18 Views  
මිතුරෝ දෙදෙනෙක්
මගේ හිතවත් ම මිතුරා වන රණතුංග මෙසේ දිවි නාසාගත්තේ ඇයි දැයි යන්න මට මහත් ප්‍රහේලිකාවකිග ඒ ප්‍රහේලිකාව සමඟ ම මගේ හිතට නැඟෙන වේදනාවද දරාගත නොහැකි යග ඔහු මෙසේ දිවි හානිකර ගනිතැයි මම සිහිනෙනුද නො සිතුවෙමිග ඔහුගේ දිවි නසා ගැනීමට එක්තරා ප්‍රමාණයකට මම ද වරදකරුවකු වෙතැයි යන හැඟිම මගේ සිතෙන් බැහැර කළ නොහැකි යග මිනී පෙට්ටිය මත ‍උඩුබැලිව වැතිර සිටින මගේ මිතුරාගේ දේහය දකින මට ඔහු මිය ගිය බවක් කිසිසේත් සිතාගත නොහැකියග දැනට තුරුලු කරගත් මල් කලඹකින් යුතුව ඔහු සුවසේ නිදා සිටින්නේ යැයි මට සිතේග පස් වසක් පමණ වයසැති රණතුංග ගේ පුංචි පුතා දේහය අවට සැරිසරමින් තම පියා දෙස බලා සිටින අයුරු දුටු මගේ දෙනෙතට නිතැතින් ම කඳුළු ගලා ආවේ යග සුදු පැහැති සාරියකින් සැරසි අසල පුටුවක හිඳ රණතුංගගේ බිරිය කඳුළු වගුරවමින් සිටියිග ඇය දෙස එකවරටම මට බැලිය නොහැකි යග රණතුංග ගේ දිවි නසා ගැනීමට හේතුව කුමක්දැයි යන්න මට එකවරටම ඇගෙන් ඇසිය නොහැකි යග එහෙත් රණතුංග හමුවේ මා විසින් කරන ලද යම් ප්‍රකාශයක් මේ දිවි නසා ගැනීම සඳහා හේතු වන්නට ඇතැයි යන සැකය මගේ සිත තුළින් බැහැර කළ නො හැකි යග

රණතුංගගේ නිසල දේහය දෙස බලා සිටින විට ඔහුගේ මුහුණත ක්‍රමයෙන් කළු පැහැති වී යන අයුරු මට පෙනේග භාවනාවකට සම වැදුණාක් මෙන් ඔහුගේ නිසල දේහය දෙස බලා සිටින මට එදා ඔහු ඉදිරියේදී මා විසින් වමාරන ලද ඒ කරුම වචන මාලාව සිත තුළ නිදන් වන්නේ යග

ර්‍ණරණේ මම මේ ගැන ඔයාට හුඟ කාලෙක ඉඳලා කියන්න හිතාගෙන හිටියේ”

ර්‍ණමොකක්ද ජයේ කියන්නල මට මොකක් හරි කියන්න ජයේට ඔය තරම් පෙරුම් පුරන්න ඕනදරෑ” රණේ බෝතලයේ තිබූ මත්පැන් ම‍ගේ වීදුරුවට එක් කරමින් ඉතිරිය ඔහුගේ වීදුරුවට වක්කර ගනිමින් කීයග

ර්‍ණඒත් ඕනා නැහැ රණේල මම පස්සේ වෙලාවක කියන්නම්ග”

ර්‍ණජයේට පිස්සුද මොකක්ද පස්සට දාන්නේ ජයෙයි මමයි එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයෝ වගේ”

ර්‍ණඒක මම දන්නවා රණේ”

ර්‍ණඉතින් මොකක්ද ප්‍රශ්නේල ජයේගේ ප්‍රශ්නේ අද මට කිව්වේ නැත්නම් මම මෙතනින් නැගිටින්නේ නැහැ”

ජයේ මගේ උරහිසින් අල්ලා පැවසූ ඒ වදන් මම කෙසේද අමතක කරන්නදරෑ

විටක දේහය අසලට එන රූපා රණේගේ දෙණ වටේ සක්මන් කරමින් කඳුළු සලමින් ඔහුගේ නිසල දේහය තැන තැන ලැඟුම් ගත් මැස්සන් එළවයිග රණේ‍ෙග් මරණින් පසු රූපා මා සමඟ උරණ වී සිටී යැයි යන හැඟුම මට සිතින් යටපත් කළ නොහැකග ඇය මා දෙස එක එල්ලේ ම නොබලයිග මා කිසිවක් ඇගෙන් ඇසීමට තතනන කළ ඇය මා මගහැර යයිග

