18 Views  
වැරැද්දක් නෑ
සෝයුරු සෝයුරියන් වූ සුරන්ජිත් ද සවින්ධ්‍යා ද නව යොවුන් වියේ පසු වූ උපාධි අපේක්ෂකයෝ දෙදෙනෙකිග සවින්ධ්‍යා පේරාදෙණි විශ්වවිද්‍යාලයට ඇතුළත්ව සිටි අතර සුරන්ජිත් ඇතුළත් ව සිටියේ මොරටු කටුබැද්ද විශ්වවිද්‍යාලයටයග මධ්‍යම පාන්තික පවුලකට අයත් මේ දෙන්නාට වෙනත් ස‍හෝදර සහෝදරියෝ නො වූහග රජයේ ලිපිකාර සේවයේ නිරත ව සිටි පියාත් පාඨශාලාචාර්ය වරියක වූ මවත් ලද දෙයින් සෑහීමට පත්වී දැහැමි ජීවිත ගත කළ දෙමහල්ලෝ වූහග

චාම් දිවි පෙවෙතකට හුරුවී සිටි මේ සෝයුරු සෝයුරියන් සරසවි සමය සැලකුවේ අනාගත ජීවිකා වෘත්තියක් සඳහා පුහුණුව ලැබී‍ෙම් කාලයක් ලෙසට යග උගැන්මේ කටයුතුවල නිරත වෙමින් නිවාඩු කාලවලදී පවා අදාළ පොතපත පරිශීලනය කරමින් පුස්තකාල ඇසුර ප්‍රිය කළ මේ දෙදෙනාගෙන් සුරන්ජිත් වැඩි මහලු වුණේ මිනිත්තු කීපයකින් පමණකිග සුරන්ජිත් වැඩිපුර ගෙදර පැමිණියේ නැතග නැවතී සිටියේ ‍මොරටුවේ මාමා කෙනකුගේ නිවසේයග

ක්‍රීඩා සහ දේශපාලන කටයුතුවලට වඩා පොතපත ඇසුරු කළ සුරන්ජිත් මෙන් ම සවින්ධ්‍යා යන අයිය න‍ඟෝ දෙදෙනා ම කලා කටයුතුවලට බර පුද්ගලයෝ වූහග සවින්ධ්‍යා වේදිකා නාට්‍ය කෙරෙහි ඇල්මක් දැක්වූ අතර සුරන්ජිත්ගේ සිත ඇදී ගොස් තිබුණේ කෙටිකතා සහ නවකතා විෂය වෙතයග

නාට්‍යකරණය සහ රංගනය පිළිබඳ ව උනන්දුවක් දැක්වූ සවින්ධ්‍යාට නාට්‍ය වැඩමුළුවලට සහභාගි වීම සඳහා නියමිත දවස්වල කොළඹ පිහිටි රංගන ආයතනයකට යෑමේ අවස්ථාව උදාවී තිබුණිග එහි උදේ වරුවේ එක වැඩමුළු වාරයක් ද සවස් වරුවේ තව වැඩමුළු වාරයක් ද වශයෙනි පවත්වන ලද්දේග සවින්ධ්‍යාට පැමිණිය හැකිව තිබුණේ සන්ධ්‍යාවේ පැවැත්වුණු වැඩමුළු වාරවලටයග

සවින්ධ්‍යා එක් දිනක් වැඩමුළුවට පැමිණෙන විට උදේ වරුවේ වැඩමුළුවට සහභාගි වූවන් පිටව යන අවස්ථාව වියග වාහන සඳහා වූ ප්‍රධාන ගේට්ටුවට අමතරව පිහිටි කුඩා දොරටුවකින් ආයතන පරිශ්‍රයට ඇතුළු වෙන විට ඇය දුටු දසුනෙන් සවින්ධ්‍යා කුතුහලයට පත් වුණායග උදය වරුවේ මොරටු සරසවියේ දේශනවලට සහභාගී විය යුතුව සිටි සුරන්ජිත් ශාලාවෙන් පිටවී එනු දැකීම එයට හේතු වියග ඇයගේ විමතියට වඩාත් හේතු වුණේ ශාලාවෙන් පිටතට පැමිණි සුරන්ජිත් ඔහු පැමිණෙන තුරු එළියේ බලාගෙන හුන් තරුණියක සමඟ ඇවිදගෙන ගොස් ඇයත් සමඟ මෝටර් රථයකට නැඟී පිටවී යනු දැකීමයග හැඩරුවෙන් සුරන්ජිත්ට සමානව තමාට පෙනුණු තරුණයකු විය හැකියයි උපකල්පනය කළ ඕ තොමෝ එක හා සමාන පුද්ගලයන් සත් දෙනකු සිටිති යි යන කීම සිහිපත් කර ගනිමින් එය අමතක කර දමා පුරුදු ලෙස සිය වැඩ කටයුතුවල නිරත වුණායග ඊළඟ අවස්ථා දෙකකදී ම සුරන්ජිත් පෙර කී තරුණිය සමඟ වාහනයට නැඟී පිටත්ව යන අයුරු සවින්ධ්‍යාට දැක ගත හැකි වියග

