18 Views  
මඩ දියේ සුදු ඕලු
 ර්‍ණඇක්මොං අයියෙල ඔන්න බරපතළ අතු ටිකනං කංමුතුයිග අනුන්ගෙ වත්තකට අමු කොළයක් වත් නොවැටී බිමට බාගත්තග”

ර්‍ණහම්හ්”

ර්‍ණමොකද ඇක්මොං අයියෙ අමනාපෙං වගේ”

ර්‍ණඋඹ එක්ක එහෙම එකක් නෑග ඕන රෝස වරක - මදුළු - අඩුවෙනුත් - හිවුරු පාටයි - එය වගේ පැණි වරක ජාතියක් - මේ පළාතේ නෑගගග”

ර්‍ණඇහ්ඃ එහෙව් එකේගගග ඇයි කැමත්ත දීල ගහ කපන්න පෝමිට් ගත්තේගගග අහල පහළ කවුරු හරි සද්දයක් දැම්මදරෑ”

ර්‍ණසද්දයක්ග යකෝල නවසිය පහළොවේ ජාති ආගං කෝලහාල වෙලාවෙදී ආයුධත් අරං ගමේ කට්ටියත් එක්ක වික්ටෝරියා පාලමට පේනකං ගිය කෙනෙක් මගෙ සීය - ඒ සීයගෙ මුණුපුරා මමගගගෟ ඒත් බොල - කිඹුල කනව ඉවසුවෑකි - කොහිල කටු ඇනෙනව ඉවසන්ඩ බැහැලුනේගගග”

ර්‍ණඑහෙනං කවුරු හරි ඩී ආ‍රෝටවත් පෙත්සමක් ගහලදරෑ”

ර්‍ණඑහෙනං අහගනුෟ පායන කොට වත්තට කොළ හැළෙනවලු - වහින කොට අතු කඩා‍ වැටෙයි කියල බයලුග ගෙඩි එනකොට - වවුලො කෑගහනවලු - කාරෙකට ඇට පොතු හළනවලුෟ උදේ හවා - ගෑනියි මිනිහයි මේ අදෝනාවම කිය කියා ඉඳල අන්තිමට පොලිසිත් ගිහිල්ල”

ර්‍ණහෑහ්ගගග එහෙනම් පොලීසිය ගහ කපන්ඩ කිව්වෟ”

ර්‍ණපිස්සුද බොල - පොලිසිය ඉන්නේ සාමේ - ආරක්ෂා කොරන්ඩ මිසක් ගස් කපන්ඩදරෑ”

ර්‍ණඑහෙම නං තමන්ගෙ කැමැත්තෙන්මයි ගහ කපන්ඩ පෝමිට් එක හදාගෙන තියෙන්නේෟ”

ර්‍ණහැමදාම අදෝනා කියන මූසල මුණු දකිනවට වැඩිය මං දරුවෙක් වගේ මවාගත්ත ගහ කපන එක හොඳයි හිතුණග”

ර්‍ණඔය කියන්නේ ළඟදී ගේ හදාගෙන ආපු කට්ටිය නේදරෑ දේශපාලන හයිය බර තියන කට්ටියක් දරෑ”

ර්‍ණහයියක් බරක් මා දන්නෑග මිනිහ නං ඔය ගැරේජ් එකක මැකෑනික් කාරයෙක්ලුගගග ගෑනිට බයයිගගග ගෑනිනං කාරෙකේ යන්නේගගග ගව්නර්ගෙ දුව වගේගගග අපේ කොලුවගෙ පල්ලෙ ගෑනු දරුවෙකුත් ඉන්නවග හදාගත්ත එකෙක් ද දන්නෑගගග”

ර්‍ණඑහෙම කිව්වේගගගෟ”

ඒ කිව්වේග ගහක ගෙඩියක අගේ දන්නේ නැතිවුන්ට දරු ඵල තියනවද බොලෟ ඊට පස්සේ චූටියට පණිවුඩේ ඇරිය නත්තලට කලිං පායපු වෙලාවක ගහ කපන්ඩ කියලග”

ර්‍ණඔය කියන කොටම චූටිං අයියත් එන්නේ”

ර්‍ණආගගග ජුවංගග‍ග වැඩේ සෑහෙන්ඩ ඉවරයි නේදගගග මං මේ ඇක්මන් අයියට සල්ලි දෙන්නත් එක්කගගග”

