18 Views  
පුස් වෙඩිල්ල
 යාබද නිවසෙහි වෙසෙන වෛද්‍යවරයා සුපුරුදු ලෙස රාජකාරියට යාම සඳහා නිවෙසින් පිටතට පැමිණෙනු දුටු මන්ත්‍රීවරයා වහා එදෙසට පිටුපා ගෙඋයනේ පිහිඹියා ගස යට සිමෙන්ති බංකුවේ වාඩිවියග ඔහු තමා සමඟ සිනාසී කුමන හෝ කරුණක් අරබයා කතාබහක් අරඹාවිදැයි බියකින් සැකයකින් මන්ත්‍රීවරයා පෙළෙයිග කිසිවෙකු සමඟ සිනාසෙමින් සුහද කතාබහක යෙදෙන මානසික තත්ත්වයක තමා නැති බව ඔහුට වැටහේග

පෙරදින මහ රෑ වෙනතුරුම රජයට එරෙහි උද්ඝෝෂණයක් සංවිධානය කිරීමේ සාකච්ඡාවක නිරත වූ හෙයින් පමාවී අවදිවීමට සිතාගෙන නින්දට ගියත්ල උදෑසන ම බිරිඳගේ හඬින් අවදි වූ මන්ත්‍රීවරයා දුටුවේ දහසක් මල් පිපුණ බිරියගේ මුහුණයිග තම එක ම දියණිය වැඩිවියට පත්වී ඇති බව දැනගැනීමෙන් ඔහුට ඇති වූ සතුට ද නිම්හිම් නැතග

එහෙත් ඒ සතුට පැවතියේ පැයකටත් අඩු කාලයකිග සාම්ප්‍රදායික මල්වර චාරිත්‍ර ඉටු කිරීමට නැකත් බැලීම පිණිස බිරියත් නැන්දම්මාත් සැරසෙද්දී මන්ත්‍රිවරයා යක්ෂයා ආරූඪ වියග

ර්‍ණමම ඔස්ට්‍රේලියාවෙ අවුරුදු ගානක් හිටියාග එහෙත් ගැහැණු ළමයි ලොකු වෙනවාෟ එහෙ කවදාවත් ඔය වගේ විකාර කරන්නෙ නැහැග ඒක ස්වාභාවික සිදුවීමක් කියලා ඒ දරුවට පුරුදු විදිහට ඉන්න ඉඩ දෙනවා මිසක්ෟ”

සැම වැදගත් කටයුත්තකදි ම නැකතක් බලන්නට පුරුදු වී සිටි තම සැමියාගේ මේ හදිසි වෙනස්වීම අදහාගත නොහැකිව බිරිය ගල් ගැසුණාක් මෙන් ඔහු දෙස දෑස් අයාගෙන බලා සිටියත්ල නැන්දම්මා නම් කට පියාගෙන සිටියේ නැතග

ර්‍ණඅනේ පුතේ මේක ඕස්ට්‍රේලියාව නොවෙයි ලංකාවග අපි චාරිත්‍ර වාරිත්‍ර කරන්නම ඕනැග”

ගැහැනු ළමයකු වැඩිවියට පත්වූ විට එතෙක් ගතකළල කෙළිලොල් සැහැල්ලු දිවිය අවසන් බවත් මෙතැන් සිට ගත කළ යුතු වගකීම් සහගත බව වටහාදීමට සාම්ප්‍රදායිකව පවත්වාගෙන එන සිරිත් විරිත් උපකාර වන බවත් මන්ත්‍රීවරයාට වටහා දෙන්නට ඇය වචන රාශියක් වැය කළායග එහෙත් මන්ත්‍රීවරයාගේ විරෝධය නම් එයින් නතර නොවීයග

ර්‍ණඕනෙ නැහැග හැදෙන එකා කොහොමත් හැදෙනවාෟ ඔය විකාර එපාෟ”

