18 Views  
මීනගයා
හඳ එළිය යට මොනතරම් සිසිලසක් දැනෙනව දරෑ ඒත් කොළඹ අහස යට ඒ සිසිලස විඳින්න වාසනාව නෑ නේද කියලා මට හිතුණාග විදුලි පහන්වලින් විහිදෙන සැර ආ‍ලෝකය හ‍ඳේ සිසිලස පරයමින් කොළඹ නගරයේ රාත්‍රියෙත් ගිනියම් කළාග දහවල් හිරු රැසිනුත් රාත්‍රියට විදුලි එළියෙනුත් ගිනියම් වෙන කොළඹ මගේ ජීවිතේට එකතු කළේ සතුටක් නම් නෙමෙයිග ඒ නිසාම හඳ පායපු රාත්‍රියක කෝච්චියක ඇරලා තියෙන වීදුරු කවුළුවක් ළඟ වාඩි වෙලා ඈත පළාත්වලට යන්න මගේ තිබුණෙ පුදුම ආසාවක්ග

මේ ලැබුණ දිග නිවාඩුවෙ පොලොන්නරුවෙ නෑයො බලන්න යන්න ඕන කියලා හිතුණෙත් ආයෙ සෑහෙන දවසකට මේ කොළඹින් ගැලවීමක් නැති නිසාග කල්තියා ම වෙන් කරගත්ත නිසා වීදුරු කවුළුවක් අයිනෙ අසුනක් හිමි කරගන්න මට වාසනාව තිබුණාග මගෙ අනෙක් පස අසුන තාමත් හිස්ග මඩකලපුව ප්‍රසිද්ධ සින්දු කියන මාළුන්ටග කුමාරිලාල දේවිලාල මැණිකෙලා අතරේ මේ කෝච්චියට ‘මීනගයා’ නම ලැබිලා තියෙන්නෙත් ‍ඒ නිසා වෙන්න ඇතිගගග කලබලයෙන් එහා-මෙහා දුවන මිනිස්සු දිහා ඇරලා තිබුණු කවුළුවෙන් මං බලාගෙන හිටියාගගග

ඕනවටත් වඩා බඩු පුරවපු නිසා පිම්බුණු ලොකු බෑග් එකක් මගේ ඇඟට ඇදගෙන වැටුණෙ ඔය අතරෙදිග එක පාරට ම මොකද වුණේ කියලා වත් හිතාගන්න බැරි ව සිහින ලෝකෙන් මිදිලා සැබෑ ලෝකෙට එද්දි ඔළුව වහපු ගෑනු ළමයෙක් අහිංසක විදියට මං දිහා බලාගෙන ඉන්නවාග ර්‍ණමට සමාවෙන්න” කියනවා වගේ බැල්මක් ඒ මූණෙ තිබුණෙග සිහින් දිගටි ඇස් දෙක තවත් හීනි කරගෙන එයා මං දිහා බලාගෙන හිටියාග බෑග් එක අරගන අසුනට උඩින් තිබුණු රාක්කයට මම දැම්මට පස්සෙ එයාගෙ මූණෙ හීන් හිනාවක් ඇ‍ඳෙනවා මම දැක්කාග ර්‍ණතෑන්ක් යූ” කියන ගමන් එයා වාඩි වෙලා ඇදිලා ගිහින් තිබුණ පර්දාව ආයෙත් හදාගත්තාග ‘එයා කලබලෙන් එන්න ඇත්තෙගග’ දහදියෙන් තෙත් වෙලා තිබුණ මූණ පිසදමන ගමන් පොතකින් පවන් සලන්න පටන් ගත්ත නිසා මට හිතුණාග

ගොඩක් මුස්ලිම් ගෑනු ළමයි අඳින ගෝණි ඇඳුම වෙනුවට එයා ඇඳගෙන හිටියෙ පාට ඇඳුමක්ග වැඩ දාපු පර්දාවට ඒ ඇඳුම අපූරුවට ගැළපුණාග ඒ ඇඳුම නිසාම අනෙක් මුස්ලිම් ගෑනු ළමයින්ට නැති සුන්දරත්වයක් එයාට තිබුණාග මට එයා දිහා බලන්න ඕන වුණත් එයා දකීවි කියලා හිතුණ නිසා ඒ අදහස අත හැරියාග

