19 Views  
ජීවිතය සැබැවින්ම සුන්දරය
 පැය හයකට අධික කාලයක් නිර්වින්දනය වී සිටි විමලධීර යළිත් ප්‍රකෘතියට පත් වූයේ දැඩි සත්කාර ඒකකයේ දී යග ප්‍රථමයෙන් ඔහු වෑයම් කළේ තමා සිටින ඉසව්ව වටහා ගැනීමටයග ඇතැම් රෝගියකුගේ කෙඳිරිලි හඬත් යන්ත්‍රයන්ගෙන් නැගෙන ඒකතානමය දුක්මුසු හඬත් ඔහු තුළ ඇති කළේ අනියත ප්‍රකම්පනයකිග

වේදනාවක් නොමැති වුවත් තමාගේ පපුවේත් වම් අතේත් වම් කකුලේත් වෙළුම් පටි ඔතා ඇති බව ඔහුට හැඟුණිග එහෙත් මේ කිසිවක් පූර්වාපරව ගළපා ගැනීමට විමලධීරට නො හැකියග

ර්‍ණතාත්තෞ” හැරී බලන විට විමලධීර දුටුවේ සිනා වතින් සිටි ලොකු දුව යග

ර්‍ණමං මේ කොහේද ඉන්නෙරෑ”

ර්‍ණඅයිගසීගයූග එකේ”

ර්‍ණඩොක්ටර්ට කියන්නකොට මාව ඔපරේෂන් කරන්න කියලග”

ලොකු දුව ගේ මුහුණේ ඇත්තේ පැතිරුණු සිනහවකිග

ර්‍ණතාත්ත ඔපරේෂන් කරල ඉවරයිග දැන් ආයෙ ඉස්සර වාගෙ තාත්තට පපුවෙ කැක්කුම හැදෙන්නෙ නෑග”

කිසියම් අරමුණක් කරා නිශ්චිත හැඟීමකට විමලධීර ගමන් කරමින් දිගු නිද්‍රාවක් සඳහා ප්‍රවේශ වෙමින් සිටියේයග

විශ්‍රාම ගිය ගුරුවරයකු වූ විමලධීර දෑවුරුද්දකට පෙර උපකාරක පන්තිවලින් ද බැහැර වූයේ විටින් විට නැ‍ඟෙන පපුවේ කැක්කුම නිසා යග වසර පහක් තිස්සේ පැවැති මේ අමාරුවට ඔහු අගනුවර හෘදය රෝග විශේෂඥ වෛද්‍යවර‍යකුගෙන් බෙහෙත් ගත්තේ යග පපුව කපා කොටා කරන සැත්කමකට බිය විමලධීර වෛද්‍යවරයාට බරපතළ ලෙස රෝගය ගැන නොකීවේයග ඔහු නිවසේ ඇත්තන්ට ද තම රෝගය පිළිබඳ ව හරිහමං තොරතුරක් නොකීවේ යග දෙමාසයකට බෙහෙත් ලියවාගෙන පැමිණි ඔහු ගෙදර අයට කීවේ ‘දැන් හොඳයි කිව්ව’ යනුවෙන් යග

කෙසේ වුවද අවුරුදු පහක් පුරාවට විමලධීර ගත කළේ කම්පනයෙන් යුතු ජීවිතයකිග දිනකට දෙතුන් වතාවක් හැදෙන පපුවේ කැක්කුම ඔහු හැම දෙනාගෙන් ම සඟවා සිටියේ යග දිව යට තියා ගන්නා පෙත්තෙන් ඔහු වේදනාව නවත්වා ගත්තේ යග

විමලධීර මරණයට සූදානම් ව සිටියේ යග තමා ගේ මරණය සිදු වන්නේ නින්දෙන් ම යැයි ඔහු සිතුවේයග එය සුවදායක මරණයකිග මරණයට බිය විය යුතු නැතග දරුවන් තිදෙනාට ම බෙදා දිය හැකි ඉඩමක් ඔහු සතු යග කුලියට දුන් නිවෙස සමඟ නිවාස දෙකකිග ලොකු දියණිය ගෙන ආ අලුත්ම කුඩා මෝටර් රිය නිසා ඔහු බසයේ ගමන නවත්වා දැමීයග කොටින් ම ගෙදර ආර්ථිකය සුරක්ෂිත යග

මරණය ප්‍රාර්ථනා කිරීමත් සමඟ ම විමලධීර තුළ භවරාගය ඇති වියග ඊළඟ ආත්මයේ දී යළිත් උචිත තැනක උත්පත්තිය ලබා මෙයට වඩා යහපත් ලෙස අධ්‍යාපනය ලබා ප්‍රියමනාප ජීවිතයක් ලබන අයුරු ඔහු සිතුවේ යග නිවන් දකින්නට තව බොහෝ කල් තිබේග ඒ දක්වා සුවපත් මනුෂ්‍ය ආත්මයක් ලැබිය යුතුයග

