19 Views  
රත්තරං අප්පච්චි
ආදාහනාගාරයේ දුම් කවුළුව තුළින් හිස් අහසට මුසුවන දුම් කැරලි දේවි බාලිකා විදුහලේ පියස්ස කරා ඇදෙමින් තුන්වන අයුරු කඳුළු අතරින් දකින අනෝමාගේ මතක පුස්කොළ පොත සිසාරා කළු මැදෙන්නේ ඇයටත් නොදැනෙන පරිද්දෙනි‍ග

සිය මව මිය ගියදා පටන් ඇය වසාගත් දැවැන්ත සෙවණැල්ල දැක්මට වාසනාවක් මින් මතු ඇයට නොවන්නේ යග පස්වෙනි ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් ව විදුහලේ සවැනි ශ්‍රේණියට ඇතුළු කළ මුල් දිනයේ අනෝමා තම අප්පච්චි කැටුව විත් පාසල් භූමියට අවත‍ීර්ණ ව‍ූ ගේට්ටුව නෙත් ඉසව්වේ රැඳී ඇතග ඇයට ඉකිගසා හඬන්නට සිත් දෙයිග ඒත් අවමංගල්‍යයට සහභාගි වූ හත් අට දෙනා අබියස වුව ද එවැන්නකට රිසිසේ ඉඩදීම තම සමාජ තත්ත්වයට නොගැළපෙන්නක් බව ඇයට සිතෙයිග බුර බුරා නැගෙන දුක් ගින්නෙන් පෙණහලු පුපුරා යනු ඇතැයි ඇයට තවත් විටෙක සිතුණිග

වයිතාලෙම අවදිව තිබ‍ූ ගවුම් දෙකින් වඩා සුදුවට තිබුණ ගවුම් තොගය හැඳ අලගල්ල හන්දියට පැමිණ බස් රථයක නැග සිය ජන්ම පෙදෙස අතහැර සිදාදිය කරා එළඹි ඒ දීර්ඝ වන්දනා ගමනේ තවත් මංසන්ධියක අනෝමා කුමාරිහාමි දැන් ස්ථානගත ව හිඳින්නීයග හීන්බණ්ඩාගේල එනම් අනෝමාගේ රත්තරං අප්පච්චිගේ අවසාන මොහොතේ එක ද ඥාතියකුවත් නැතග ගමේ එක ද ඥාතියකුටවත් මරණය පිළිබඳ ව දැනුම් දීමක් ඇයට අවශ්‍ය වූවේ ද නැතග ධර්මාශෝක මහලු ම‍ඩමේ අවසාන කාලය ගත කළ හීන්බණ්ඩාගේ මෘතදේහය පෙර දින තිබුණේ කනත්ත අසළ පුද්ගලික මල්කරුවකුගේ පියස්ස යට යග බුර බුරා නගින සෝ ගින්න හමුවේ සිය පියාට තමාගෙන් ඉටුවිය යුතුව තිබුණ යුතුකම් ඉටුකරන්න අපොහොසත් වුණා නේද යන සිතුවිල්ල දඩබල්ලන් රැළක් සෙයින් ඇයට වද දුණිග

දේවි බාලිකා විදුහලින් සරසවියට පිවිසි ඇය කොළඹ දිස්ත්‍රික්කයේ දක්ෂතම ශිෂ්‍යාව ලෙස කිරුළ පැලැන්දා යග හැමට ම කුලි කුරක්කන් කොට එකතු කර මඩිස්සලේ ගසාගත් හැම දොයිතුවක් ම සිය දියණියගේ මතු දියුණුව වෙනුවෙන් කැප කළ සද්ගුණවත් පියකුගේල හදවතක් නැත්තියක කරන දෙයක් නේදැයි අනෝමාගේ පපු කැනැත්ත දොස් තැබුවේ යග තමාගේ ඇට මිඳුළු තුළ කිඳා බැස ඇති අප්‍රතිහත ධෛර්යය උරුම වූයේ සිය අප්පච්චිගෙන් නේදැයි ‍අනෝමාට සිහිගැන්වීමට පරණවිතාරණයන් මළවුන්ගෙන් නැගිටින්නට අවැසි නැතග නිදි වරමින් පහන් කළ රාත්‍රිගොන්න ඇය ව සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම්වරිය දක්වාම කැන්දාගෙන ආවේ යග

එක් දිනයක අනෝමාගේ පියා තුවා කඩක් කරේ දමාගෙන ඇය ව බැහැදකින්නට පැමිණියේ යග ර්‍ණමැඩම් කවුද මනුස්සයෙක් ඇවිල්ලගගග ගමෙන් අයෙක් වගේ පේන්නේ තුවායකුත් කරේ දමාගෙන” ඒ සිය අප්පච්චි වෙන්නට ඇතැයි අනෝමා කුමාරිහාමි ඉවෙන් මෙන් දැන ගන්නී යග

