා සුපුරුදු පරිදි රාජකාරියෙහි යෙදුණිග

ඒ අතරතුර කනිටු සේවකල පින් පත්‍රයක් රැගෙනවිත් ෆොන්සේකා අසල සිට ගත්තේ යග

ර්‍ණමොකක්ද රත්නපාල ලැයිස්තුල ලැයිස්තු හැමදාම ලැයිස්තුල අද මොකක්දරෑ”

ෆොන්සේකා මදක් අමනාපයෙන් විමසුවේ ය‍ග

ර්‍ණසර් මේ වැඩිහිටි නිවාසෙකට දානයක් දෙන්න”

ර්‍ණආ තව පැයකින් විතර අරන් එනවකොග මේ හදිසි වැඩක්ග මට සහභාගි වෙන්න බැහැග එදාට මට මළගෙයක්ග”

ර්‍ණකවදට ද සර්රෑ” මේකට සහභාගි වෙන්න ඕනි නැහැ අපි සල්ලියි බඩුයි එකතු කරලා ගිහිල්ලා බාර දෙනවාග සර් මළගෙදර යනදාට යන්නග එදාට අව්වට වේළෙන්න රෙදි නොදා ඉන්නග”

ර්‍ණආ එහෙමදරෑ එ‍ෙහනම් කමක් නැහැ” ෆොන්සේකා ගේ මුහුණ මඳක් රත් පැහැ ගත්තේ යග

ඊට පැයකට පමණ පසුව රත්නපාල ලැයිස්තුව රැගෙන නැවත පැමිණියේ යග

ර්‍ණආ රත්නපාල මට ලොක්කා කතා කළාල ඕක හෙට ‍විතර ගේනවකෝ”

ඊට පසු දින තවත් අවමඟුලකිග සේවයෙන් විශ්‍රාම ගිය පීරිස්ගේ අවමංගල්‍ය ගැන එදින පුවත් පතක අවමංගල දැන්වීම් තීරයේ පළවී තිබුණිග ඔහුගේ පුත්‍රයකු ෆොන්සේකා යටතේ වෙනත් ශාඛාවක සේවය කර තිබුණිග ෆොන්සේකා ඔහුගේ පුත්‍රයාගේ නමට විදුලි පුවතක් යැවී යග

ර්‍ණමංගලල අවමංගලල පින් පත්තරල ගෙට ගෙවැදීම් කෙළවරක් නෑනේග දහවල් ආහාරය ගන්නා අතර ෆොන්සේකා තමාට ම කියා ගත්තේ ය‍ග

ර්‍ණඅනේ මන්දා මේවට යන්න කොහෙද කාලයක්ග”

ර්‍ණමිස්ටර් ‍ෆොන්සේකා දන්නවද වැඩක්ල මිසිස් පෙරේරා ඉස්පිරිතාලේල ඔපරේෂන් එකක් කරලා යනවද බලන්නරෑ” පරමනාදන් ඇසුවේ යග‍

ර්‍ණඅනේ පරා මට වෙලාවක් නැහැනේග මම කියන්නන් ර්‍ණවැඩක් තියෙනව කියල” කියන්නග මම මතක් කළා කියන්නග ඉක්මනට සනීප වේවා කියලා ප්‍රාර්ථනා කළා කියලත් කියන්නග”

ර්‍ණහා හොඳයි” පරමනාදන් මඳ සිනහවක් පෑවේ යග

ර්‍ණතෑන්ක් යූ වෙරි මච්”

නොබෝ දිනකින් ෆොන්සේකාගේ බිරිය අසනීප වූවා යග ඔහු දවාලටත්ල සවසටත් රෝහලට ගියේ යග

ර්‍ණඔයා‍ට පුළුවන්නේ මෙහෙ කෑම කන්නග”