සරසවි සිසුන් අතර ජනප්‍රියව පැවති ඩෙනිමකින් හා ටීෂර්ට් ඇඳුමෙන් සැරසී සිටි තරුණයා සුරන්ජිත් බවට මේ වෙන විට සියයට සියයක් ම ඇයට ඒත්තු ගොස් හමාරයග මේ සිද්ධිය දෙමාපියන්ට නොකියා රහසක් ලෙස රැකගත් සවින්ධ්‍යාගේ සැලසුම වුණේ ඊළඟ අවස්ථාවේදී කෙසේ හෝ සුරන්ජිත් හමු වී යථා තත්ත්වය දැන ගැනීමට යග

වැඩමුළුවට සහභාගි වීම සඳහා පුරුදු ලෙස ආයතනයට පැමිණි සවින්ධ්‍යා වාහන නැවතුමට නුදුරු තැනක වහන් වී විමසිල්ලෙන් පසුවුණායග උදේ වරුවේ වැඩමුළු අවසන් වී අභ්‍යාස ලාභීන් පිටතට එන විටදී ඔවුන් අතරේ පැමිණි සුරන්ජිත් ඔහු එනතුරු වාහන නැවතුමේ රැඳී හුන් තරුණියක වෙත යනු දුටු සවින්ධ්‍යා වහන් වී පසුවුණු තැනින් මෑත් වී ඔවුන් ඉදිරියට ගමන් කරන්නට වුණායග එක කුස ඔත් සහෝදරිය වන තමා කිසිදාක නුදුටු අමුත්තියක ලෙස සලකා හැසුරුණු සුරන්ජිත් එදා ගමන් කළේ පෙර වතාවල පැමිණ සිටි තරුණිය සමඟ නොව වෙනත් තරුණියක සමඟයග එය දුටු සවින්ධ්‍යා තුළ උද්ගත වුණේ සුරන්ජිත් පිළිබඳ අපුල හැඟීමකිග තමා තුළ කැකෑරෙමින් පැවති උද්වේගය යටපත් කරගත් සවින්ධ්‍යා අඩියට දෙකට ඔවුන් ළඟට පැමිණල ර්‍ණසුරන්ජිත් අය්යා ඔයා මෙතනරෑ” ප්‍රශ්න කළායග ජීවිතයේ මුල්වරට දුටු අමුත්තියක දෙස හෙළන බැල්මෙන් සවින්ධ්‍යාගේ මුහුණ බැලූ තරුණයා ර්‍ණමොනවාෟ සුරන්ජිත් අය්යාරෑ ඔයා කවුදරෑ කොහොමද මං ඔයාගෙ අය්ය වෙන්නෙරෑ මට ඇති නංගියෙක් නෑග මං මෙයාගෙ මල්ලි” කියමින් තරුණිය දෙසට අත දිගු කළේයග

ර්‍ණසුරන්ජිත්ල මං සවින්ධ්‍යාෟ ඔයාගෙ එකම නංගිග ඇයි ඔයා මට බොරු කරන්නෙරෑ ඔයා හිතාගෙන ඇති මං අම්ම තාත්තට ගතු කියාවි කියලා ඔයා තරුණ ගෑනු ළමයින්ව ආශ්‍රය කරන එක ගැනග බය වෙන්ට එපා සුරන්ජිත් අයියා ‍මං මේක රහසක් වගේ රකින්නම්ග මට කියන්ට අය්යෙල ඔයා කැම්පස් යන එක නවත්තලදරෑ රස්සාවක්වත් කරනවදරෑ නාට්‍ය රංගන වැඩමුළුවලට එන්නෙ ඇයිරෑ ලේඛන කලාව අත් හැර දාලදරෑ කවුද මේ අක්කාරෑ” ප්‍රශ්න වැලක්ම සවින්ධ්‍යා අහගෙන අහගෙන ගියායග

