18 Views  
සාතිශය සංවේගය
ඉහ ඉද්දර දැල්වෙන පොල්තෙල් පහනෙහි ආලෝකය අඩු වී ඇත්තේ තෙල් මඳි වීමෙන් බව වටහා ගත් සොමිපාල පුටුවෙන් වහා නැඟිට අසල තිබූ පොල්තෙල් බෝතලය ගෙන පහනට යහමින් තෙල් වක් කළේ යග පය පාමුල දැල්වෙන පහනෙහි ආලෝකය දීප්තිමත් ව තිබුණ ද එයට ද තෙල් දැමූ ඔහු බෝතලයෙහි කට දබරැඟිල්ලෙන් පිසදමා ඇඟිල්ල හිසමත ඇතිල්ලුවේ යග අනතුරු ව ඔහු බෝතලය තිබූ තැන ම තබා නිසල ව අවසන් නින්දෙහි සිටින තම පියාගේ දේහය දෙස දුක්බර ව බලා සිටියේ හෙට රාත්‍රිය වන විට මේ අප්‍රාණික සිරුර ද තමන්ගේ දසුනෙන් මැකී යන බව සිහිපත් වීමෙනිග

ර්‍ණඇයි මොකද කල්පනා කරන්නෙග දුකයි තමයිග අපි කාටත් ඔච්චර තමායි” සොමිපාලගේ බිරිය කුසුමලතා ඔහුට සමීප වෙමින් පැවසුවා යග

ර්‍ණඒක ඇත්තග ඒත් ඉතින් අවුරුදු අසූපහක් මේ ගෙදර ජීවත් වෙච්චි තාත්ත හෙටින් පස්සෙ මේ විදිහටවත් දකින්ඩ නෑනෙ කියල හිතෙන ‍කොට හිත වාවන්නෙ නැහැග” යි පැවැසූ සොමිපාල කමිසය උස්සා දෑසින් ගලා ආ කඳුළු පිස දැමුවේ යග

ර්‍ණඔයා දැන් ගේ ඇතුළට ගිහින් ටිකක් වෙලාවක් වත් නිදාගන්ඩග එක දිගට ම දවස් දෙකක් ම ඔයා ඇහැරගෙනනෙග එහෙම නැති වුණොත් සිහි කල්පනාවෙන් හෙට තියෙන වැඩ ටික කොහොමද ඉවර කරගන්නෙ” යි බිරිය සැමියාට පැවසුවේ සැමියාගේ ශෝකය මොහොතකට ‍හෝ තුනී වීමටත් ශාරීරික අපහසුතා සමනය වීමටත් නින්දෙන් ලැබෙන පිටුවහල ප්‍රබල බව දත් හෙයිනිග

ර්‍ණමමත් ගෙට ගිහින් නිදා ගත්තහම කවුද මෙතන තනි රකින්නෙග මම හැරෙන්ට පිරිමි පුලුටක් මෙතන නැහැග හැම කෙනාම එකොළහල දොළහ වෙනකොට ගෙවල් වලට ගියාග ගිහින් එන්නම් කියල ගියාට මේ වෙනකම් ආපු කෙනෙක් නම් නැහැ” යි සොමිපාල පිළිතුරු දුන්නේ යග

ර්‍ණඔයා ඔයතරම් ම මගේ තනිය ගැන හිතන්ඩ එපාග මම මෙතන ඉන්නම්ග අවුරුදු දහයක් මේ ගෙදර හිටපු මට මගේ ගෙදර ඉන්න තනියක් තියෙනවාදරෑ ඔයා බය නැතුව ගිහින් නිදා ගන්ඩග දැන් වෙලාව පාන්දර දෙකයිග එළිවෙන්ඩ තව පැය තුනකට වැඩිය නැහැනෙ” යි බිරිය පැවසුවේ තම සැමියා කෙරෙහි උපන් අනුකම්පාවෙනිග

ර්‍ණමම ගේ ඇතුළට වෙලා මොන හිතකින් නිදාගන්ඩදරෑ ඔයා මෙතන මිනියක් එක්ක තනි කරලග ඔයාගෙ හිත සුළු දේකටවත් ගැස්සුනොත් මොන දෙයියන්ට කියන්ඩදැ යි සොමිපාල පැවසුවේ බිරිය තනිකර දමා යාමට කොහෙත් ම කැමති නොවූ හෙයිනිග

