18 Views  

සඳ එළියට පෙර අඳුර ගලා ආවේ නැ‍ඟෙනහිර පැත්තේ සිරීපාද කඳු ඉස්මත්තේ සිටයග ගමේ ඉහැත්තෑවේ මිනිස් වාසයෙන් තොර වන අඩවියේ ඉක්මනින් අඳුර පැතිරිණග දිවා කාලය පුරා වෙහෙස වී සිටි කුරුල්ලෝ කොතැනක හෝ තැනූ කැදලි වෙත පියඹා අතුරුදහන් වූහග ගොම්මනේ අඳුර ගං සභා පාර දිගේ පැමිණ ලොකු මහත්තයාගේ නිවසේ මිදුලේත් ඉස්තෝප්පුවේත් හෙමිහිට පැළපදියම් වියග මඳ සුළ‍ඟේ තිබුණේ හීතල රුක් මල් සුවඳකිග

සුදු හාමිනේ චිමිනි ලාම්පුව දල්වා හඬක් නො නැ‍ඟෙන්නට ජනෙල් පියන්පත් වසා දැමුවායග හාංසි පුටුවේ දිගැද්දී දෙනෙත් පියාගෙන සිටින ලොකු මහත්තයාට බාධාවක් නොවන්නට ඇය වගබලා ගත්තායග

ර්‍ණසුදු හාමිනේ” ලොකු මහත්තයා හෙමිහිට කතා කළේයග

ර්‍ණමං හිතුව අපේ මහත්තය නිදි ඇතිය කියලග”

ර්‍ණනිදා ගන්තෙ නෑ සැහැල්ලුවට හිටියග”

අද ලොකු මහත්තයාගේ හැත්තෑනම වෙනි උපන් දිනයයිග සුදු හාමිනේ කිරිබතක් උයා උදෙන් ම ලොකු මහත්තයා අවදි කළා යග

ර්‍ණඋපන් දිනය හින්ද කිරිබත් කෑල්ලකින් සප්පායම් වෙලා ඉමු අපේ මහත්තයග”

රෑ තුන් තිස් පැයේ නින්දනොයන නිසා ලොකු මහත්තයා තේ කහට බොමින් සැර නැති බුලත් විට සපමින් දෙතුන් වරක් කියවා ඇති තමා ගේ පොත් අල්මාරි දෙකින් කෙබඳු හෝ පොතක් රැගෙන කියවයිග ඔහුගේ ගණැති උපැස් යුවළින් තවමත් කියවිය හැකියග

ර්‍ණරෑට බත් කනවද ඉදියාප්ප තම්බන්නදරෑ”

ලොකු මහත්තයා බැලුවේ තමාට වඩා අවුරුදු විස්සකින් බාල තම බිරිය සුදු හාමිනේ දෙසයිග තමාගේ හිස කෙස් සහමුලින් ම ගැල වී ගියත් ඇය ගේ කොණ්ඩය තවමත් දිගැතියග ඉඳහිට සුදු කෙසින් යුතුයග ඇගේ වටකුරු දෙනෙත් මහලු වියෙන් දුරස් යග

ර්‍ණබත් කටක් දෙකක් කාල පස්සෙ කෝපි කෝප්පයක් බොමුග”

සුදු හාමිනේ කුස්සියට ගිය පසු ලොකු මහත්තයා සැරයටිය ගෙන ගමන් කළේ මැද සාලයටයග එහි දැල් වූ පහනින් ඔහු බලා සිටියේ මෙයින් අවුරුදු තිස් නවයකටපෙර ගත් තමාගේ මඟුල් පින්තූරය දෙසයග උඩට පීරූ කොණ්ඩයෙන් යුතු ලොකු මහත්තයා හැඳ සිටියේ කළු කබායක් සහ ටුවිට් රෙද්දකිග සමීපයේ සිටින්නේ මල් පොකුරක් අතින් ගත් ඔසරියකින් යුතු විසි හැවිරිදි සුදු හාමිනේයග ඇය සැබැවින් ම පියකරු යග

හැම උපන් දිනයකදී ම ‍ලොකු මහත්තයා තමා‍ ගේ අතීතය සිහිපත් කිරීමට කැමැතියග ගුරු පත්වීම ලබා ගන්නා තෙක් ඔහු තරුණ විය ගෙවා දැම්මේ සිරීපාද අඩවියට අයත් ගම්මානයේයග උදේත් හවසත් මීදුමින් වැසී යන කඳුවැටි සමීපව පිහිටි ගමේ යෞවනය හැම අතින් ම ප්‍රිය මනාපයග යෞවන‍යේ පැහැබර මතකයන් එහි විසිරිලායග එහෙත් තමා සමඟ ගමේ කරක් ගැසූ සගයන්ගෙන් කීප ‍දෙනෙකු දැන් මිය ගොස් හමාරයග නැත්නම් ගමෙන් වෙන් වී දරුවෙකුගේ හෙවණේයග ඒත් නැත්නම් ඔත්පලව එක් තැන් වෙලායග

