18 Views  
ළඟින් ගිය දෙදෙනෙක්

බදුල්ලෙන් රාත්‍රි 12ග00ට පිටත් වන සුඛෝපභෝගී බසය හරියට ම වෙලාවට පිටත් වියග තැනින් තැන අසුන් කිහිපයක් ම හිස් ව තිබිණිග සුමන්තිරන් ළඟ තිබුණු අසුනේ ර්‍ණරිසර්ව්ඩ්” යන්න ඉංග්‍රීසියෙන් සඳහන් පුවරුවක් වියග බසය හෙමින් හෙමින් ඉදිරියට ඇදුණත් හිස් අසුනට කිසිවකුත් ‍තවම පැමිණ නැතග බසය පතළ අල පසු කරත්දී සුමන්තිරන් හරි බරි ගැසී වාඩි වූයේ අසුනට කෙනෙකු තවමත් නොපැමිණි හෙයිනිග අසුන වෙන් කරවා ගත් අය යම් හදිසි අවශ්‍යතාවක් නිසා එන්න නැතැයි සිතුවේ තමන්ගේ වාසිය වෙනුවෙන් සුව පහසුවෙන් සිටීමේ අභිලාසයෙන් විය යුතුයග බසයේ ඉදිරිපස සවිකර ඇති රූපවාහිනි තිරයේ ගීතයක් දිග හැරෙමින් තිබිණිග

ර්‍ණ‍මේගග නගරය මා ඔබ මුණගැසුණු නගරයයි”

මේගග නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි”

ඔහු සිංහල ගීතවලට ආල ලැදියෙක් වූයේ පේරාදෙණිය සරසවියේ ශිෂ්‍යයකු ව සිටිය දී ම යග දුර සේවා බස්රථවල මුදාහරින විච්චූර්ණ ගීත තමන්ට හිසරදයක් සේ සැලකූ සුමන්තිරන් මේ ගීතයට ආශා කළේ සරසවියේ දී යාළුවන්ගේ මුවග නිතර රැඳී තිබුණ ගීතයක් නිසා යග ඔහු ද ටෙලිවිෂන් ගායකයා සමඟ එකතු වී හීන් ස්වරයෙන් ගීතය මිමිණුවේ යග බණ්ඩාරවෙලට කිට්ටු වන විට ගීතය අවසන් ව තිබිණිග තවත් වරක් ඒ ගීතය අහන්න ඇත් නම් සිතෙන විට ම අලුත් ගීතයක් වාදනය වියග

ර්‍ණහන්තානට පායන හඳ ලස්සනයි ද කියන්නගග”

ඔහුට සාවිත්‍රි සමඟ ළා හඳ එළි‍‍යේ ර්‍ණවලට” නාට්‍යයක් බලන්න ගිය අවස්ථාව සිහියට ආවේ යග සාවිත්‍රි දැන් කොහේ දරෑ ඇය ආශාවෙන් සිටියේ කැනඩාවට යෑමට යග එහේ ගිහිල්ලා ඇතැයි ආවර්ජනා කළේ යග

බණ්ඩාරවෙලට බසය එන විටත් ර්‍ණහන්තාන” ගීය අවසන් ව නොතිබියේ යග කොන්දොස්තරවරයා ඉදිරිපස දොර හෙමින් ඇරියේ යග හීන් සුළං පොදක් බසයට රිංගා ගත්තේ සුමන්තිරන්ගේ ඇ‍ඟේ හිරිගඩු වට්ටවමිනිග

ර්‍ණකොළඹල කොළඹල කොළඹගග”

බසයෙන් බැස්ස කොන්දොස්තරවරයා කීපවරක් ම හඬ නැඟුවේ මධ්‍යම රාත්‍රියේ බණ්ඩාරවෙල නගරයේ තිබුණ නිහැඬියාව බිඳ දමමිනිග කීප දෙනෙක් බසයට ගොඩ වෙන්න පය ඉක්මන් කළහග

ර්‍ණකලබල වෙන්න එපාග සීට් තියෙනවාග සීට් බුක් කරපු අය ඉස්සර වෙලා එන්නගගග”

ර්‍ණඅපිත් බුක් කරලා තියෙන්නේ” මැද වයසේ මනුස්සයෙක් කීවේ යග

ර්‍ණඔය මිස් අර සීට් එකට යන්න” තරමක් ලොකු ගමන් මල්ලක් සහ ලස්සන රතු පැහැති අත් බෑගයක් ඇතිව සිටි තරුණිය සුමන්තිරන්ගේ අසුන ළඟ නතර වූවා යග