ර්‍ණමොනවට හිත ගැස්සෙන්ඩ දරෑ මේ ඔයාගෙ තාත්තග ඉතින් මගෙ මාම වුණාට මගෙත් තාත්ත වගේ නෙග තාත්ත කෙනකුට මොකටද බය වෙන්නෙග තාත්ත මොන තරම් හොඳ මනුස්සයෙක් දග කිසිම දවසක මට සැරෙන් කතා කරලවත් නැහැග ගමේ පිරිත් කණ්ඩායමේ නායකය හැටියට මේ අහළ ගම් හතේ විතරක් නෙවෙයි ඈත පළාත් වලටත් පිරිත් දේශනාවලටත් ගිහින් තියනවානෙග මස් මාළු නෙවේ උම්බලකඩවත් කාපු නැති අහිංසක තාත්තග ඒ වාගෙ කෙනෙක්ගෙ මිනියක් ළඟ තනි වෙන්ඩ මොන බයක්දග ඔයා ගිහින් නිදා ගන්ඩ” යි කුසුමලතා යළිත් පැවසුවා යග

ර්‍ණඔයා කියපු සේරම ඇත්ත වුණාට අද මේ වෙලේ තාත්තට තනි රකින්නෙ අපි දෙන්න විතරයිග හිටපු හැමෝ ම ගෙවල්වලට ගියාග කොච්චර සමාජ සේවෙ කෙරුවත් අන්තිමට කාටත් ඔච්චර තමයිග”

ර්‍ණඒකට නම් කාටවත් දොස් කියල වැඩක් නැහැග මේ කාලෙ ගෙවල්වල ඉන්නෙ එක්කෙනයි දෙන්නයිග තරුණ ළමයි වැඩි දෙනෙක් ඈත පළාත්වල රස්සාවලට ගිහින් ඒ ඒ තැන්වල නැවතිලග තාත්තගෙ යාළුවො වැඩි දෙනෙක් තාත්තටත් ඉස්සර නොඑන ගමන් ගිහිල්ලග ටික දෙනෙක් හරි ඉන්නව නම් පාරෙ යන්ඩවත් පණ නැති තරමට වයසයිගග එක එක ලෙඩින් ඔත්පළ වෙලාග දවල්ට නම් ඔය ඕනෑවටත් වැඩිය කට්ටිය ඇවිත් ඉන්නෙග අවසාන කටයුතු කෙරෙන වෙලාවට හාර පන්සීයක්වත් එනවම යිග රෑට තනි රකින්ඩ නාවට වැඩ ටික කරගන්න ඕනැවෙලාවට මිනිස්සු ඉන්නවානෙ”යි කුසුමලතා පැවසුවේ සැමියාගේ සිත සැනසීමේ බලාපොරොත්තුවෙනිග

ර්‍ණඕන් ඇහෙනවද ගෑනු ගොරොද්දෙ අදින හැටිග හරියට ලී මෝලෙ ලී ඉරනව වාගෙග උන්දලාට නම් හොඳටෝ ම නින්ද ගිහින්ග” ගෙතුළින් නොනවත්වා ම ඇසෙන ගෙරවිලි සද්දය කන වැකුණු සොමිපාල පැවසුවේ යග

ර්‍ණඑහෙම නම් ඉතින් කොහොමවත් බය වෙන්න ඕන නැහැනෙග මෙච්චර ලොකු සද්දයක් ඇහෙනකොට තනියට කට්ටියක් ම ඉන්නව කියල හිතෙන්නෙ නැද්දරෑ ඉතින් දැන්වත් ඔයා ගෙට ගිහින් ටිකක් ඇ‍ලවෙන්ඩග ඔය හෝන්දු මාන්දු ගතියත් එතකොට ඇරිල යයිග” කුසුමලතා යළිත් පැවසුවා යග

ර්‍ණතවත් පැය කීයක්දැ ඇහැරගෙන ඉන්ඩ තියෙන්නෙග ඒ ටිකත් ඔහෙ ඇහැරගෙන ම ඉන්නවග අපි හදාපු වඩාපු තාත්ත වෙනුවෙන් දවස් දෙක තුනක් නිදි මරන්ඩ බැරිනම් මොකක්ද ඒ පුතාගෙ ඇති වටිනාකමග” යි පැවසූ සොමිපාල පියාගේ නිසල දේහය දෙස කෘතවේදිත්වයෙන් යුතු ව බලා සිටියේ යග

ර්‍ණඔයා ඔය විදිහට කල්පනා කළාට ඔයා ගෙ අයියල දෙන්න තවමත් ආවෙ නැහැනෙග හෙට ම එන්ඩ බලාගෙන ඉන්නෙ හරියට ම පිට මනුස්සයකුගෙ මළගෙදරකට යනව වාගෙ නෙග” යි කුසුමලතා පැවසුවේ සිය සැමියාගේ සොහොයුරන් දෙදෙනා කෙරෙහි උපන් කලකිරීමෙනිග

