Home / කෙටි කතා / අලි කුල­ප්පුව මෙල්ල කළ ‘යාප්පුව’

අලි කුල­ප්පුව මෙල්ල කළ ‘යාප්පුව’

2018-11-12 12:02:00       397
feature-top
60 දශ­කය අග­භා­ගයේ ප්‍රථම වරට පිහි­ට­වනු ලැබූ වවු­නියා දකුණ ප්‍රාදේ­ශීය ආදා­යම් නිල­ධාරි කොට්ඨා­ස­යට පළ­මු­වැනි ඩීයාරෝ වශ­යෙන් පත්වූයේ මෑත කාලයේ කැබි­නට් අමාත්‍ය ධූර­යක් ද දැරූ E.L.B. හුරුල්ලේ මහ­තායි.‍ හුරුල්ලේ මහ­තාගේ කාර්යාල කාර්ය සහා­යක වූයේ පියුන් මාමයි. දන්ත ධාතූන් වහන්සේ මොහො­තක් තැන්පත් කළා යැයි කියන මඩු­කන්ද දළදා විහා­රයේ දළදා පෙර­හර පැවැ­ත්වීම ද ඩීයාරෝ හුරුල්ලේ මහ­තාගේ නිල රාජ­කා­රි­යක් විය. එලෙස පෙර­හර පැවැති දිනෙක පෙර­හරේ ගමන් කළ අලි­යෙක් කුලප්පු විය. පසු­දින රාජ­කා­රි­යට පැමිණි පියුන් මාමා ඩීයාරෝ මහ­තාට ඒ වග සැල කළේ ය.

“සර් හරි වැඩේනෙ ඊයේ පෙර­හරේ අලි­යෙක් කුලප්පු ‍වුණානේ. අප­රාදෙ යාප්පු­වෙන් ඔය අලියා මෙල්ල කර­ගන්න තිබු­ණානේ.හුරුල්ලේ මහතා ‘යාප්පුව’ කියන්නේ කුම­ක්දැයි දැන සිටියේ නැත.

“යාප්පු­වක් කීයක් වෙයිද?”

“සර් එච්චර ගණ­නක් වෙන්නේ නෑ. ඕනෑ නම් රුපි­යල් පහක් වෙයි.” හුරුල්ලේ මහතා සාක්කු­වෙන් රුපි­යල් පහක් නෝට්ටු­වක් ඇද පියුන් මාමාට දුන්නේ ය. යාප්පු­වක් අර­ගෙන දෙන්න” යැයි පව­ස­මිනි. පියුන් මාම රාජ­කාරි නිමවා හැන්දෑවේ ගෙදර යන ගමන් රු. 5.00 ට තැබෑ­රු­මට ගොස් අඩි­යක් ගසා ගෙදර ගියේය.

පියුන් මාමාගේ වෙලාව හොඳ­ක­මට එදා පෙර­හරේ අලි කුල­ප්පු­වක් සිදු නොවී ය. පසු­දින උදේ පියුන් මාමා ටිකක් බයෙන් සැකෙන් කාර්යා­ල­යට විත් පොත අත්සන් කිරී­මට ය. එකල කාර්යාල ආරම්භ කළේ උදේ 8 ට ය. පියුන් මාමා පොත අත්සන් කරන්න බලන විට කවුදෝ කෙනෙක් 7.59 දමා ගෙන අත්සන් කර තිබිණ. පියුන් මාමා කළේ 7.60 දමා ගෙන අත්සන් කිරී­මය.

මෙම ලිපිය, කිසි­දාක රාජ­කාරි වෙලාවේ මත්පැන් පානය නොකර රාජ­කාරි අකු­රට ඉටු කළ යහ­පත් මිනි­සකු වූ පියුන් මාමා­ටත් ඝන වන­යෙන් වැසී තිබූ තන්ත්‍රි­මලේ පුද­බිම, වවු­නි­යා­වට අයත්ව නොති­බු­ණත් හේම­සිරි ප්‍රේම­ව­ර්ධන දිසා­ප­ති­තුමා සමඟ එක්ව ‍බෞද්ධයන්ට වැඳ පුදා ගැනී­මට 60 දශ­කයේ දී අති­දු­ෂ්ක­රතා මැද මුලින්ම කට­යුතු කළ හුරුල්ලේ ශ්‍රීම­තා­ණ­න්ටත් උප­හා­ර­යක් වේවා!

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »