19 Views  
භූමිතෙල් ගඳ
වෙළඹකගේ හේෂාරවය ඇසුණ සැනින් ර්‍ණගුලේජි” ඉමහත් ප්‍රීතියට පත්වූවායග ඇය වහා පිටතට දුව ගොස් වෙළඹගේ ගෙලට ඇයගේ හිස තබා සිය සතුට ප්‍රකාශ කළායග ඇය වෙළඹ දුටුවේ සිය මවුපියන්ගේ නිවසෙහි ඉදිරිපස ද්වාරය ලෙසිනිග

ගුලේරීගේ මවුපියන්ගේ නිවස පිහිටා තිබෙන්නේ චම්බා නම් ගමෙහියග ඇය විවාහයෙන් පසු සැමියාගේ නිවස පිහිටි ලකර්මන්දි ගම්මානයට පැමිණියායග එය ඉතා උස් බිමක පිහිටා තිබේග එම උස් බිමේ සිට කවාකාරව පහළට යමින් තම උපන්ගමට යා යුතුයග  තනිකමක් දැනෙන සෑම මොහොතකම ඇය තම සැමියා සමඟ එම කවාකාර මාවත දැකිය හැකි ස්ථානයට එයිග සූර්යාලෝකයෙන් දිදුලන සිය ගම්මානය දෙස ඇය බලා සිටින්නේ ඉමහත් අභිමානයෙනිග

වාර්ෂිකව එළඹෙන  අස්වනු මංගල්‍යයේ දී ගුලේරි හට තම දෙමව්පියන් හා දින කිහිපයක් ගත කරන්නට අවසර ලැබේග මෙවර ද ඇයගේ පියාල නාටු නම් වූ විශ්වාසවන්ත සේවකයා ඒවා ඇත්තේ සිය දියණිය වූ ගුලේරි ගෙන්වා ගැනීමටයග ඇයගේ යෙහෙළියන් දෙදෙනා ද විවාහ වී චම්බා ගමෙන් බොහෝ ඇත පෙදෙසක ජිවත් වුවද ඔවුහු ද එකම දිනයේ ගමට පැමිණෙතිග ඔවුහු එකිනෙකා අත් බැඳ මහමඟ ඇවිදිතිග අස්වනු මංගල්‍යය සඳහා ඇඳුම් ගැනීමට පොළට යතිග හිස් ආවරණ සාළුව නැවත පාට ගන්වාල කැඳ දමා සෝදා වේලාල මිනිරන් කුඩු සහ පබළුවලින් අලංකාර කර ගනිතිග වීදුරු වළලු සහ රිදී පැහැ තෝඩු මිලයට ගනිතිග

ගුලේරි අස්වනු ගෙට ගන්නා දිනය එනතුරු බලා සිටින්නේ ඇඟිලි ගනිමිනිග ගිම්හාන සුළගල මෝසම් වැහි අඳුර ආකාශයෙන් මකා දමද්දී ඇය දිනපතා උදෑසන තමාගේ දිනචරියාවට අයත් යුතුකම් ඉටු කරන්නේ බලාපොරොත්තු සිත තුළ පුරවා ගනිමිනිග ගව මහීෂාදීන්ට කෑම දීමල සැමියාට සහ ඔහුගේ දෙමාපියන් හට කෑම සකස් කිරිමල ආදී සෑම කාර්යයක්ම අතුරතුරදී දෙමව්පියෝ තමා කැටුව යන්නට කවුරුන් හෝ එවතියි සිතයිග

දැන් නැවතත් ඇයට ගමට යන්නට අවස්ථාව උදා වී තිබේග ඇය අසීමිත ප්‍රීතියෙන් වෙළඹ අතගෑවායග පියාගේ සේවකයා වූ නාටු දයාබරව පිළිගත්තායග පසුදින පිටත්වීම සඳහා සූදානම් වූවායග ඇයගේ චිත්ත ප්‍රීතිය වචනයෙන් ප්‍රකාශ නොකළද සියල්ල ඇයගේ ශෝභා සම්පන්න වූ මුහුණේ ඇදී තිබුණිග ඇයගේ සැමියා ඇය දෙස බලා උරමින් සිටි ගඩුගුඩාව ඉවතට ගෙන දෙනෙත් පියා ගත්තේයග එක්කෝ ගඩුගුඩාවට දැමූ දුම්කොළ වලින් හැමූ අප්‍රසන්න සුවඳ හෝ තම බිරිඳගේ මුහුණ දෙස බැලීමෙන් ඇති වූ අපහසුතාව එයට හේතුව විය හැකග

