18 Views  
සපතේරුවාගේ  මරණය
ර්‍ණඋමා මැරිලාගගගග”

ර්‍ණසපත්තු මහනගගගගරෑ”

ර්‍ණහ්ම්ගගගග”

ර්‍ණමොනවා වෙලා දරෑ”

ර්‍ණපපුවෙ අමාරුවක්ග”

ර්‍ණබලන්න ගියා දරෑ”

ර්‍ණටවුමෙ කඩපේළි වහල හැමෝම ගියාගගග එළවළු බක්කිය වහදාල මාත් ගියාගගග”

වෙනදාට වඩා ප්‍රමාද වී ගෙදර පැමිණි අප්පච්චි සහ ඔහු එනතුරු මඟ බලමින් සිටි අම්මා ද අතර සිදුවූ කතා බහට කාමරයේ ලිපිගොනුවක් සකසමින් සිටි මම ඉතා වුවමනාවෙන් සවන් දෙමින් සිටියෙමිග

ගම්පොළ ටවුමේ කවුරුත් දන්නා හඳුනන සපතේරුවාගේ මරණය ඔවුන් කෙරෙහි ද යම් තරමක ශෝකී හැඟීමක් හෝ අනියතය පිළිබඳ දැනීමක් ඇති කළා විය හැකියග එහෙත් එම පුවත අසා සිටි මසිතෙහි ඇති වූ කැලඹීම නම් සුළුපටු නොවීයග එය වචනයෙන් පැවසීමට නොහැකි මයග

මා ඉස්ෙතා්ප්පුවට පැමිණියේ තත්පරයකිනිග

ර්‍ණඋමා මැරිල දගගගග අප්පච්චිරෑ”

ර්‍ණඔව් පුතේග”

ර්‍ණහරි වැඩේ මං දැං මොකදගගගග කරන්නේරෑ”

උමාගේ මරණය ඇසීමෙන් මා කෙරෙහි ජනිත වූ කැලඹීම ඔවුනට ප්‍රශ්නාර්ථයක් විණැයි මට ද සිතුණිග

ර්‍ණඇයි පුතේ මොකදගගගගරෑ”

අප්පච්චි විමසුවේ විමතියෙන් මෙනිග

ර්‍ණකිව්වත් වගේගගග උමාගෙ මරණෙ පුතාට මේ තරමට දැනෙන්නේගගගරෑ

අම්මාගගග සැකනේ යුතුව විමසුවායග

ර්‍ණඅර මං කිව්ව ‘ඉන්ටර්විව්’ එක හෙට උදේනෙ තියෙන්නෙ අම්මාගගග”

ර්‍ණඉතින්රෑ”

ර්‍ණමං සපත්තු කුට්ටම මහන්න උමාට දුන්නග ඒක හොඳටම ගැලවිලාග අද දවල් අව්වෙ තියල පිහදාන්න ගත්තමයි දැක්කෙග වැඩ වැඩි නිසා උමාට ඒක හදන්න බෑ කිව්වාගගග උමා කීවෙ හෙට උදේ හතට එන්න කියලාගගග මං හෙට හත හමාර කෝච්චියෙ කොළඹ යන්නත් ඕනෑගගග”

ර්‍ණඑහෙම දරෑ දැන් මොකද කරන්නේගගග පුතා මට ඒක දුන්නනං මං වෙන තැනකින් හරි හදාන එනවනේගගග”

අප්පච්චි එසේ කියමින් සුසුමක් පිට කළේ මා නිසා හටගත් හිත රිදුම් දුන් දෝමනස්ස හැඟීමෙන් විය යුතුයග

ම විසින් වාණිජ විද්‍යා උපාධිය ලබා ගැනීම තෙක් තාත්තා ද අම්මා ද මම ද දුක් කන්දරාවක් විඳ ඇත්තෙමුග අතමිට නිසරු වීම නිසා මගේ ජයග්‍රහණ වලින් බොහෝ අවස්ථාවන්හි ඔවුන් කෙරෙහි හටගත් අසීමිත සතුට වින්දනයකින් තොරව අහෝසි වූ වාර අනන්තයග

රැකියා විරහිත උපාධිධාරියකු ලෙසින් සිටි මට නගරයේ කඩ කිහිපයක ගණන් හිලවු සකසා දීමෙන් ලැබිය හැකි වූයේ සුළු මුදලකිග