සුමන්තිරන් සිහින ලෝකයෙන් වහා මිදී අසුනේ ජනේලය පැත්තට යෑමට ඇයට ඉඩ දුන්නේ යග තරුණිය වෙතින් තාන් සුවඳක් වහනය වියග සුමන්තිරන් ඊට ප්‍රිය කළේ යග රතු පැහැති ජර්සියක් සීතලෙන් මිදීමට හැඳ සිටි ඇය ළා පැහැති ර්‍ණස්කාප්” එකකින් හිස ආවරණය කරගෙන සිටියා යග

යළිත් බසය හෙමින් හෙමින් ඉදිරියට ඇදුණේ කොන්දොස්තරගේ නියමයෙනිග

ර්‍ණහරි යන්ග”

බණ්ඩාරවෙලින් බසය පිටත් වන විට සියලු ආසන පිරී තිබිණිග බසය තුළ අඩ අඳුරක් පැවතියේ යග වැඩි දෙනකු නින්දත් - නොනින්දත් අතර බව සුමන්තිරන් දුටුවේ ඔහ‍ුගේ දෑස් බසය පුරා දිව ගිය බැවිනිග සිංහල පාසලේ උගත් සුමන්තිරන් පේර‍ාදෙණිය විශ්වවිද්‍යාලයේ දී පවා හොඳින් සිංහල කතා කළේ යග ඔහු ද්‍රවිඩයකු බවත් හිතාගන්න බැරි තරමට ඔහුට සිංහල භාෂා ඥානය තිබිණිග සුමන්තිරන්ගේ පියා ව්‍යාපාරිකයෙකිග ගෙදර කාර් දෙකක් ම තිබිණිග නිවාඩුවට ගෙදර එන සුමන්තිරන්ට ඕනෑ ම වාහනයක් පාවිච්චි කිරීමට පියාගෙන් අවසර අවශ්‍ය නො වී යග එහෙත් බදුල්ලෙන් දුර බැහැර යද්දී බසයෙන් යෑම හෙතෙම ප්‍රිය කළේ යග

සුමන්තිරන් තම අසුනේ සිටි තරුණිය දෙස දෙතුන් වරක් ම නෙත් සැර යැව්වේ යග ඇය වරක් මඳ සිනාවක් පා යළිත් ජනේලයෙන් පිටත බැලුවා යග තුරුවදුල මැදින් අතරින් පතර අඩ සඳක් ඇගේ නෙත ගැටිණිග සුමන්තිරන්ට ඇය හා කථා කිරීමේ බලවත් ආශාවක් තිබුණේ වුව ද බෙරගල බහින තෙක් ම යටපත් කර ගැනීමට සමත් වියග

ර්‍ණකොළඹට දරෑ”

ර්‍ණහ්ම්ග”

ර්‍ණකතා කළාට කමක් නැද්දරෑ”

ඇය සුමන්තිරන් දෙස හැරී බැලුවා යග

ර්‍ණමොනව දරෑ”

සුමන්තිරන්ට ඊළඟ ප්‍රශ්නය හදාගන්න තරමක් ප්‍රමාද වියග

ර්‍ණබණ්ඩාරවෙල ද ගමරෑ”

ර්‍ණමට ගමක් නැහැ”

ර්‍ණඒ කිව්වේරෑ”

ර්‍ණගමක් ගැන මම දන්නෙ නැහැග”

ර්‍ණඉන්නෙරෑ”

ර්‍ණකොළඹග”

ර්‍ණඑතකොට ගම කොළඹරෑ”

ර්‍ණනැහැග”

ර්‍ණමට තේරෙන්නෙ නැහැල මම බදුල්ලේල ස්ප්‍රිංවැලිග”

ර්‍ණගමද”

ර්‍ණනැහැ වත්තේග”

ර්‍ණනමරෑ”

ර්‍ණමම සුමන්තිරන්ගගග”

ර්‍ණලස්සන නමක්ල මම සීලවතීගගග”

ඇයගේ ඇඳුම්-පැලඳුම්ල කතා-බහල පැවැත්මල විලාශය අනුව ඇයට එවැනි නමක් ලැබුණේ කෙසේදැයි සුමන්තිරන්ට විශ්වාස නැති තරම්යග

ර්‍ණඑහෙනම් ගමක් නැහැ කිව්වටල ගමක් තැනක් තියෙන්න එපා යගගග” සුමන්තිරන් යළි ඇසුවේ යග

