Home / කෙටි කතා / කරුවලේ අන්දරය

කරුවලේ අන්දරය

2017-03-01 10:44:00       683
feature-top
විශ්‍රාම ලත් ලියුම් බෙදන්නකු වූ පින්තු පියුන් උන්නැහේට අමු වැහි කරුවලේ නිවසේ සාලයේ දී බැළලිය ගේ නගුට පෑගීමෙන් නිවස තුළ මෙතෙක් දුම් දමමින් තිබූ ගිනිකන්ද පුපුරා යෑමට හේතු සාධක නිර්මාණය වියග

ගුරු පාරේ වම්පසට වන්නට තිබූ පටු ගොඩැල්ලක අඩක් නිමකර තිබූ පින්තු උන්නැහේ ගේ නිවස සහ ඒ අවට හතර දිග් බාගයේ මහ වැසි කුණාටු සහිතව ඇද වැටෙමින් තිබුණිග අඳුර සැණින් බිඳ විදුලිය කෙටීම් සහිතව නැගෙන හෙණ හඬ ප්‍රකම්පිත වියග කිසිවකු නොපතන මූසල හද්දා අඳුර ඒ හැමතැන ම පැතිර තිබුණේ වියග

පින්තු උන්නැහේ මේ තරම්වත් ගේ හදාගත්තේ විශ්‍රාම පාරිතෝෂිකයේ පිහිටෙන් යග ළිඳට මෝටරයක් සවිකර නාන කාමරය සාදා ගත්තේ කිසියම් කර්මාන්ත ශාලාවක සේවය කරන එක ම දියණිය විසින් යග පින්තු උන්නැහේ ගේ පරම්පරාවට මඳක් ඉදිරියෙන් සිටි දියණිය නිවසේ ආධිපත්‍යය පහසුවෙන් හිමිකර ගෙන තිබුණිග ඉඳහිට හෝ එයට එරෙහි වූයේ පින්තු උන්නැහේ ගේ බිරිය පමණිග

අපේ මේ කතා පුවතට පදනම් වූ පින්තු උන්නැහේ ගේ නිවෙස දෙපස මීටර් සියයක් පමණ දුරට තිබුණේ පුරන් වූ වෙල් යායකිග එහි මැද හැල් බිමේ වෙල් ආත්ත සහ බොරුපන් පඳුරු බහුලයිග ගිගුරුම් සහිත මහවැස්සේ එහි පොල් ගස් පිල්ලෑවක බැඳ රැගෙන නොගිය එළදෙනකගේ විලාපය වැනි හඬින් හුදකලා කර තිබුණිග

මේ අව් අස්සේ පින්තු නිවසේ ගිනි කන්ද පුපුරා යෑමට හේතු වූ හැම ප්‍රශ්නයකට ම පදනම වූයේ මද්දහන ගෙවී යන විට උපන් වැස්ස සමඟ විදුලි බලය විසන්ධි වී යෑමයිග පින්තු උන්නැ‍ෙහ්ත් බිරියත් සිතුවේ රාත්‍රිය වීමට පෙර විදුලිය ලැබේය කියායග සේවය නිම කර වැහි කරුවලේ ම ගෙට ගොඩ වූ දියණිය කීවේ ‍රටේ හැම තැනම විදුලිය විසන්ධි වී ඇතිබව යග

එය මේ නිවසේ ප්‍රශ්න ගණනාවක් ඇති කිරීමට හේතු පාදක වී තිබුණිග ටැංකියේ වතුර සිඳිලායග ලාම්පුවේ පොල්තෙල් අහවර වෙලායග පින්තු උන්නැහේ ඉඳහිට පාවිච්චි කරන විදුලිය පන්දමේ බැටරි බැස තිබුණිග ගිනි පෙට්ටියේ තිබුණේ ගිනිකූරු දෙකක් පමණිග මේ අඩුපාඩු පිරිමැහීමට කිලෝමීටර් බාගයක් දුරින් පිහිටි සිල්ලර කඩයට යෑම මේ වැහි කරුවලේ කොහෙත් ම නොහැකියග

ජංගම දුරකථනයේ එළියෙන් නිදන කාමරයටත් නාන කාමරයටත් ගිය දියණිය සාලයේ මව සහ පියා සමීපයේ ඉදිරිපස පුට‍ුවේ වාඩි වූයේ කෝපයෙන් පුපුරමින් යග

ර්‍ණවතුරත් නෑ” දියණිය කීවා යග

ර්‍ණකවුද දන්නෙ මේ කරන්ට් හත්තිලව්ව මෙහෙම නැතිවෙයි කියල” පිළිතුරු බැන්දේ මවයග

ර්‍ණදැන ගන්න එපායැ”

ර්‍ණදැන ගන්න දිවැස් තියෙනවයැ”

බොහෝ ඔතෑනි ගති ගුණ ඇති පින්තු උන්නැහේ නැගී සිටියේ විදුලි පන්දම සොයා එහි ඇති බැටරි කෑලි තළා මඳ ආලෝකයක් හෝ ලබා ගැනීමටයග බැළලියගේ නකුට පෑගුණේ ඒ අල්ල පනල්ලේදීයග

මරහතේ කෑ ගැසූ බැළලිය වීසි වී වැටුණේ පින්තු බිරිය ගේ විශාල කිමෝනා ඔඩොක්කුවටයිග බිරියගේ යෝධ අත් දෙකින් තල්ලු කළ අසරණ සතා දියණිය ගේ ඇ‍ඟේ ගෑවෙමින් බිත්තියේ හැපුණිග

හූනන්ට සහ කැරපොත්තන්ට පවා මහත් බියක් දක්වන දියණිය ගේ විලාපය අතිශයින් බියකරු වියග

ර්‍ණමොන කරුමයකට උපන්නද මන්ද මෙහෙම ගෙදරකග තාත්ත නේද බැළලි පෑගුවෙ”

ර්‍ණමං පෑගුව බැළලියක් නෑ දුවේ” පින්තු උන්නැහේ බොහෝ අසරණ ලෙස කීවේයග

ර්‍ණනෑ මං දැක්ක ඔයා නැගිටිනව” බිරිය කීවා යග

ර්‍ණබැටරිය බලන්න මං නැගිට්ටෙග ඒත් මට පෑගිච්ච නගුට්ටක් නෑ”

සිදු වූ වැරැද්ද නිවැරදි කළ නොහැකි බව පින්තු උන්නැහේ දනියිග අසනු ලබන ප්‍රශ්නවලට ප්‍රති උත්තර දීමෙන් ප්‍රවේශම් විය යුතු අතර මාතෘකාව වෙනස් කිරීම වඩා යහපත් යැයි පින්තු උන්නැහේ සිතුවේයග

ර්‍ණමොකුත් රත් කරගත්තෙත් නෑ නේද කරුවලේ”

ර්‍ණමොන බඩ මාළුවක් තම්බන්නද මේ අමු කරුවලේ” බිරිය පුපුරා හැලුණිග

ර්‍ණඒ කියන්නෙ රෑට කන්නත් නෑ එහෙනම්” දියණිය තම කෝපය මුදා හැරියේ අම්මාට යග

ර්‍ණකරන්ට් නෑ කියල උඹල දන්නව නම් ආප්ප දෙක තුනක්වත් ගේන්න එපායැ”

ර්‍ණගෙදරට ඕනෑ බඩු ගෙනත් දානව මදිවට ආප්පත් ඇදපල්ලකොග මං එන්නෙ ඇතිවෙලා”

දියණිය ගේ කෝපය වැලපීමක් බවට පත්වීමට ආසන්න යග

ර්‍ණමං නහින නැහිල්ල මමයි දන්නෙග උඹලෑ තාත්ත පුටුවෙ අලෝල තියල වගේ විටකකා ඉන්නවග”

ර්‍ණමට පුළුවන් හරිය තමයි මේ කරල තියෙන්නෙග මං ඔළුව හැරුණු අ‍තේ ගෙහුං පන්සලක ආවතේවකම් කරල හරි ජීවත් වෙන්නං” පින්තු උන්නැහේ ශෝකයෙන් කීවේයග

මේ කරුවලේ පින්තු උන්නැහැ ගේ ගෙදර ඇති වූ කතාබහ පිළිසඳරක් ඉක්මවා ගිය චෝදනාවලින් යුක්ත වියග එහි දිව්රීම් බහුල වියග මෙහිදී දියණිය ප්‍රකාශ කළේ තමන් මෙවැනි ගෙදරක උත්පත්තිය ලැබීම පෙර පාපයක් පල දීමක් බව යග ඒ සඳහා ඇය තමන්ගේ ඇතැම් මිතුරියන්ගේ ජීවිත නිදසුන් වශයෙන් ගෙන හැර පෑවා යග

