18 Views  
ගුණපාල මාමා
තන්හි තන්හි ඉදි කරන ලද තාවකාලික මඩු සෙවණේ හිඳ තම පලදාව අලෙවි කිරීමට එකිනෙකා පරයා කෑගසන වෙළෙඳුන්ගෙන් ඉරිදාපොළ පිරී-ඉතිරී ගොස් යග රූමත් එකියක දුටු වාචාල තරුණයෙක් ‘එළ මචං එළෟ’ තම සගයාට මිමිණුවේයග ‘එළ නොවෙයි මචංල පිස්සු ඩබල් වෙනවාෟ’ යි අනෙකා අලගු තැබුවේ යග මෙවැනි නුහුරු වදන් ගමට කෙසේ සංක්‍රමණය වූයේ දැ යි ඒ වැකි සවනත වැකුණු ගුණපාල මාමා මඳක් කලකිරුණු මුහුණින් යුතු ව ඔවුන් දෙදෙනා දෙස මොහොතක බැල්මක් හෙළාල අනෙක් පස බලාගත්තේ යග පසුගිය සතියේ පන්සලට දුන් සලාක දානයට සහභාගී වූ ගුණපාල මාමාගේ මතකයට එක්වරම තුරුලු වූයේ ලොකු හාමුදුරුවන් දේශනා කළ පුංචි බණ කතාව යිග ‘දැන් නගරය හොඳ වෙද්දී ගම සිසාරා පැතිර යන අපරාධ රැල්ලට මූලික හේතුව ගවමස් බුදිනල සුරා බී අවිනීත ලෙස හැසිරෙන අධම මිනිසුන්’ යැයි උන් වහන්සේ පැවසූ හග අර තරුණයන් දෙදෙනා දෙස පිළිකුලෙන් බැලුව ද තමා කළේ ඊට වඩා අපරාධ්‍යක් නේදැ යි ඔහුගේ සිත පාරන්නට වියග

හරක් ගාතයන්ගෙන් පිරි බාගේ ලොරිය ගුරු පාර අයිනේ නවතා තිබිණිග ගුණපාල මාමා ගව මස් ලොරිය දෙස හොරැහින් බැලුවේ යග ගිය මාසේ තමා මස් කඩයට දක්කාගෙන ගිය ‘කංකොටාගේ’ හිසත් ඒ මස් කන්ද උඩ ඔහු දුටුවේ යග මරණමංචකයේ දී කංකොටාගේ එක් ඇසකින් වෑහුණු කඳුළු ධාරාවක් උගේ බෙල්ල දක්වා ගලා ගොස්ල මිදී තිබුණු හැටි දුටු ගුණපාල මාමාගේ පපුව ‘හෝස්’ ගා දවා ගියේ යග

‘බලන්න පින්වතුනිල අපේ සිංහල බෞද්ධයා ගවමස් කාපු ජාතියක් දරෑ පරංගින්ගෙන් මේ දේවල් පුරුදු වෙලාග අද ඒ රටවල ඇත්තෝ හරක් මස් බුදින්නේ නැහැග ඒත් අපේ සිංහල බෞද්ධයා කරේ කටු එල්ලගෙන හරක් මස් බුදින්නේග අද ම ගවමස් අනුභවය නවත්වන්නග උගේ කිරි බොනවාග උගෙන් බර වැඩ ගන්නවාග අව්ව - වැස්ස නොතකා තිරිසනා බර අදිනවාග අන්තිමට හරක් මඩුවට දක්කනවාග

‘අද මිනිසුන් අන්තිමට පිරිහිලාග සමාජයේ කිසි ම විනයක් නැහැග ගුණමකුවන්ගෙන් සමාජය උතුරලාග ‘අද රෑ තෝ මා තරවා - මම මුළු ලෝ තරවමි’ අමාවතුරේ භාෂාවග පින්වතුනිල එවැනි මටසිලුටු භාෂාවක් භාවිත කළ අපිල අද මොනව ද අම්මට තාත්තට ආමන්ත්‍රණය කරනන වත් දන්නේ නැහැග තාත්තට ‘උඹ මරනවා’ල ‘පර බල්ලා’ කියලා කියනවාග සුද්දන් ගස් බඩගාද්දී අපේ මිනිසුන් අමාවතුරල සද්ධර්මරත්නාවලිය වැනි මාහැඟි ග්‍රන්ථ ලීවේග’

ගුණපාල මාමාට බුද්ධගජ්ජයල සකස්කඩය කියැවූ ළමා කාලය සිහියට නංවාගන්නට එතරම් කාලයක් ගත නො වී යග