විවිධ රැකියා සඳහා අයදුම් කළ ද මේ වනතුරු කිසිදු පත්වීමක් නොලදමිග ප්‍රසිද්ධ ඖෂධ වෙළෙඳ සමාගමක වෙළෙඳ සහ­ායකයකු ලෙස සේවය කිරීමට මා අයදුම් කළේ උපාධිය සඟවමින් උසස්පෙළ ප්‍රතිඵල පමණක් දැක්වීමෙන්යග වෙනත් රැකියාවක් ලැබෙනතුරු මෙයින් ප්‍රමාණවත් ආදායමක් ලැබේයැයි මා තුළ විශ්වාසයක් පවතියිග එබැවින් හෙට මේ ගමන මා යා යුතුමයග

ර්‍ණපුතේ අර එහෙ මෙහෙ යනකොට දාන පටි සපත්තු දෙක ‍හෝදල ගන්න බැරිදරෑ”

අම්මා එසේ පවසන්නේ අවබෝධයකින් තොරවයග

ර්‍ණඑහෙම බෑගගග අම්මෙ මේක බෙහෙත් ගෙන්වන ආයතනයක්ගගගෟ මේ රස්සාවට කලිසමල කමිසෙල ටයිඑකල සපත්තු මේස් බොහොම පිළිවෙළකට තියෙන්න ඕනැගගගග”

ර්‍ණපුතේගගගග ජයනාථ මහත්තලැ ගෙදර අකලංක පුතා ගෙන්නං සපත්තු දෙකක් ඉල්ල ගන්න පුළුවන්ගගගග නොදී ඉන්නෙකක් නෑගගගග අරගගගගග ඉස්තෝප්පුවට ගොඩවෙන තැනම රාක්කයක් පුරෝල වෛවාරන්න සපත්තුගගග”

අම්මාගේ යෝජනාව අසා සිටි මට මගේ සිතුවිලි පාලනය කරගන්නට නොහැකි තරමේ ආවේගයක් මතුවිණග

ර්‍ණඅම්මට පිස්සුදගගගග මට ඔය එක එකා ගෙන් හිඟන්න බැහැගගග එහෙම අරුන්ට මුන්ට බාල්දු වෙනවට වැඩිය හොඳයි අරගගගග හන්දිය ළඟ කුණු කන්ද අවුස්සල හිඟන්නෙක් විසිකරපු සපත්තු දෙකක් හොයා ගන්න එකගගග”

මා මේ වචන පිටකළේ දැඩි නොරිස්සුම් හඬකිනිග

ර්‍ණඇත්තටම උඹලට විකාරදගගග එහෙම කළොත් පුතාගෙ තත්වෙ මොකක් දගගගගරෑ”

තාත්තා අම්මාට එසේ කිවේ මගේ කටහඬ පාලනය කිරීමටයග

ර්‍ණමං රස්සාවක් හොයන්නෙ මේ හිඟනකම නැති කරගන්නග ඔය දෙන්නට නිදහසේ හුස්ම ගන්න ඉඩ හසරක් හදල දෙන්නග කොන්ද කෙළින් තියල දෙපයින් හිටගන්නගගගග ඒක තේරුම් ගන්න අම්මේග”

මම තරමක් සන්සුන් වෙමින් පැවසුවෙමිග මා කලින් කළ ප්‍රකාශය නිසා ඔවුන් තුළ අනියත බියක් සිත්තැවුලක් හෝ දුකක් ඇති වූ බැව් නිහඬතා­ෙවන්ම පැහැදිලි යග

තමන්ගේ පවුලේ අය සුවපත් කරගන්නට නොහැකිවීම ගැන අප්පච්චි දුක් වෙයිග කරන ලද යෝජනාව දුරදිග නොබලා ප්‍රකාශ කිරීම ගැන අම්මා පසුතැවෙනවා විය හැකියග මගේ වචනවල රළු ගතිය වැඩියයි මට ද සිතිණිග අප තිදෙනා ම අපගේ සිතුවිලි අතර තෙරපෙමින් සිටිය දී ඔරලෝසුව ‘ටික් ටික්’ හඬින් මනස නිරවුල් කරගැනීමට වේලාව සපයමින් සිටීග

ර්‍ණබාගදාගගගග උමා සපත්තු දෙක හදල අහවර කරලත් ඇතිල පුතේගගග”