ර්‍ණමම සල්ලි හදිස්සි නෑගගග ඔය සල්ලිවලින් ලුණු ඇටයක් මගේ දරුවට මුහු කරන්නේ නෑගගග නත්තලට අනාථ නිවාසෙකට උදව්වක් කරනව මිසක්ගගග මේ නත්තල් කටේ කරදරයිගගග නැත්තං ඕක උඹට දෙන්නේ නෑගගග ඉ‍රෝල මතක හිටින්න අරං තියා ගන්නවගගග”

ර්‍ණඅනේ ඇක්මන් අයියෙගගග තරහ ගියාදගගග අද ටිකක් පාවිච්චි කරල වගේගගග”

ර්‍ණචූටියෝගගග මම හොඳ දවසක තමයි බිව්වේගගග ඒත් අද මගෙ අම්ම - අප්ප නැති උන දවසක් වගේගගග ඉතිංගගග නොබී පුළුවන් දගගග

කාලකන්නි හැත්තගගග ක‍ෙඳ් ඉඳන් ගෙඩි බරවෙලාග ගමම කොස් පොළොස් වරක කාපු ගහ - කුරුල්ලො ලේන්නු වවුලෝ බඩ පුරව ගත්ත ගහගගග අද කම්මුතු වුණාගගග ඔය කාලකණ්ණි හැත්ත හින්දගගග”

උඳුවප් සුළඟ ගහකොළ අතු සොලවමින් ගොම්මන් අඳුරේ හොල්මන් මවද්දීග වැටකඩොලු තාප්ප බැදුණු දෙවැටක හුදකලා අඹ ගසක අවාරයේ ගොඩි කන්නට තරග කරන මා වවුලෝ ‘බස බස’ ගාමින් කටුගස ගසා කෑ ගසමින් කා කොටා ගැනීම ඇරඹුණේ පරිසරයම කම්පනය කරමිනිග ඒ කරච්චලයෙන් තිගැස්සීදෝ එයට සමීපව තිබෙන අඳුරේ ගිලුණු නිවසක ආලින්දයේ හාන්සි පුටුවක ඇළවී සිටි මිනිස් මායාවක් චලනය වෙමින් කෙලින් වෙන්නා සේ අඳුරේම බොඳ වෙමින් පෙනුණිග අඳුරත් සීතලත් වාතලය ආක්‍රමණය කරමින් තිබූ මොහොතේගගග දෑත පොරවාගෙන ආලින්දයේ සිටම අහස හා වට පිටාව පිරික්සූ ඒ රුව යළි නිමේෂයකින් අඩවන්ව තිබූ දොර මෑත් කරමින් නිවස තුළට රිංගනු ඒ සැණින් නිවස තුළින් අඳුරට ගලා ආ ආලෝකය තුළින් ම පැහැදිලිව පෙනුණිග

ර්‍ණප්‍රීති වේවාගගග මුළු ලෝ වාසිනිගගග ශ්‍රී ශුභ නත්තල්ගගග”

ර්‍ණමට හොඳටම නින්ද ගියාගගග අම්මයි පුතයි මක් කරනවදරෑ”

ආගගග අද වැඩ වැඩියි කිව්වනේගගග මාන්සියට නින්ද යන්න ඇතිෟ අර තේ එකත් නිවිලගගග මං මේ පුතාට කැරොල් පාඩම් කරනවගගග”

ර්‍ණකැරොල් මොන කැ‍ෙරාල් දෟ”

ර්‍ණඔයා හැන්දෑවේ සමයමක් දැක්කදරෑ මතක නැද්ද මේ ළමය දහම් පාසල් යන බවග”

ර්‍ණසමයං කොහොම වෙතත්ගගග දකින්ඩ හොඳ නැති දවසෙම ගහ කපපු තැනින් හඳ නං පෙනුණාගගඒත් බදාදා හඳ දැක්ක කියල අපට නපුරක් වෙන්නේ නෑගගග ඒ වුණාට ඔය සෙල්ලමට මගෙ කොල්ලව යවන්නේ නෑ ඕංගගග ඔය එක එකාගේ දරුවොත් එක්ක පෑහෙන්ඩග කොටින් ම අල්ලපු ගෙදර එකාගේ ළමය එක්ක කැරොල් කියන්ඩගගග”

