18 Views  
නෑදෑයෝ
සරුවට වැඩුණ රබර් ගසින් සෙවණ වූ ගුරුපාර දිගේ ඉදිරියට ඇදෙන මෝටර් රථයකිග මෝටර් රථයේ රියැදුරු අසු‍ෙන් අසුන්ගෙන සිටින කඩවසම් තරුණයා අවට විමසිල්ලෙන් බලන්නේ තමා ගමෙන් පිටවන අවදියේ අවට පැවති පරිසරය වෙනස් වී ඇති අයුරු දැකබලා ගැනීමට මෙනිග එදා කුඩාවට තිබූ රබර් පැළ උස්මහත් වී වැඩී ඇති නමුත්ල පරිසරයේ එතරම් වෙනසක් සිදුවී ඇති බවක් ඔහුට නොපෙනේග සුධාරකගේ සිත සිය ළමා කාලය වෙත සෙමෙන් පියමන් කළාග කුඹුරේ ගොයම් කැපූ කාලයට පිදුරු ගොඩවල්වල සෙල්ලං කරපු හැටිග වක්කඩේ තිත්තයන් අල්ලපු හැටිග සුධාරකගේ මතකයට ආවේ සිතේ සියුම් සතුටක් මෝදු කරමිනුයිග ඒත් ඒ සතුට තව සුළු මොහොතකින් පලවා හරිමින් ඒ අප්‍රසන්න කතාන්දරය ඔහුගේ සිතට පිවිසෙයිග

ගුරුපාර දිගේ මඳ දුරක් ගමන් කළ මෝටර් රථය නිවසක් ඉදිරිපිට නතර කෙරුණාග ඉන් බැසගත් තරුණයා කාරයේ පසුපස අසුනේ තිබූ පාර්සල් කීපයක් ද රැගෙන ඉදිරියට පිය මැන්නේ සිතේ පැවති නොසන්සුන් බව ආයාසයෙන් යටපත් කර ගනිමින්ග ඔහු නිවසේ ආලින්දයට ගොඩවත් ම නිවස තුළ සිටි කාන්තාවක් ඉදිරියට පැමිණියාග ඇය වික්ෂිප්ත ව මෙන් මඳ වේලාවක් බලා සිට කටහඬ අවදි කළාග ‘අපෙ අප්පේ මේ සුධාරක පුතා නෙවග මට එකපාරට ම අඳුනගන්න බැරි වුණාග පුතේ වාඩිවෙන්නකොග පුතා උස් මහත්වෙල ලස්සන වෙලාග අනේ පුතේ පුතා නොදැක මං කොයිතරං දුකෙන් ද හිටියෙග ඇයි පුතේ මෙච්චරකල් ආවෙ නැත්තෙග පුතා රට ගියා කියලා ආරංචි වුණාග පුතාට තිබුණනේ ලියුමක්වත් එවන්නග”

සුධාරක පුටුවේ හිඳගත් ගමන් පුටු ඇන්දට තට්ටු කරමින් කල්පනාවේ ගැලී සිටියේ සිතේ කැකෑරෙන කාරණාව කොහොම එළියට දාන්නද යන්න නිශ්චය කර ගැනීමට නොහැකිවයිග

ර්‍ණඇයි පුතා කතා නැත්තෙග”

ර්‍ණආත්තම්මෙ මම මේගගග”

ර්‍ණආත්තම්මේරෑ” ඇයි මං පුතාගෙ අම්මනේ”

