19 Views  
මම කැමැතියි
ර්‍ණසුනිමල් දැන් ඉතින් උසස් පෙළ ප්‍රතිපල එනකන් අපි ගෙදරට වෙලා නිකන් ඉන්න එක තේරුමක් නැහැ. ඒ නිසා මම ටයිපිං ෂෝට් හෑන්ඩ් පන්තියකට යන්න තීරණය කළා ඔයත් ඒකට එනවද?

ර්‍ණමම නම් කැමතියි ඔයා එහෙම පන්තියක් ගැන හොයා ගත්තද?”

ර්‍ණඔව් මාතර හොඳ පන්තියක් තියෙනවා”

ර්‍ණඑහෙනම් අපි දෙන්නම ඒකට යමු.”

කථා කරගත් පරිදි පසුදා ම අපි මාතර ගිහින් ඒ පන්තියට ඇතුළු වුණා. මුල හිටන් පුහුණු වෙන්න ඕන නිසා අපව අලුතින් පටන් ගන්න පන්තියකටයි ඇතුළු කරගත්තේ. ඒ පන්තියේ හිටියේ අපි වගේ උසස් පෙළ පළමු වරට දෙවන වරට කළ අපේ පෙළේම ගැහැනු ළමයි හයකුත්, අපි දෙන්නත් එක්ක පිරිමි ළමයි හතරකුත් ඇතුළු දහ දෙනෙක්. දහ දෙනාගෙන් හය දෙනෙක් පන්තිය ආසන්නයේ අය. ගැහැණු ළමයි දෙන්නකුයි අපි දෙන්නායි හතර දෙනා මාතර නගරයේ සිට කිලෝමීටර් අටක් විතර දුර කැකුණදුර පළාතේ. මමයි ධනුෂ්කයි චම්පයි නිරංජලයි ඒ අපි හතර දෙනා. අපි පන්ති යන්න මාතරට එන්නේ ආපසු යන්නේත් බස් එකේ. ඒ නිසාත් එකම පළාතේ ඉන්න නිසාත් අපි හතර දෙනා අතර අනෙක් හය දෙනාට වඩා සමීප හිතවත් කමක් ඇති වුණා.

අපිත් එක්ක යන එන ගැහැනු ළමයි දෙන්නගෙන් චම්පා ගෙ සිත් ඇද ගන්නා ලස්සනක් මම දැක්කා. නිරංජලාත් ලස්සන නැතිව නොවෙයි. නමුත් එයාට වඩා චම්පගෙ විශේෂත්වයක් මම දැක්කා. ටික දවසක් යන කොට චම්පා ගැන මගේ හිතේ ළෙන්ගතුකමක් අදහසින් ඇති වුණා. චම්පට ඒ ගැන කියන්න මට කිහිප වතාවක් ම සිතුණා. නමුත් මීට පෙර කිසිදාක මම කෙල්ලෙක් ගැන හිතලවත් කෙල්ලෙක් එක්ක සම්බන්ධයක් ඇති කර ගනවත් නොතිබුණ නිසා මට මගේ හිතේ තියෙන දේ කෙළින් ම කියන්න හිතේ පොඩි චකිතයක් කුලෑටිකමක් සබකෝලයක් ඇති වුණා.

ඇයට මේ ගැන කියන ක්‍රමය ගැන මම දස අතේ කල්පනා කළා.‍ නිරංජලා එයාගෙ හොඳ යාළුවෙක් කියල මට හිතුණා.

ඒ නිසා නිරංජලා ලව්ව මගේ හිතේ තියෙන අදහස චම්පට කියන එක හොඳයි කියල මගේ හිතට ආවා. දවසක් පන්තිය ඉවරවෙලා ගෙවල්වල යන්න අපි හතර දෙනාම බස් එකට ආවා. බස් එකේදි නිරංජලාටත් මටත් එක ම සීට් එකක වාඩිවෙන්න හම්බු වුණා. බස් එක අද්දල ටික දුරක් යන කොට මම.