මේ අනපේක්ෂිත විමසිල්ලෙන් අන්ද මන්ද වූ තරුණයාත් තරුණියත් දෙදෙනා ම මඳක් නිහඬව සිටි අතරල

ර්‍ණනංගී ඔයාට ලොකු වැරදීමක් වෙලා වගෙයිල මං ආයෙමත් කියන්නෙ මං සුරන්ජිත් නෙමෙයිල මේ ඉන්නෙ මගෙ ලොකු අක්කාග කලින් වතාවල ඔයා දැකල තියෙන්නෙ මගෙ පොඩි අක්කාග මට ඇති නංගියෙක් නෑග අපි තුන්දෙනා විතරයි පවුලෙ ඉන්නෙග තාත්ත ජීවතුන් අතර නෑග අම්ම එක්කයි අපි තුන්දෙනා තවම ඉන්නෙග වැඩි විස්තර ඕනැනම් ඇවිදින් දැනගන්ටග මෙන්න ම‍ගේ විසිටිං කාඩ් එකග මගෙ නම විරාජිත්ල විරාජිත් කුරුකුලසූරියෟ” පැවසූ හෙතෙම තරුණිය සමඟ වාහනයට නැඟී පිටත්ව ගියේයග

මේ සිද්ධියෙන් පසු පඹගාලක පැටලුණු සවින්ධ්‍යා ඉස්මතු වූ ගැටලුවට විසඳුමක් ලබා ගැනීම සඳහා පිඹුරුපත් සකස් කරන්නට වුණායග ඊළඟට එළැඹුණු විශ්වවිද්‍යාල නිවාඩු කාලයේදී ගෙදර පැමිණි ඕ මෙයට වසර විසිතුනකට කලින් සිදු වූ තමාගේත් නිවුන් සෝයුරු සුරන්ජිත් අය්යාගේත් උපත් පිළිබඳ ආරෝග්‍යශාලා විස්තර කාඩ් පත සොයා ගත්තායග සිසේරියන් සැත්කමකින් උපත සිදුකරන ලද දොස්තර මහතාගේත් එයට සහභාගි වූ හෙදි සෝයුරියගේත් උපස්ථායිකාවගේත් වින්නඹු මාතාවගේත් නම් එහි ඇතුළත්ව තිබුණිග

මාස ගණනක් තිස්සේ වෙහෙස මහන්සි වෙමින් කාටත් රහසේ ඇති තතු සෙවූ සවින්ධ්‍යාට අවසානයේදී තමන්ගේ උපතේදී දොස්තර මහතාට සහාය වූ හෙදි සෝවුරිය ගැන තොරතුරු සොයගත හැකි වියග තනිකඩ ජීවිතයක් ගත කළ හෙදි සෝවුරිය රජයේ සේවයෙන් විශ්‍රාම ගෙන තම ඥාති පුත්‍රයකුගේ නිවෙසේ පදිංචිව සිටි අතර මේ වෙන විට මිය පරලොව ගොස් සිටියායග ඥාති පුත්‍රයා මුණ ගැසුණු සවින්ධ්‍යා තම අවශ්‍යතාව දැන්වූ විට ඔහු අනාවරණය කළේ සතුටුදායක ආරංචියකිග

ර්‍ණඔය කියන හෙදි සෝයුරිය මගේ ලොකු නැන්දාග කසාද බැඳල නෑග විශ්‍රාම ගත්තට පස්සෙ අපේ ගෙදරමයි ජීවත් වුණේග ජීවිතේ අවසාන කාලෙදි තමා අතින් මහ වැරැද්දක් සිද්ධ වුණා වගේ පසුතැවිල්ලකුත් දකින්ට ලැබුණාග දවසක් මාව ළඟට අඬගහගෙන මගෙන් පොරොන්දු තුනක් ගත්තාග”

ර්‍ණමොනවද ඒ පොරොන්දු තුනරෑ”

ර්‍ණපළමුවැන්න ගනකම් ලියුම් කවරයක දාල ලාකඩ වලින් සීල් තියපු ලියවිල්ලක් නැන්ද ජීවතුන් අතර ඉන්න තුරාවට ලියුම් කවරෙන් එළියට නොගෙන පරෙස්සම් කර ගන්න එකග

දෙවැන්න තමා නැති කාලෙක කවුරු හරි තරුණ ගෑනු ළමයෙක් උප්පැන්නෙක පටලැවිල්ලක් කියාගෙන තමාව හොයාගෙන ආපු දවසක හරිහැටි කරුණු අහලා දැනගෙන ලියුම කඩල බලන්ට ඒ ළමයට දෙන එකග