ර්‍ණඔයා චම්බා පොළට එනවා නේදරෑ අනේ එක දවසක් හරි එන්න” ඇය සැමියාට කන්නලව් කළායග ඔහු දුම් උරනය ඉවත තැබුවද කිසිවක් නොකීවේයග

ර්‍ණඇයි ඔයා මොකුත් නොකියන්නේ” ඇය මඳක් තරහින් ඇසුවායග

ර්‍ණමං ඔයාට කියන්නමයි හිටියේ” ඔහු ඇය දෙසට හැරී කීවේයග

ර්‍ණඑපා මං දන්නව ඔයා කියන්න යන දේගගග මට තේරෙනවග ඔයා විතරක් අවුරුද්දකට සැරයක් ගමට යන්නේ ඇයි කියලනේරෑ

හොඳයිල මෙච්චර කාලයක් මං ඔයාට යන්න එපා කිවවේ නෑනේරෑ ඔහු ඇයගේ ප්‍රශ්නයට ප්‍රශ්නයකින්ම පිළිතුරු දුන්නායග

ර්‍ණඑහෙනම් ඇයි ඔයා මේ සැරේ විතරක් මාව නවත්තන්න හදන්නේරෑ

මේ වතාවෙ විතරක්වත්ගගගග ඔහු ඉල්ලා සිටියේයග ර්‍ණඔයාගේ අම්මවත් මොකුත් කිව්වෙ නැහැනෙග ඇයි ඔයා හරස් වෙන්නේරෑ ගුලේරි හිතුවක්කාර ළදැරියක සේ තර්ක කළායග ර්‍ණමගේ අම්මාගග ” මනක් යමක් කියන්නට උත්සාහ කළද කියාගන්නට නොහැකිව වේදනාවෙන් නිශ්ශබ්ද වූයේයග

එම දිගු රාත්‍රිය අවසානයේ ගුලේරි හිමිදිරියේම සූදානම් වූවායග ඇයට දරුවන් සිටියේ නැතග එසේ හෙයින් රැගෙන යන්නේ කෙසේද හෝ තබා යන්නේ කෙසේද යන ප්‍රශ්න ඇයට තිබුණේ නැතග නාටු සෑදලය සකස් කොට වෙළඹ සූදානමින් තැබුවේයග ගුලේරි මනක්ගේ දෙමව්පියන් වැඳ සමුගනිද්දී ඔවුහු ඇයගේ හිසට අත තබා ආශිර්වාද කළහග

ර්‍ණමාත් මගට එන්නං” ‘මනක්’ කීවේයග

ගුලේරි අධික ප්‍රීතියෙන් ගමන ආරම්භ කළායග ඇය ඔහුගේ බටනලාව සිය සාළුවෙහි ඔතා සගවා ගත්තායග

බාජිරි ගම පසු කරද්දී ගුලේරි සගවා ගත් බටනලාව‍ ගෙන  ඔහු අත තබා ර්‍ණඑන්න මෙය වාදනය කරන්න” යි කීවායග නමුත් මනක් සිතුවිලි අතරල අතරමං වී සිටියෙන් ඇය කියූ කිසිවක් නොඇසුණිග

ර්‍ණඇයි ඉතින් ඔයා වාදනය කරන්නේ නැත්තේ”රෑ

ඇය සුපුරුදු තොදොල් බසින් අසුවායග ඔහු ශෝකයෙන් ඇය දෙස බලා බටනලාව තොල් අතරේ තබා වාදනය ආරම්භ කළේයග ඉන් නිකුත් වූයේ ශෝකී විලාපයකිග

ර්‍ණගුලේරි අනේ ඔයා යන්න එපාග මං මේ තවපාරක් කියන්නේ‍ හේතුවක් තියෙන නිසාග මේ වතාවේ යන්න එපා” කියමින් ඔහු ශෝකයෙන් බටනලාව  ඇය අත තැබුවේයග