ර්‍ණනිරංජලා මට ඔයාගෙන් පොඩි උදව්වක් ඕනෙ. ඔයා ඒක කරල දෙනවද?” මම ඇහුවා.

ර්‍ණකියන්න කියන්න සුනිමල් අයියෙ ඔයා කියන මට පුළුවන් ඕනම උදව්වක් මම කරනවා” ඇය කීවා.

ර්‍ණනිරංජලා‍ චම්පා ගැන මගේ පොඩි කැමැත්තක් අදහසක් තියෙනවා ඔයාට බැරිද ඒ ගැන එයාට කියල එයා මොනවද කියන්නෙ කියල මට කියන්න.”

ර්‍ණසුනිමල් අයියෙ මම නම් හිතන්නෙ එයාට බෝයි කෙනෙක් ඉන්නවා. ඒත් අයිය කියන නිසා අද බැහැල යනකොටම මම අහල බලලා එයාගෙ අදහස හෙටම මම අයියට කියන්නම්” ඇය කීවා.

පසුදා පන්ති එන්න නියමිත වෙලාවට මාත් ධනුෂ්කත් කැකණදුරෙන් බස් එකට නැග්ගා. බස් එක ඇවිත් තල්පාවිල දෙල්ගල්ල හන්දියේ නවත්තපු ගමන් චම්පයි නිරංජලයි සිනහවෙවි බස් එකට ගොඩ වුණා. වෙලාවට මගේ සීට් එකේ මම විතරයි නිරංජලා හනික ඇවිල්ල මගේ ළඟින් වාඩි වුණා. චම්පා මා දිහා බලල කට කොනකින් සිනාසී ගන ඉදිරියට ගියා. නිරංජලා වාඩි වුණ ගමන්

ර්‍ණඅයියේ ඊයේ යන ගමන් ම චම්පට අයියගෙ අදහස ගැන කිව්වා. අනේ අයියෙ එයා කියනව හරි කණගාටුයි. මම කොල්ලෙක් එක්ක යාළු වෙලානෙ ඉන්නෙ කියල.”

මට ඒක අහපු ගමන් මම දැන් චම්පට මුහුණ දෙන්නෙ කොහොමද? මට ලැජ්ජාවක් වගේ ම හිතට පොඩි දුකකුත් ඇති වුණා. මේ ගැන සිතිවිලි අතර තෙරෙපෙද්දී බස් එක මාතරටත් ඇවිල්ලා. මට බස් එකෙන් බහින්නවත් කල්පනාවක් නැහැ. නිරංජලා නැගිටල ගිහිල්ලා චම්පා මා පසු කරගන යන ගමන් මගේ උරහිසට තට්ටු කරලා ර්‍ණඇයි බහින්න කල්පනාවක් නැද්ද” කියාගන ඉදිරියට ගියා.

ඒ ඇහිල මමත් කලබලයෙන් නැගිටල බස් එකෙන් බැස්සා. සුපුරුදු විදිහට අපි හතර දෙනාම කතා බස් කර කර පා ගමනින් ම පන්තියට ආවා. පන්තිය ඇරිලත් පුරුදු විදිහටම බස් නැවතුමට ඇවිල්ල බස් එකට නැග්ගම චම්පටයි මටයි වාඩිවෙන්න සිද්ධ වුණේ එක ම සීට් එකේ. නමුත් චම්පගෙ හැසිරීම වෙනද විදිහමයි කිසිම වෙනසක් දකින්ට නැහැ. නමුත් මගේ හිත කැලඹිලයි තිබුණේ.