හරකා මස් කොට හමාර යග රුපියල් දෙදහ නැවත මස් කඩයට දී කංකොටාගේ අයිතිය ඉල්ලීමට ඔහුට දැන් හැකියාවක් නැතග ගුණපාල මාමාගේ හදවත ළා අඹ දල්ලක් මෙන් ගැහෙන්නට වනග ඔහුගේ දියණිය චාරුලතා කංකොටා ගෙදරින් දක්කාගෙන ගිය දින සැන්දෑවේ කඳුළු වැගුරූ සැටි ගුණපාල මාමාගේ මතකයට නැඟිණිග සිතුවම් පටක් මෙන් සිද්ධි එකිනෙක පරයා නෙත් කෙවෙනි තිරය මත වැටෙන්නට පටන් ගත්තේ යග

ඉරිදා පොළෙන් පිටමං වූ ඔහු ඒදණ්ඩ උඩ වාඩි වී ඈත වෙල්යාය දිහා අරමුණකින් තොරව බලා ඉන්නට වන්නේ යග කුඹුරුවල ඉපනැල්ලත්ල නියරවලුත් ඔහුගේ හිස් බැල්මට හසු විණිග ගවර පිරි ගොවුදක නිදැල්ලේ හුන් ‘රත්තී’ ගුණපාල මාමාට වසර පනස් ගණනක සිය දිවියේ ළමා කාලයට ඉබේ ම තල්ලු කරනවා මෙන් දැනිණිග කුඹුක් ගස සෙවණේ උන් ඔහුගේ ගත එතරම් අව් රශ්මියකින් වෙළාගත්තේ නැතග රත්තීගේ දකුණු ගාතය උඩින් හණ තබා ඇති වීගවීග යන විශාල අකුරු ආයාසයකින් තොරව කියවීමට ඔහුට හැකි වියග වීරතුංගගේ විජේරිස් එනම්ල රත්තීගේ අයිතිකාර වෙල්විදානේ මාමාගේ මුලකුරු උගේ ගාතය මත කොටා ඇතග තමා පුංචි එකා සංදියේ කං කොටා හණ තැබීම සඳහා ඕවිටේ කමතට දක්කාගෙන ගිය සැටි ගුණවාල මාමාට මතක් වියග ගුණපාල මාමාගේ අප්පච්චි - මුදියන්සේ තෙන්නකෝන් - අද ජීවතුන් අතර නැතග ඔහු හිටියා නම් ගුණපාල මාමාගේ අසමජ්ජාති ක්‍රියාව කෙසේ වත් අනුමත නොකරනු ඇතග ගල උඩ පුෂ්පාරා‍මයේ එකල වැඩහුන් කොත්මලේ සිරිනිවාස ස්වාමීන් වහන්සේල පන්සලේ පිංපෙට්ටිය කඩා රුපියල් සියයක මුදලක් ගෙවා මරණ මංචකයේ අබියස උන් කංකොටා බේරාගත් බව අප්පච්චි ගුණපාල මාමාට කියා තිබිණිග

උගේ හම පිලිස්සෙද්දී නැඟුණු ගඳ ගුණපාලගේ නාස්පුඩු හකුළුවා ලීමට සමත් වියග උ‍ගේ වේදනාවල තමාගේ වේදනාවක් මෙන් දැනී ගුණපාලගේ නෙතගට නැගුණු කඳුළු බිඳු සමාන ව ම කඳුළු ධාරාවක් කංකොටාගේ ඇසකින් ගලාවිත් තිබුණා නේදැ යි ඔහුට ඉබේට ම කියැවිණිග

කමත මැද්දට ගෙනා කංකොටාගේ පිටට මඳ තට්ටුවක් දැමූ ගිරිගෝරිස්ල උගේ බඩ යටින් කඹය ගෙන හරමානිස් අතට යැවුවේ යග හරමානිස් නැවත කංකොටාගේ පිට මත්තෙන් දමා ගිරිගෝරිස් අතට යැවුවේ යග අනතුරු ව දෙදෙනා ම කඹයේ කෙළවර තමන් දෙසට අදිත් ම කංකොටා ‘දඩෝස්’ ගා කෙඳිරි ගාගෙන ඇදවැටුණු හැටි ගුණපාල මාමාට මතක් වියග

කරේ බාන් කොටයක් වත් නැති වල නිදැල්ලේ උලා කමින් සිටි රත්තීල කොලුගැටයකු ගැසූ ගල් කැටයකින් කලබල වී උඩ පැන්නේ යග ඌ හීන් සීරුවේ නියරට ගොඩ වී ඊට හොම්බෙන් අනින්නට පටන් ගත්තේ යග