ර්‍ණහරි හරිග ආත්තම්ම මගේ අම්ම වගේ තමයිග ආත්තම්ම තමයි අම්ම වගේ මාව හදා ගත්තෙග ඒත් ආත්තම්මෙ ඇයි ඔයගොල්ල මට බොරු කියල මාව රැවැට්ටුවෙග මං දැන් ඔක්කොම දන්නව ආත්තම්මෙග ඇයි එහෙම කළේග ආත්තම්මට අම්මට කියන්නත් අම්මට අක්ක කියල කතා කරන්නත් ඇයි මට පුරුදු කළේග එතකොට මගේ තාත්ත කවුද කියල ඇහුවම එක එක බොරු කියල මාව රැවැට්ටුවග ඇයි එහෙම කළේ ආත්තම්මෙග මං දැන් දන්නව ඔක්කොමග කෝ මං අක්කයි කිය කිය හිටිය මගේ අම්මග කොහේද ඉන්නෙග අනික මං දැන් දන්නව තාත්ත කවුද කියලත්ග ඒ දිවෙල් වත්තෙ සිරිපාල කියන මනුස්සය නේග මට එයා හම්බවෙන්න ඕනග මං මේ ඔක්කොම විස්තර දැනගත්තෙ හික්කඩුවෙ හෝටලෙ ඉන්න කාලෙග මං ඒකයි කාටවත් නොකිය රට ගියේග මේ ආපු ගමන් තාත්තය කියන එක්කෙනා හම්බවෙලා යන්න තමයි හිතාගෙන ඉන්නෙග එයාට එහෙම මඟ ඇරල ඉන්න දෙන්න බැහැග මගේ අයිතියත් මට ඉල්ලගන්න ඕනග”

ර්‍ණඅනේ පුතේ ඒ කාලෙ වෙච්ච වැරදි දැන් හරිගස්සන්න බැහැනේග ලෝකෙ මිනිස්සුන්ට හිනාවෙන්න වැඩ කරන්නෙ නැතුව ඒව අමතක කරල පුතාගෙ දියුණුවක් බලාගන්නකොග අපි හිතාගෙන ඉන්නෙ මේ ගේයි ඉඩමෙන් කොටසකුයි පුතාට ලියල දෙන්නග ඒක නිසා කලබල වෙන්නෙ නැතුව ඉන්න පුතේග”

ර්‍ණනෑ නෑ මට ආත්තම්මලයි දේවල් ඕන නැහැග මට දැනගන්න ඕන ඇයි ‍මේ වගේ වැඩ කරල මග ඇරල ඉන්නෙ කියන එකග ඇයි එයා අම්මව කසාද නොබැන්දෙ”

ර්‍ණබඳින්නෙ කොහොමෙයි උඹේ අම්ම උඩක් පල්ලක් දන්නෙ නැති පොඩි කෙල්ල”

ර්‍ණඉතිං අත්තම්මෙ අප්පොච්චිය කියන මනුස්සය ලොකු වරදක්නේ කරල තියෙන්නෙග ඒකට විරුද්ධ ව නීතියෙන් පියවරක් ගන්න තිබුණනේග”

ර්‍ණආනේ පුතේ ඒ දේ සිද්ධ වුණේ අපේ එකීගෙත් වැරැද්දෙන්නේග ඒකි තමයි උගේ පස්සෙන් ගිහින් අමාරුවෙ වැටුණෙග අනික ඕවට උසාවිගානෙ යන්නෙ කවුදරෑ උඹලගෙ සීයවත් හිටියනං කාරිනෑග අපිට ඒකට හයියක් තිබුණ එකක්යග එහෙම කරන්න ගියානං වෙන්නෙ ලෝකෙට ප්‍රචාරෙ වෙන එක විතරයිග”

ර්‍ණහරිල එයා අම්මව අනාථ කරල ඔය ඉන්නෙ යසට කසාදයක් හෙම කරගෙනග මං බලාගන්නංකොග”

ර්‍ණඅනේ පුතේ මං කිව්වනේ පුතා පුතාගෙ දියුණුවක් බලාගෙන ඉන්නග ඕවට ගිහිං නැති ප්‍රශ්න ඇති කරගන්නෙ නැතුවග”

ර්‍ණමට අම්මත් හොයාගන්න ඕනග අම්ම ඉන්නෙ කොහේදරෑ”

ර්‍ණඅම්ම ඉන්න තැනනං දන්නෙ පුතේ උඹේ පුංචි අම්මග එයා ආවම දැනගන්න බැරියග තව ටිකකින් ඒවිග ආ ඔය ඉන්නෙ කියනකොටමග”

නිර්මලා ගෙට ගොඩවුණේ මිදුලේ නවතා ඇති මෝටර් රථය දෙසත් ආලින්දයේ අසුන්ගෙන සිටින තරුණයා දෙසත් මාරුවෙන් මාරුවට බලමිනුයිග සුධාරක නිර්මලා දෙස බලා කටහඬ අවදි කළා