ටකස්ගගගග ටකස්ගගග කම්මැළිකමට වගේ ඔහේ ඇදෙස කෝච්චි ගමන පැද්දෙන තොටිල්ලක් වගේග ලතාවට පැද්දෙන කෝච්චියෙ ඇහැරිලා ඉන්නෙ මම විතරක් ම වෙන්න ඇතිග මං හොරැහින් එයා දිහා බැලුවාග අනෙක් අය වගේම එයත් නිඳි සුව විඳිනවග කවුළුවෙන් වැටෙන ළා සඳ කිරණ එයාගෙ ඩහදිය වේළුණු මුහුණට වැටිලා දිලිසෙනවාග පර්දාවට වැසුණු මුහුණට වැටෙන සඳ එළිය පිටතට විසිරෙන්නෙ නැති නිසා අඳුරෙන් වුණත් එයාගෙ සොඳුරු බව ඉස්මතු වෙලා පේනවාග ඒ සොඳුරු බව විඳින්න මට කාගෙන් වත් බාධාවක් තිබුණෙ නෑග ටික වොලවකින් එයාගෙ හිස නතර වුණේ මගේ උරහිස මතග දවසෙ විඩාවත් එක්ක නිදිදෙව්දුව එයා සොයාගෙන ඇවිත් තිබුණෙග එයාගෙ නිදි සුවයට බාධා කරන්න මගේ හිත ඉඩ දුන්නෙ නෑග මගේ හිතත් මොකක් දෝ අමුතු හැඟීමකින් පිරුණාග

එක පාරට ම සැරදාපු කෝච්චිය ගමන ඉක්මන් කළේ තව බොහෝ දුරක් යන්න තියෙන බව හදිසියෙ ම මතක් වෙලා වගේග ඒ ගැස්මට ඇහැරුණු එයා කෙළින් ම බැලවෙ මං දිහාග එයාට මගේ උරහිස මත නින්ද ගිය එක ගැන ලජ්ජා හිතෙන්න ඇතිග මං එයා දිහාබලාගෙන හිටිය බව එයා දැක්ක නිසා මටත් දැනුණෙ ඒ වගේම හැඟීමක්ග

ර්‍ණඅයිනට ඇවිත් නිදාගන්නග”

නිකමට වගේ මම කිව්වෙ හිතට දැනුණු ලජ්ජාවත් වහගෙනග

ර්‍ණකමක් නෑගග ඔයා නිදාගන්නෙ නැද්දරෑ”

ර්‍ණනෑගගග නින්ද යන්නෙ නෑග”

එයා ‘ස්තුතියි’ කියන්න වගේ බැල්මකින් මං දිහා බැලුවාග කවුළුව අයිනෙ යන්න මං කොච්චර ආස වුණත් එයාට ඒ අයින දෙන්න මට ලෝබ හිතුණෙ නෑග කවුළුවෙන් හමා එන සිසිල් සුළඟ පර්දාව ඇතුළට යන්න පොරකන නිසා පර්දාව අතරින් කෙහෙරැලි මුහුණට වැටිලා දඟ කරනවාග සිහින් ඇඟිලි තුඩුවලින් දඟලන කෙහෙරැලි දෙපසට සකස් කරනවා මං බලාගෙන හිටියාග

ර්‍ණසීතල නම් කවුළුව වහන්න දරෑ”

ර්‍ණඑපාගගග මාත් කැමතියි සීතල සුළඟ මුහුණෙ වදිනවටග අයියා කොහෙන්ද බහින්නෙගගරෑ ළඟින් බහිනවදගගරෑ ඇයි නිදාගන්නෙ නැත්තෙගගරෑ”

ප්‍රශ්න පත්තරයක් මගගග හැමෝම නිදි අතරෙ මං විතරක් ඇහැරිලා ඉන්න එක හැමදාම දුර කෝච්චිවල යන එන එයාට පුදුම ඇතිග