බොහෝ රාත්‍රි කාලවල නින්දට යන විමලධීර දකින්නේ බියකරු සිහිනයන් යග අතැම් සිහිනයක ඔහු හුෙදකලා පාරක ගමන් කරන විට මිනීමරු බල්ලෝ ඔහුගේ ඇඟට කඩා පනිතිග නිශ්ශබ්ද අව්‍යක්ත හඬක් සමඟ නින්දෙන් අවදිවන ඔහුට දැනෙන්නේ ඉහිලිය නොහැකි පපුවේ වේදනාවයිග ඒ සියල්ල මරණයට දුරක් වේදනාවන් යග

තවත් සිහිනයක ඔහු ගස්ගල්වල හැපෙමින් ප්‍රපාතයකට වැටේග කැඩී ගිය සිරුරේ පපුවෙන් නැගෙන්නේ වේදනාව යග

තමා ගේ අසනීප තත්ත්වය ගෙදර අයට කියා උචිත වෛද්‍යවරයකුට පවසා සියලු පරීක්ෂණ අවසානයේ සැත්කමකට මුහුණ දීමට ඔහු හිත හදා ගත්තේ යග බොහෝ කාලයක් වේදනාවෙන් හිඳ ලබා ගන්නා මරණය ඔහු හෙමිහිට ප්‍රතික්ෂේප කර තිබුණිග

වේදනා රහිත දිගු නින්දකින් පිබිදුණු විමලධීර සමීපයේ සිටියේ බිරියත් ලොකු දුවත් තමාට සැත්කම සිදුකළ වෛද්‍යවරයාත් යග

ර්‍ණඔපරේෂන් එකට බයේ නේද හිටියේ” වෛද්‍යවරයා සිනාසෙමින් කියයිග

ර්‍ණඒත් ‍දැන් නම් වේදනාවක් දැනෙන්නෙ ම නෑ” විමලධීර තෘප්තිමත් යග

ර්‍ණදැන් ඔයාගෙ හදවත අවුරුදු විස්සකින් තරුණ ‍වුණාග සිරීපාදෙ වුණත් යන්න පුළුවංග දැන් ජීවිතය අලුතින් ආරම්භ වුණ කියල හිතන්නග”

විමලධීර තම ලොකු දුව දෙස බැලුවේ කෘතඥතා පූර්වකවයග සැත්කම සඳහා සියලු වියදම් දැරුවේ ඇයත් විදේශගතව සිටින ඇගේ ස්වාමියාත් යග

ර්‍ණඔයා බොරුවටනෙ බයේ හිටියෙග” වෛද්‍යවරයා ගිය පසු බිරිය කියන්නී යග

ර්‍ණමාස දෙකක් ගෙවිල ගියාට පස්සෙ තාත්ත පුරුදු විදිහට වැඩ කරන්නග ඕනැනම් දඹදිව වන්දනාවෙ යන්නග”

ඉතිහාසය ප්‍රියමනාප විෂයක් කරගත් විමලධීර හරප්පාවේ සිට දිල්ලි සුල්තානය දක්වා භාරතීය ඉතිහාසය දනීග රාජ්‍ය පාලකයන් පමණක් නොව එහි අභිලේඛන ද ඔහුට මතකයග

ර්‍ණමං අම්මත් එක්කම යන්නම්” ඔහු‍ ලොකු දුවට කීවේයග

හැම දෙනාම ගිය පසු විමලධීර තමා ගේ ජීවිතය පිළිබඳ ව නැවුම් හැඟීමෙන් සිතුවේ යග බුදුන් වහන්සේ දේශනා කළ ත්‍රිලක්ෂණය වැදගත් වන්නේ ගේහසිත බැහැර කළවුන්ම යග ගිහියාට අනුගත පංච සීලයට විසූක දස්සන තහනම් නැතග

තමා ගේ ගම වූ සිරීපාද අඩවියේ එරත්න විමලධීරට හදිසියේ ම මතක් වෙයිග බසයෙන් බැස කුරුවිට පාරෙන් සිරීපාදෙ යන්නේ ඒ ගමේ සිට යග යෞවන වියේ දී වාරයටත් අවාරයටත් විමලධීර සිරිපාදය වඳින්න ගියේ යග යළිත් වර්ණගල ඉස්මත්ත දක්වා කරුණාකර හීනයක් සේ සුන්දර ගම දකින්න කැමැත්තක් විමලධීර තුළ ඇති වියග දැන් වියපත්ව සිටියත් ගම පිළිබඳ අතීත මතකය හාංකාවෙන් ප්‍රිය මනාපයග

සුන්දර වතක් ඇති පලාවන් පැහැයෙන් යුතු මල් සහිත හිස් වැස්මක් පැලඳි හෙදියක් මඳ සිනහවෙන් යුතුව වතුර බේසමක් රැගෙන විමලධීර සමීපයට ආවායග

ර්‍ණදත් මැදල රැවුල කපල ඇඟපත හෝදගමු නේද සර්රෑ” ඇගේ හඬ ලාලිත්‍යයෙන් යුතුයග

දහ දුක් විඳිමින් පතන මරණයට වඩා ඉන්නතුරු සක්‍රියව යහපත් ව ජීවත්වීම වඩාත් මැනවයි විමලධීර සිතුවේය

curtesy : silumina.lk


Wmqgd .ekSu weiqfrks
o