අප්පච්චි නිහඬතාව බිඳිමින් අනුමාන අදහසක් ප්‍රකාශ කළේ මා අවදිකරවන්නට මෙනිග ඔහුගේ ස්වරය තුළ දයාවල සෙනෙහස මෙන් ම පරාජිත හැඟීමක් ද සැඟවී ඇතග මගේ ජීවිතයට ආලෝකයක් දීමට මේ දෙදෙනාම කෙතරම් කඩදාසි එළි දල්වන්නට ඇති දරෑ

ර්‍ණසමහර විට හදලත් ඇති අප්පච්චි”

මගේ සන්සුන් විලාසයෙන් අම්මාත් තාත්තාත් මගේ ආවේගය පහවිණැයි සිතනවා ඇතග එසේ සිතීමෙන් මම සහනශීලී බවක් අත්විඳිමිග

ර්‍ණඒත් හදලද කියල දැනගන්නෙ කොහොමදරෑ දවස් ගානකට සපත්තු මඩුව අරින එකක් නෑගගග”

අප්පච්චි කියන‍ දෙය සිදුවීම නිසැකයග හෙට දින කෙසේ ‍හෝ මා යා යුතුයග මම මිදුලෙහි ගස් පඳුරු අතරට දෙනෙත් යවමින් කල්පනා කළෙමිග පෙළ ගැස්වීමට තරම් විකල්ප කිහිපයක් නැතග ඔර‍ලෝසුවෙහි රාත්‍රී අට හඬ නඟයිග ක්ෂණිකව යමක් කළ යුතු බව මට හැ‍ඟෙයිග

කාමරයට ගොස් කලිසමක් ද කමිසයක් ද හැඳගත් මම විදුලි පන්දම ද රැගෙන ආලින්දයට පැමිණියෙමිග අම්මා පෙනෙන්නට නැතග

ර්‍ණඅප්පච්චි මං ටවුමට යනවාගගග”

ර්‍ණමාත් එන්නදගගග දැන් රෑ වෙලානේගගගග”

ර්‍ණඑපා මං ඉක්මනට එන්නං”

ර්‍ණහොඳයිල පරෙස්සමෙන් පුතේගගගග”

බස් නැවතුම් දෙකක පමණ දුර ඇවිද මම ටවුමට පැමිණියෙමිග කඩ සාප්පු සියල්ලම මෙන් වසා තිබිණිග විවෘතව තිබුණේ ලක්සිරි හෝටලය සහ තේ කඩ දෙකක් පමණිග

නගරයේ මහා චෙරිගස සෙවණෙහි වූ උමාගේ සපත්තු වැඩ නිවහනෙහි කවුරුන් හෝ සුදු කොඩියක් සවිකර තිබුණිග කුඩා ‍දොර කවුළුව වසා ඇති බව දිටිමිග

මම මනසින් කවුළුව විනිවිද කුටිය ඇතුළට පිවිසියෙමිග මැනවින් මසා නිම කර ඇති මගේ සපත්තු කුට්ටම මා එනතුරු බලා සිටින අයුරු මට මැවී පෙනෙණිග එය කෙසේ හෝ ලබාගත යුතු බව මසිත කොදුරනු දැනිණිග එහි වටා යමින් විවර කළ හැකි තැනක් වේදැයි විමසිලිමත් වීමිග කුඩා කුටියක් වුවද එය අනාරක්ෂිත නොවූවකිග

මම දුම්රිය හරස් මාර්ගයෙන් දකුණට හැරී උමාගේ නිවහන ඇති ලයින් කාමරය දෙසට ගමන් කළෙමිග බස් නැවතුමක දුරින් එය පිහිටා තිබේග

ඈතට ඇසෙන ළතෝනි හඬ මට ඇසුණේ ශෝකී හැඟීමක ස්වරයක් නොවල මහා කන්කරච්චලයක් සේයග උමාගේ ලයින් කාමරය ඉදිරියේ කුඩා මිදුලෙහි කිහිප දෙනෙකු සිටිනු දිටිමිග මා එහි පිවිසෙත්ම ඔවුහු එකිනෙකා අයින් වෙමින් මට යාමට ඉඩ සලසා දුන්හග මම මිනිසුන් අතරින් ගොස් දෙන අසල රැඳුණෙමිග

උමා අතහැර ගිය නිසල සිරුර පටු ඇඳක නිසලව හිදිණිග ඔහුගේ බිරිඳ මාෂා හා තවත් ගැහැනු කිහිප දෙනෙක් ද හිස අත්බැඳ හඬා වැලපෙමින් සිටිතිග