සිය බිරියගේ වදන්වලින් තිගැස්සී ගිය සොමිපාල පියාගේ මුහුණ දෙස බැලුවේ තම බිරිය අනවශ්‍ය යමක් කීවේ යැයි බියපත් වෙමිනිග

ර්‍ණතාත්ත ඉස්සරහ ඉඳගෙන ඕව ගැන කතා කරන්ඩ එපාග තාත්තත් අහගෙන ඉන්නෙග” යි ඔහු සෙමින් බිරියට පැවසුවේ යග

ර්‍ණඇහෙන්ඩ තාත්තට පණ තියෙනවදරෑ දරුවො වෙච්චහම කවුරුත් එක වාගෙ දෙමවුපියො ගැන බලන්ඩ ඕනෑග ඔයා ගෙදර හිටපු නිසා හොඳයිල තාත්තගෙ හැම ඕනැ එපාකමක් ම හොයා බලන්ඩග මැරුණට පස්සෙත් ඔක්කෝම කරන්ඩ වුණේ ඔයාට ම යිග අයියල දෙන්න පිට මිනිස්සු වාගෙ වෙලාවට ම එන්ඩ ඉන්නව පිරිවරත් එක්ක මග ඊට පස්සෙ මිනිය වළ දැම්මට පස්සෙ ගෙදරටවත් ගොඩ වෙන්නෙ නැතුව කනත්ත ළඟින් ම යන්ඩ යයිග හත්දොහේ දානෙටවත් එයිද කියල දෙයියො තමයි දන්නෙ” යි බිරිය තවදුරටත් පැවසුවා යග

බිරියගේ කට වැසීමට ඇති හොඳ ම උපාය නම් එතැනින් ඉවත් ව යෑම යැයි සැලකූ සොමිපාල ර්‍ණමම එළියට ගිහින් එන්නම්” යැයි පවසා මිදුලට බැස්සේ අවශ්‍යතාවක් නොමැති වුවද වැසිකිළියට යන බවක් බිරියට අඟවමිනිග තරමක් ප්‍රමාද වී නිවස තුළට යා යුතු යැයි අදිටන් කරගෙන පිටතට පැමිණිය ද සොමිපාල මොහොතකින් ඒ අදහස ඉවතලා ආපසු නිවසට ආවේ බිරිය පමණක් මිනිය අසල තනිකොට තැබීම නොමනා යැයි ඔහුගේ සිත කී හෙයිනිග නිවසට ගොඩ වූ ඔහු යළිත් වේවැල් පුටුවෙහි හරිබරි ගැසුණේ කෙසේ හෝ මේ පැය කීපයත් අවදියෙන් ම ගත කළ යුතු යැයි තරයේ සිතට ගනිමිනිග

සොහොයුරන් දෙදෙනාගේ නොපැමිණීම පිළිබඳ ව බිරිය දැක්වූ අදහස්වල නිවැරදි බවක් ඇතැයි ඔහුට ද සිතුණේ යග කොළඹ ආයතන දෙකක සේවය කරනු ලබන අයියලා දෙදෙනාට තාත්තගේ මරණය පිළිබඳ ව දන්වා යවා දින දෙකක් ගතවී ඇත ද ඔවුන් නොපැමිණියේ ඇයි දැ යි ඔහුට ද ගැටලුවකිග තමා සිතූ පරිදි ම ඔවුන් තම පිරිවර ද කැටුව අවසාන කටයුතු සිදු කරනු ලබන දිනයේ ම පැමිණෙන්නට සිතා සිටිනවා විය යුතු යග එහෙත් එය පුතුන් හැටියට නොකළයුතු වරදෙකැයි ඔහුට සිතුණේ යග අයියලා තව ම ආවේ නැද්දැයි දැනටමත් තමන්ගෙන් විමසූ අසල්වැසියන් හා ආගන්තුකයන් ප්‍රමාණය සියයකට අධික බව ඔහුට සිහිපත් වේග ඔවුන්ට වැඩ අධික නිසා අවසාන කටයුතු පැවැත්වෙන දිනයේ එන බව දන්වා ඇතැයි තමා ඔවුන්ට පිළිතුරු දුන්නේ සොහොයුරන් එසේ පැවසූ බව කීමට බිරියත් තමාත් තීරණය කළ පරිද්දෙනිග එක් සොහොයුරකු හෝ පැමිණියේ නම් තමාගේ සිතට සහනයක් වන බව ඔහුට හැගුණ ද සොහොයුරන්ගේ නොපැමිණීම සම්බන්ධයෙන් ඔහුගේ සිතට වධයක් ගෙන නොදුන් මොහොතක් නැති තරම් යග

