19 Views  
තඹ හැළිය
උදෑසන සිට ම අහස කළු වලාකුළුවලින් වැසී ගියේ යග වටපිටාව ද පාළු මූසල නිහැඬියාවක ගිලෙමින් පැවතුණිග මා මිදුලේ සිට ගෙතුළට පිවිසියේ පාළුව තුරන් කර දමා කිසියම් කාර්යයක යෙදෙන්නට යග හදිසියේ ම ඇසුණ සුගලාගේ කෑ ගැසීම නිසා මම භ්‍රාන්ත වී බලා සිටියෙමිග හදිසියේ කැරපොත්තකු ඇඟ දිගේ දිව්වත් සුගලා මුළු ගමට ම ඇසෙන්නට බෙරිහන් දෙයිග

ර්‍ණනෝනාල තඹ හැළිය කෝරෑ ඊයෙ රෑත් මෙතන තිබුණනෙගගගග”

ර්‍ණඅපොයිෟ එහෙනම් හොරු ගෙනියන්න ඇතිග”

කාලාන්තරයක් තිස්සේ මුළුතැන්ගෙයි තැන්පත් කර තිබූ තඹ හැළියල සිරිමෙවන් විසින් එතැනින් ඉවත් කර පිටතට ගෙන යන ලද්දේ කිසිදු වග විභාගයකින් තොරව යග එහි තිබූ ලටපට ද මේ සමඟම ඉවතට ගෙන යන ලදීග

ර්‍ණතඹ හැළිය එළියට වීසිකළේ ඇයිරෑ ඔයා ඒක උස්සගෙන ඉන්නවදරෑ”

මම කෝපසහගතව සිරිමෙවන්ගෙන් ප්‍රශ්න කළෙමිග

මේ තඹහැලියේ පුරාවෘත්තය ද අතිශයින් වැදගත් වෙයිග පරම්පරා කිහිපයක සිට මහගෙදර වී තැම්බීම සඳහා එය ප්‍රයෝජනයට ගන්නා ලද්දකිග සිරිමෙවන් ගේ හඬ මගේ සිතිවිලි අඩපණ කළේ යග

ර්‍ණගෙයි බඩු පුරෝගෙන ඉන්න එක ගෙදරට ම මූසලයිග ඒ විතරක් නෙමෙයි ජනෙල් දොරවල් ඇරල දාල වාතාශ්‍රය තියෙන්න ඕනග”

ර්‍ණහොඳට හිටීවි”

එදා මා කේන්තියෙන් ඔහු හා එකට එක කීවෙමිග

මේ සිතිවිලි බිඳ හෙළමින් සුගලා යළිත් ‍කටහඩ අවදි කළා යග

ර්‍ණනෝනා සතියකට කලින් පරණ බඩු ගන්නව ආව ඉලංදාරි ළමයෙක්ග තඹ හැළිය දෙනවද ඇහුවග කොළ කැඳ හදන්න නම් අගෙයි කියලත් කිව්වෙරෑ”

ර්‍ණඉතින් උඹ මොකද කිව්වෙරෑ”

ර්‍ණඅපොයිෟ ඕක නෝනගෙ පණ වාගෙ කියල මං කිව්ව’

නිතර ම පාහේ පාරේ නා නා මාදිලියේ බඩු විකුණමින් යන අය හිස මත බඩු පුරවාගෙන අගේ ගේ පියමන් කර යතිග කිසිවකු වත්ත ඇතුළට වැද්ද නොගන්නා ලෙස මම සුගලාට තරයේ ම අවවාද කර ඇත්තෙමිග සොරකම්ල මිනීමැරුම්ල කාමාපරාධ බහුලව සිදුකෙරෙන මෙවන් වකවානුවක ගේට්ටුව ද සුරක්ෂිතව වසා තැබීම අපේ පුරුද්දක් වූයේ යග

ර්‍ණඇයි උඹ ඌව ඇතුළට ගත්තෙරෑ”