ර්‍ණමං මේ කල්පනා කළේ අක්ක කියනවද පුංචි අම්ම කියනවද කියලග”

ර්‍ණආග මේ සුධාරක‍නේග මොකද මේ හිටපුගමන් වෙනස් වෙලා ඇයි ඔහොම කතා කරන්නෙග”

ර්‍ණපුංචි අම්මෙ මං ඔක්කොම විස්තර දන්නවග මට අම්ම ඉන්න තැන කියන්නග”

ර්‍ණඅද ඉන්නව නේග අම්ම ඉන්නෙ නං ගම්පහ පැත්තෙග ඇඩ්‍රස් එක මා ගාව ඇතිග”

ර්‍ණහරි එහෙනං මං පාර පැත්තෙ ගිහිං එන්නං”

‘අනේ දුවේ ඔය යන්න හදන්නෙ සිරිපාල හම්බවෙන්න මොන වින්නැහියක් කරගනීද දන්නෙ නැහැග කුසුමාවතී යකා නටාවිග”

ර්‍ණඔව් සුධාරක පුතා දැන් එහේ යන්න එපාග ඒ ගියා කියල වැඩක් වෙන්නෙ නැහැග නැති ලෙඩක් දාගන්න එකයි වෙන්නෙග තේරුණානේග පුතා තවම තේවත් බොන්න නෑ මයෙ හිතේග ඉන්න මං තේ ලෑස්ති කරන්නංග”

නිර්මලා කඩිනමින් ගෙතුළට ගොස් ඇඳුම් මාරුකර මුළුතැන්ගෙට පිය නැඟුවේ සාලයේ ටීපෝව මත තබා ඇති තෑගි පාර්සල් දෙස නෙත් යොමු කරමිනුයිග සුධාරක ආලින්දයේ ඉඳගත් ගමන් ඉඩම මායිමේ සිට ඈතට නෙත් යොමාගෙන කල්පනාවට වැටුණාග තමා ගන්නට යන පියවරේ බරපතළ කමත්ල ඉන් මොන වගේ තත්වයක් උද්ගතවේද යන්න ගැනත් ඒ අතටත් මේ අතටත් කිරා බැලුවේයග

ර්‍ණසුධාරක තේ බීල ඉන්නග”

නිර්මලා කෙසෙල් ඇවරියක් සහ තේ කෝප්පයක් බන්දේසියක තබා ගෙනවිත් සුධාරකට පිළිගැන්වුවාග

ර්‍ණමේ ගෙදර ඉදවපු කෙසෙල්” යනුවෙන් පවසමින් නිර්මලා සුධාරක අසලින් ඉඳගත්තේ ඔහුගේ හැඩ රුව බලමිනුයිග සුධාරක කෙසෙල් ගෙඩියක් කා තේ කෝප්පය අතට ගනිමින් කටහඬ අවදි කළාග

ර්‍ණපුංචි අම්ම මොනවද කරන්නෙරෑ”

ර්‍ණමම ඒ ලෙවල් කරල ගෙදර ඉන්න එකේ දහම් පාසලේ උගන්නනවග”

ර්‍ණඒක හොඳයි” සුධාරක මඳ වේලාවක් නිහඬ ව සිට නැවත කතා කළාග

ර්‍ණමං හරි අවාසනාවන්ත මිනිහෙක් පුංචි අම්මෙල මං නිකං අතරමං වෙලා වගේග මට අම්ම තාත්තය කියල කාටවත් අඳුන්වල ‍දෙන්න කෙනෙක් නැහැග මම කොහොමද සමාජෙට මූණ දෙන්නෙග මට හැමදාම පිටරටට වෙලා ඉන්න පුළුවනෑග හොඳයි පුංචි අම්ම ම කියන්නග”

ර්‍ණඔයා කියන කතාව හරි පුතේග ඒ වුණාට කලබල වෙන්නෙ නැතුවග ඉන්න හැම දෙයක් ම හොඳ විදියට විස‍ඳේවිග මං අම්ම ඉන්න තැන ඇඩ්‍රස් එක දෙන්නංග ඕන නං මාත් එන්නං යන්නග”

