18 Views  
අරුණ මැරූ ගොම්මන
රාත්‍රියේ අඳුර බොඳකළ දැවැන්ත විදුලි පහන්කණු අරුණෝදයට ඉඩදී නිවීයද්දී අඳුර හා ආලෝකය අතරමැදිවී නිදිසුව විඳි නගරයේ දැවැන්ත ගොඩනැඟිලි ගලාඑන හිරු කිරණින් මුවකට දොවනවා සේ පෙනුණිග ‘පන්සල්’ල ‘පල්ලි’ල ‘කෝවිල්’ල ‘මුස්ලිම් දේවස්ථාන’ වැනි ආගමින ස්ථානවල මුදුන්කොත් අරුණ කිරණට නිරාවරණය වී රිදීපාටින් බබළද්දී ඒ ඒ ආගමික ස්ථානවලින් වායුගෝලයට එකුවුණු ‘සීනු’ල ‘ඝණ්ටා’ල ‘බෙර’ හඬවල් ද ‘බණ’ ‘භාවනා’ ‘යැදුම් ගායනා’ නාද ද එකටෙක මුසුවෙමින් සවන් හා ගැටෙමින් පාවී යන්නට වියග

පටු මාවත් අසල රාත්‍රි නිදි වැරී යැයි සිතිය හැකි අඟනුන් ඈනුම් අරිද්දී - ‘හරස්වීදී’ල ‘කෙළින් වීදී’ ‘මහමාවත්’ හැමෙකක්ම ක්‍රමයෙන් ජනයාගෙන් හා රථවාහනවලින් පිරී යන්නට වන්නේ තවත් මහා ගාලගෝට්ටි දිනයක් ආරම්භ ‍කරමිනිග ‘වර්ණ සංඥා’ යකඩවැටවල්ල මල්පෝච්චි වලින් නවීකරණය වූ මං මාවත්වල කහඉරි අසල තෙරපෙන ගැහැනු පිරිමින් ද කුකුළා අතේ අරන් බස්රියෙන් දුම්රියෙන් සිය ඕනෑ එපාකම් ඉටුකරගන්නටත්ල පනංහතර හොයාගන්නටත් නගරයට ඇදෙන අයම වන්නට ඇතගගගෟ

මහජාතිය හා සුළු ජාතිය අතර විවිධ වකවානුවල ජාති ආල ජාති බේද ඇවිස්සුණු දේශයේ කළු ජූලියේදී අළුදුවිලි වුණු මේ නගරයේ එවැන්නක් කිසි කලෙක සිදු නොවුණ සේ මෙහි ව්‍යාපාර කරන සියලු ම ජාතීන් සිය වත් - පිළිවෙත් කරමින් ව්‍යාපාරික ස්ථාන විවෘත කරන අවස්ථාවය මේග

එවන් උදෑසනක නගරයේ වීදියක් දිගේ ඇදෙන මට ඉදිරියේ තැනක ජනයා පොදිකනු පෙනුණිග කළු ජූලිය ඇරඹි දාද මේ වීදියේ ඇවිද ගිය මට සිහිවූයේ එදා මිනිසුන් සමඟ දැවුණු ගොඩනැඟිල්ලක් කඩා ඉවත් කළ පසු එම ස්ථානයේ ම පසුකාලීනව ඉදිවූ නව ගොඩනැඟිල්ල අබියස මේ මොහොතේත් යමක් සිදුවන බවයිග කළු ජූලිය පිටකොටුව අඳුරු කළ මුල්දාම මෙතැනවූ ගොඩනැඟිල්ලේ පුලුටු ගඳ ගසමින් පණපිටින් මනුෂ්‍යයෝ ඇතුළේ දැවෙද්දී උණුසුමද රුදුරු දුමද ගඳද ඉවසමින් මුහුදු රළවන් ගිලිජාලා දෙස තවත් මිනිසුන් පිරිසක් බලා සිටිනු මට මතකයග භීෂණය නිවුණු වත්මනේ අද මෙතැන නම්ෟ ගණිකාවක් හෝ මත්කුඩු කාරයෙක් අල්ලා ගෙනයයි සිතුනත් කාකි ඇඳුමක් නොදුටු නිසා එයද මට බැහැර කරන්නට සිදුවීයග ගිනිගත් තෝසේ කඩය තිබූ තැන ඉදිවී නව ගොඩනැඟිල්ලේ පහළ ‍ෙත් කඩයක් පවත්වාගෙන යන මුස්ලිම් වෙළෙන්දා සිය කඩය එළිපත්තේ සිට යමක් දෙස බලා සිටිනු සමීප වන මට පෙනුණිග