විභාගෙ ප්‍රතිඵල ආවා. අපේ පන්තියට ආපු දහ දෙනා ම සමත් වෙලා. නමුත් විශ්වවිද්‍යාලෙට යන්න මටත් ධනුෂ්කටත් විතරයි හැකි වුණේ. මම පේරාදෙණියට ධනුෂ්ක රුහුණුගම චම්පල නිරංජලාල ඇතුළු අට දෙනාටම විශ්වවිද්‍යාලෙට යන්න සුළු සුළු ලකුණු ප්‍රමාණයක් අඩු වුණේ. මට පේරාදෙණිය හොස්ටල් හම්බු වුණා. මම පේරාදෙණියට ගියා. විශ්වවිද්‍යාලයේ නිවාඩුවක් ලැබුණම ගෙදර එනවා. ඒ ආවහම ධනුෂ්ක විතරයි මුණ ගැහුණේ. අනිත් එක්කෙනෙක්වත් මුණ ගැහුණේ නැහැ.

විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතුත් එක්ක ඇඟට පතට නොදැනී අවුරුදු ගාණක් ගෙවී ගියා. මට ගෞරව පන්තියේ උපාධියක් හිමි වුණා. ඒ නිසා පේරාදෙණියෙම තාවකාලික සහකාර කථිකාචාර්ය පදවියක් ලැබුණා. ඒ අතරමම පරිපාලන සේවා විභාගයටත් පෙනී සිටියා. එයිනුත් මා සමත් වුණු මට උතුරු මැද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක ප්‍රාදේශීය ලේකම්වරයකු ලෙස මුල්ම පත්වීම ලැබුණා. නිල රථයකුත් කාර්යාලය ආසන්නයේම නිල නිවාසයකුත් ලැබුණි.

අපේ තාත්තා නැතිවෙලා තියෙන්නෙ මට වයස අවුරුදු දහයේදී විතර. නංගිට එතකොට හතක් විතර ඇතිලු. අපේ පවුලට අපි දෙන්නා විතරයි හිටියෙ. තාත්තා පෞද්ගලික ආයතනයක ඉහළ රක්ෂාවක් කරල තිබුණෙ. විශ්‍රාම වැටුපක් නැහැ. තාත්තලගෙ දෙමවුපියන්ට හොඳට දේපළ ගෙවල් දොරවල් තිබිල තියෙනව. තාත්තා ඒ පවුලෙ හිටපු එකම දරුවා නිසා දෙමවුපියන් නැති වුණහම ඒ සියල්ල තාත්තාට අයිති වෙලා. ඒ ලැබිච්ච මහ ගෙදරයි අදටත් අපි පදිංචිව ඉන්නේ. අම්මා රජයේ පාසලක ගුරුවරියක්. දැන් එයා විශ්‍රාමිකයි. නංගි උසස් පෙළ හොඳට සමත් වෙලා දැන් ගෙවල් කිට්ටුව රජයේ පාසලක ගුරුවරියක්. අපි මේ තත්වෙට ගේන්න අම්මා තාත්තා නැති වුණදා ඉඳල විශාල පරිශ්‍රමයක් දරල තියෙනවා‍.

නංගී නිතරම එයාගෙ ජංගම දුරකථනයෙන් මට කථා කරනවා මගේ සුව දුක් විමසනවා. එයාලගෙ සුවදුක් පවසනවා. සතියේ දවසක නංගී දුරකථනයෙන් කථා කළා.‍

ර්‍ණඅයියෙ මේ සති අන්තෙ සෙනසුරාදා නොවරදවා ඔයා ගෙදර එන්න ඕනෙ.‍ දැන් අයියත් ඔහොම ඉඳල හරියන්නෙ නැහැනෙ. අම්මගෙ ඇස් පියවෙන්න ඉස්සෙල්ල අපි දෙන්න එකලසක් කරන්න ඕනෙ කියල එයා නිතරම කියෝනව. අම්මා ඉරිද පත්තරේක මංගල යෝජනාවක් දැකල මට ම කියල ඒකට ලියෙව්වා. බලන කොට වැඩි දුරකත් නෙමෙයි. එහෙත් උත්තර ආවහම අපි තැපෑලෙන් ම කේන්දරේත් ගෙන්න ගන බැලුවා. කේන්දරත් හොඳට ගැළපෙනවා. අනේ නෑවිත් අරින්න නම් එපා” දීර්ඝ විස්තරයකින් පසු ඇය ඇමතුම විසන්ධි ක‍ළා.