ර්‍ණමං පොලොන්නරුවට ම යනවාග ඒත් මං ආස නෑ නිදාගෙන යන්නග අද කොච්චර ලස්සන දවසක් දෟ මං කැමති ඒ ලස්සන බලබල යන්නග සීතල සුළඟ වැදිවැදී සඳ එළිය යටින් කෝච්චියෙ යන එක මොන තරම් අපූරු දෟ ඔයා ආස නැද්ද එහෙම යන්නරෑ”

ර්‍ණඑහෙනම් මට අයින දුන්නෙගගගරෑ දැන් ඔයාට නිදාගන්නත් නෑල කවුළුවත් නෑගග”

කට කොනකින් හිනාවෙන ගමන් එයා මගෙන් අහනවාග ‘ෂුවර් එකට ම මෙයා කැම්පස් කෙල්ලෙක්ග වෙනින් මුස්ලිම් ගෑනු ළමයි නොදන්න අය එක්ක මෙහෙම කතා කරනවා අඩුයිග’

එයා මං දිහා බලලා හිනා වුණාග

ර්‍ණඒකත් හොඳයි මාත් හිටියෙ කතා කරන්න වත් කෙනෙක් නැතිවග ඔයා කොළඹ නැවතිල ද ඉන්නෙග ඉගෙන ගන්නව දගගග මං කැම්පස් අන්තිම අවුරුද්දෙ කම්පියුටර් සයන්ස් කරන්නෙග මම නම් වැඩිය මේ පැත්තෙ ඇවිත් නෑග කාලෙකින් යනවා නෑයො බලන්නග”

ර්‍ණහිතුණා මේ පැත්තෙ නෙවෙයි කියලාගගග මේ කෝච්චිවල හැමෝම යන්නෙ නිදා ගෙනග අපිට නම් මේ ගමන හුරුයිගගග මං ජපුරෙ සෙකන්ඩ් ඉයර්ග සයන්ස් ෆැකල්ටිගගග රාමසාන්නේගගග ගෙදර යනවාග”

ඇයත් මාත් බොහෝ දේ කතා කරන්නට ඇතග මා මෙන් ම ඇය ද සරසවි සිසුවියක වූ නිසා ජීවිතේ මුල් ම වරට හමු වුණත් සරසවි ජීවිතයේ අත්දැකීම් අප ඉතා සමීප කළේ යග බොහෝ දුර ගෙවමින් පැමිණි මීනගයා පොලොන්නරුවට ළං වෙමින් තිබුණිග

ර්‍ණමට නම් බහින්නත් ළඟයිගගගග ආයෙ කවදද කොළඹ යන්නේගගගරෑ”

ර්‍ණආයෙ ඉතිං ඉරිදා රෑ එන්න ඕන නේග

ර්‍ණමාත් ඉරිදා යනවාග එන ගමන් මට කෝල් එකක් දෙනව නම් මාත් එන්නම්ග ඔයාටත් පාළුවක් නෑ නේ එතකොටගගග” මම මගේ දුරකථන අංකය ඇයට දුන්නෙමිග

ර්‍ණඅපිට මේ ගමන පුරුදුයි නේග එහෙම පාළුවක් නෑ ඉතිංග බලමුකෝගගග”

ර්‍ණඑහෙනම් මම බහිනවාග පරෙස්සමින් යන්නග තෙරුවන් සරණයිෟ” මම ඈට සමුදුන්නෙමිග

ර්‍ණඔයාටත් දෙවි පිහිටයිෟ” ඈද මට සුබ පැතුවා යග

මාමා මා කැඳවාගෙන යෑමට දුම්රියපළට පැමිණ තිබිණිග ඇය මට කතා නොකළොත් ඇය යළි කිසිදාක මට හමු නොවනු ඇතග ඈ යළි දක්නට ඇත්නම් මගේ සිත ඈ සොයයිග කතා බස් කළද ඇතැම් විට ඇගේ දුරකථන අංකය දීමට තරම් මා කෙරෙහි විශ්වාසයක් ඇය තුළ නොතිබෙන්නට ද ඇතග එහෙත් ඈ ඉතා ළෙන්ගතුව මා හා කතා බස් කළා යග ඈ යළි හමු නොවෙයි දගගගරෑ මගේ හදවත නොයෙක් සිතිවිලි ගලා විත් නොසන්සුන් වී තිබුණිග