මට අත්තම්මා කී කතාවක් සිහිපත් වියග උමාගේ පුතා ද මා ද ඉපදී ඇත්තේ එකම රෝහලක එකම දිනයක දීයග එදින රෝහලට යාමට පෙර අත්තම්මාගේ සෙරෙප්පුව කැඩී රෝහලට යා නොහැකිව සිටිය දී උමා ඔහුගේ බිරිය සහ දරුවා බැලීමට යන ගමන ද පමා කර ගනිමින් ඇගේ පාවහන් පිළිසකර කර දී ඇතග යළිත් රෝහලේ දී එක ළඟ ඇඳන් දෙකක සිටි අම්මාත් මාෂාත් බලන්නට ගිය අත්තම්මාත් උමාත් හමුවී හඳුනා ගෙන ඇතග මාෂා සිංහල මවකගේ දියණියක වීමත් දරුවාට උපතේදී ගැටලු කිහිපයක් තිබීමත් නිසා ඇතිවූ ප්‍රශ්න නිරාකරණය කරගැනීමට අත්තම්මා ද සහාය වී ඇතග

පියාගේ සිරුර දෙස බලා සිටින ක්‍රිෂ්ණ උස මහතින් මට වඩා තරමක් වැඩි පෙනුමකින් යුක්තයග ඔහු මා නොදුටු බැවින් මම ඔහු අසලට ගොස් ර්‍ණක්‍රිෂ්ණ” යයි ඇමතීයග ඔහු මදෙස බලා යන්තමින් සිනාසුණිග

ර්‍ණආගගගගග මහත්තයාගගගග මගේ අප්ප ගියාගගගග මං හිටිය නං තාත්තා ඉස්පිරිතාලෙට ගෙනියනවාගගග”

ඔහු මට දෑත් එකතුකර වඳිමින් කීවේයග

ර්‍ණයමු මහත්තය ඉඳ ගන්නග”

‍ඔහු ගෙදර තිබූ එකම පුටුව යයි සිතිය හැකි ලෑලි ගැසූ අසුනක් ගෙමිදුලෙහි කොනක තබා මදෙස බැලීයග මම වාඩි වීමිග ක්‍රිෂ්ණ පසෙකින් සිටිමින් කතාකළේ පියාගේ ගුණවරුනාවයග එම කතාබහෙන් කියැවුණේ පියපුතු බැඳීම සහ උමාගේ පිළිවෙළක් සහිත ජීවන රටාව පිළිබඳවයග අප දෙදෙනා එකම දිනක ඉපදුණු බැව්ද හේ දැන සිටියේයග

කතාකරන අතරෙහි මම මගේ වුවමනාව මතුකර ගතිමිග

ර්‍ණමං අද දවාලෙ තාත්තට මගේ සපත්තු දෙක මහන්න දුන්නාගගග”

ර්‍ණමහත්තය සපත්තු ආපහු ගත්ත දරෑ”

ර්‍ණනැහැගගගගග හෙට උදේ හතට එන්න කීවාගගග අද හුඟක් වැඩ වැඩියි කියලගගගග මං හෙට උදේම කොළඹ යන්නත් ඕනැගගගග”

ර්‍ණතාත්තා ඒක හදල ඇතිගගග”

ර්‍ණමට දැන් ඒක ගන්න බැරිවෙයිද ක්‍රිෂ්ණගගගරෑ”

මුවෙන් පිටවුවද එය මා නොකළ යුතු ඉල්ලීමක් යයි මට හැඟිණිග එහෙත් මගේ මේ වුවමනාවට ප්‍රමුඛත්වය දිය යුතුයයි සිතමින් මම නිවරදි වීමට තැත් කළෙමිග

ර්‍ණගිහින්ම බලමුගගග මහත්තයාග මං යතුර අරන් එන්නංගගගග”

ඔහු යතුර ගෙන ආවේයග එතැන සිටි අයෙකුට දමිළ බසින් යමක් පැවසූ ක්‍රිෂ්ණ මට පසුපසින් සිටිමින් විදුලි පන්දම දැල්වීයග අප උමාගේ සපත්තු මහන කුටිය අසලට පැමිණෙන විට ද රාත්‍රී නවයට ආසන්න වියග