මම සෙනසුරාදා දහවල් වෙනකොට මගේ නිල රථයෙන් ම ගෙදර ආවා. දහවලට කෑමත් ලෑස්ති කරගන මං එනකන් මග බලන් හිටපු අම්මයි නංගියි බොහොම සතුටින් හිස් මුදුනින් මා පිළිගත්තා පසුදා ඉරිදා උදේ වරුවේ මාත් අම්මයි නංගියි ගමනට ලෑස්ති වුණා. ඒ අතර ‘ඒගොල්ලොත් අපේ කේන්දරේ ඉල්ලාගන බැලුවලු හොඳට ගැළපෙනව කියල කියල එවලත් තිබුණා. අපි අපේ සියලු තොරතුරුත් ලියල යැව්වානෙ. දැන් එයාලටත් මනමාලය දකින්න ඕන වෙලා කියලයි මට හිතන්නෙ අම්මා කිව්වා.

ර්‍ණමේ වගෙ හැඩකාර ලොකු රස්සාවක් කරන බෑනපොඩ්ඩ දැක්කහම නැන්දම්මා පැනල බදා ගනීවි” නංගිටත් හයියෙන් සිනාසෙමින් කීවා.

අපි උදේ දහයට විතර මගේ වාහනයෙන් ම පිටත් වුණා.

අපි කැකණදුරේ ඉඳල මාතර පැත්තට වාහනය ධාවනය කරන කොට කිලෝමීටර් එක හමාරක් විතර පහු වෙනකොට තල්පාවිල හරියේදී ර්‍ණඔය ඉස්සරහ දෙල්ගල්ල කියල බෝඩ් එක ගහල තියෙන හන්දියේ වමට තියෙන අතුරු පාරෙන් හරවන්න” කියල නංගි කිව්වා.

එතකොටම අපේ ටයිපිං පන්තියෙ හිටපු චම්පත් නිරංජලත් හිටියෙ මේ පාරෙ නේද කියල මට මතක් වුණා. දැන් ඒ දෙන්න කසාද බැඳලත් ඇති. ඒ පාරට වාහනය හරවලා කිලෝ මීටරයකට ආසන්න දුරක් පසුකරන කොට ඒ අතුරු පාර අයිනේ කොළපාට ගාපු තාප්පයක මැදට වෙන්න තිබුණ ගේට්ටුවත් ළඟ වාහනය නතර කරන්න කියල නංගි කීවා. වාහනය නතර කරාම නංගි බැහැල ගේට්ටුව ඇරියා.

පරණ කාලේ ගාම්බීර පෙනුම තියෙන ටිකක් විශාල ගෙයක්. අපි බරාදයට ඇතුළු වෙනකොටම අම්මා යැයි සිතිය හැකි ඔසරියකින් සැරසුණු තලතුනා කාන්තාවක් දෑත් එක්කොට ආචාර කරමින් අපි පිළිඅරන් කෙළින් ම සාලයට කැන්දන් ගියා. සාලයේ අපි වාඩි වුණාම සාලයේ හිටපු මනමාලිගෙ අක්කත් මස්සිනාත් දෙන්න අම්ම අපිට හඳුන්වල දුන්නා. ඒ දෙන්නත් තවම තරුණ වයස ඉක්මවල නැහැ වගේ ම හරිම ප්‍රසන්න පාටයි. ඒ දෙන්නත් අම්මත් අපි ඉදිරිපිට අසුන් ගත් පසු ආගිය තොරතුරු කථා බහට වැටුණා. එසේ කතා බහ කරන අතර තුර අක්කා ර්‍ණඅ‍ම්මේ ගිහින් චම්ප නංගිව එක්කරගන එන්න” කියල කීවා.