ර්‍ණහරි ඒ අම්මනේග එත‍කොට තාත්තරෑ”

ර්‍ණඅපි ඒ පැත්ත අමතක කරලා දාමු පුතේග ඒක තමයි හොඳ ම විදියග”

06 වැනි පිටුවෙන්

ර්‍ණඒ වුණාට පුංචි අම්මෙ දැන දැන අපිට මේව අතෑරල දාල ඉන්න බැහැග මේවයෙ මොකක් හරි කෙළවරක් තියෙන්න ඕනග ඒක නිසා මං ඒ පැත්තෙ ගිහිල්ල එන්නංග බයවෙන්න එපාග නැත්තං අපි මෝඩයො ගානට වැටෙනවග”

සුධාරක තේ බී අවසන් ව සිය මෝටර් රථය වෙත පිය මැන්නේ මොන තත්වයක් උද්ගත වුවද එයට මුහුණ දීමට හිත දැඩි කර ගෙනයිග

ර්‍ණදුවේල දූ මේ පැත්තෙන් දිවෙල්වත්ත පැත්තට දුවල යන්නග මේ කොලුව මොනව කරගනීද දන්නෙ නැහැග”

ෆෆෆෆෆෆෆෆෆෆ

ර්‍ණඅම්මෙ කාර් එකක් එනවග”

ර්‍ණකාර් එකක්රෑ කෝ බලන්නග”

දිවෙල්වත්ත නිෙවස ඉදිරිපිට මෝටර් රථය නතර කළ සුධාරක රථයෙන් බැස නිෙවස දෙසට ගමන් කළේ තමන් කිසි දිනෙක හැඳින නොගත් තම පියාගේ හැඩරුව සිතෙන් මවා ගැනීමට උත්සාහ කරමිනුයිග

ඒ එක්කම ඔහුගේ පපුව වේගයෙන් ගැහෙන බවත් තොලකට වියළී ගොස් ඇති බවත් සුධාරකට දැනුණාග ඔහු විමසිල්ලෙන් අවට බලමින් නිෙවස ඉදිරි පිටට පැමිණෙත් ම ගෙතුළ සිට මැදිවියේ කාන්තාවක සමඟ අවුරුදු පහළොවේ දහයේ තරම් වන ගෑනු ළමයි දෙදෙනෙක් ඉදිරියට පැමිණියාග සුධාකර ඔවුන් දෙස මාරුවෙන් මාරුවට බලමින් මඳ වේලාවක් සිටියේ කතාව කෙසේ ඇරඹිය යුතුද යන්න නිශ්චය කර ගැනීමට නොහැකිවයිග මඳ වෙලාවක් එසේ සිටි සුධාරක

ර්‍ණමහත්තය ගෙදර ඉන්නවයි”

ර්‍ණඔව්ග එයා මේ දවස්වල අසනීපෙන් ඉන්නෙග ඔය ළමයි කවුදරෑ”

ර්‍ණමම සුධාරක වෑකඩ හේනෙ ගෙදරග”

ර්‍ණආ මේ පියවතීගෙ පුතා එහෙනං” කුසුමාවතීගෙ මුහුණ එක්වරම වෙනස්වුණ අයුරු සුධාරකගේ දෙනෙතට හසුවුණාග

ර්‍ණඇවිත් වාඩිවෙන්නග දූත් ඔහොම ඉන්න මං තාත්තට කතා කරන්නංග”

කුසුමාවතී නිෙවසේ ඇතුළු කාමරයට පිවිසුණාග

ර්‍ණමේ අන්න ඔහේ හම්බවෙන්න කෙනෙක් ඇවිත්ග යමු එළියටග”

ර්‍ණකවුදරෑ”

ර්‍ණකවුද කියල ගිහිං බලන්නග මං හිතුව කවදහරි දවසක ඒ ළමය ඒවි කියලග දැන් මොකෝ කියන්නෙරෑ අන්න පියවතීගෙ ළමය ඇවිත්ග තාත්ත හොයාගෙනග”

ර්‍ණඅනේ කුසුමාවතී කියන්න මං ලෙඩින් කියලග”