පොදි ගැසුණු ජනතාව අතරින් කුතුහලය නිසාම හිස එදෙසට තල්ලු කල මට කඩඑළිපත්තේ දුඹුරු පැහැ බළලෙක් කෙසෙල් ගෙඩියක් ලොවනු පෙනුණිග

අපහසුව නිසා හිස ඉවතට ගනිද්දී මාගෙන් තෙරපීමට ලක්වූ හැඩි දැඩි උඩුකය නිරුවත් ගැටයෙක් රවාගත් මුහුණින් මගේ සර්වාංගයම පිරික්සා අවසානයේ මගේ පාවහන් දෙස ද සැක මුසුම බලා රැවුම් බැල්ම මුදුකර හීන් සීරුවේ මාරුවනුද පෙනුණිග මගේ පසුම්බියද සුරැකී තිබූ පසුබිමේ ඔහුගේ රංගනය කුමක්දැයි මට නොවැටහුණත් මා පැලඳ සිටියේ රජයේ ආරක්ෂක අංශ පලඳින වර්ගයකට සමාන පාවහන් යුගලක් බව මට සිහිවියග මිනිසාගේ ගති වෙනස් වුවත් සත්වයා වරිගගති අත්හරින්නේ නැතග බළල්ලු - කෙසල් කන්නේ ද නැත - එතැන කෙසෙල් කකා හිටියේ - තඩි මීයෙක්ග දෙමුහුනු මීයෙකිග මිනිසුන් තෙරපුණේ ඒ ස්වරූපය දකින්නට විය යුතුයග

ර්‍ණදඩාස්”

වියළි හුණු බදාම කැටයක් මීයා අසලට වැටී විසිරී ගියේයග

ර්‍ණඅහිංසක ජීවිතයක් නැති කරන්ඩ එපා”

මුදලාලි රවාගෙන ජනතාව දෙස බැලීයග මීයා තිගැස්සී යළි පුරුදු කාරියේ යෙදුණේ හානියක් නොවූ නිසායග

‘දඩොස්”

තවත් එවැන්නකිග මීයාට හානියක් නොවුණත් කෙසෙල් ගෙඩිය චප්ප වෙද්දී මීයා දුවගොස් ආවරණයක සැඟවුණිග

‘කවුද යකෝ - පව් වැඩ කරන්නේ” ජනතාව අතරින් ගොරහැඩි හඬකිග

හැඩි දැඩි නගරයේ නගරං කාරයෙක් යයි කිවහැකි අයෙක් රකුසකු මෙන් ඉදිරියට ගියේයග මුදලාලිගේ ඇස් එක් දෙසට යොමු වෙද්දී කාටදෝ පහර දෙනු ඇසුණිග

කොට කලිසමක් පමණක් හැඳ සිටි කැහැටු කොල්ලෙකුගේ කනින් අල්ලා ගත් හැඩි දැඩියා සෙනඟ අතරින් මෑත් වියග

ර්‍ණඅහිංසක සතෙක් මරන්ඩෟ මූ පවු වැඩක් නේද කළේරෑ” හැඩිදැඩියාගේ කීමට පිරිස හිස් සලද්දී සරමේ කොනක් එසවූ ඔහු වේගවත් පාපහක් කොල්ලාගේ පසු පස දෙසට එල්ල කළේයග කොල්ලා විසිවී ගොස් වැටී දෑත දෙපය බිම ඇනිණිග තවත් පහර දීමට සැරසෙද්දී දනිපනිගා නැගිටි ඔහු දෑස් පිඹිමින් දුව යනු පෙනුණිග

ර්‍ණඕයි ඌ ආයෙ ආපුවාම හොඳ ආනමාළු ගෙඩියක් දෙනවා” කියූ නගරංකාර හැඩිදැඩියා මුදල් නෝට්ටුවක් අතට ගනිද්දී ර්‍ණසල්ලි එපාගගග අයියා” යි මුදලාලි කීවත් ඔහු නෝට්ටුව කඩේ දෙසට විසි කර යන්නට ගියේයග

මා ඉදිරියට යද්දී කෙළින් වීදියේ දේවස්ථානයේ පඩිපෙළ මත දෑස අන්ධ හිඟන ගැහැනියක් අසල කොල්ලා වාඩිවී සිටිනු පෙනුණිග ඔහුගේ බියසුලු මුහුණ එසේම වුවත් කඳුළු වියළී ගොස්යග යමක වැදී ලෙලිගිය පා දණිස් දෙක ඔහු පිරිමදිනු පෙනුණිග