ර්‍ණඑහෙම කියලා බැහැ‍ෙන පුතේග ඔයාට එපානම් ඔයාගෙ පාඩුවෙ ඉන්නග ඔයාගෙ විතරක් දරුවෙක් නෙවෙයිනේග”

නැන්දම්මා පැවසුවේ ඉකිගසමින් හඬන සිය දියණියගේ හිස අතගාමිනිග මවත් දුවත් යළිත් ගෙතුළට ගොස් මද වේලාවකින් මන්ත්‍රිවරයාගේ මාමණ්ඩිය දුරකථනයෙන් ඔහු ඇමතීයග විශ්‍රාම යන්නට ආසන්නව සිටින උසස් රාජ්‍ය නිලධාරියෙකු වන මාමණ්ඩිය සන්සුන් ගති පැවතුම් ඇති සෞම්‍ය පුද්ගලයෙකු වුවත් අද නම් ඒ ඔහුමදැයි සිතාගන්නටත් නොහැකි තරම්යග

ර්‍ණනෑ මං කිව්වෙ මමත් ඕස්ට්‍රේලියාවෙ අවුරුදු ගානක්ගගගග”

බිරියටත් නැන්දම්මාටත් ගැසූ බෙර පදයම මාමණ්ඩිය ඉදිරියේත් වයන්නට මන්ත්‍රීවරයා තැත් කළත්ල මාමණ්ඩිය ගැසූ පා පහරින් බෙරයේ ඇස් දෙක පමණක් නොව බෙර කඳද පුපුරා ගියා වැනියග

ර්‍ණතියාගන්නවා අයිසෙ තමුසෙගෙ මහ ‍ලොකු ඕස්ට්‍රේලියාවග උන්ට අවුරුදු දෙතුන් සීයකවත් ඉතිහාසයක් උරුමයක් තියෙනවදරෑ තමුසෙ එහෙ පන්සල්වල ඇබිත්තකම් කරපු බව නම් අපිත් දන්නවාග”

මාමණ්ඩිය යක්ෂාවේශය ද ඉක්මවා වෙසමුනි ආවේශයෙන් කරන දෝෂාරෝපණය නතර නොවන බව වටහාගත් මන්ත්‍රීවරයාල

ර්‍ණහරි හරි අප්පච්චිගගගග”

ර්‍ණමම හරි තමයි ඕයිෟ තමුසෙයි වැරදිග පහුගිය කාලෙම තමුසෙ කළේම වැරදි තමයිග පල්හොරුයිල තක්කඩියිල වාචාලයොයි වටකරගෙන තමුසෙලා මහලොකු වීරයො වගේ නිකන් පුස් වෙඩි පත්තු කරනවාග මතක තියාගන්නවා එහෙන් මෙහෙන් එන ටෙලිපෝන් කෝල්වලට හීලෑ වෙලා බයේ ගැහි ගැහි වැඩ කරපු අපි වගේ අයත් දැන් තමයි කොන්ද කෙළින් තියාගෙන රාජකාරිය කරන්නේග මට ලැජ්ජයි ඕයි තමුසෙ මගෙ බෑණා කියන්නත්ග”

මාමණ්ඩිය සමඟ තරගයට මෙන් රිසිවරය දමා ගැසූ මන්ත්‍රීවරයා නිවෙසින් එළියට බැස මිදුලේ ඒ මේ අත සක්මන් ක‍ෙළ් තරහෙන් පිපිරෙමිනිග

මේ සියල්ලට ම මුල්වූයේ තමා ගත් හදිසි තීරණයක් නොවේදැයි මන්ත්‍රීවරයාට සිහිපත් වේග

පසුගිය මහ මැතිවරණයේදී පරාජිත වූ එතෙක් වසර ගණනාවක් රට පාලනය කළ දේශපාලන හවුලේ ප්‍රබල සාමාජිකයෙකු වී සිටි තම දේශ හ‍ිතෛෂී ජනතා පක්ෂය එම මැතිවරණයේදී විරුද්ධ පක්ෂයට සහාය දෙන්නට තීරණය කළේ පක්ෂ මහා සම්මේලන‍ෙය් එකඟතාවය අනුවයග