ර්‍ණමේ දැන් ඉතිං ඕව කියල හරියන්නෙ නැහැග ගිහින් ඒ ළමය එක්ක කතාකරල බේරුමක් කරගන්නග මොකෝ මං නොදන්න කාරණාවක් යග මං ඕව ගැන කතා නොකළට මං ඔය සංගදිය දැනගත්තෙ ඒ කාලෙමයිග’

සිරිපාල කුසුමාවතී සමඟ සුධාරක අසුන්ගෙන සිටි ආලින්දයට පිය නැගුවේ ගතේ අමාරුවට වඩා සිතේ තෙරපෙන පශ්චාත්තාපය මත ගැටෙනු නොහැකිවයග

සුධාරක මෙතෙක් හඳුනා නොගත් සිය පියා වෙත නෙත් යොමුකළාග සිරිපාල සුධාරක දුටු සැනෙන් දෙනෙත් බිමට නැඹුරු කර ගත්තාග ඔහ‍ුගේ මුහුණ සුදුමැලි වී ඇති බවත්ල දැඩි අසනීප තත්වයකින් පසුවන බවත් සුධාරක පෙනුණාග සිය පියා සමඟ ආලින්දයට පැමිණි දියණියන් දෙදෙන ආලින්දයේ අසුන්ගෙන සිටින තරුණයා දෙස නෙත් යොමා සිට සිය මව අසලට කිට්ටු කළාග

ර්‍ණකවුද අම්ම ඒරෑ”

ර්‍ණඒ උඹලගෙ අයිය” කුසුමාවතී සිය දියණියන් වෙත මූණ ඇද කරමින් පැවසුවාග

ර්‍ණඅපේ අයියරෑ අපි දන්නෙ නැති අයිය කෙනෙක්ග”

ර්‍ණදන්නෙ නැත්තං තාත්තගෙන් අහගන්න එකයි ඇත්තෙග”

ර්‍ණඅනේ හොඳයි එහෙනං අපිට මේ වගේ ලස්සන අයිය කෙනෙක් ඉන්න එක කොච්චර හොඳදරෑ”

කුසුමාවතී සිය දියණියන් දෙස සමච්චලයට මෙන් බලා සිටියායග

ර්‍ණමොකක්ද අසනීපෙ” සුධාරක ඉවත බලාගෙනම විමසුවාග

ර්‍ණමේ සීනි වැඩිවෙලාග දැන් කාලෙක ඉඳන් බේත් කරනවග හිටපු ගමන් ක්ලාන්ත වෙනවග අද හවසට බේත් ගන්න මාතර යන්න කියල හිතාගෙන ඉන්නෙග”

සුධාරක සිය පියා දෙස බලාල නැවත ඈත අහසේ කැටි ගැසෙන වලාකුළු දෙස බලාගත් වනම කල්පනාවට වැටුණාග ඔය කරපු දේවල්වල විපාක තමයි විඳින්නෙග සුධාරකගේ සිත අවුල්වෙලාග ඔහුට කිසිවක් හිතාගන්න බැරිව මඳ වේලාවක් හිස් බැල්මෙන් බලාගෙන සිටියාග ඔහුගෙ සිතේ පැවති පීඩනය කෙමෙන් අඩුවෙලා යන බව ඔහුට දැනුණාග ඔහු හුනස්සෙන් නැඟී මෝටර් රථය වෙත පිය නැඟුවාග මෝටර් රථය අසල මඳ වෙලාවක් රැඳී සිටි සුධාරක ආපසු ආලින්දය වෙත පැමිණ කටහඬ අවදි කළාග

ර්‍ණඑහෙනං මාතර යන්න ලෑස්තිවෙලා ඉන්න මං හවසට එන්නංග”

සුධාරක මෝටර් රථය වෙත පිය නගනු හැ‍‍මෝම වික්ෂිප්තව බලාගෙන සිටියාග කාගෙත් සිත් තුළ පැවති දාහ ගතිය නිවා දමමින් වෙල් ඉස්මත්තේ සිට සිහිල් සුළං රැල්ලක් හමාගෙන ගියාග

තෙලිජ්ජවිල නිශ්ශංක රණවක

curtesy : http://www.silumina.lk/


Wmqgd .ekSu weiqfrks