ර්‍ණඇයි ඉතින්ගගග මොකක්ද හේතුවරෑ ඔයා පොළට එන්නග එතකොට මං ඔයා එක්කම එන්නංග මං පොරොන්දු වෙනවග ඔයා එහේ ආව ගමන් මං එනව” ඇය කීවායග

මනක් කිසිවක් කීවේ නැතග

කන්ද පා මුලදී ඇය අසුපිටින් බැස්සායග දෙදෙනාට කතා කරන්නට ඉඩ දී නාටුල වෙළඹ මදක් ඈතට රැගෙන ගියේයග දැනට වසර හතකට ඉහත මේ පාරටම තමා මිතුරන් සමග ආ බව මනක් සිහි කළේයග‍ පොළේදී දුටු ගුලේරි ඔහුට අමතක කළ නොහැකි වියග ඔවුහු ආදරයෙන් බැදුනහග දෙදෙනා තනිව හමු වූ එක් දිනක් මනක් සිහි කළේයග

ර්‍ණඔයා හරියට කිරි වැදුණ තිරුඟු කරලක් වගෙයිග”

ර්‍ණකිරි වැදුණ ධාන්‍ය සොයාගෙන හරක් එනවාග” ඇය තම අත මදුවා ගනිමින් කීවායග

ර්‍ණමිනිස්සු ඒවා තම්බලයි කන්නේ” ඔහු පිළිතුරු බලාපොරොත්තුවෙන් ඇගේ මුහණට එබුණේයග

ර්‍ණඔයාට මාව ඕන නං මගේ තාත්තව හමුවෙන්න වේවිග”

මනාලිය වෙනුවෙන් පියාට මිලක් ගෙවීම මනක් අයත් ගම් ප්‍රදේශයේ චාරිත්‍රයකිග ඉතා ධනවත්ල උගත් පුද්ගලයකු වූ ගුලේරිගේ පියා කොපමණ මුදලක් ඉල්ලාවිද යන සිතුවිල්ල ඔහු අකර්මණ්‍ය කළේයග නමුත් ගුලේරිගේ පියා කියා තිබුණේ දුව වෙනුවෙන් සතයකවත් නොගන්නා බවත්ල කවදා හෝ වැදගත් පවුලක විනීත තරුණයකු ඇයට සොයා දෙන බවත් හෙයින් සියල්ල පහසු වියග

කල්පනාවේ නිමග්නව සිටි මනක්ගේ කර වටා ගුලේරිගේ අත දැවටුණේයග ර්‍ණමොනවටද ඔයා මේ තරම් හීන දකින්නේරෑ” ඇය විහිලු කළායග

ඔහු මුනිවත රැක්කේයග වෙළඹ නොඉවසිල්ලෙන් හඩ නැඟුවායග ඇය අසුපිටට නැග්ගායග මොහොතක් තම සැමියා දෙස බලාසිට මදහසින් කටහඩ අවදි කළායග

ර්‍ණඔයා දන්නවද මීට ටිකක් ඈතින් තියන නීල සූනු වනයග කවුරු හරි ඒ කැලෑව මැදින් යන එන කෙනෙකුගේ කන් බීරි වෙනවලුග ඔයා නං ඒ කැලේ මැදින් ඇවිත් තියනවාග මං කියපු කිසිම දෙයක් ඔයාට ඇහුණේ නෑ”

ර්‍ණඔහා හරි ගුලේරිග ඔයා කියපු කිසි දෙයක් මට අහුනේ නෑ” කියමින් සුසුම් ලෑවේයග දෙදෙනා එකිනෙකාගේ මුහුණ දෙස බලමින් මොහොතක් සිටියහග නොවැටහීම ඔවුන් ගොළු කළේයග

අවසානයේ ර්‍ණමං යනවා ඔයා ගෙදර යන්න” ගුලේරි සෙමෙන් කීවායග

ර්‍ණඔයා  මේ බටනලාව ගන්න” මනක් ශෝකයෙන් කීවේයග

ර්‍ණනෑ ඒක ඔයා තියාගන්නග පොළ දවසට ඔයා එහේ ඇවිත් ඕක වාදනය කරනවා නේදරෑ” සිනාසෙමින් ඇසූ ඇය පිළිතුරක් බලාපොරොත්තු නොවී අසුට සන් කළායග ඇයගේ දෙනෙත් හි‍රුගේ තෙදවත් ආලෝකය විහිදුවමින් තිබුණිග මනක් ඉවත බලාගත්තේයග ගුලේරි ‘චම්බා’ බලා ගමන් කලේල මනක් ආපසු හැරී තම නිවස බලා යමින් සිටියදීයග