එහෙත් මැතිවරණයට දින කිහිපයකට පෙර රාජ්‍ය රූපවාහිනී නාළිකාවක විකාශය වූ ජ්‍යොතිෂ සංවාදයක් හේතුවෙන් තමා තම පක්ෂයේ තීරණයට එරෙහිව හිටපු අගමැතිවරයාට සහාය දෙන්නට පෙලඹුණ හැටි මන්ත්‍රීවරයාට සිහිපත් වේග අගමැතිවරයාගේ රාජයෝගල පක්ෂියා රජවීමල ශුභ ග්‍රහ ගෝචර තත්වය ආදී කරුණුවලට අමතරව තමා දැඩි ලෙස ආකර්ෂණයට ලක්වූයේ එක් ප්‍රකට දෛවඥයකු කී කතාවකිග

ර්‍ණදැන් බලන්න කවදාවත් මේ ර‍ෙට් අගමැති වෙලා තියෙනවද ඇමතිකමක් නොදරපු කෙනෙක්ග දැන් ඔය විපක්ෂයෙන් ඉදිරිපත් වෙලා ඉන්න කෙනා ඇමතිකමක්වත් නොදරපු කෙනෙක්ග ඉතින් ඇමති කෙනෙක් වෙන්නටත් පිං නැති කෙනෙක් කොහොමද අගමැති වෙන්නේග”

තම හිතවත් දෙතුන් දෙනෙකු සමඟ වහා ක්‍රියාත්මක වූ මන්ත්‍රීවරයා දේශ හිතෛෂී ජනතා පක්ෂයෙන් ඉවත්වී දේශ මාමක ජනතා පක්ෂය නමින් අලුත් පක්ෂයක් පිහිටුවාගෙන හිටපු අගමැතිවරයාටත් එම රජයටත් සහාය දෙන්නට තීරණය කළේයග

මැතිවරණ ප්‍රතිඵල නිකුත් වියග අනාවැකි කී ජ්‍යොතිෂ පණ්ඩිතයෝ ගලේ පැහැරු බළලුන් සේ විපිළිසරව දොරගුළු ලාගත්හග මන්ත්‍රීවරයා එදා සිට මේ දක්වා ම දිවා රෑ නොබලා ගණන් ඉලක්කම් හදමින් අලුත් ආණ්ඩුව පෙරළන විදිහක් ගැන සිතමින් විස්සෝපයෙන් පසු වේග

බිරියත් නැන්දම්මාත් නිවෙසින් පිටතට විත් ඒ වනවිටත් පණගන්වා තිබූ මෝටර් රථයට නැගුණාහග තුරු ගොමුවේ සිමෙන්ති බංකුවේ වාඩි වී දෑත් මත හිස තබාගෙන සිටි මන්ත්‍රීවරයා හිස ඔසොවා බැලුවේයග

ර්‍ණඅපි ගිහින් එන්නම් පුතේ”

නැන්දම්මා කීවේ කිසිවක් සිදු නොවූ විලාසයෙනිග බිරිය රිය­ැදුරාට අතින් සන් කළායග

ර්‍ණවැඩි ඈත දිනයක් ගන්න එපාග දුවගේ ඉස්කෝලෙ වැඩවලට බාධා වෙන්න නොදී පුළුවන් තරම් ළඟ දිනයක් ඉල්ලා ගන්නග”

මන්ත්‍රීවරයා ඇසෙන නෑෙසනෙ හඬින් කීවේ පරාජිත ස්වරයෙනි

curtesy : http://www.silumina.lk/


Wmqgd .ekSu weiqfrks