මගේ උරහිස තදින් අල්ලා ගනිමින් ජයේ ඒ මේ අතට සොලවා මට පැවසීමට ඇත්තේ කුමක් දැයි යන්න නිරතුරුවම ඇසුවේ ය‍ග එදා මට තවත් ඔහු ඉදිරියේ නිශ්ශබ්දව සිටිය නොහැකි වියග මම කටහඬ අවදි කළෙමිග මම මේ දේ කියනවට රණේ මා එක්ක තරහා නැහැ නේදරෑ මම මේ දේ කියන්නේ රණේ කිව්වා වගේ ම අපි එක බඩවැල කඩාගෙන ආපු සහෝදරයෝ වගේ හින්දා මාව අවිශ්වාස කරන්න එපා මට මේ දේ හිරකරගෙන ඉන්නත් බැහැග

ර්‍ණඉතින් කියන්න ජයේ කිසිම ප්‍රශ්නයක් නැහැ”

ර්‍ණමම රූපට හරි ආදරෙයිල ඒත් ඒ ආදරය මගේ හිත ඇතුළේ තියෙන මට ම සීමා වුණ ආදරයක්ල රූපා මේ ගැන බින්දු මාත්‍රයක්වත් දන්නේ නැහැග මටම හිතාගන්න බැහැ ඇයි මගේ හිතේ මෙවැනි ආදරයක් ඇතිවුණේ කියලා හැබැයි ජයේ විශ්වාස කරන්න මම කවදාවත් රූපට මේ ගැන කියලා නැහැග මේ ආදරේ මට ම සීමා වුණා ආදරයක්” මා එසේ පවසන විට රණේගේ මුහුණේ කිසියක් වෙනසක් ජනිත වන අයුරු මට පෙනිණිග

ර්‍ණරණේ මා එක්ක තරහද මම මේ දේ කිව්වට”

ර්‍ණනැහැල නැහැ”

ර්‍ණරණේ මා එක්ක තරහා වෙන්න නම් එපාල එහෙම නම් මට ජීවත්වෙලා වැඩක් නැහැග”

ර්‍ණනැහැ ජයේ මට තේරෙනවා ජයේ කසාද බඳින්නේ නැහැ කියන්නේ ඒ නිසා නේදරෑ”

ර්‍ණඇත්තෙන් ම ඔව් කවදා හරි රණේට ඉස්සෙල්ලා මම මැ‍රෙන්න ඕනාග ඒත් මට ඉස්සෙල්ලා රණේ මැරුණොත් මම රූපවයි ළමයි දෙන්නයි බාර ගන්නවා” මා එසේ පවසන විට රණේ වේටර්ට කතා කළ අයුරු මට තාම මතකයග

ර්‍ණරණේ කලබල වෙන්න එපා රූපාගෙන් මේ ගැන කිසිම දෙයක් අහන්න එපා මගේ හිතේ ඇති වුණ අදහස අවංකවම කිව්වා විතරයිග මා ගැන අහිතක් හිතන්න එපාග”

ර්‍ණනැහැ ජයේ මම ‍ඕවා ගණන් ගන්නේ නැහැග ඔයා මගේ හොඳම යාළුවා‍ෙන් අප දෙදෙනා අවන්හලෙන් පිටවී ආවේ බොහෝ රෑ බෝවීයග පසුවදා ද සුපුරුදු ලෙස අපි හමු‍වුණෙමු පෙරදා සිදුවූ සිද්ධිය පිළිබඳ ව අපි කිසිවක් කතා නොකළෙමුග

ඒ සිදුවීම සිදු වී මාස දෙකක් පමණ ඇතුළත රණේ මෙසේ දිවි නසා ගනිතැයි මම සිහිනෙනු ද නො සි‍තුවෙමිග රූපා දරුවා තුරුලු කරගෙන රණේගේ දේහය අසල සෝ බරව සිටියි අවමඟුල් කටයුතු අවසන් වූ පසු රණේගේ මරණය පිළිබඳව සැඟවුණ තොරතුරු ඇගෙන් ඇසිය යුතු යැයි මට සිතේ රණේ මිය ගිය විගසම ඇගෙන් මේ පිළිබඳව ඇසූ විට ඇය දුන් පිළිතුරෙන් මගේ සිතේ බියක් ඉපදවීයග

ර්‍ණමට වඩා හොඳට ඔයා දන්නවා ඇතිනේ කාරණේ”

ර්‍ණඇත්තමයි මම දන්නේ නැහැ රූපා”

ර්‍ණමගෙන් නම් ඔය ගැන අහන්න එපා මම දැන් දරුවන් එක්ක තනිවුණාග”