දේවස්ථානයේ කැටයට දැමීමට මගේ උඩ සාක්කුවේ වූ මුදල් නෝට්ටුව මට පෙනුණිග එය බනිස් ගෙඩියක් කා ප්ලේන්ටියක් බොන මුදලකිෟ මගේ අත ඉබේ ම ඒ වෙත යැවිණග මොහොතකින් අසල වූ පෙට්ටි කඩය වෙත දිව ගිය කොල්ලා සැණින් ආපසු හැරී එනු පෙනුණිග ඔහුගේ අතේ ආනමාළු ගෙඩි දෙකක් පෙනුණිග

ඉන්පසු ‍දින කීපයක් ම අඳ ගැහිනිය අතින් අල්ලාගෙන යන ඔහු මා දැක සිනාසුණිග

තවත් සැදෑවක මා කලබලයෙන් දුම්රියපළ වෙත යන විට පෙරකී හෝටලය අසලම හරස්වීදියේ වාහන තදබදය ද නොතකා ජනතාව පොදි ගැසෙනු පෙනුණිග මරක්කල මුදලාලි දෙමළෙන් කාටදෝ සැර කරනු ඇසුණිග මුදලාලි අසල පටියකින් දෑත බඳින ලද දෙමළ පෙනුමක් ඇති සරමක් හා බැනියමක් හැඳි කැහැටු කොල්ලෙක් සිටගෙන සිටිනු පෙනුණිග ඒ අසලම මුදලාලිගේ ගෝලයෝ දෙදෙනෙක් ද වියග කොල්ලාගේ දෑසින් ර්‍ණකඳුළුද” කටින් ර්‍ණරුධිරයද” ගලා යනු පෙනුණිග තැළී පොඩිවී දෑත බැඳ තිබූ කොල්ලා හැඳ සිටි සරම බුරුල් වී ගැලවී වැටෙන්නට ආසන්නව තිබුණත් සෙස්සෝ එය නොතකන පසුබිමේ කොල්ලා දෙපා ළංකරමින් එය රැක ගැනීමට වෑයම් කරනු ද පෙනුණිග ඒ පහරවල වේදනාවට වඩා ලැජ්ජාව ඔහුට සංවේදී නිසා වන්නට ඇත්තේ ගැහැනුන් ද එදෙස බල බලා යන පසුබිමේයග

ර්‍ණමොකද ඔය”

ගොරහැඩි කටහඬක් පසු පසින් ඇසිණිග මීයා බේරාගත් හැඩිදැඩියා එතැන වියග

ර්‍ණසල්ලි නැතුව පනින්ඩ හැදුවාගගග”

ර්‍ණමොනවද කෑවේගගග” ර්‍ණ

ර්‍ණකෙසෙල් ගෙඩි”

ර්‍ණකීයක්දගගග කීයක්ද මිනිහෝගගග”

ර්‍ණඑක ගෙඩියක්” මුදලාලියා උත්තර දුන‍්නේ ද බියමුසුව යග

කොල්ලා අසලට හැඩිදැඩියා සමීප වෙද්දී කොල්ලා බඩේ අමාරුවක් සැදුණ කලක සේ අපහසු අභිනයක් පෑයග ඒ දැක කඩකාරයා හා ගෝලයන් දත් විරිත්තනු පෙනුණිග

ර්‍ණඇයි මේ බැඳලාරෑ ලිහා දාපියව්”

ඒ විදානයට කඩේ උන් අවනත වෙද්දී දෑත මිදුණ කොල්ලා ඒ ඇසිල්ලෙන් සරම තදකරගනු පෙනුණිග

ර්‍ණලැජ්ජ නැද්ද යකෝගගගග බඩගිනිනංගගග හිඟාකාපියගගග හොරාකනව නං අහුනොවී කරපිය”

ර්‍ණපටාස්” හැඩි දැඩියාගේ අතුල් පහරට කොල්ලා කැරකී වැටෙද්දී කඩහිමියා ර්‍ණඅල්ලාහ්” කියා දෑත ඔසවද්දී හැඩි දැඩියාගේ රෞද්‍ර මුහුණ ඔහු දෙසට හැරුණිග මුදලාලි හා ගෝලයෝ ගල්වුණා සේ වියග

ර්‍ණතව එක පාරක් වත් මූට ගහන්ඩ තොපිට බැහැ හොරකමක් කළා කිව්වනේග පොලිසියට බාර දෙන්ඩ ඕනේල හරිදරෑ”