ර්‍ණආ ඇත්ත දරෑ අපි පොඩිකාලේ හිටපු ගමේ කවුරුහරි වෙන්නැතිගගග මෙන්න මේක දීලා යන්න කියන්නග මම දැන් හුඟාක් බිසිගගග” වායු සමීකරණය කළ සිය කුටියෙන් ඇය එළියටවත් ආවේ නැතග

හීන්බණ්ඩාට අතපත වෙහෙසව වැඩක යෙදෙන්නට අපහසු වුණ අවස්ථාවේ ඇය කළේ ඔහු ව මහලු මඩමක ගාල් කිරීම යග කුකුළු මස් කිලෝ හත අටක් එකවර ශීතකරණයට ඇතුළු කරන අනෝමාල සිය පියාහට සුප් කැටයක්වත් මිලට ගැනීමට බැරි තරමින් නිර්ධන වූවා යග

සරසවි සමයේ ඇය දුගී පන්තියේ ඉටු දෙව්දුවක් වැනි යග අනෝමා කාන්තා විමුක්තිය වෙනුවෙන් ද නිබඳ සටන් කළා යත ‘උදේනි’ යන ආරූඪ නමකින් වාමාංශික පුවත්පත් සඟරාදියට ලිපි ලියා කම්කරු පන්තියට මාක්ස්වාදයත්ල ලෙනින් වාදයත් පතුරුවා හැරියා යග

දැන් ඇය කම්කරු ජනතාවට විරුද්ධ ව ප්‍රතිපත්ති සැලසුම් කිරීමට බැඳී සිටින්නී යග හොර සුරා විකිණීමෙන් ධනවතකු වූ සිය ඇමැතිතුමාගේ උපදෙස් පිළිපදින්නීයග කම්කරු සටන් මැඩලීමට සුරා විකිණීමෙන් ධනවතකු වූ සිය ඇමැතිතුමාගේ උපදෙස් පිළිපදින්නීයග අයිගආර්ගසීග කාරයන් යෙදවීමේ උපාය මාර්ග සොයා බලන්නී යග මේ කිසිඳු විෂයයක් ගැන ඇගේ සැමියා නොදන්නේ යග ඉතා ධනවත් ලී මෝල් හිමියකුගේ එක ම පුතා ඇගේ සැමියා යග ඔහු සවන ශ්‍රේණිය දක්වා පමණක් පාසල් ගිය අයෙක් යග ඔහු දන්නේ ලී ඉරන යන්ත්‍ර සූත්‍ර ගැන පමණ යග වන ආරක්ෂක නිලධාරින් හා පොලිසියේ උසස් නිලධාරින් ඔහුගේ ගජ මිතුරන් යග‍

විටෙක අනෝමා ඇයගේ සරසවි මිතුරකු හා සතුටු සාමීචියේ යෙදුණු දුටු ඔහු කීවේ ර්‍ණමීට පස්සේ ඕකත් එක්ක කථා කරලා අහුවු­ෙණාත් මම උඹ ව ලී මෝලට දමල දෙකට ඉරනවාග නැත්නම් පොලිසියේ ඇන්ට්‍රියක් දමල දික්කසාද කරනවාගගග” යනුවෙනිග එදා පටන් ඔහුට පෙනේනනට ඇය කිසි පිරිමියකු හා දොඩමලු නොවූවා යග දිවා රාත්‍රි වෙහෙසී කාසි සොයන ඔහු සිහිනෙන් පවා බෙරිහන් දෙන්නේ මුදල් ගැන යග

ර්‍ණහාමුනෝනාගගග හාමුනෝනා අන්න හාමු මහත්තය කාරෙකේ හෝන් එක ගහනවාගගග ඇගේ මෙහෙකාරියගේ ඇමතුමෙන් අනෝමා වට පිට බැලුවා යග මළගමට පැමිණි අය කිසිවකු ද නැත‍ග අරලිය ගසක් මුල ගොඩ ගසා තිබූ මල්වඩම් පිලිස්සෙමින් නඟන සිහින් දුමාරයක් ඇගේ මුහුණ හරහා හමා ගියේ යග ඇගේ දෙනෙත් ඉබේටම දුම් කවුළුව දෙසට හැරුණිග ඉන් දැන් දුම් පිට නොවන වග ඇය දැක්කා යග ඇය තමාට සිප්සතර දුන් විදුහල දෙස නැවත හැරී බැලුවා යග එදෙස දැල්වූ දෙනෙතින් යුතුව ඇය රථය දෙසට පියමං කළා යග ආදාහනාගාරයේ උන් කම්කරුවෙක් ඇය පසු පස ගමන් කළේ යග

අනෝමා කුමාරිහාමි මෝටර් රථයට නැගුණ විටල හෙතෙම ර්‍ණනෝන මහත්තයා” කියමින් බැගෑපත් වියග ර්‍ණමොනවදරෑ අපි ඔක්කොට ම සල්ලි ගෙවල තියෙන්නේගගග” ඇගේ සැමියා මෝටර් රථය පණ ගැන්වීය

curtesy :http://www.silumina.lk


Wmqgd .ekSu weiqfrks
o