ඒ නම ඇසුණ ගමන් ම‍ගේ හිතේ කුතුහලයක් ඇති වුණා. අම්මා ඇතුළට ගිහින් නිල් පාට ඔසරියකින් සැරසුණ බන්දේසියක වතුර වීදුරුවක් තියාගත් හිස බිමට හරවා ගත් තරුණියක් එක් අතකින් අල්ලාගන අප ‍ඉදිරියට එක්කරන් ආවා. ඇය මුලින් ම වතුර බන්දේසිය දෑතින් හිස නමාගන අම්මාට ඇල්ලුවා.

ර්‍ණහා හා හොඳයි දරුවො” කියල අම්මා වතුර බඳුනට අත තියල පිළිඅර‍ගෙන අත පසෙකට ගත්තා. ඊළඟට ඇය මා ඉදිරිපිටට විත් ටිකක් හිස ඔසවමින් කට කොනකට සියුම් සිනහවක් නඟා­‍ගෙන නෙත් කොනින් මා දිහා බලාගන වතුර බන්දේසිය මට ඇල්ලුවා. එවලේ ඇය දිහා බැලූ මට ඇස් අදහා ගත නොහැකි වුණා. මම මේ දකින්නේ සිහිනයක් ද? ර්‍ණදැන් දෙන්නටත් පොඩ්ඩක් කථා බහ කරන්න දැන හඳුන ගන්න අපි ඉඩ දෙමුකො. අපේ අම්මත් නංගිත් එයාලගෙ අම්මාත් සාලෙන් නැගිටල ගේ ඇතුළට ගියා.‍ ඒ ගිය එක්කම අක්කා ඇය අතකින් අල්ලාගන ඇවිත් මා වාඩි වී සිටි සැටියේ ම පසෙකින් වාඩිකර ර්‍ණඔයාල දෙන්නත් ටිකක් කථා කරල බලන්නකො” කියල සිනහ සිසී ඇයත් ගේ ඇතුළට ගියා.

ර්‍ණමම නම් හිතුවෙ ඔයා දැන් බැඳලත් ඇති කියලා”

ර්‍ණඒ කියන්නෙ ලනුවකින් ද කඹයකින්ද?”

ර්‍ණඇයි ඔයා ඒ කාලෙ කියල තිබුණෙ ඔයාට කොල්ලෙක් ඉන්නව කියල.”

ර්‍ණකවද්ද කොහේදිද කාටද” ඇය විමතියෙන් වගේ ඇසුවා.

ර්‍ණචම්පා ඔයා ගැන මගේ හිතක් ඇති වුණේ පන්ති එන කාලෙමයි. ඒ මගේ ජීවිතේ මුල් ම එක මම ඒ වෙනකොට කිසිම කෙල්ලෙක් ගැන හිතලවත් තිබුණෙ නැහැ. ඒ නිසා ඔයාට ඒ ගැන කෙළින් ම කියන්න අහන්න ශක්තියක් තිබුණෙ නැහැ. ඒත් මගේ හිත ඔයාට කියන්න කියන්න අහන්න කියල බල කළා. ඒ නිසා ඒ කාලෙ ඔයාගෙ හොඳම යාළුවෙක් කියල මම හිතපු නිරංජලාට කිව්ව ඔයාට මගේ අදහස කියන්න කියල. ඔයා මොනවද කියන්නෙ කියල මට කියන්න කියල. එතකොට එයා කිව්වෙ නම් එයා දන්න විදිහට ඔයාට බෝයි කෙනෙක් ඉන්නව. අයිය කියන නිසා මම අහල කියන්නම් කියල. ඒ මම කිව්ව දාට පසුව දා ම බස් එකේදි කිව්ව අයියේ චම්ප කිව්වනේ ‍බොහොම කණගාටුයි එයාට කොල්ලෙක් ඉන්නව කියල.