මනක් නිවසට ගොඩ වූයේ අප්‍රාණික සිරුරකින් සහ උදාසීන මනසකින් යුතුවයග සෝපානය මත ඇද වැටුණු ඔහු දෙනත් පියා ගත්තේයග

ර්‍ණමනක්ල ඔයා ගෙදරින් ගිහින් කොච්චර වෙලාදරෑ ගුලේරිගේ ගෙදරටම ගියාදරෑ” මනක්ගේ මව කෝපයෙන් ඇසුවායග

ර්‍ණනැහැ කන්ද පාමුලට විතරයි” බරවූ නාසයෙන් යුතුව මනක් කෙඳිරුවේයග

ර්‍ණමොකද මේ නාකි ගෑණියෙක් වගේ කොඳුරන්නේ මිනිහෙක් වගේ හැසිරියන්” ඇය තදින් කියා සිටියායග

ඔහුට සිය මවට විරුද්ධව කතා කරන්නට වුවමනා වියග මව තවමත් කෝපයෙන් බලා සිටියිග උඹ හරියට ගෑනියෙක් වගේග ඇයි උඹට අඩන්න බැරි තව කෙනෙක් ඉල්ලල අලුත් වෙනසකට”ග

ඔහු නිහඩව අසා සිටියේයග ගුලේරි තම බිරිද වී අවුරුදු හතකිග ඇය දරුවන් වැදුවේ නැතග මනක්ගේ මව රහසිගතවම විසදුමක් සෙව්වායග ඇය තරයේ කියා සිටියේ විවාහ දිවියේ අටවැනි අවුරුදු සැමරුමක් සිදු නොවිය යුතු බවයිග මේ වර්ෂයේ ඇයගේ අභිමතය පරිදි රුපියල් පන්සියයක් ගෙවා දෙවැනි බිරිදක් සොයා ගත්තායග දෙවැනි බිරිද ගුලේරි දෙමවුපියන් වෙත යනතුරු බලා සිටියායග සිය මවට හා සම්ප්‍රදායන්ට සිය සිරුර කීකරු වුවදල නව බිරිය වෙනුවෙන් ඔහුගේ හදවතෙහි ඉඩක් නොවීයග ඔහුගේ හදවත මිය ගොසිනිග

එක් හිමිදිරි උදෑසනක මනක් සුපුරුදු ලෙස සිය උදාසීන ජීවිතයේ එකම සුමිතුරා වූ පයිප්පය මුවට ළං කළේයග සිය පැරණි මිතුරකු වූ බවානි නිවස පසු කරමින් යනු දුටු මනක් මේ තරම් උදෙන්ම යන්නේ කොහිදැයි විමසීයග විශාල පොට්ටනියක් ඔහුගේ උරහිසෙහි වියග

ර්‍ණවිශේෂ හේතුවක් නෑ මනක් අයියේ” බවානි අකමැත්තෙන් කීවේයග

ර්‍ණඒකට කමක් නෑ දුම් ටිකක් උරල පලයන්” මනක් කීවේයග

බවානි පොට්ටනිය බිම තබා මනක්ගේ ගඩුගුඩාව අතට ගත්තේයග

ර්‍ණමං චම්බාවට යනව මනක් අයියේ” අවසානයේ බවානි කීවේයග මනක්ගේ හදවත පසාරු කරගෙන බවානිගේ වචන රිංගා ගියේයග

ර්‍ණඅද පොළදරෑ” මනක් වේදනාවෙන් ඇසුවේයග
 
ර්‍ණඔව්ග ඇයි හැම අවුරුද්දෙම එකම දවසටනේ තියෙන්නේ මතක නැද්දරෑ” බවානි ඇනුම්පදයක ස්වරූපයෙන් කීවේයග

ර්‍ණදැනට අවුරුදු හතකට කලින් අපි පොළට ගියා මතකද මනක්”