ර්‍ණඔයාට කෝපි ටිකක් ගේන්නම්ග” කුසුමලතා ටික වේලාවක සිට කතාබහක් නොමැති ව පුටුව මත කල්පනාවෙන් ගැලී සිටි සැමියාගෙන් විචාළේ කෝපි කෝප්පයක් පානය කිරීමේ අවශ්‍යතාවක් ඇයට ද ඇති වූ බැවිනිග

ර්‍ණඅර නිදාගෙන ඉන්න අයටත් කතා කරල කෝපි ටිකක්වත් දුන්නොත් නැගිටල ඔයත් එක්ක කතා කර කරවත් ඉඳියිග එත‍කොට ඔයාට පාළුවක් නැහැනේ” යි සොමිපාල පැවසුවේ යග

ර්‍ණඒ අය ඔහේ නිදාගත්තාවැයිග පුළුවන් තරම් වැඩ කරල ඉන්නෙග අවසාන කටයුතු ඉවරවෙනකම් ඒ අයට වැඩ තියෙනවානෙ” යි පැවසූ කුසුමලතා කෝපි කෝප්පයක් සාදා ගෙනවුත් සැමියාට දුන්නා යග

ර්‍ණමම මේ කල්පනා කළේ දැන් උදේ වෙනකොට මරණාධාර සමිතියේ කට්ටිය එයි දවල් කෑමට උයන පිහන දේවල් ගැන කතා බහ කරන්ටග කොළඹ ඉන්න අයියල දෙන්න වැඩ කරන තැන්වල කට්ටියත් එක්ක ආවහ ම එතන අඩුමගානෙ දෙසීයක්වත් වෙයිග එත‍කොට පිටින් එන නෑදෑයොයි අහලල පහල අයයි එකතු වුණාම හාර පන්සීයක් වෙයිග ඉතින් ඒ ඔක්කෝට ම කෑම දෙන්ඩ එපායැග

කොළඹින් එන අයට කෑම දෙන්ඩ ම ඕනැග නැත්නම් අයියලාට හොඳ නෑනෙග ඉතින් කී දෙනකුට කෑම උයන්ඩ වෙයිද කියල තමයි ප්‍රශ්නෙරෑ” යි පැවසූ සොමිපාල කෝපි උගුරක් පානය කළේ යග

ර්‍ණමරණාධාර සමිතියෙන් දෙනව කියල බත් තම්බන්නෙ මොකටද හාර පන්සීයකටග ඔය ආපු නැති අය ගැන විශ්වාසෙ තියන්ඩ අමාරුයිග වැඩි ම ගාන දෙසීයකට විතර ඇතිවෙන්ඩ කෑම හදන්ඩ කියල කියමුග කොළඹ කට්ටිය එනවනම් දහය එකොළහ වෙන‍කොටවත් එයිනෙග එහෙම ආවොත් බැරියැ ගැළපෙන විදිහට වැඩ කරන්ඩග” කුසුමලතා පිළිතුරු දුන්නේ බොහෝ දුරට කල්පනා කිරීමෙන් පසු ව යග

ර්‍ණබත් මදි වුණොත් ආයෙත් උයන්ඩ කියල මරණාධාර සමිතියෙ අයට කියන්ඩ පුළුවන්දරෑ ඒක ඒ මිනිස්සුන්ඩ කරදරයක් කියල හිතෙයිග අපි කියමු තුන්සීයකට විතර ඇතිවෙන්ඩ කෑම හදන්ඩ කියලග එහෙම කියන්ඩ අපිට අයිතියක් ති‍යනවානෙග අපි පොඩි කාලෙත් අපේ තාත්ත ඔය සමිතියේ සාමාජිකයෙක්ග ඉතින් ඒ වාගෙ කෙනෙක් වෙනුවෙන් උයපු දෙයක් අහක ගියත් මොකෝග” සොමිපාල බිරියගේ අදහසට එකඟ නොවීයග

ර්‍ණඅනේ මන් දන්නෙ නැහැග මේ කාලෙ කෑම අහක දමනව කියන්නෙ අපරාධයක්ග ඔයා කැමතිනම් දෙසීයකට විතර කෑම හදන්ඩ කියල කියන්ඩග මට නම් හිතෙන්නෙම එහෙම හොඳයි කියල ම යිග” කුසුමලතා පිළිතුරු දුන්නා යග