ක්‍රිෂ්ණ කුඩා දොර කවුළුව විවර කළේයග ආසන්න පහන් කණුවේ විදුලි එළිය එතුළට විහිදිණිග ආලෝකය ප්‍රමාණවත් නොවූ බැවින් ක්‍රිෂ්ණ කුඩා ලී කෑල්ලක සවිකර තිබූ ලොකු ලොකු ඉටිපන්දම දැල්වීයග කුඩා පෙට්ටි කාමරය සිසාරා මගේ දෑස් දිව යනු මට දැනිණිග

සැබැවින්ම මේ කුටිය කියවිය යුතු ‘පොතක්’ යයි ද උමාගේ ජීවිතය ර්‍ණකවියක්” යයි ද මට සිතිණිග එහි මේසයක් සේ සවිකළ ලෑල්ලකිග එක් පසෙක සපත්තු සෑදීමේ උපකරණ රැසකිග අනෙක් පසින් සාදා නිමකළ සපත්තු සහ සෑදීමට භාරදුන් පාවහන්යග සමහර පාවහන් කවර තුළ බහා ඇතග ‍‍

බිත්ති පුරා විසිතුරු පින්තූර රැසකිග එක් තැනෙක බුදු රුවකිග ඒ අසලින්ම දේව රූප කිහිපයකිග ඒ අතර ගණදෙවි රූපය ඉදිරියේ මල් කිනිත්තකිග සායිබබා ගේ ප්‍රසිද්ධ සිනාසෙන පින්තූරය ළඟින් ම ර්‍ණරත්නමාලි යන්ත්‍රය සඳහන් පත්‍රිකාවකිග සිනාසෙන සිඟිති දරුවකුගේ පින්තූරයට පහළින් ර්‍ණඅම්මා බුදු වේවා” යන වාක්‍යය සහිත ස්ටිකරය අලවා තිබේග මැටි පහන ඇත්තේ ගණදෙවි රුව ඉදිරියෙහි යග ඉන්දීය සුපිරි නළු ෂාරුක්ල ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ගේ පින්තූර සමඟ සුප්‍රකට සිනමා නිළි රැජිනගේ සිනාවත සහිත රූපයකිග

මේ සියල්ලෙන්ම ඔහු ප්‍රාර්ථනා කරන්නට ඇත්තේ ර්‍ණසාර්ථකත්වය” එය ර්‍ණමුදල්” හෝ ර්‍ණසතුට” වන්නට ඇතැයි මම සිතුවෙමිග

ර්‍ණබලන්න මහත්තයල මහත්තයාගෙ සපත්තු දෙක පේන්න තියෙනවද කියලගගගග”

මගේ සිත යළිත් නොසන්සුන් වියග මට පෙනෙන්නට මසා නිම කළ පාවහන් අතර එය නැතග උමාගේ අසුනේ වාඩි වී සිටින ක්‍රිෂ්ණ කවරවල දමා ඇති පාවහන් එකිනෙක ඔසවා මට පෙන්වීයග

ර්‍ණහරිගගගගග හරිගගගග ඒක තමයිගගගගගග දෙන්නගගගග”

ම විසින් පාවහන් ඔතා දුන් කවරය හඳුනා ග ත් මම හඬනඟා කීවෙමිග මම එය රැගෙන කවරය ඉවත් කළෙමිග එය මා භාර ලෙසින් ම වියග මගේ දෙපා දෙකත් රත්වී යනු මට දැනිණිග

ර්‍ණ‍අනේගගගග අල්ලලවත් නැහැනේගගග මං හෙට යන්නෙ කොහොම දරෑ”

ක්‍රිෂ්ණ සමාව අයැදින ලෙසින් මදෙස බලා සිටියේයග මගේ මුහුණේ වික්ෂිප්ත ස්වභාවයන ඔහු කියවන්නට ඇතග

ර්‍ණදෙන්න මහත්තයාගගගග”

ක්‍රිෂ්ණ සපත්තු කුට්ටම ගෙන එකින් එක මාරු කරමින් ඒ මේ අත පෙරළා බැලුවේයග ඇතුළෙන් අත දමා සම්බන්ධය බිඳී ඇති කොටස් ඉස්මතු කර ගත්තේයග

ර්‍ණමහත්තයල ටිකක් ඉන්නගගග මං මේක මහල දෙන්නංගගග”

ර්‍ණක්‍රිෂ්ණ සපත්තු මහල තියෙනව දගගගරෑ”