ගුරු පත්වීමෙන් දස වසරකට පසු කටුකුරුන්ද ගුරු ඇබෑසි විදුහලේ පුහුණුව ලැබූ ලොකු මහත්තයා පාසල් දෙකකින් පසු මුල් ගුරු පත්වීම ලැබුවේ නුවර පැත්තේ පාසලකටයග කුඩා ගුරු නිවාසයේ තනියෙන් සිටි ලොකු මහත්තයා කෑම ගත්තේ පාසල් වත්තට මායිම් වූ ගෙදරකිනිග අහිංසක ගැමි ගෙදරක් වූ එහි සිටි දැරියන් තිදෙනාගෙන් වැඩිමලා සුදු හාමිනේ වියග ඉඳහිට දකින ඇය නිසා පිබිදුණු හැඟීමෙන් යුතු ලොකු මහත්තයා දිනක් ඇගෙන් මෙසේ ඇසුවේයග

ර්‍ණමට ඔහේත් එක්ක කතා කරන්න ඕනැග”

ර්‍ණමොනව ගැනද මහත්තයාරෑ”

එදින බාල නංගීත් සමඟ අඳුර වැටෙන්නට පෙර රාත්‍රි ආහාරය ගෙනාවේ සුදු හාමිනේ යග ඇගේ සිතේ වූයේ ගැහැනියකට උරුම ක්ෂණික කුතුහලයෙකිග

ර්‍ණමං ඔහේට වැඩිය අවුරුදු විස්සක් වයසයිග ඒත් මං ඔහේට මනාපයිග”

තම නැගණිය දෙස බලා තිගැස්සුණු දෙනතින් ලොකු මහත්තයා දෙස බැලූ සුදු හාමිනේ කතා කළේ බිම බලාගෙනයග

ර්‍ණඅප්පච්චිගෙන් අහන්නග”

සුදු හාමිනේ විවාහ කරගත් ලොකු මහත්තයා වෙනත් පාසලකට මාරු වී ගියේයග එතැන් සිට ඔහු විශ්‍රාම යන තෙක් සුදු හාමිනේ සමඟ වාසය කළේ ගුරු නිවාසවලයග

තමාට දරුවෙකු පරිත්‍යාග නොකළත් සුදු හාමිනේ ලොකු මහත්තයා සමඟ ගිය හැම පාසලක ම පුංචි දරුවන්ට නොමසුරුව සංග්‍රහ කළායග ඒ නිසා ම දරුවෙකු නැති අඩුව ඔවුනට නොදැනුණිග

ලොකු මහත්තයා විවේක හැම අවස්ථාවකදී ම කළේ තමා පුහුණුවෙන් ලබාගත් දැනීමට වඩා දැනීමක් සොයා යෑමට යග ඔහු බොහෝ පොත පත කියවීයග මොන දුෂ්කර පළාතක සිටියත් ඔහු පුවත්පත තැපෑලෙන් හෝ ගෙන්වා ගත්තේයග අ‍ෙට් පන්තිය දක්වා උගත් සුදු හාමිනේ බොහෝ දැනුමැති තම ස්වාමියා ගේ ජීවිතයට එරෙහි නොවූවායග ඇය ගුණ ගරුකව විනීතව ප්‍රිය මනාප ලෙස තම උගත් ස්වාමියාට ගෞරව පූර්වක වූවායග

විශ්‍රාම ගැනීමෙන් පසු ලොකු මහත්තයා තම මාමා කෙනෙකුට බලා කියා ගන්න දී තිබූ කිසිවෙකු නොසිටි මහ ගෙදර පදිංචියට පැමිණියේයග එහි කාමර තුනක් වසා දමා තිබුණිග විවාහයෙන් පසුව සුදු හාමිනේ නිදා ගත්තේ ලොකු මහත්තයා සිටි කාමරයේ වෙන ම ඇඳකයග එහෙත් විශ්‍රාම ගැනීමෙන් පසු වෙන ම කාමරයකට නිදා ගැනීමට ගියේ තම ස්වාමියාට නිදහසේ සිටීමට ඉඩ හසර ලබා දෙන්නටයග