ඔවුන් සිතූ පරිදි ම උදෑසන හත පමණ වන විට මරණාධාර සමිතියේ නියෝජිතයන් කීප දෙනකු සොමිපාල හමුවීමට ආවේ දහවල් ආහාරය සකස් කිරීමේ පිළිවෙළ පිළිබඳව කතා කර ගැනීමට යග සොමිපාල තමාගේ තීරණය අනුව තුන්සීයකටවත් ආහාර සකස් කිරීම උචිත බව සඳහන් කළේ යග ඔහුගේ සිතෙහි වූයේ අයියලා දෙදෙනා පිරිවරත් සමඟ පැමිණිවිට මේ කෑම මදිවිය හැකි බව යග ඔහු යළිත් මෙසේ පැවසුවේ එහෙයිනිග

ර්‍ණමගෙ හිත කියන්නෙ ම හාරසීයකට විතර කෑම හැදුවොත් හොඳයි කියල ම යිග කොළඹ ඉන්න අයියලත් එක්ක තව ගොඩාක් කට්ටිය එන්ඩ පුළුවන්ග” යි සොමිපාල යළි ප්‍රකාශ කළේ යග

ර්‍ණසොමිපාල මාම ඔහොම කීවට ඒ මහත්තුරු දෙන්න මේ පැත්ත පළාතෙ එනව අපි නම් කවදාක්කවත් දැකල නැහැග කට්ටිය තියා ඒ දෙන්නවත් ආවොත් ඇති” යි ආපසු යන අතර මරණාධාර සමිතියේ අය කතා වූහග

ර්‍ණසියාතුහාමි සීය අසනීපයෙන් ඉන්නව කියලත් දන්වල ඇරියට ආපු නැති පුත්තු දෙන්න මරණෙටවත් එයිද කියල මටනම් විශ්වාසයක් නැහැග” නියෝජිතයන්ගෙන් එකෙක් පැවසුවේ යග

ර්‍ණඒ දෙන්නට දැන් හරි ම සරුයිලුග ලොකු අයිය ආණ්ඩුවේ කන්තෝරුවක ලොකු මහත්තයෙක්ලුග අනිත් එක්කෙනා කොම්පැනියක අයිතිකාරයෙක්ලුග” තොරතුරු තරමක් දන්න අයෙක් පිළිතුරු දුන්නේ යග

ර්‍ණමොකටද අනේ ඔය ලොකුකම්ග තමන්ගෙ අම්මතාත්තටත් සලකන්නෙ නැති උපන් ගමටවත් සතේක වැඩක් නැති ලොකුකම් හරියට බල්ලෙක්ගෙ පස්ස පැත්තෙ බැන්ද මී වදේ වාගෙ කාටවත් වැඩක් නැහැ” යි පැවසූ පුද්ගලයා ර්‍ණඅපි කෝකටත් දෙසීයකට විතර කෑම හදමුග ඔය කියන ලොක්කො දෙන්න පිරිවරත් එක්ක කෑමට ඉස්සර ආවොත් ඒ අයට උයපු ඒව කන්ඩ දීල ඒ අතරෙ අලුතෙන් කෑම ලිපේ තියමු”යි පැවසුවේ යග

ර්‍ණආ ඒක හොඳයිග අපිට කට්ටිය ඉන්නවානෙ සුරුස් ගානකොට කෑම ටික හදාගත්තැහැකියි” කවුරුත් එක හඬින් එකඟ වූහග

සොමිපාල බලාපොරොත්තු වූ පරිද්දෙන් පියාගේ අවසාන කටයුතුවලට සහභාගි වීමට සිය වැඩිමහල් සොහොයුරන් දෙදෙනාගෙන් එකකු හෝ පැමිණියේ නැතග ඒ දෙදෙනා වෙනුවෙන් ආයතන දෙකෙන් ම නියෝජිතයෝ දෙදෙනෙක් වටිනා මල්වඩම් දෙකක් ද රැගෙන පාංශුකූලය දෙන අවස්ථාවෙහි කඩිනමින් නිවසට පැමිණියහග

ර්‍ණඅපගේ සාතිශය සංවේගය” මල් වඩම් දෙකෙහි ම ලොකු අකුරින් සඳහන් ව තිබුණිග


Wmqgd .ekSu Wmqgd .ekSu isΏρK mqj;a m; weiqfrks weiqfrks