බොහෝ රෑ බෝ වී තිබුණු බැවින් අප නිවෙසට යන විට අවදි ව හිටියේ නැන්දා පමණිග මම ද ඇඟපත සෝදා ආහාරගෙන ඇඳට වැටුණෙමිග බොහෝ දුර වෙහෙසකර ගමනක් පැමිණිය ද මට නින්දක් නො වී යග මම ඇ‍ඳෙහි එහා මෙහා පෙරළෙමින් සිටියෙමිග එහෙත් නින්දක් මා අසලට වත් නො ආයේ යග

ජංගම දුරකතනයේ ආ‍ලෝකය වැටුණෙන් මම එය ගෙන බැලීමිග නොදන්නා වූ අංකයකින් කෙටි පණිවිඩයක් ලැබී ඇතග

ර්‍ණමාමා ඇවිත් තිබුණ දරෑ ඔයා ගෙදරට ගියා දරෑ අපි නම් තාම යනවා - ෆාතිගගර්‍ණ

මට මහත් සතුටක් දැනුණිග

ර්‍ණඇවිත් නාලා කාලත් ඉවරයිගගග අපි කිව්වෙරෑ” මම ඇයට පිළිතුරක් යැවීමිග

ර්‍ණඅපි කිව්වෙ මායි ඔයත් එක්ක ආපු හඳයිෟ”

ඈ ද මට පිළිතුරක් එවා තිබුණිග

මම ජනේලය හැර බැලුවෙමිග පොහොය නිසා පූර්ණ චන්ද්‍රයා අහස වසාගෙන සිටීග මට පොහොය මෙන් ම ඈට ද රාමලාන් සඳ උදා වනු ඇතග මගේ හිත පුරා ආදරණීය හැඟීමකින් පිරී තිබුණිග ඈටත් මා කෙරෙහි එවැනි ම හැඟීමක් ඇත් නම්ගග

ඉරිදා දින කල්වේලා ඇති ව ම මම දුම්රියපළට ගියෙමිග එදින බොහෝ පිරිසක් යළි කොළඹ පැමිණෙන බැවින් දුම්රිය මගීන්ගෙන් පිරී තිබුණිග ඈට ද අසුනක් වෙන් කර ගැනීමට නොහැකි වුණු බැවින් අප දෙදෙනාට ම හිට ගෙන ම කොළඹ ඒමට සිදු වියග

ර්‍ණදොරගාවට යමු” මම ඇයට යෝජනා කළෙමිග

ර්‍ණබය වෙන්න දෙයක් නෑ මම ඉන්නව නේග කොළඹට හිටගෙන යන්නත් බෑ නේගග”

අපට පා පුවරුව අසල බිම වාඩි වී ඒමට අවස්ථාව උදා වියග දුම්රියෙන් බොහෝ ගමන් බිමන් ගියත් ඈ කිසි දිනෙක පා පුවරුවේ ගොස් නොතිබුණිග එක් අතකින් පර්දාවත් අනෙක් අතින් අත්වාරුවත් තදින් අල්ලා ගනිමින් දෑස් විශාල ‍කොට ඈ මා දෙස බලා සිටීග

ර්‍ණබය දගගග බය වෙන්න එපාගග”

10 වැනි පිටුවෙන්

මම ඇගේ අතින් අල්ලා ගතිමිග ඇය ලජ්ජාවෙන් ඇඹරුණත් මා ඇගේ අත අල්ලා ගැනීමට විරුද්ධත්වයක් නොපෑවා යග

අප කොළඹට පැමිණෙන විටත් කොළඹට හිරු උදා වී නො තිබුණිග මම ඇය ඇගේ නවාතැන්පළට ඇරලවන තරමට ම අපේ බැඳීම ද ගමන මෙන් ම බොහෝ දුරක් ගෙවා තිබුණිග

එතැන් සිට අපි දිනපතා ම පාහේ මුණ ගැසුණෙමුග අපට අප නොදැක සිටීමට පවා නොහැකි වියග කොළඹ අවට අප නොගිය තැනක් නො වී යග මා හට පල්ලිය විවෘත නොවුණත් ඈට පන්සල තහනම් නො වී යග

සරසවියෙන් සමු ගත් පසු මට රැකියාව ද කොළඹ ම ලැබුණු බැවින් මට ඇය හමු වීමට බාධාවක් නොවිණිග ඇය ද සිය උපාධිය අවසන් කර රැකියාවක් සොයමින් සිටියා යග මෙලෙස වසර පහක් පමණ ගත වන්නට ඇතග

ර්‍ණඅපි ගෙවල්වලට අපි ගැන කියමු දරෑ අපේ අම්මා මට යෝජනා ගාණක් ම ගෙනාවාග හැමදා ම නම් මඟඅරින්න ලැබෙන එකක් නෑගගග”

මම ඇයට යෝජනා කළෙමිග

ර්‍ණඒත් සුදු අයියෙගග” ඇගේ ඇසින් කඳුළු බිඳුවක් පැනනඟිනු මම දුටුවෙමිග

ර්‍ණමං අයියා ගැන කලින් ම අම්මලට කිව්වා අයියෙග ඒත් අම්මලා කැමති නෑග මං කිව්වා ඔයා ගොඩක් හොඳ කෙනෙක්ග ඔයා වගේ කෙනෙක් මට කවදා වත් ලැබෙන එකක් නෑ කියලාග එයාලා කියන්නෙ මට එයාලා හොයලා දෙන කෙනකුට කැමති වෙන්න කියලාග අපේ ආගමෙන් ජාතියෙන් පිට කෙනකුට මාව දෙන්න බෑලුග ඒ වට ඉඩ දීලා එයාලට සමාජෙට මූණ දෙන්න බෑ ලුග අපි මොක ද කරන්නෙ අයියෙගගග”

මම ඇයව තුරුලු කරගෙන සැනසුවෙමිග

ර්‍ණඅපි එන විදියකට බලමුග මම ඇවිත් ගෙදරත් එක්ක කතා කරන්නම්ගග” මම ඇයට කීවෙමිග

ර්‍ණවැඩක් වෙන්නෙ නෑ අයියෙග මම ඔයාව බැන්දොත් තාත්තා වහ බොනවා කිව්වාග එයාලට ලැජ්ජා කරන්න එපා කිව්වාග මට ඔයාවත් ඕන අම්මලවත් ඕනගගග”

ඇගේ දෙමාපියන්ගේ තීරණයෙහි කිසිදු වෙනසක් නො වී යග අපේ ගෙදරින් ලැබුණු ප්‍රතිචාරය ද ඊට වඩා වෙනස් එකක් නො වී යග අම්මලාට අප තේරුම් ගන්න බැරි ඇයිරෑ මම බොහෝ වේලා කල්පනා කළෙමිග එහෙත් විසඳුමක් නො වී යග

ර්‍ණසුදු අයියේ මම මේල් එකක් දාලා ඇතිග ඒක බලනව දගග” දිනක් ඇය මට පණිවිඩයක් එවා තිබුණිග