ර්‍ණඅනේ සුනිමල් අයියේ ඔයා පිළිගන්නව නම් පිළිගන්න. මම ඔයාට බොරුවක් කියන්නෙ නැහැ. දැන් මට වයස අවුරුදු විසි හතරක් පැනලා. මේ මගේ ජීවිත කාලෙ මම කිසිම කොල්ලෙක් එක්ක යාළුවෙලා නැහැ. කිසිම කොල්ලෙකුට නුවමනා විදිහට මගෙ අතකින්වත් අල්ලන්න මම ඉඩ දීල නැහැ. අනික ඇහැව්වත් පුදුමයි නිරංජලා කිසිම දවසක මට ඔය වගෙ දෙයක් කිව්වෙත් නෑ ඇහුවෙත් නැහැ. අනික එයා මට ඇහැව්වෙ ඔයත් එයත් අතර සම්බන්ධයක් තියෙනව කියලනෙ.

ර්‍ණඔය ඇත්තමද ඔයා කියන්නෙ.”

ර්‍ණඅනේ සත්තයි සත්තයි. එහෙනම් අයියට මම දැන් ඇත්තම කියන්නම්. ඒ කාලෙ අයිය ගැන මගේ හිතෙත් අදහසක් තිබුණා. නමුත් ඔයාට වගෙ මටත් නුහුරු නිසා ඒක කියා ගන්න බැරි වුණා. අනික නෙරංජලා ඔයැයි එයයි යාලුයි කියලනෙ ඇහෙව්වෙ. ඒ නිසා මට හිතේ අමාරුවෙන් හරි පසු බහින්නත් සිද්ධ වුණා. ඉන් පස්සෙ ඒ මගෙ පළමු පැතුම ඒ වගේ ම අද දක්වා අවසාන පැතුම වුණා. ඔය පත්ත‍රේට මංගල දැන්වීම දාල තියෙන්නෙ අපේ අක්කා.

ර්‍ණදැන් ඔයා මොකද කියන්නෙ.”

ර්‍ණමොනව කියන්නද මම එක පාරට දහ දහස් වාරයක් කැමැතියි.”

ර්‍ණදැන් සුනිමල් අයිය කියන්නෙ මොකක්ද”

ර්‍ණමටත් කියන්න තියෙන්නෙ ඔයා කිව්ව එකමයි” අවුරුදු ගාණක් බලන් ඉඳල හරි ම‍ගේ මුල් ම අදහස එකම අදහස දැන් ඉෂ්ට වෙලා. මට හිතෙනව මම හරි වාසනාවන්තයි කියලා.”

ඉක්මනින් නැකත් හදල මංගල්‍ය කරන්න දෙගොල්ලන්ම ඒකමතික තීරණය කළා.

අපේ අම්මගෙන් නංගීගෙත් සතුටු කඳුළු ඒ දෙන්නගෙ දෙනෙත්වලින් කඩා හැලුණා. අපි සියල්ලන්ගෙන් සමු අරගෙන නැවත පිටත් වෙන්න හදද්දී චම්පා මා ළඟට ඇවිත්‍

ර්‍ණඅයියේ නිරංජලා දැන් මාස තුනකට විතර ඉස්සෙල්ල එයාගෙ ඔෆීස් එකේ කොල්ලෙක් එක්ක යාලුවෙලා බැන්දා. වෙඩින් එක‍ට මමත් ගියා. අපේ වෙඩින් එකත් විශේෂයෙන් මම නිරංජලාට කියනවා”යි කටපුරා සිනාසෙමින් කීවා.

curtesy : http://www.silumina.lk


Wmqgd .ekSu weiqfrks
o