ර්‍ණමගෙ අම්මා ඉන්නේ බණ්ඩාර‍වලග ඉඳල හිටලා බලල යන්න එනවාග තාත්තා දන්නෙ නැහැග මම ඉපදුණා ම අම්මා මාව දාල ගිහිල්ලාග ගම්පහ යක්කල පාරේ බස් හෝල්ට් එකකග අම්මා මාව ලස්සනට රෙදිකඩකින් ඔතලා ආරක්ෂා සහිතව තියල ගිහින් තියෙන්නේග මට හිතෙනවා අම්මට මං ගැන ආදරයක් තියෙන්න ඇතිග”

කිසිවක් කියාගත නොහැකි වල සුමන්තිරන් සීලවතී දෙස උනන්දුවෙන් බලා සිටියේ යග

ර්‍ණඅද වෙනදට වඩා සීතලයි නේදරෑ” සීලවතී කතාව වෙනත් දිසාවකට හැරෙව්වා යග

ර්‍ණකොහොමත් මේ දවස්වල රෑට හීතලයිග”

සුමන්තිරන්ට ප්‍රශ්න වැලක් ඇගෙන් ඇසීමට ගොනු වෙයිග

ර්‍ණමට සමා වෙන්නග”

ර්‍ණඇයිල වරදක් කළේ නැහැ නේරෑ”

ර්‍ණනැහැල නෑසිය යුතු ප්‍රශ්නයක් ඇහුවද කියලාගගගරෑ”

ර්‍ණඒකට මොක දරෑ”

සීලවතී උත්තර දුන්නේ සැහැල්ලුවෙනිග

ර්‍ණමම දැන් ඉන්නේ කාමරේකග ඉස්සර හිටියේ කොන්වන්ට් එකේග එහෙදි මට සීලවතී කිව්වේ නැහැග සිස්ටර්ලා කිව්වේ ස්ටෙලා කියලාග ඒත් මම සීලවතී නමට ආශයිග උප්පැන්න සහතිකේ තිබුණේ සීලවතීග හැබැයි තාත්තගේ නම හිස්ග අම්මගෙ වාසගම මගේ නමටත් දීලා තිබුණේග කෝනාර මුදියන්සේලාගෙ සීලවතීථ කේගඑම්ග සීලවතීග”

මේ ඔක්කෝම ඇය තමන්ට කියතැයි සුමන්තිරන් කෙසේ වත් හිතුවේ නැතග බසය හල්දුම්මුල්ලෙන් පහළට ඇදෙයිග බෙරගල දී බසය තේ බොන්න නැවැත්වුවත් සීලවතී හා සුමන්තිරන් බසයේ ම රැඳී සිටියහග

ර්‍ණමගෙ උණුවතුර බෝතලේ කෝපි තියෙනවාග”

සුමන්තිරන් කැමැත්ත පළ කළේ සංඥා භාෂාවෙනිග දෙදෙන ම කෝපි බිවූහග

ර්‍ණමම කැමැතියි සීලවතී නමටල ඒත් හුඟ දෙනෙක් කියන්නෙ ටෙක්ලාග අම්මා විතරයි මට ර්‍ණදුවේ සීලා” කියන්නෙග ඒත් කොච්චර කාලෙකින්දරෑ”

සීලවතීගේ මෑණියන් හිටියේ හතළිස් ඇඳිරියේ යැයි සුමන්තිරන්ට සිතිනිග ඇය හැඩකාරියක ද විය යුතුයග ඇය ජීවත් වූයේ බණ්ඩාරවෙල වැලිමඩ මාර්ගයේ පුංචි නිවසක යථ පුංචි වුණාට ලස්සන යග ගෙවත්ත පුරා මල් වගාවකිග

10 වැනි පිටුවෙන්

ර්‍ණඅම්මා මල් වවලා විකුණනවාග ඒකෙන් ජීවත් වෙන්න මුදලක් අතට එනවාග ගෙදර ගොඩාක් දේවල් නැහැග කාමර දෙකක්ල ඇඳන් දෙකක් තියෙනවාග කුස්සියත් පුංචි ම පුංචි එකක්ග ඒ වුණාට අම්මා ඒක ලස්සනට තියාගෙන ඉන්නවාග ගෑස් ළිපක් තියෙනවාග ඒත් අම්මා උයන්නේ දර ළිපේග”

සුමන්තිරන් අහගෙන හිටියා මිස කිසිවක් කීමට ඉදිරිපත් වූයේ නැතග

ර්‍ණඅම්මා ගෙදර එළවළු වවාගන්නවාග ඉඳලා-හිටලා අම්මගෙ අක්කා කෙනෙක් ඉන්නවා ඇවිත් බලලා යනවාග අහල-පහළ හැමෝම අම්මට ආදරෙයිග”