සාම්ප්‍රදායික ආචාර සමාචාරවලින් යුතු කුටුම්බයක ඇවැතුම් පැවැතුම් පිළිබඳව මෙහිදී විග්‍රහ කළ යුතු නැතැයි අපි විශ්වාස කරමුග සැබැවින් ම ලොකු මහත්තයා ආවේගශීලී හැඟීම්වලට නැඹුරු වී නොසිටියේ යග ඔහු තම බිරිඳ ගැන සිතුවේ අඳුරේදීයග ඔහු ඇගේ නිරුවත් කය දුටුවේ සිතින් යග උණුසුම් අත්‍යන්ත සිප වැලඳ ගැනීමකට නොපෙලඹුණු ලොකු මහත්තයාගෙන් එයින් එහා යමක් සුදු හාමිනේ ද නොපැතුවායග

සුදු හාමිනේ සිතුවේ තම ස්වාමියා හැම අතින් ම සම්පූර්ණ බව යග ඔහු නිසා තමන් පවුලේ අනෙක් කිසිවෙකුටවත් අත් පත්කරගත නොහැකි සමාජ තත්ත්වයක්ල අත්පත්කර තිබුණිග පිටස්තර හැම කෙනෙකු ම ඇයට ආමන්ත්‍රණය කළේ ලොකු හාමිනේ හෝ නෝනා මහත්තයා කියායග එහෙයින් සාම්ප්‍රදායික පතිනියක සතු ස්වාමියා නො ඉක්මවන බවක් ඈ තුළ වියග

රාත්‍රී ආහාරයෙන් මඳ වේලාවකට පසු සුදු හාමිනේ කෝපි කෝප්පයක් ලොකු මහත්තයාට රැගෙන ආවායග එය ඇය ගේ දෛනික චාරිත්‍රයකිග

ර්‍ණසුදු හාමිනේ” ලොකු මහත්තයා ඇ‍ඳේ සිට ම කතා කළේයග ඇය ගේ ගෙදර අයත් බාලකාලයේ සිට ඇයට කතා කළේ ඒ විදිහටමයග

ර්‍ණඇයි අපේ මහත්තයරෑ”

ර්‍ණමේ ඇ‍ඳේ වාඩිවෙන්නකොග”

ර්‍ණමෙහෙම හොඳයි” ඇය කිසිම දිනෙක නිවසේ දී ලොකු මහත්තයා සමඟ එකට වාඩි වී නොමැතග

ර්‍ණවාඩි උණා නංග”

ලොකු මහත්තයා පහනේ එළියට හසු වූ තම බිරිය සුදු හාමිනේ ගේ මුහුණ දෙස බලා සිටියේ යග පනස් නව හැවිරිදි ඇය තුළින් ඔහු දකින්නට වෑයම් කළේ ප්‍රථමයෙන් හමු වූ විට දුටු ඇගේ වත යග

ර්‍ණඇයි මට කැමති වුණේරෑ” ලොකු මහත්තයා සන්සුන් යග

ර්‍ණමං දන්නෙ නෑග මට එහෙම හිතුණාග”

ර්‍ණසුදු හාමිනේට මං ගැන ආදරයක් හිතුනෙ නැද්දරෑ”

ලොකු මහත්තයා කිසි දිනෙක නොඇසූ එම ප්‍රශ්නය ගැන සුදු හාමිනේ අලුතින් සිතුවායග ඇය ඉක්මනින් කතා කළායග

ර්‍ණනැත්නම්රෑ”

ලොකු මහත්තයා තම වියපත්බව පිළිබඳව සිතුවේ කම්පාවෙන් නොවේග සමීපව එන තමාගේ අවසාන ඉරණමට ඔහු අකැමැති නැතග

ර්‍ණමං මියෑදුණු දවසක සුදු හාමිනේ මේව විකුණල ගමට යනවදරෑ”

ර්‍ණඑහෙම කතා අහන්න එපා අපේ මහත්තයග”

ර්‍ණනෑ මට හිත හදාගෙන මැරෙන්න ඕනැග”

ර්‍ණමං මැරෙන කං මෙහෙම ඉන්නවග තනියට ලොකු නංගිගෙ පොඩි දුව එක්ක එනවාග”

ලොකු මහත්තයා නිශ්චිත හැඟීමෙන් මොහොතක් බලා සිටියේයග

ර්‍ණසුදු හාමිනේ”

ර්‍ණඇයිරෑ”

ර්‍ණපානෙ දැල්ල අඩුකරල ජනේලෙ අරින්නකොග”

ර්‍ණඇයිරෑ”

ර්‍ණසුදු හාමිනේග මං කවද හරි මියෑදෙන කං මාත් එක්ක මේ ඇ‍ඳේ ම නිදගන්නග”

මඳ ඇඳිරිය සහිත කාමරයට දැන් මෝදුවන සඳ එළිය වැටේග සඳ මල් සුවඳින් යුතු සුළඟ සමඟ කැටුව ආ සඳ එළිය මෘදුයග හැබෑවට ම හීතලය

curtesy : silumina.lk


Wmqgd .ekSu weiqfrks