ර්‍ණවීදුරුකටු අහුලන්න ආව කීව හන්දයි ගත්තෙග වත්තත් අස්වෙන හින්ද මං හා කිව්ව නෝන”

සුගලා මා අසළට පැමිණ තවත් යමක් පැවසීමට තෙපරබාන බව මම දුටුවෙමිග

ර්‍ණමට කියන්න අමතක උණා නෝනග ඔය හාදය දෙපාරක් ම ආවනෙග ඒ සැරේ ලොකු ගෝනියට තඹහැලිය දාගෙනග මං දැක්කම ආයෙ ඒක එළියට දැම්මග”

සුගලා ඇඟට පතට නොදැනී කරන මේ විස්තරයෙන් මගේ කෝපය දෙගුණ තෙගුණ වී එයිග මේ ගැටයා ගැන මගේ සිතේ කුකුස ලියලා වැඩෙයිග

ර්‍ණ‍එහෙනම් ඌ තමයි මේක ගෙනියන්න ඇත්තෙග”

බල්ලත් ඌට පුරුදු වෙලානෙග” සුගලාගේ අමනෝඥ ක්‍රියා කලාපය සිදුවූ වින්නැහිය මට දරාගත නොහැකි සේ හදවත දවාලයිග ඇය විසින් වත්තට වැද්ද ගන්නා ලද මේ කියන පුද්ගලයා මා විසින් දැක නොතිබුණිග

ර්‍ණකොහොමද උගෙ හැටිරෑ”

ර්‍ණහරි චාටු කතා කියන්නෙග කළු ම කළුයිග ඒත් හරි අහිංසක පෙනුමක් තිබුණ නෝනග”

ර්‍ණනෝනල අපි පොලීසියට කියමුග”

ර්‍ණමට බෑ බං ඔය පොලීසිගානෙ රස්තියාදු වෙන්නග”

මා එසේ කීවද මේ තඹ හැළිය සුළු කොට තැකිය හැකි නොවන දෙයකැයි මට හැ‍ඟේග මහගෙදර මිදුලේ ඇගි අක්කා විසින් වී තම්බන ලද තඹ හැළිය අම්මා සුරක්ෂිතව ප්‍රවේශම් කරන ලද අගනා භාණ්ඩයක් බව මම දැන සිටියෙමිග එයට අබමල් රේණුවක හෝ පලුද්දක් ඇති කිරීමට අම්මා ඉඩ නොතබන්නී යග කමතේ සිට ගෝනිවල පුරවා ගෙනෙන ලද වී දෙයියන්ගේ දානය දුන් බමු ඉතිරි වී කොටස ද තම්බා ගත්ත් මේ තඹ හැළියේ යග ඇගි අක්කා වී තැම්බෙන ප්‍රමාණයට වතුර දැමීමට දක්ෂයෙකිග බුබුළු දමමින් වතුර උතුරන විට වී ඇටයේ පොත්ත පිපිරෙයිග එසැණින් ම ඕ වී ටික මාගලට දමා වේළා ගත්තී යග

වී තැම්බෙන සුවඳට මම ප්‍රිය කරමිග දුම් වලාව ඉහළට පාවෙන විට මම කිරිල්ලියක සේ ඉහළට නැඟීමට තැත් කරමිග අපේ ගෙදර වී මාගලක් වේළෙන්නේ නැති දවසක් නැති තරම් යග හොඳට වේළුණ පසු විලුඹෙන් රවුමට තීප්පයක් සේ කර කැවී මාගලේ පුපුරා ඇති වේළුණ සහල් ඇලය දතින් හපා තරම දැනගෙන වී මාගල අකුළා ගෙට ගන්නේ පළපුරුද්දෙන් යුතුවයග

අම්මා තඹ හැළිය පිටතට ගෙනයාමට කිසිවකුට නොදෙන්නීයග ඇගි අක්කා ද මහාර්ඝ වස්තුවක් සේ එය සුරකින්නී යග

අම්මාගේ මරණයෙන් පසු මහගෙදර සිට ගෙනෙන ලද වටිනා බඩු භාණ්ඩ අතරට මේ තඹ හැළිය ද එක්වී තිබිණග කුඹුරු වැඩ කිරීමේ අපහසුව නිසා මහගෙදරින් වී ගෙන ඒමද නතර වූයෙන් තඹ හැළියේ රාජකාරිය නිමවූවා සේ පෙනෙන්නට තිබුණිග එය පිටතට දැමීම සොරාගේ සොරකමට අත දීමක් වූයේ යග

සිරිමෙවන් හා මා අතර වූ වාග් ප්‍රහාරයෙන් පසු චිත්ත වේදනාව බලවත් වූයෙන් මම නිහඬ වූයෙමිග පරණ බඩු කිසියම් මුදලකට විකුණා ගත හැකිව තිබුණ ද ඉන් ලබන මුදලට වඩා තඹ හැළිය කෞතුක වස්තුවක් ලෙස මම අගය කළෙමිග

මුන්නේශ්වරම් පෙරහැර කාලයට හලාවත නගරයම සල්පිල් බහුලව උත්සවශ්‍රීයක සිරි උසුලයිග මා පුංචි කාලයේ අම්මා විසින් මේ තඹ හැළිය ගෙනෙන ලද්දේ ඉතා සුළු මුදලකටයග

කෙමෙන් කෙමෙන් සොරා ගැන හෝ තඹ හැළිය ගැන මතකය අපේ සිත් වලින් ඉවත් වී තිබුණිග හදිසියේ ම සුගලා මා වෙත පැමිණ හොර ගල් අහුලන්නට වූවායග

ර්‍ණනෝනාල අර හොරා මෙහේ කෙනෙක් නොවෙයිලුග”

ර්‍ණඋඹ කොහොමද දන්නෙරෑ”

ර්‍ණබෝතල් එකතු කරද්දි මාත් එක්ක කිව්වග”

මම විස්මිත ව ඇය දෙස බලා සිටියෙමිග ඈ වරදක් කළ එකියක‍ සේ මල් ගසක අත්තක් කොනහන්නට වූවා යග

ර්‍ණදෙයියනේල ගෑනියෙ උඹ ඔයින් බේරුණා ඇතිග”

පුවත්පත්වල සිදුවන භයානක සිදුවීම් මගේ දෙසවන් හා ගැටෙයිග ඒ අනුව බලනවිට නන්නාඳුනනා මේ පිටස්තරයාගෙන් අප බේරී ඇත්තේ අනූනවයෙන් යැයි මට සිතෙයිග

මේ අතර දිනක අහල පහළ අය මහත් කලබලයෙන් යුතුව එහා මෙහා යන අයුරු දක්නට ලැබුණාග සුගලා යමක් කියන්නට මා ඉදිරියේ පැකිළෙන බව මම දුටුවෙමිග

ර්‍ණනෝනාල මේගගගග අරගගග” ඇගේ මුහුණේ තැති ගැන්මක ස්වරූපයක් පළවිණිග

ර්‍ණඇයිගගග අදත් කවුරු හරි ආවදරෑ”

ර්‍ණඅර පරණ බඩු එකතු කරන්ඩ එදා ආව ඉලන්දාරියව පොලීසියට අරන් ගියාග”

ර්‍ණආෟ ඇත්තදරෑ එහෙනම් ඒ මනුස්සයම තමයි අපේ තඹ හැළියත් අරන් යන්ඩ ඇත්තෙග”

මේ පුද්ගලයා දැක ගැනීමට ද මහත් ආශාවක් මගේ සිතේ නළියයිග නිවැරදිකරුවන් පොලීසියට කොටු වන විට වැරදිකරුවෝ පොලීසියට හසු නොවී කට්ටි පනිතිග

ර්‍ණඅපේ බඩුත් ඇති නෝනා” එක එක දේවල් වලින් මේග හිස ඔද්දල් කරමින් සුගලා චුරු චුරු ගායිග

ර්‍ණමම දැන් ඕව අමතක කරල ඉවරයිග” කියවමින් සිටි පොත පසෙක තබා මම වේගවත්ව ඇයට පැවසුවෙමිග එහෙත් තත්පරල පැයල ගණන් ගත වන විට හොරා බැලීමේ ආසාව ද මගේ සිතේ නලියන්නට වියග තඹ හැළියේ පලහිලව්වට මේ පුද්ගලයා සම්බන්ධ වී ඇත් දරෑ යන්න නිගමනය කළ හැක්කේ සුගලාට පමණ යග සත්ව උද්‍යානවල කූඩුවේ දමා ඇති සතුන් නැරඹීමට යන්නා සේ මේ සිරකරු නැරඹීමට සෙනඟ ද රොක් වූහග මම ද නුදුරින් පිහිටි ‍පොලීසිය වෙතට පා තැබුවේ සුගලාගේ ද අතින් ඇද ගෙනයග ඒ ද දෙගඩියාවෙනිග

මා පොලීසියට පය ගසා ඇත්තේ එක ම එක වතාවක පමණ යග අපට සහායවන අය සොයා බැලීමට පන්තියේ සිසු දරුවන් සමඟ පොලීසිය වෙත පා තැබීමට මට සිදුවියග එහි ඇති කර්කශ බව මැඩලමින් ඔවුහු ඉතා ළෙන්ගතුව අප හා සුහදව කතාබස් කළෝයග එය අපට නෑ ගමනක් වූයේ යග ඒත් අදගගග එය කටුක අත්දැකීමක් වනු ඇතග

සුගලා සමඟ මම සිරකූඩුවට මඳක් නුදුරින් සිටියෙමිග සිර මැදිරියේ සිටින ගැටවරයා කාල වර්ණයෙන් යුතු වුවද ඔහු තුළ සිත් ඇදගන්නා ප්‍රසන්න පෙනුමක් දක්නට ලැබිණිග ඔහුගේ විඩාපත් ‍මුහුණල අවුල් වූ කෙස් කලබ නොසැලකිලිමත් ලෙස දවටා ගත් ඇඳුම යන මේ සියල්ලේ ම සංකලනය නිසා ඔහු කෙරෙහි අසරණ විලාසයක් දක්නට ලැබිණග බිමට යොමුකරගෙන සිටි මුහුණ හරවමින් ඉලක්කයක් නොමැති හිස් බැල්මෙන් හෙතෙම බලා සිටියේ යග

 

කිසියම් දුටු පුරුදු මතකයක් මගේ සිහියට නැඟුණේ ඉබේ ම යග මගේ ජීවිත කාලය පුරාම තරුණ මුහුණු මා කෙතරම් දකින්නට ඇද්දරෑ ඒ සියල්ල ම එකට සංකලනය වී දක්නට ලැබුණ කිසියම් සංසාරික ඉවක් ‍ෙම් මුහුණේ සැඟවී ඇතැයි මට සිතිණිග තරුණයා ඔහුගේ මුහුණට අහිංසක සිනාරැල්ලක් නඟා ගත්තේ සුගලා ඔහුගේ දර්ශන පථයට යොමුවනවාත් සමඟ ම යග

ර්‍ණආෟ නෝනාගගග මේගගග මේගගග අරගගග අරගගග” සුගලා මගේ අත තරයේ ම අල්වාගෙන කිසිවක් පවසන්නට උත්සාහ කළා යග එහෙත් තඹ හැළියේ සොරාත් ඔහු ම යැයි පූර්ව විනිශ්චයක යෙදෙන්නට මම මැළි වූයෙමිග එහෙත් ඒ ගැන සුගලා වෙතින් තීන්දු තීරණ දෙන්නට නම් ඇති ඉඩකඩ ‍බොහෝ යග නිවැරදිකරුවකුට වරද පටවා දඬුවම් විඳීමට සිදු වුවහොත් එය මගේ හෘදය සාක්ෂියට පටහැනි‍වනු ඇතග අනතුරුව ඔහු‍ගේ කුහුලින් පිරි දෑස යොමු වූයේ මා වෙතට යග මා දන්නා හඳුනන බවක් ඔහුගේ ඒ බැල්ම තුළ වීයග දෙතොල් සැලිණිග සිරකූඩුවේ කෙළරවට පැමිණි ඔහු මා වෙත අසරණ විලාසයෙන් බලා සිටියේ පාවොච්චාරණයක යෙදෙන්නට ආසන්නවූ අයකු සේ යග