ර්‍ණඅනේ මන්දා වමනෙට යන්නත් එනවාග ඒක නෙමෙහි ඔයා දවාලටත් බීලා නේද එන්නේරෑ සවසට නාවට කමක් නැහැග ගෙදර ගිය ගමන් ඇඳ බදා ගන්නේ නැතුව ළමයින්ගේ පොතක පතක වැඩ කියලා දෙන්නග”

මේ පරණ යාළුවෙක් මුණ ගැහුණා” ‍ෙෆාන්සේකා නිදහසට කරුණු කීවේ යග

ඇය කෙඳිරි ගාමින් පවසද්දීල ෆොන්සේකා වෙනත් රෝගියකු වෙත ඇලවූ නෙතින් යුතුව උන්නේ යග

දෙවැනි දින සවස ‍රෝහල් වාට්ටුවෙන් එළියට එද්දී ඔහුට සරත්ව මුණ ගැසුණිග

ර්‍ණමිස්ටර් ෆොන්සේකා කොහෙද අප්පේ මෙහෙරෑ”

ර්‍ණමේ ලෙඩෙක් බලන්න ආවා”

ර්‍ණඇත්ත දරෑ හරිගගග” සරත් ගේ මුවින් පිට වෙන්නට ආ යමක් ගිල ගත්තේ යග

සතියකින් ඇගේ රෝගී තත්ත්වය අසාධ්‍ය තත්ත්වයට පෙරළිණිග ඇයව මහරගම පිළිකා රෝහලට මාරු කර යවා තිබුණිග

ර්‍ණදැන් ඉතිං මහරගමට බඩ ගාන්න එපැයි”

දින දෙකකින් ෆොන්සේකාත්ල දරු තිදෙනාත් තනිකර ඇය මරු වැලඳ ගත්තා යග

ෆොන්සේකා දස අතේ කල්පනා කළේ යග ර්‍ණමේ මුදලාලි මෙහෙ තියෙන අඩුම පෙට්ටි‍යේ ගාන කීයදරෑ

ර්‍ණදෙන්නම්”

ර්‍ණමල් ශාලාවේ ඉඳලම කනත්තට ගෙනියන්න”

ර්‍ණහා මහත්තයා”

පාසල් දරු දැරියන් කීප දෙනෙකු මල් ශාලාවට ආවෝ යග

ර්‍ණතාත්තේ පත්තරේ දැන්වීමක් දාන්නේ නැද්දරෑ”

ර්‍ණඕනි නැහැ පුතා”

ර්‍ණරේඩියෝ එකෙන්රෑ”

ර්‍ණඅවශ්‍ය නැහැග ඔය කටින් කට ආරංචිය යයිග නෑදෑයන්ට කියමුග”

පසුදින සවස පාංශුකූලය සඳහා ස්වාමීන් වහන්සේලා වැඩියහග

ර්‍ණතාත්තේ ගිලන්පසට බීම බෝතල්” දෙවැනි පුතා විමසුවේ යග

ර්‍ණබීම දෙකක් තිබුණාම ඇති”

බිරියගේ ඥාතීන් කීප දෙනෙක් දල දූ පුතුන්ගේ හිත මිතුරන් අතළොස්සක් ද හැරෙන්නට එහි වූයේ අවමංගල අධ්‍යක්ෂකවරු දෙදෙනෙක් පමණිග

ෆොන්සේකා ගේ අසල්වැසියෙක් විදුලි පුවත් විසිපහක් පමණ රැගෙන ආවේ යග

ර්‍ණමිස්ටර් ෆොන්සේකා ටැලිග්‍රෑම් එනවාල මම මේ ආපු ටික අරගෙන ආවේල තව එනවාග මම කිව්වා වයිෆ්ට අස්සන් කරලා බාරගන්න කියලාග”

මල් වඩම් දෙකක් අවමංගල රථයට පැටවිණිග අවමංගල රථය පසුපස ෆොන්සේකා‍ත්ල දරු තිදෙනාත් කඳුළු පිරි දෑස්වලින් යුතුව ගමන් ඇරඹූහග

curtesy : http://www.silumina.lk



Wmqgd .ekSu weiqfrks
o