ඕවා කරන්නේ පල්ලියෙග දහම් පාසලේ සුවාමිල සිස්ටර්ල මිසක් අල්ලපු ගෙදර ඈයො නෙමේගගග මොකක්ද මේ ‍ෛවරේගගග මේ මනුස්සය හදන්නේ අපිව පල්ලියෙන් කොං කරල මැරුණාම කනත්තත් නැති කරන්ඩද”

ර්‍ණකනත්තෟ කනත්ත බයට ද මිනිස්සු පල්ලියන්නේ එහෙනං ජේසු ස්වාමි දරුවොත් පූජකයන්ට හිතූ හිතූ දේ කරන්ඩ ඉඩ දුන්නනං - උන්නාන්සේව කුරුසෙ ඇණ ගහන්නෙත් නෑනේගගග”

ර්‍ණමනුස්සයෝගගග පොඩි දරුවන්ටත් වෛරෙ පුරුදු කරන්ඩ එපාග අර බයිබලේ තියෙන්නේග වැඩිහිටියෝ ඇඹුල් කෑවෝයග දරුවන්ගේ දත් හිරි වැටුණේය කියලගගග”

ර්‍ණගෑනියේගගග මං අල්ලපු ගෙදර එකා එක්ක මිසක් පල්ලිය එක්ක විරුද්ධ නෑගගග අපි පරංගියගේ කාලේ ඉඳල ක්‍රිස්තියානි පරපුරක්ගගග මුලින් ඒ කාලේ තිබිල තියෙන්නේ පොල් අතු පල්ලියත්ගගග ජූසේවාස් තුමාගේ කාලේ ඒක ලන්දේසි පුච්චල පස්සෙ ඉංග්‍රීසි කාලේ තමයිගගග ගමේ කබොක් ගල් කපල ඔය පල්ලිය හදල තියෙන්නේග මුල් වෙලා තියෙන්නේ අපේ පරපුරේ අයග අපේ මහප්ප රේස් කරත්ත කාරය තමයිග අපි පොඩි කාලේ ‘සෙබස්තියම් - වාසප්පුව’ ‘ගමේ පල්ලිය වත්තේ පෙන්නන්න මුල් වුණේගගග ඒව ඔය සුවාමිල දන්නවදරෑ දැන් කොහෙන්වත් ආපු පිටගංකාරයෝ පල්ලිය බදාගෙනගගග”

ර්‍ණඅනේ ළමය යවන් නැත්තංගගග ඕනෑ එකක්ගගග කෑගහන්ඩ එපාගගග ලෝකෙට ඇහෙන්ඩගගග පව් මේ ළමයත් බයවෙලාගගගපුතේගගග මගේ පුතා අම්ම ගාව නිදා ගන්නගගග”

ර්‍ණඉහිගගගඉහිඃ ඉහිඃ”

ර්‍ණඅඬන්න එපාගගග පුතේගගග තාත්තාගගගගයන්ඩ දෙයිගගග”

ගම පුරා වර්ණාලෝක අඳුරේ රටා මවද්දී පාරක් ගානේ ගස් බැඳ තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් බැති ගී හඬ ඇසෙන්නට වියග වෙඩි වරුසා සමඟ නත්තල උදාවීමෙන් දේවස්ථානයේ මැදියම් රෑ පූජාව ද යකඩ කට වලින් ම ගම පුරා පැතිර විණිග

අලුයම් යාමයේ දිව්‍ය පූජාව අවසන් වීමෙන් පසු දේවස්ථාන බිමේ ඉදිවූ දැවැන්ත වේදිකාවක් මත කල එළි බසිනා දරුවන්ගේ නත්තල් කැරොල් හා විවිධ ප්‍රසංගයේ හඬ ද රැය නිහැඩියාව බිඳිමින් ප්‍රචාරය කර හැරීමට යකඩ කටවල් සවිකර තිබිණිග

ඒ සීතල රැයේ අඳුරු පටු පාරකට දිදුලන ආලෝකයක් ගලා ආවේ දොරගුලු නොලද නිවසක් තුළ වූ නත්තල් ගහකිනිග නිවසේ සාලයේ බිම පලසක් මත වාඩිවී සිටි මැදිවියේ යුවළක් අසල බාල වියේ පිරිමි දරුවකු ද සිටිනු පෙනුණිග

වැඩිහිටි අවධානය දරුවා කෙරෙහි වුවත් එය නොතැකූ දරුවාගේ අවධානය සිය අත වූ ‘ජංගම දුරකථනයක්’ වැනි දෙයක් කෙරේ යොමු වී තිබුණේ වෙනත් තෑගි බෝග ද අසල තිබූ පසුබිමේ යග පරිසරයම නත්තල් සිරියාවෙන් ඇළලී තිබුණත් ගැහැනියගේ මුහුණේ වූයේ පරාජිත බවකිග ඔවුන් දොඩමලු වෙනු පෙනුණත් යකඩ ක‍ෙට් ඝෝෂාව ඒවා යටපත් කළා සේ වියග

රාත්‍රිය පුරා ගම දෙවනත් කළ යකඩ කටවල් පියවී තිබුණත් උදෑසන සිට ගමේ කඩ පොළ ළඟ ඇරඹි කැටපොළේ ඝෝෂාව සති පොළේ ඝෝෂාව මෙන් ගම පුරා පැතිරෙමින් තිබිණිග ‘ මද්දහන ළඟා වෙද්දී කැටපොළේ ඇසුණු ඝෝෂාව - එක්වරම නැවතීම - වට පිටාවේ ‍කාටත් ගැටලුවක් වියග කැටපොළට පොලිසියෙන් පැනලාදෟ කෝලහාලයක් වෙලා දැයිෟෟ දැනගනු වස් - නිවෙස්වෙල සිටියෝ ද - කුතුහලයෙන් ඒ දෙසට ඇදෙනු පෙනුණිග පොලීසියත් නැතෟ කලබලයකුත් නැතෟ ඇසුණේ කසු කුසුවකිග

ර්‍ණමොකද වෙලා තියෙන්නේගගග”

ඇක්මොං වැඩපළේ යාළුවො ඇවිත්ගගග සාජ්ජයක් දාගෙන ඉඳල තියනවග ගැන්සියක් - සප්පායමක් වෙන්න එතනට ගොඩ වෙලා - පොඩි කොලුව ගැන අහල තියෙනවාග”

ර්‍ණඉතිංගගග කොල්ල නැතිවෙලා දරෑ

ඉහමොලවල තෙල පත්තුවෙලාගගග ගම පුරා - කොල්ල හොයල - පස්සෙ කට්ටිය අල්ලපු ගෙදරට කඩා පැනල කොල්ලව හැංගුව කොල්ලව ඉස්සුව කියලගගග

ඉතිං කොලුව ඉඳලදගගගග ගේ කුඩු කරන්ඩ ඇතිෟ

පිස්සුදගග‍ග ඒ මිනිස්සුත් බයවෙලාගගග”

ර්‍ණගහයි කියලදගගග

ඒ ගෙදර ළමයත් නැහැලුෟ”

ර්‍ණහෑහ්ගගග යමල්ල යමල්ලග අපිත්ගගග මේ දවස් විශ්වාස නෑග කප්පං කාරයෙක් වත් ළමයි ඉස්සුවදග අතට අහුවෙන එකක් අරං යමව්ගගග නුහුරු මූණක් දැක්කොත් අරින්ඩ එපාගගග”

සුබ පැතුම් බුලත් හුරුළු වෙනුවට කඩු - මුගුරු - දෑත් - ලඳු - කනතු පිරික්සද්දී - ඇක්මන්ගේ නිවසට එක්වූ ගැහැනුන්ගේ මුවින් පිටවුණේ ද දුක් අ‍ඳෝනා යග

සුපුරුදු අමුඩය වෙනුවට - උඩට යටට ඇඳුම් ඇඳ සිටි මීහරක් බලන පේදුරු ලොක්කාගේ පැමිණීම එතැනට ශුභාරංචියේ දූතයකුට සමාන වියග නිමේෂයකිෟෟ එහි සිටි ගැහැනුන්ගේ විසිර යාමත් සමඟ දස අත විසිර ගිය පිරිස් ගල් මුල්වල හැපෙමින් එකා පසු පස එකා ඇක්මන්ලාගේ ම කුඹුරු යාය දෙසට දිව යනු පෙනුණිග