මනක් කිසිවක් නොකීවද ඔහුට දැඩි අපහසුතාවක් දැනුණිග බවානි ගඩුගුඩාව පසෙකින් තබා පොට්ටනිය කරට ගෙන මනක් දෙස නොබලාම නැගී සිටියේයග පොට්ටනියේ වූ විවරයකින් එළියට පැන තිබූ බටනලාව දෙස මනක් බවානි නොපෙනී යන තුරුම බලා සිටියේයග

පසු දින උදෑසන මනක් කුඹුරේ සිටියදී බවානි ඈතින් එනු දුටුවදල ඔහු ඉවත බලාගත්තේයග තවදුරටත් පොළ ගැන බවානි සමග කතා කරන්නට මනක්ට අවශ්‍ය නොවීයග එය එතරම්ම ඔහුට වේදනාකාරී වියග නමුත් බවානි කුඹුරේ වටයක් කැරකී විත් මනක් ඉදිරියෙන් බිම හිද ගත්තේයග බවානිගේ මුහුණ අගුරු කැබැල්ලක් මෙන් කලු වී ශෝකයෙන් බර වී තිබුණිග

ර්‍ණගුලේරි මැරිලා” භවානි මෙසේ කීවේයග

ර්‍ණමොකක්”

ර්‍ණඋඹ ආපහු බැන්ද බව අහල භූමිතෙල් හලාගෙන ගිනි තියාගෙන” මනක් අසීමිත වේදනාවෙන් ගොළු වියග තමගේ ජීවිතයම ගිනි ගන්නාක් මෙන් ඔහුට දැනුණිග

දිනල සතිල මාස ගත වී ගියේයග මනක් නිහඩව කුඹුරේ වැඩට ගියේයග කෑම බෙදා දුන් විට කෑවේයග නමුත් ඔහු සිතින් මිය ගොසිනිග ඔහුගේ දෙනෙතෙහි මෙන්ම මුහුණ පුරාම පැතිරී තිබුණේ හිස් බවකිග

ර්‍ණමම එයාගේ බිරිද නෙවෙයිග එයාට බදින්න සිද්ධ වුණ කෙනෙක් විතරයිග එයා මට බැදීමක් ආදරයක් නැහැ” දෙවන බිරිද සිය නැන්දණියට කීවායග

නමුත් ඇයගේ කුසෙහි දරුවකු මෝරා ‍වැඩෙන විට මනක්ගේ මව ප්‍රීතියෙන් උද්දාමයට පත් වූවායග ඇය මනක්ට මේ සුභාරංචිය කිවේ ඉමහත් බලාපොරොත්තුවෙනිග නමුත් ඔහු සිටියේ මව කී දේ නොවැටහුණු ආකාරයෙනිග ඔහුගේ දෙනෙත් තුළ වූයේ සුපුරුදු හිස් බවකිග

ර්‍ණඔහුගේ මව තම ලේලිය සනසා පුතාගේ හැසිරීම දරා‍ගෙන සිටින්නට දිරි දුන්නායග

ර්‍ණඕව වෙනස් වේවි බලන්නකෝ තව ටික දවසක්” ඇය තම ලේලියට කීවායග

දරුවා ඉපදුණු පසු මනක්ගේ මව අපරිමිත සෙනෙහසින් දරුවා නහවා හොදින් සරසා මනක්ගේ උකුල මත තැබුවායග මනක් දරුවා දෙස හිස් බැලමෙන් බොහෝ වේලා බලා සිටියේයග කිසිදු හැගිමක් ඔහුගේ මුහුණේ දිස් නොවීයග නමුත්  හදිසියේ හටගත් බියකින් ඔහුගේ දෙනෙත පිරුණේයග ඔහු යටි ගිරියෙන් කෑගැසුවේයග

ර්‍ණමේකා ගෙනියපල්ලා” ඔහු උමතුවෙන් මෙන් කෑගැසුවේයග

ර්‍ණගෙනියපල්ලා මේකව භූමිතෙල් ගදයි”

ඉන්දියානු ලේඛක අම්රිතා ප්‍රීතම්ගේ
ීඑැබජය දෙ ණැරදිැබැ නම් කෙටිකතාවේ අනුවාදයකිග
උපුටා ගැනීම ථ මුතුහර සගරාව

curtesy : http://www.sithmalyaya.com


Wmqgd .ekSu weiqfrks
o