ර්‍ණමිස්ල මම ජයදේවග”

ඒ කටහඬ වා තලය සිසාරා ඒක නින්නාද වන්නාසේ මට හැඟී ගියේයග මෙවන් දරුවන් මට කොතෙකුත් හමුවී ඇති නිසා මොහුගේ ද අපූර්වත්වයක් නුදුටිමිග

එහෙත්ගගග මේ සිරකරුවෙකිග ඒ සමඟ ම සුගලා කේන්තියෙන් ඔහු වෙතට කඩා පැන්නා යග

ර්‍ණඋඹ නේද අපේ වත්තට ආවෙ පරණ බඩුල බෝතල් කටු ගෙනියන්නග”

ර්‍ණඔව්ෟ අක්කේල මට සමාවෙන්නග” තරුණයා මාරුවෙන් මාරුවට සුගලා හා මා වෙතට බැල්ම යොමු කළේයග

ර්‍ණමිස් මංගගග” ඔහු මා වෙතට යොමු කළේ බැගෑපත් බැල්මකිග

ර්‍ණමට මතකයි මිස් අපට සිංහල සාහිත්‍ය පාඩම ඉගැන්නුව” මිස් මුලින් ම ආව දවසෙ කටු අත්තක් ගෙනල්ල ඇඟට දැම්මෙ මංග”

අපූරු මතකයක්ෟ දෙමාපියන්ගේ ආදරය රැකවරණය අහිමි වූ දරුවන් ඉගෙන ගන්නා ඒ පාසලට හා පුරා කියා පය තැබූ මොහොතේ මේ කොලුගැටයා විසින් කරන ලද දඩබ්බරකම මගේ සිතට පිවිසියේ කතා පුවතක් තිරයේ දිග ඇරෙන්නා සේ යග ඊළඟ දවසේ තවත් දරුවෙක් මගේ උපැස් යුවළ කඩා දැමුවේයග

ර්‍ණඇයි ජයදේව මෙහෙම උණේරෑ”

ර්‍ණඒක දිග කතාවක්ග”

හෙතෙම නළල රැළි නංවා සුගලා දෙස බලා ප්‍රශ්න කළේ යග

ර්‍ණඅක්කේල මේ මිස්ලගෙ ගෙදර ද ඔයා ඉන්නෙරෑ මම හරි පව්කාරයෙක්ග” ජයදේව පාපෝච්චාරණයේ යෙදුණේ පොලිස් නිලධාරීන්ට නොව මා ඉදිරියේ යග

මා මුල් ම පත්වීම ලැබූ මීගස්වැව පාසලේ ජයදේව ඉගෙන ගත්තේ තරමක දඟවැඩවලට ද ප්‍රසිද්ධ වෙමින් යග එය අමුතු ම මාදිලියේ ඉගැන්වීම් රටාවකින් වැඩ කටයුතු කළ පාසලක් වූයේ යග සෙසු දරුවෝ ද ජයදේව වැනිම ගති ලක්ෂණ වලින් හෙබි දරුවෝ වූහග හේතු රහිතව ම පියා ද මව ද ජයදේ‍වගෙන් දුරස් වූයේ මිත්තණිය ළඟ ඔහු තනිකර දමමින් යග ජයදේව පන්තියේ සියලු ම ගැහැනු ළමයින්ගේ බඩු කඩා බිඳ දැමුවේයග මට කටු ඔටුන්නක් පැලැඳුවද මේ කොලුවාට මගේ බත්පතේ විශේෂ කෑමක් පරිත්‍යාග කිරීමට මම පුරුදු වී සිටියෙමිග බාහිර වැඩවලදී ජයදේව ප්‍රමුඛස්ථානයක් ගත්තේ යග හිංසාකාරී ක්‍රියාවලියක යෙදෙන විට ආදරයෙන් අවවාද කර මම ඔහුව මුදා ගතිමිග මීගස්වැව පාසලෙන් මා ස්ථාන මාරුව ලැබ සමුගන්නා දිනයේදී ළමයි බුලත් අත් රැගෙන පේළියට මා වෙත ආවෝයග ජයදේව දෙනෙත් අග රැඳුණ කඳුළින් යුතුව මා අසල දැවටෙමින් සිටියේයග ඔහුගේ මිට මෙළවුණ අතක කිසියම් දෙයක් සඟවා තිබෙන අයුරු මම දුටුවෙමිග