මුදලාලිගේ මුහුණ මැලවී යනවා සේ පෙනුණිග තුංමං හන්දයේ බෝධිය අසල ශබ්ද විකාශනයේ පිරිත් හඩ වාහන ගාලගෝට්ටිය හා මුසුවෙද්දී අහස දෙසින් ර්‍ණඅල්ලාහු - අක්බර්” කියන ඉස්ලාම් යැදුම් හඬ ද ඇසුණිග

තම නඩු තීන්දුව අවසන් කළ පිලාත් ජේසු කුරුසියට භාර දුන්නා සේ කොල්ලා දෙස නොබලාම නගරංකාරයා බර අඩි තබමින් කඩෙන් ඉවත්වී අඳුරේ නොපෙනී ගියේයග ලේ හා මුසුවුණු කඳුළු කොල්ලාගේ මුහුණේ වියළී යද්දී කඩේ තුළින් කසු කුසු හඬ ඇසිනිග

කෙසෙල් ගෙඩියටල බනිස් ගෙඩියටල පොල් ගෙඩියට ද නීතිය පසිඳලන මේ දහම් දිවයිනේ හිරු ද සැඟවුණු සැඳෑවක මා පය ගසා සිටින මහා කොන්ක්‍රිට් වනාන්තරයේ ආශ්චර්ය හා ප්‍රජා යහපාලනය හසුරුවන එක්තැන් කරන රාජ උණුසුම විහිදන සුවිසල් මැදුරු තරුහෝටල් රාත්‍රි සමාජශාලා ගොඩනැඟුණු රට කරවන මිනිස්ශ්‍රමය රටේ සරය එක්තැන් කරගන්නා රාජ - සිටු - වෙළඳ බල ප්‍රබලයන් සුපිරි මෙගාසිටි සීමාවේ දැල්වෙන නියොන් පහන් ඈත ක්ෂිතජයේ පෙනෙද්දී එම කොන්ක්‍රීට් කැලයේ ම බර උසුලන දුක හඳුනන මඟ තොටේ හිඳින තවත් මනුෂ්‍ය කොටසක් ගැවසෙන පරිහරණය කරන තෝසේකඩල කොත්තුකඩල බත්කඩල පෙට්ටිකඩ තැන තැනවූ කෙලීන් වීදි හරස් වීදි පටු මාවත් පසු කරමින් අඳුර හා පොර බදන පැරණි දුබල වීදි පහන් පසුකර ඉදිරියට ඇදෙන මට දෑස් නිලංකාර කරමින් රථයේ ආලෝක විහිදමින් පොලිස් රථයක් මා පසුකර යනු පෙනුණිග

විදුලි එළියෙන් නැහැවුණු ප්‍රධාන මාර්ගයේ දුම්රියපළ පෙනෙන මානයට මා ආවේ අතේ මාසික දුම්රිය වාර ප්‍රවේශ පත්‍රය තිබුණත් සුපුරුදු දුම්රිය මගේ ප්‍රමාදය නිසා පිටත්වෙන්නට ඇතැයි සිතා ඊළඟ දුම්රිය බලා නොසිට බස් රථයකට යාමට අදිටන් කරගෙන යග

මහ පාර අයිනේ දේවස්ථානයේ සැඳෑ මෙහෙයක් අවසන් වී දෝ ජනයා තෙරපෙමින් ඉවතට යනු ද තම රථ කරා ඇදෙනුද පෙනුණිග ඒ අසලම වාහනයකින් ආ පිරිසක් ර්‍ණබනිස් පාන්” බෙදනු ද මෙහෙයට සහභාගි නොවූ නගරයේ වෙසෙන වුත් ඒවා ගන්නට පොරකනු ද පෙනුණිග එහි ලොකු කුඩා ගැහැනු පිරිමි දෑත් ඉහළට එසවුණත් දුබලයන් පරයා ප්‍රබල අත් ඒවා අත්පත් කරගනු ද පෙනුණිග ඒ සුදුසුකම් නොබලාම ඒවා බෙදනවුන් ද එසවෙන අත්වලටම ඒවා ගුළිකළ හෙයිනිග ඒ පරාජිත දුබලයන් අතරින් මා දෙසට යොමුවූ පුංචි දෑසක් දැක මගේ දෙනෙත නැවතිනිග මගේ දෑසට හුරු මුහුණු එකක් නොව දෙකකිෟ අර කොලුවා බනිස් ගත නොහැකිව දුකින් සිටිනු පෙනුණිග වැඩිපුර මුදලක් ද අත නැතග කෝච්චියකම

curtesy : http://www.silumina.lk


Wmqgd .ekSu weiqfrks
o