තුන්වැන්න ලියමනේ තියෙන විස්තරේ බලාගත්තට පස්සෙ ඒ ළමය ඉදිරියේදිම ලියමනයි කවරෙයි දෙකම පුළුස්සා දමන එකග”

ර්‍ණකෝ ඒ ලියමනල මට බලන්ට පුළුවන් දරෑ මං කාලයක් තිස්සෙ මහන්සි වෙන්නෙ ඔය උප්පැන්නෙ ගැන හොයන්ට තමයිග” සවින්ධ්‍යාට කෑ ගැසුණිග

ර්‍ණකොහේද ඔය උප්පැන්නෙ සිදු වෙලා තියෙන්නෙරෑ”

ර්‍ණකොළඹ රජයේ රෝහලක”

ර්‍ණකොයි කාලෙ වගේ දරෑ”

ර්‍ණමීට අවුරුදු විසි තුනකට ටිකක් කලින්ග”

ර්‍ණඋප්පැන්නෙ ගැන වැඩි මනත් මොනවද කියන්ට තියෙන්නෙරෑ”

ර්‍ණඒක නිවුන් දරු උපතක්ග සිසේරියන් සැත්කමකින් තමයි දරු දෙන්නව අරන් තියෙන්නෙග අය්යයිල නංගියිග මෙන්න මේ තියෙන්නෙ රෝහලෙන් දීල තියෙන කාඩ් එකග”

ර්‍ණඔයාගෙ නමරෑ”

ර්‍ණසවින්ධ්‍යාෟ”

ර්‍ණමට යන්තමින් වගේ මතකයි නැන්ද ඔය නම කියනවාග”

ර්‍ණඅනේෟ මට පුළුවන්ද ඒ ලියමන කියවල බලන්ටරෑ”

ර්‍ණහරිල හරිල මං ගේන්නම් ඒ ලියමන”

මිනිත්තු පහකින් පමණ පසු ඥාති පුත්‍රයා ගෙන ආ ලියුම් කවරයේ සීල් ගලවා එළියට ගත් හෙදි සෝයුරිය ලියූ ලියමන සවින්ධ්‍යා කියවන්නට වුණායග

ලියමනේ ඉහළින් ම ලියා තිබුණේ

ර්‍ණමේ ලියමන කියවා අවසන් වූ වහාම මෙය පුළුස්සා දමන්නග මෙය මේ වෙනතුරු රහසක් ලෙස රැකගත් සත්‍ය කතාවයි” යනුවෙනිග

ර්‍ණමං මේක කළේ හිතට විරුද්ධව වුණත් පවුල් ජීවිතයක් කඩා කප්පල් කරලා ඉහිරු දහරු කර දාන්ට නොතිබුණු අහිංසක චේතනාවෙන්ග අසරණ කාන්තාවකගෙයි කිරිකැටි දැරියකගෙයි ජීවිත බේරාගන්ට ගත්ත තීරණයක් මතග මගෙන් වැරැද්දක් සිද්ධ වුණා නම් උඩ ඉන්න දෙවියන් වහන්සෙ මට සමා වෙන්ටෝනග

මට මතක තියෙන හැටියට මේක සිද්ධ වුණේ මේ ලියමනේ දාල තියෙන දින වකවානුවලට අවුරුදු විස්සක් විතර කලියෙන්ග මං ඒ කාලෙ රාජකාරිය කළේ කොළඹ ළමා රෝහලක සූතිකාගාර අංශයේ ප්‍රධාන හෙදි නිලධාරිනිය ලෙසටග

ඔය කියන කාලෙ එක දවසක් වත් පොහොසත් කම් තියෙන නෝන කෙනෙකුව දරු ප්‍රසූතියක් සඳහා මං අධීක්ෂණය කරපු වාට්ටුවට ඇතුළු කළාග ඒ නෝන වාට්ටුවට ආදා ඉඳල පසුවුණේ හරි නොසන්සුන් කමින්ත නිතර ම වගේ බර කල්පනාවෙන්ග හරි හමන් කෑමක් බීමක් ගත්තෙත් නෑග ඒ නෝනගෙ මහත්තයා ඇයව වාට්ටුවට ඇතුළු කරල ගියා ගියාමයි දරුව ලැබෙනකම්වත් වාට්ටුව පැත්තෙ ආව නෑග ආවෙ ගියේ තලතුනා ගෑනු මනුස්සයෙකුයිග නෝන කිව්වෙ මහත්තයා පිට පළාත්වල රාජකාරි කටයුතු කරන නිසා එන්ට ලැබෙන්නෙ නැතෙයි කියලග ඒත් ඒ නෝන එක දවසක් මට රහසක් කිව්වා මෙන්න මෙහෙමග