ර්‍ණමිස් මේක තියාගන්නග”

ර්‍ණමොකක් ද මේ”

ර්‍ණආත්තම්මගෙ පෙට්ට‍ගමේ තිබුණාග”

ර්‍ණආෟ සාරි කටුවක්ග”

එය රිදී සාරි කටුවකිග ප්‍රතික්ෂේප කිරීමෙන් ඔහුගේ සිත තැළී යා හැකියග මෑතක් වනතුරු ම මගේ ලාච්චුවක තිබී එය ඉවතට වීසිකළා මට මතකයග මම යළිත් අතීතයට එක්වූ ඒ සුන්දර මනෝ ලෝකයෙන් මිදී දෙනෙත් අබියස වූ කර්කශ ලොවට පිවිසියෙමිග

ර්‍ණඔයා මට ඇත්ත කියන්නග තඹ හැළිය විකුණල කීයක් ද ගත්තෙරෑ”

ර්‍ණරුපියල් සීයයිග”

ර්‍ණඇයි මෝඩයොල ඒකෙ වටිනාකම දැනගත්තෙ නැද්දරෑ” මගේ මුවින් ඒ වදන් පිටවූයේ ඉබේ ම යග

ර්‍ණමට සමාවෙන්න මැඩම්ග”

දැන් වැඩුණ තරුණයකු වී සිටින ජයදේවගේ පිරිපුන් දේහය අර පන්තියේ ඉගෙනුම ලැබූ සිසුවා ගේ මුහුණුවරට නෑකම් කියන බව මට පෙනේග

ර්‍ණමීට පස්සෙ කිසිම නරක දෙයක් කරන්නෙ නෑ කියල මට පොරොන්දු වෙන්නග”

ර්‍ණඅද මොකටද මෙහේ ආවෙරෑ නෑගම් ආවදරෑ”

ඔහුගේ මුහුණට සිහින් සිනාරැල්ලක් නැඟිණිග

ර්‍ණමාලයක් කඩා ගත්තග”

ර්‍ණකෝ මාලෙරෑ”

ර්‍ණපොලීසියෙගග”

මම සිරකූඩුවේ පොලු අතරට මුහුණ ඔබාගෙන සිටින ජයදේව නම් ශිෂ්‍යයාගේ දෑත මත දෑත තබන්නට නිරර්ථක වෑයමක යෙදුණෙමිග

ර්‍ණඔයාට යන්න එන්න තැනක් නැත්නම් අපේ ගෙදර එන්නග හැබැයිගගග හොඳ මිනිහෙක් වෙලාගගග පාර මතකයිනෙග අර තඹ හැළිය තිබුණ ගෙදරග මට දරුවො නෑග”

මා දැන් සුගලා සමඟ නිවස කරා යා යුතුයග එහෙත් එයට පෙර මා පිය නැඟුවේ පොලීසියේ ලොකු ම ලොක්කා වෙතට යග

පියසීලි වි‍ජේනායක

curtesy : http://www.silumina.lk



Wmqgd .ekSu weiqfrks
o