- ආදරණීය සුදු අයියේගග

මං දන්නවා ඔයා මට මොනතරම් ආදරේ ද කියලාග ඒත් සුදු අයියේල මට මෙහෙම තීරණයක් ගන්න වුණාට සමා වෙන්නග අපි කොයි තරම් කිව්වත් අපි දෙන්නගෙම ගෙවල්වලින් අපිට ආශීර්වාදයක් නෑග මගේ අම්මා තාත්තා වගේම අයියගෙ අම්මා තාත්තත් අපි පුංචි කා‍ලෙඉඳක් බොහොම දුක් මහන්සි වෙලා අද අපි ඉන්න තැනට ගෙනත් තියෙන්නෙග ඒ අයගෙ හීන බලාපොරොත්තු බිඳ දාලා අපි එකට එකතු වුණත් අපේ ජීවිත සාර්ථක වෙන එකක් නෑල අපිට මොන තරම් දුකක් වුණත් අපිට එයාලගෙ සතුට වෙනුවෙන් අපේ සතුට පරිත්‍යාග කරන්න වෙනවාග මටත් පුංචි කාලෙ ඉඳන් සිංහල අයව පෙන්නන්න බෑග මං ඉගෙනගෙන තිබුණෙ සිංහල අය කියන්නෙ අපිව විනාශ කරන්න බලන් ඉන්න ජාතියක් කියලාග ඒත් සිංහල අය එහෙම නෑ කියලා අයියා මට පෙන්නුවාග මුස්ලිම් අය ගැන අයියා හිතුවෙත් එහෙමයි කියලා අයිය ම කියලා තියෙනවාග මට ඉස්ලාම් විදියටත් අයියට බෞද්ධ විදියටත් ඉඳගෙන අපිට එකට ජීවත් වෙන්න පුළුවන් වුණාට අපේ ගෙවල්වල අය එහෙම ඉගෙනගෙන නෑග අයියා කවදාවත් මට බුද්ධාගමට එන්න කියලා නෑග මාත් අයියට කියලා නෑ මුස්ලිම් වෙන්න කියලාග අයියා මුස්ලිම් වෙනවා නම් අපේ ගෙදරින් කැමතියිග ඒත් අයිය ම කියන විදියට ආදරේ වෙනුවෙන් ආගම මාරු කරනවා කියන්නෙ ආදරේට වගේ ම ආගමටත් නිගාවක්ග අපි අපි දෙන්නට ම ආදරෙයි නේග ඒ නිසා අපේ ආදරේ මුළු ජීවිත කාලෙ ම තියෙයිග මම මේ රාමසාන් නිවාඩුවට සදහට ම මෙහෙන් යන්න තීරණය කළාග මම සති අන්තයෙ කෝච්චියෙ ගෙදර යනවාග මාව ඇරලවන්න අයියා එනවා නේදරෑ මම ගත්ත තීරණය ගැන අයියා මාත් එක්ක තරහා වෙන්නෙ නෑ කියලා මම දන්නවාග මාව ඇරලවන්න අයියා එන්න ම ඕනග මං මඟ බලාන ඉන්නවාග මගෙ ආදරේ අයියා වෙනුවෙන් හැමදා ම ඒ විදියට ම නොවෙනස් ව තියේවිග ඒත් අපි යළි හමු නොවේවිග

ඔයාගෙ ම ආදර සුදු නංගී -

මට කිසිවක් ම හිතා ගත නොහැකි වියග අපේ ඉරණම මෙලෙස විස‍ඳේවි යැ යි මම සිහිනයෙන් වත් නො සිතුවෙමිග සියලු දේ අනිත්‍යය යිග මම හිත හදා ගන්නට උත්සාහ කළෙමිග එදින දුම්රිය පිටත් වීමට මොහොතක් තබා මම දුම්රියපළට ගියෙමිග සාම්ප්‍රදායික මුස්ලිම් තරුණියක මෙන් සැරසී සිටි ඈ මා යන විටත් මඟ බලාගෙන සිටියා යග මා දුටු විගස ඈ දිවවිත් මා වැලඳ ගත්තා යග ඈ කෙරෙහි වෙනදාටත් වඩා සෙනෙහසක් මා තුළ ඇති වියග ඇගේ නෙතින් වැටුණු කඳුළු මම පිස දැමුවෙමිග

ර්‍ණතුන්වන වේදිකාවේ නවතා ඇති මීනගයා රාත්‍රී තැපැල් දුම්රිය තව ස්වල්ප වේලාවකින් මඩකලපුව බලා ගමන් ආරම්භ කරනු ඇතගගග”

දුම්රිය පිටත් වීමට මොහොතකට පෙර ඈ මා දෙස බලමින් ම දුම්රියට නැඟුණා යග දුම්රිය ඈත ‍නොපෙනී යන තුරු මම ඒ දෙස බලා සිටියෙමිග හෙට උදෑසන ඈ සිය උරුමය වෙත යනු ඇතග මගේ හදවත පැළීමට එන්නාක් මෙන් දැනුණිග මම බෝඩිමට විත් කොට්ටයට හිස තබා ගෙන බොහෝ වේලාවක් හැඬුවෙමිග හැඬීමෙන් පසු හදවතට සැහැල්ලුවක් දැනුණිග මට නින්ද යන්නට ඇතග සින්දු කියන මාළු හොයාගෙන මීනගයා වේගයෙන් දිව යන හඬ මට සිහිනයෙන් මෙන් ඇසුණිග


Wmqgd .ekSu Wmqgd .ekSu isΏρK mqj;a m; weiqfrks weiqfrks