ර්‍ණනෑ කවදාවත් ම නෑගගග තාත්තා ඒක මට කරන්න කිව්වෙත් නෑග මට මේ වැඩේ අප්පිරියයිග මට මීට වඩා මුරවැඩේ හොඳයි මහත්තයාගගග”

ර්‍ණඑහෙනම් කොහොමද කරන්නෙගගග”

ර්‍ණඉස්සර මං බලා ඉඳලා තියෙනවා තාත්තා සපත්තු හදනවගගග”

ර්‍ණඑහෙනං බලන්නකෝගගගග හැබැයි මේක හොඳටම තියෙන්න ඕනැගගගග”

එයට පිළිතුරක් නොදුන් ඔහු ඉටිපන්දම තවත් ළං කර ගත්තේයග පිහිතලයෙන් ඉරුණු කොටස් මතු කළේයග ඉඳිකටුව ද නූල ද ගෙන සපත්තුකරුවෙකු නොවූ ක්‍රිෂ්ණා ඉතා සූක්ෂ්ම ලෙස කාර්යයෙහි නියුක්ත වියග

ඔහුගේ ක්‍රියාකාරිත්වය නිසා ජනිත වූ හැඟීමල සියුම් සතුටක් බවට පත්වෙමින් තෘප්තිදායක සිතුවිල්ලකින් මසිත පහන් වෙමින් තිබිණිග ඔහු සපත්තු දෙකම මසා නිම කළේයග යළි යළිත් පරීක්ෂාකර බැලුවේ යග වරදක් නැති බව වටහා ගත්තේ යග

ර්‍ණබලන්න මහත්තයාගගගගග හරි ද කියලාගගගගගග”

ර්‍ණහරියටම හරිගගගගගග උමා කළා වගේමයිගගගගග”

ර්‍ණමහත්තයාගේ ඕනැකම මට දැනුණාග”

ර්‍ණඇත්තටම මං බයෙන් හිටියෙගගගග”

මම සපත්තු පාර්සලය අතට ගතිමිග සාක්කුවේ රුපියල් සියයක් ද විස්සේ නෝට්ටුවක් ද තිබිණිග මා එය ඔහු අත තැබුවේ නැවතත් ස්තුති කරමිනිග

ර්‍ණඑපා මහත්තයා මට සල්ලි එපාගගගග”

ර්‍ණක්‍රිෂ්ණ මට කළේ කියන්න බැරි තරම් උදව්වක්ගගග මේක ගන්නගගග”

ර්‍ණඑපාගගගග එපාගගග සල්ලි ගත්තොත් මගෙ හිතට හොඳ නැහැගගග”

ර්‍ණඇයි මේ සල්ලි ඔයාගේ මහන්සියටනේගගග”

ර්‍ණඇයි මහත්තයගගගග ඇත්තටම කියන්නං තාත් මේ වැඩේ කරනවටවත් මම කැමති වුණේ නැහැගගගග මං මේ වැඩේට කිසිම කැමැත්තක් තිබ්බේ නෑගගගගග ඒත්ගගගග මේ වැඩේ මිනිස්සුන්ට කොච්චර ඕනෑ දෙයක් ද කියල මට අද තේරුණාගගග මං හෙට ඉඳල මේ වැඩේට බහිනවා මහත්තයාගගගග තාත්ත වෙනුවටගගගග”

මම සතුට ප්‍රකාශ කර ඔහුට සුබ පැතුවෙමිග පහන නිවා කුටිය වසා දැමූ ඔහු දොර අගුල දමා කුටිය දෙසට දෑත් එක්කර වඳිනු මම දිටිමිග ක්‍රිෂ්ණ ගෙදර ගියේයග

මා එන විට අප්පච්චිත් අම්මාත් මඟ බලමින් සිටියහග

ර්‍ණකොහෙද පු‍ෙත් ගියේගගගග ඇ‍ඟේ ලේ වතුර ‍වෙලා අපි හිටියේගගගග”

ර්‍ණමං උමා බලන්න ගියාගගගග අම්මේගගගග”

ර්‍ණ‍ෙමාකද වුණේ පුතේගගගග”

ර්‍ණඋමා මැරිලා නෑ අප්පච්චිගගගග”

මම අත තිබූ සපත්තු සහිත කවරය ඉහළට ඔසවා පෙන්වීමිග


curtesy : http://www.silumina.lk


Wmqgd .ekSu weiqfrks