‘අනේෟ මිසීල මං ජීවත් වෙනවට වඩා හොඳයි මැරිල යනව නම්ග මට දැනට ඉන්නවා අවුරුදු පහක සහ අවුරුදු තුනක දූල දෙන්නෙක්ග මහත්තයට ඕනැ දැන් පුතෙක්ග මේ සැරේ පුතෙක් හම්බ නූනොත් මාව අත් හැර දානව කියල තර්ජනය කරනවාග මෙන්න මේක හින්දයි මං ජීවිතේ එපා වුණා වගේ ඉන්නෙග

මහත්තය මාව අත් හැරියොත් මාව අනාථ වෙනවාග මේ වෙනකොට මගේ අම්ම තාත්ත ජීවතුන් අතර නෑල මං තමා ඒ දෙන්නගෙ එකම දූග මට නෑදෑයො කවුරුවත් ම නෑ මාව රැක බලාගන්ටග මං මහත්තය එක්ක විවාහ වුණේ තනි කැමැත්තෙන්ග ඒ නිසා දෙමාපියන්ගෙන් මට කිසිම දේපළක් අයිති වුණේ නෑග ඉතින් මට දිවි නසා ගන්න එක විතරයි සහනයකට තියෙන්නෙග

මේ කතාව අහපු මට හරියට දුක හිතුණාග මං තීරණයක් ගත්තා මේ නෝනට මට පුළුවන් විදිහට උපකාරයක් කරන්ටග ඔය අතරතුරේදි තවත් ගැබිණි කාන්තාවක් වාට්ටුවට ඇතුළු වුණා කුළුඳුලේ කුසෙන් හෑල්ලු වෙන්ටග ඇයව සෝදිසි කරපු දොස්තර මහත්තය කීවෙ නිවුන් දරු දෙන්නෙකුයි ලැබෙන්ට ඉන්නෙග දවස් තුනකින් ඔපරේෂන් එකකින් තමයි දරුවන් ගන්ට වෙන්නෙ කියලාග ඔය දවසෙමයි අර නෝනටත් දරු ප්‍රසූතියෙ දින නියම වෙලා තිබුණෙග කුළුඳුල් ගැබිණි කාන්තාව ඔපරේෂන් තියට‍ෙර්ට ගත්තු වෙලාවෙමයි නෝනවත් සූතිකාගාරයට ගත්තෙග

ඔප‍ෙර්ෂන් එකෙන් අර කාන්තාවට ලැබුණෙ පිරිමි ළමයි දෙන්නෙක්ල එක ම මුහුණුවරග ඊට මිනිත්තු දෙක තුනකට පස්සෙ නෝන ප්‍රසූත කළේ දු‍වක්ග මං තමයි ඒ වෙනකොට එතැන අධීක්ෂණ කටයුතුවල යෙදිල හිටියෙග මං ඒ කිරි සප්පයන් තුන් දෙනාව පිරිසුදු කරල අර නිවුන් පිරිමි දරුවන්ගෙන් බාලයව නෝන ළඟට ගෙනැවිත් තැබුවාග නෝනගෙ දුවයි අනික් පුතාවයිල අර කාන්තාව ළඟින් ගෙනැවිත් තැබුවාග ඒ වෙන‍කොට දරුවන් ලැබුණු දෙන්නගෙන් කාටවත් හරි සිහි කල්පනාවක් තිබුණෙ නෑග හොඳ සිහි කල්පනාව ආවට පස්සෙ ඔපරේෂන් කරපු කාන්තාවට මං කිව්වා ඇයට නිවුන් දරුවන් දෙන්නෙක් ලැබුණායල පුතෙකුයි දුවෙකුයි කියලාග ඒ කාන්තාව හරියට සතුටු වුණා රටක් රාජ්ජයක් පහළ වුණා වගේග ඔන්න ඕකයි ඇත්ත සිද්ධියග

අවසාන වශයෙන් මා ඉල්ලා සිටින්නේ මෙය කියවන අය එය රහසක් ලෙස තබාගන්නා ලෙසයග මෙයට සම්බන්ධ දුව අතීත සිද්ධි නිවැරදි කර ගැනීමට පෙළඹෙන්නේ නැතුව තමා දැන් සිටින විදිහට ම යහතින් ජීවත් වෙන ලෙසයග”

curtesy :  http://www.silumina.lk


Wmqgd .ekSu weiqfrks
o