මේ ප්‍රශ්නය නිසා ඔවුන් අතර අඬ දබර ඇති වී දිවි නසා ගැනීම දක්වා දුර දිග ගියේ දැයි මට දැන් සැක සිතේග මගේ සිත තුළ හඬනා ආදරය මිස රූපා මේ පිළිබඳ කිසිවක් නොදන්නා බව රණේ හොඳින් ම දැන සිටියේ යග රණේ සමඟ රූපා බැලීමට ගිය පළමු දින මට තවමත් මතක යග රණේ රූපා සමඟ විවාහ වූයේ යෝජනාවකිනිග

රූපා ගම්බඳ යුවතියකිග කුඩා කඳු ගැටයකින් නැඟ ගොස් ඇති තැනිතලා බිමක ඇගේ නිවස පිහිටා තිබුණිග උඩරට තාලයට සැරසී සෙමින් සෙමින් රණේ අබියසට පැමිණි ඇය ඔහුට ආචාර කොට මටද ආචාර කළ සැටි මට තවමත් මතකයග ඇය දුටු විගසම ඇය කෙරෙහි මගේ සිතේ වෙළාගත් ආදරය මට ම තේරුම් ගැනීමට නොහැකි වියග එය හුදෙක් රාගයෙන් වෙළුණු ආදරයක් නොව සසර පුරා බැඳී පැමිණි අාධ්‍යාත්මික ආදරයක් යැයි සිතන්නට මෙ වෑයම් කළෙමිග

ර්‍ණජයේ මොකද කියන්නේ ගෑනු ළමයා හොඳදරෑ”

මම ටික වෙලාවක් නිශ්ශබ්දව සිටියෙමිග

ර්‍ණජයේ මොකද කැමැති නැද්ද”රෑ

ර්‍ණපිස්සුද මම කැමැතියිග රණේ ඒ ළමයව බඳින්න මම ඕනා උදව්වක් කරනවාග”

ර්‍ණමටත් හිතෙනවා හොඳයි කියලා”

රණේ රූපා සමඟ විවාහ වූ පසු ඒ ඇසුර මටත් ලැබෙන බව මම දැන සිටියෙමිග එය ‍එසේ ම සිදුවියග රණේ හමුවීමට මා ඔහුගේ ගෙදර ගිය විට රූපා මට තේ පිළිගන්වයිත සුහදව කතා බහ කරයිග ඇය ඉතාමත් කරුණාබර ව හැසිරෙයිග බොහෝ දුරට අපි සොහොයුරන් සේ දිවි ගෙව්වෙමුග ඒ සෑම විටකදීම මට සිතුණේ ඇය මගේ බිරිය වූවා නම් කොපමණ අගේද යන්න යග මම එදා රණේට කියූ දේ ඇය නොදන්නා බව මට සහතිකයග

දිනක් අප අතර ඇති වූ අනපේක්ෂිත සිද්ධිය ඔහුගේ දිවි නසා ගැනීමට හේතු වී යැයි මම අනුමාන කළෙමිග

දිනක් රණේ හමුවීමට මම ඔහුගේ ගෙදරට ගියෙමිග වෙනදා සවස හයට පමණ නිවසට යන ඔහු එදින රෑ බෝ වෙන තුරු නොපැමිණියේ යග මම කිහිප විටක් ම ආපසු එන්න සැරසෙනවිට රූපා ඔහු එනතුරු ඉන්න යැයි මට ඇවිටිලි කළා යග රණේ එදා පැමිණියේ හොඳට ම වෙරි මතින් ඔහු පැමිණි කුලී රථය නිවස ඉදිරිපිට නවතන විට මම පෙරට ගියෙමිග ඔහු මා දෙස අමුතු විදියකට බැලුවේ යග මම ඔහුව වත්තම් කරගතිමිග

ර්‍ණකවුරුවත් මාව අල්ලන්න එපාග ඔහු මා දෙස බලමින් කීයග රූපා නිවස තුළ සිට දිව ආවායග

ර්‍ණමොකද මේ කවදාවත් නැතිව”

ර්‍ණමාව එකෙක්වත් අල්ලන්න එපා පලයව් යන්න තොපි ඔක්කොම රූපා උඹ පලයන් ගෙටග”

ර්‍ණඅනේ මොකද මේ මනුස්සයට වුණේ” රූපා හැඬුවා යග

රණේ අමාරුවෙන් නිවසට ඇතුළු වී දොර වැසුවේ යග මම අඳුරේ තනි වුණෙමිග

හරියට ම ඊට සතියකට පසු රණේ දිවි නසා ගත්තේ ය

curtesy : http://www.silumina.lk


Wmqgd .ekSu weiqfrks
o