සීලවතීගේ මව හතර පෝයට සිල් ගත්තා යග ඒත් සීලවතී කිසිම දවසක පන්සල් ගොස් නැතග බණ්ඩාරවෙලට ආව දවසක වුණත් සීලවතීට පන්සල් යන්න කියා නැතග

රත්නපුරයට එනවා වත් දෙදෙනාට ම නිනව්වක් නොවූයේ කතා-බහ නිසා යග දැන් සුමන්තිරන්ට සීලවතී ගැනත්ල මව ගැනත් යම් චිත්‍රයක් ඇඳී ඇතග

ර්‍ණඔයාගෙ කතාව ඇහුවම මට දුකයිග”

ර්‍ණමමනං දුක් වෙන්නෙ නැහැග ඒ මගෙ උරුමයග මට අම්මා කියන්න හරි කෙනෙක් ඉන්නවා නෙග බස් ස්ටෑන්ඩ් එකේ ලස්සනට ඔතල යන්න ඇත්තේ මට ඇති ආදරේට වෙන්න ඇති නේග නැතිනම් මාව මරල දාන්න තිබුණ නෙගගග”

ර්‍ණඒකත් ඇත්ත” සුමන්තිරන් කීවේ යග

ර්‍ණඔයා ගැන මුකුත් කිව්වේ නැහැ නේල මම හුඟ දේවල් කිව්වටරෑ”

ර්‍ණආගග මම යනවා පාස්පෝට් එක අලුත් කරගන්නග ඒගමන් වීසා ගන්නත් ඕනෑග”

ර්‍ණකොහේ හරි යනවදරෑ”

ර්‍ණඔව් - ලන්ඩන්ල හයර් ස්ටඩීස් කරන්නග”

ර්‍ණලන්ඩන් හොඳ තැනක් ඉගෙනගන්නග”

ර්‍ණඔයා ලන්ඩන් ගැන දන්නව දරෑ”

ර්‍ණඔව්ග මම ගිය මාසේ ලන්ඩන්වල ඉඳල ආවේග අම්මා බලල යන්නග”

ර්‍ණඒ කිව්වේරෑ”

ර්‍ණමම පුංචි සන්දියේ හදාගත්තේ සුදු පවුලක්ග මම තාත්තා කිව්වේ බීබීසියෙ ලොකු තනතුරක් දරපු කෙනෙකුටග අම්මා නං සිංගප්පූරු-චීන කෙනෙක්ග එයාල දෙන්නට මගෙන් තොර ලෝකයක් නැහැග අයි ලව් දෙම්ග ඒත් මාව මේ ලෝකෙට ගෙනාව අම්මා බලල යන්න ආවේල මම බඳිනවා කියලා යන්නග”

ර්‍ණකවද්ද ලන්ඩන් යන්නේරෑ”

ර්‍ණසතියකින් විතරග මට ගම්පහ රෝහලට යන්න ආසයිල අර බස් ‍හෝල්ට් එකේ ඉඳලා මාව ගෙනැවිත් තිබුණ වාට්ටු අංක එක බලන්නග”

ර්‍ණආ තව කෙනෙක් ඉන්නවාග මගෙ සුදු තාත්තා ලංකාවේ වැඩ කරන කොට ගුවන්විදුලියේ වැඩ කළල මාව බලන්න රෝහලට එක්ක ගිය ‘පියා’ ලෑ ගෙදර ගිහිල්ලා එන්න ඕනෑග එයාල තමා මගෙ නෑදෑයෝග”

සුමන්තිරන්ට තිඹිරිගස්යායෙන් බහින්න අමතක වියග ඔහුට ඒ බව මතක් වූයේ තුම්මුල්ල හන්දියත් පසු වූ පසු ව යග

ර්‍ණමම බහින තැන පහු වෙලාග මං බහිනවාග”

ඔහු තර්ස්ටන් පරේ කොලේජ් හවුස් ළඟින් බසින්න සැරසෙද්දී සීලවතී :ටෙක්ලා- කී දෙයින් සුමන්තිරන් පුදුම වියග

ර්‍ණමං හිතන්නෙ මගෙ තාත්තා ඔයාලගෙ කෙනෙක් කියලාග”

සුමන්තිරන් නොපෙනී ගියේ යග


Wmqgd .ekSu Wmqgd .ekSu isΏρK mqj;a m; weiqfrks weiqfrks