මිනිසුන් වෙලට නොබැසි එදිනේ හරකුන් ද නොමැති පාළු පසුබිමේ අසල කමතේ කුඩා මිනිස් ඡායා දෙකක් චලනය වනු පෙනුණි‍ග බාලයන් දෙදෙනකු වූ ඔවුන් එ‍කකු කොට කලිසමකින් හා බැනියමකින් ද අනෙකා ගවුමකින් ද සැරසී පෙනුණේ දෙදෙනාගේ ම ඇඳුම් බතික් දැමුවා සේ එකම පඬු පැහැයකිනිග ඒ කමතේ දිරා යන පිදුරු පැහැයට සමානවයග අත් කළු වෙලායග ඒ වෙල් මඩයග කෙලි දෙලෙන් සිටි ‍ඔවුන් එකකු අත පොල් කට්ටක් ද අනෙකා අත අමු කොළ අතු ද වියග ඒ අසලම පහුරු ගෑ පොළොවේ සිටුවන ලද පැළෑටියක් පෙනුණිග

එල්ලේ කාලයට කමතට ජන ගඟ ගලන්නා සේ ඇදී ආ සෙනඟ තෙරපා හති හලමින් ආ පුද්ගලයකුගේ හඬින් දරුවන්ගේ අවධානය ‍බිඳිණිග ඔවුන්ගේ සැහැල්ලු පෙනුම හැඬුම්බර වියග මිනිසුන් පෙරළාගෙන දිව ආ පුද්ගලයා පිරිමි දරුවා - වඩා ගෙන සිප ගනිද්දී දරුවා කෑ ගසමින් මුහුණ සඟවා ගත්තේ වැඩිහිටියාගේ රැවුල් කොට නිසාද මත්පැන් ගඳ නිසා දැයි දන්නේ දරුවා පමණක්ම වියග

ර්‍ණඅනේ තාත්තේ - අරය තමයි කොස් පැළේ ගෙනාවේග ඒක අපේ ගහේම රෝස කොස් පැළයක් ලුග”

ඒ සැනින් අනෙක් දරුවා අසලට ගිය ඔහු පහත් වී දැරිය ද එක් අතකට ගනිමින් ර්‍ණඋම්මා” කියා ඈව ද සිප ගන්නට වියග

පුතාල හොඳ වැඩක් කරල තියෙන්නේ අපි ඉක්මනට කොස් පැළේ ලොකුකර ගම්මු” කියමින් ඔහු දරු දෙදෙනා ද දෑතේ දරා උඩ පනින අතරතුරේ එතැනට දිව ආ තවත් අයකු දැක දරුවා ඔහු ‍වෙත යාමට දඟලනු පෙනුණිග

ර්‍ණආගගග දුවගේ තාත්තාගගග මෙන්න එයාගෙ දරුවාගගග

අපි නයි මුගටි වෙන්න ඕනේ නෑ - යං නත්තල් කන්නග ජේසුතුමා කියල කියනවනේ - පොඩි දරුවො වගේ නැවුම් වෙන්න කියලග”

එහෙනං සැනසිල්ලෙ බත් කටක් කමු”

වැඩිහිටි දෙදෙනා - දරුවන් වඩාගෙනම එකිනෙකා වැලඳ ගනිද්දී බලා සිටි බොහො දෙනෙකුගේ ප්‍රීති ඝෝෂා වාතලයේ පාවී යන්නට වියග ඒ සමඟම පොළොවට වැටුණු සිය ගණනක් තරම් කඳුළු කැට මිහිකත උරා ගනිමින් නැවුම් සුවඳක් පිට කළා යග පිරිස අතරේ සිටි ගස් කපන ජුවං ගේ දෑසින් ද සතුටු කඳුළු වැගිරෙද්දී - මුවින් පිට වූයේ උච්ච සීපද රාවයකිග

ර්‍ණදෙරණ සරණට වැඩියේ සමිඳුය නොදුටු සාමය අපට දෙන්නට

ලොවට දෙසුවත් අසල් වැසියට නොමැති ප්‍රේමය ඇති කරන්නට

යකඩ ගිණි ගුලි බඳු වූ හදවත් හිම වෙලා සුදු මුදු කරන්නට

ලොවේ හැම සත සාමදානය උමතුවෙන් පෙලහර පාන්නට


curtesy : http://www.silumina.lk/


Wmqgd .ekSu weiqfrks
o