හණ ගැසීමෙන් අනතුරු වල අප්පච්චි ඌ දක්කාගෙන ගෙදර ගොස් කොස් කොළ කැවූ සැටි හා ඌට පුන්නක්කු බාල්දියක් සාදා දුන් හැටි ගුණපාල මාමාට මතක් වියග ඊට දෙවසරක් ගිය තැනේ දී ගෙදර කරත්තයට බැඳීමට කංකොටා යොදාගත් අයරු ගුණපාල මාමා සිහියට නංවා ගත්තේ යග ඊට පෙර කර ගහට උර දුන් ‘කළුවා’ අලස වූවකු නිසා කොහේ මුදාහැරියේ දැ යි කිසිවෙක් නො දනිතිග

‘කොහොමෙයි අප්පච්චි මූගේ කනක් කොට වෙලා තියෙන්නේරෑ’ ගුණපාල සිය පියාගෙන් දිනක් විමසුවේ යග

හතරදිග්බාගයේ වූ එළවළු තොග එකතු කරන්නටත්ල අනෙකුත් බර වැඩ ගන්නටත් වසර ගණනාවක් තිස්සේ ම කංකොටා යොදාගත් ගුණපාල නිවැසියෝ ඌ මහලු වියට පා තබා ඇති වග අවබෝධ කරගත්තෝ යග

‘අපි මේකා දංගෙඩියට යවමු’ ගුණපාල මාමා දිනක් සිය බිරිය ඉදිරියේ පැවසුවේයග

‘මහ පො‍ළොව නූහුලන අපරාධයක් නොවැ ඒකෟ අවුරුදු විසිපහක් තිස්සේ උගෙන් පුළුවන් තරම් බර වැඩ අරගෙනල බඩගෝස්තරේ සරිකරගෙනල දුක්ගන්නාරාල වෙච්චි අහිංසකයා මස් කඩේට දක්කන්න හදනවාග’

‘අනේ අප්පච්චියේෟ ඒ වැඩ් නම් කරන්න එපාල’ එතැන පාඩමක නියැළී හුන් චරුලතා කීවා යග

‘උඹගෙ යාළුවා - කවුද ඒ ළමයාරෑ’

‘කවුදරෑ’

‘කවුද කෙල්ලේ අර සොල්දර ගෙදර ඉන්නේරෑ’

‘ආගගග ඉන්ද්‍රානිග’

‘ඒ ළමයත් තවත් ළමයෙකුත් කිව්වානේ දැන් කංකොටා හොඳට නාකි වෙලා කියලාග’

‘ඉතින් මිනිස්සුල සත්තු වයසට යනවා නේන්නම්ග අපි බුද්ධාගම්කාරයෝ හැටියට ඒක දන්නව නෙ අප්පච්චිග අප්පච්චි යමක් කරකියාගන්න බැරිව හයිහත්තිය පිරිහුණා ම අපි ගෙදරින් එළෝල දානව දරෑ අනික ඉන්ද්‍රානි මොකටෙයි අපේ කංකොටා ගැන අහන්නේග හාගගග හාගගග ඊයේ පෙරේදා පෝසත් වෙලාල වෑන් කබලක් ගත්තා නේරෑ ඒගොල්ලන්ගේ තාත්තාත් කරත්ත බැඳපු එක අමතක වෙලා ඇතිග හිටින්නකෝ මං අහන්නග අප්පච්චි මේ අනුන් පිට දමලා කියන්නෙග අප්පච්චිට කියාගන්න බැරි දේවල් දරෑ නේ අම්මේරෑ’ සතර දිග් භාගයෙන් නැගුණු විරෝධය හමුවේ ගුණපාල මාමා කර බාගෙන එතැනින් පසුබා ගියේ යග

එහෙත් ඊට සතියකට පසු ව කාටත් හොරා ම ඔහු කංකොටා ‘වධකාගාරයට’ දක්කාගෙන ගියේ යග රුපියල් දාහේ කොළ දෙකක් ලබාගත් ගුණපාල මාමාල එදා නිවෙසට පැමිණියේ කට ගොන්නක් බීගෙන යග

වෙනස වටහාගත් ඔහුගේ බිරියත්ල චාරුලතා දියණියත් ඔහුට බැණවදින්නට පටන්ගත්තේ තල් අත්තකට බොරලු තොග පිටින් හලන්නා සේ යග

මෝදු වෙමින් තිබූ පොසොන් සඳ ගුණපාල මාමාගේ නෙත ගැටිණිග විකෘති මනසකින් යුතුවල ඒදණ්ඩ මතින් පියමං කළ ගුණපාල මාමාල ඉරිදා පොළ පැත්තට නොගොස්ල ගල උඩ පුෂ්පාරාම පන්සල වෙතට කඳුළු පිරි දෙනෙත් ඇති ව ආනන්තරීය පාපකර්මයකට දායක වූ එකකු පරිද්දෙන් පියවර මැන්නේ යග


Wmqgd .ekSu Wmqgd .ekSu isΏρK mqj;a m; weiqfrks weiqfrks
o