පින්තු බිරිය අවුරුදු තිහක් ආපස්සට ගොස් තමන් කරගත් මේ විවාහය පිළිබඳ ව තමාගේ දුක්ඛිතබව ඉදිරිපත් කළා යග තමා රැවටුණු බවත් එසේ නැත්නම් මෙයට වඩා යහපත් විවාහයකින් තමාගේ ජීවිතය සැපවත් වන බවත් ප්‍රකාශ කිරීමට ඇය පසුබට නොවූවා යග

කිසිවක් නොකී පින්තු උන්නැහේ සිතුවේ ගෙවී ගිය තමාගේ වෘත්තීය ජීවිතය යිග එහා ගමේ තැපැල් කන්තෝරුවේ ලියුම් බෙදන්නාවූ ඔහුට තම බිරිය හමු වූයේ ඇය පත්තරේ නොමිලේ විස්තර පත්‍රිකා ලැබෙන ලිපි ගෙන්වාගත් නිසයිග

ර්‍ණමොනවද මේ ලියුම්රෑ” දිනක් පින්තු උන්නැහේ ඇසුවේයග

ර්‍ණමල් වවන්න උපදෙස් පත්‍රිකා”

එතෙක් ඇගේ නිවසේ මිදුලේ තිබුණේ සිංහකටක සහ දාස්පෙති මල් ගස් කීපයක් පමණිග

ර්‍ණඉතින් කෝ මල්රෑ”

ර්‍ණවවන්නම්කො”

ඊළඟ දිනයේ මල්ගස් කීපයක් ඇයට ගෙනවිත් දුන් පින්තු උන්නැහේ ඒ ගෙදරින් ගියේ තේ කෝප්පයක් ද බීමෙන් අනතුරුවයග

වැස්ස ක්‍රමයෙන් තුරල් වෙමින් පැවැතුණිග දැන් හෙණ අකුණු පිපිරෙන්නේ අහසේ බොහෝ ඈත යග එහෙත් ගණ අඳුර හැම තැනම පැතිරි තිබුණිග සීතල සුළඟ ජනෙල් පියන්පත් උඩින් ගලා එයිග අඳුර ගම්මානයේ බොහෝ තැන්වල ජීවිත වෙනස් කරමින් පැවතුණා විය හැකියග

පින්තු උන්නැහේ තමා ගේ අනාගතය පිළිබඳ ව සිහි කළේ ශෝකයෙනිග අඳුර තමාගේ ජීවිතය ද අඳුරුකර හමාරයග ඇඹිලිපිටිය පැත්තේ තමා දන්නා කියන පන්සලක හිතවත් ලොකු හාමුදුරු කෙනෙකු ඔහුට සිහිපත් වියග එහි ගොස් වත් පිළිවෙත් පුරමින් කාලය ගතකර මහලු වියේ දී පැවිදිවිය යුතුයග

සියලු අවාසනාවන්ත තත්ත්වයන් මෙසේ පවතිද්දී රාත්‍රී එකොළහට පමණ එක්වර ම විදුලිය ලැබුණිග පින්තු උන්නැහේ ඉක්මනින් නැගිට්ටේ වතුර මෝටරය දැමීමට යග

ර්‍ණතාත්ත ටීගවීග එක දාල බලන්නකො කරන්ට් එකට මොකද උණේ කියල” දියණිය කීවායග

පින්තු බිරිය කුස්සියට ගියා යග

ර්‍ණවිදුලි බලාගාරයක ගින්නක් ඇතිවෙලාග අපට කරන්ට් එක ආවට හුඟාක් පළාත්වලට තවමත් කරන්ට් එක නැතිලුග” පින්තු උන්නැහේ ද කුස්සියට යමින් ගෙදර අයට ඇසෙන සේ කීවේයග

ර්‍ණමං මේ කල්පනා කළේ බත් ටිකක් ම උයනවද කියල” බිරිය කීවායග

ර්‍ණඑපා අම්මෙ මං ගෙනාපු නූඩ්ලස් ඇතිනෙග හදලගමුග”

ර්‍ණපරිප්පු ටිකකුත් හැදුවොත් නේද හොඳ”

ර්‍ණවැඩිපුර කිරි දැම්මහම පරිප්පු අපූරුයි” පින්තු උන්නැහේ කීවේයග

අඳුරේ තිබුණු නිවසට අලුතින් පැමිණි විදුලිය එළිය මහත් ආලෝකයෙන් සහ ප්‍රභාන්විත බවින් යුතු යැයි නිවසේ සියල්ලෝ ම සිතුවෝයග

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »