Home / කෙටි කතා / මැරියොට් හෝටලයේ වෙළෙන්දිය

මැරියොට් හෝටලයේ වෙළෙන්දිය

2017-02-15 03:15:00       685
feature-top
අයුබ් මුස්ලිම් ජාතිකයෙකිග මම බොදුනුවෙක්මිග රාමසාන් සුපුන් සඳත් පුන් පොහෝ දා සුපුන් සඳත් එක් දිනක පෑයුවේයග වැඩ ඇරී පැමිණ සැහැල්ලු සිතින් මගේ ඇඟ සෝදා ගත් විට මගේ වෙහෙස නිවුණු බව දැනුණිග රාත්‍රී ආහාර වේලක් ගැනීමට අයුබ් සමඟ මැරියොට් හෝටලයට යා යුතු යැයි මට සිතුණිග මගේ ජංගම දුරකථනයෙන් මම අයුබ් ඇමතීමිග

ර්‍ණමචං අයුබ් මම ලලිත්”

ර්‍ණඇයි මේ වේලාවේ කථා කළේරෑ”

ර්‍ණඅපි මැරියොට් හෝටලයට ගිහිල්ලා එකට කෑම වේලක් කමු හැබැයිග අද ඔයා ගානේ නෙවෙයිග මගේ ගානේග”

ර්‍ණඔයා වගේ දුප්පත් වැටුපක් ලබන කෙනෙක්ගෙන් මම කොහොමද කෑම වේලක් ඉල්ලන්නෙග”

ර්‍ණඒ හින්ද නෙවෙයි රාමසාන් හඳයිල පුන් පොහොය හඳයි එකට යෙදුණම මට හිතුණා අපි දෙදෙනා අතරෙ වෙනසක් නැහැයි කියලා”

ර්‍ණඑහෙම නම් අපි කෑම බෙදා ගනිමු” මම දෙහිවල පීටර් පටුමඟට පැමිණ අයුබ්ට අතපත්තු මාවතේ ඔහුගේ නි‍ෙවසේ සිට මැරියොට් හෝටලයට පැමිණෙන ලෙස ඉල්ලා සිටියෙමිග රාත්‍රී තනියම පැමිණි මම ද අයුබ් ද ගාලු පාරට යාබද එම හෝටලය ඉදිරිපිට දී හමු වුණෙමුග

ඔහු මට ද මම ඔහුට ද එක විට අත දිගු කළෙමුග

මමත් අයුබුත් එකිනෙකාට ඉදිරිපිටින් මේසයක අසුන් ගනිමුග සේවකයෙක් කෑම වට්ටෝරුව ගෙන අප අසලට පැමිණ එය අප ඉදිරියෙන් තැබීයග අයුබ් නූඩ්ල්ස් බිත්තර සහ බැදපු මාළු සමඟ සිසිල් බීම බෝතලය බැගින් ඇණවුම් කළේයග ඇණවුම ලැබෙන තෙක් බලා සිටින විට සිහින් නළලකින් හෙබි පළල් උස් අඩි සපත්තු පැලඳල තොල් රතු කළ කම්මුල් පාට කළ රුවැති යුවතියක් අප ඉදිරියේ පෙනී සිටියේයග

Do you speak English or Sinhala   ඇය අපෙන් විමසීයග මම Both යැයි පිළිතුරු දුනිමිග

ර්‍ණමොන භාෂාවෙන් කථා කරන්න ද වැඩියෙන් කැමති”

ර්‍ණසිංහලෙන්”

ර්‍ණගන්න කැමති දරෑ”

ර්‍ණමොනාද විකුණන්නේ”

ර්‍ණඒකවත් තේරෙන්නෙ නැද්දරෑ”

ර්‍ණඔයා විකුණන්නේ මොනවද කියල කියන්න ගන්න පුළුවන්නම් අපි ගන්නම්”

ර්‍ණඒගොල්ලන්ට වගේම අපිටත් බඩගින්න තියෙනවා”

ර්‍ණරස්සාවක් කරන්නෙ නැද්දරෑ හැබැයි හොඳට ඇඳලා පැලඳලා ඉන්නවා”

ර්‍ණරස්සාවක් නැහැග මේ වෙළෙඳාම තමයි කරන්නේ”

ර්‍ණඅපිට අනුමාන කරන්න බැහැ පැහැදිලිව කියන්න”

ර්‍ණඅපටත් යමක් දෙන්න අපෙනුත් යමක් ගන්න”

ර්‍ණඔයාගෙන් අපට යමක් ගන්න අවශ්‍යතාවක් නැහැග ඕන නම් අපිත් එක්ක වාඩිවෙලා කථා කරන ගමන් ඔයා අපිත් එක්ක කෑම වේලක් කන්න”

ර්‍ණඅපි නිකන් දෙන දේවල් ගන්න හොඳ නැහැ කියල විශ්වාස කරනවාග ඒකයි අපෙනුත් යමක් ගන්න කියලා කිව්වේග”

ර්‍ණහරි අපි බලමුග මෙතනින් වාඩි වෙන්න”

ඇය අප මේසයේ පුටුවක වාඩි වුණායග

ර්‍ණඅපි කන්න හදන්නෙ නූඩ්ල්ස් ටිකක් එක්ක බිත්තරයකුයි බැදපු මාළු කෑල්ලකුයිග සිසිල් බීම බෝතලයකුත් ගේනවග ඔයා කැමැති දරෑ”

ර්‍ණකැමැතියි”

මොකක්ද නම

ර්‍ණචලනි”

ර්‍ණකොහේද ඉස්කෝලේ ගියේ”

ර්‍ණඅනේ ඒක අහන්න එපා”

ර්‍ණමේක රස්සාවට යන ඉන්ටර්විව් එකක් නොවෙයිනේ”

මේ වන විට වේටර් අප අසුන්වලට අදාළ කෑම බෙදා තිබිණිග චලනි අප සමඟ වාඩි වූවායග අයුබ් චලනිට ද ආහාර බෙදා දුනිග චලනිගේ එක් ඇසක කඳුළු බින්දුවක් එකතු වී තිබිණිග එය මගේ හද පෑරීයග

ර්‍ණචලනි මේ අයුබ් එයා දෙමළ පත්තරේක මාධ්‍යවේදියෙක්ල මම ලලිත් සිංහල පත්තරේක මාධ්‍යවේදියෙක්ග”

ර්‍ණඒක අපේ ගනුදෙනුවට අදාළ නැහැ” ඇය ප්‍රකාශ කළේයග

ර්‍ණමේක දෙනුවක් විතරයි ගනුවක් නැහැග ර්‍ණඔයා කෑම ටික කන්න” අයුබ් ප්‍රකාශ කළේ යග ඇය සෙමෙන් ආහාර වේල භුක්ති වින්දායග

මේ අමුත්තියගේ පැමිණීම මගේ සහ අයුබ්ගේ නිදහස් සංවාදයට බාධාවක් වියග අයුබ් මට ‘It’s a merit” යැයි පැවසුවේයග

අපට අසලින් වූ මේසයක තරුණයෙක් ආහාර බුදුමින් ඔහුගේ I Pod යන්ත්‍රය ක්‍රියාත්මක කරමින් සිටියේයග මගේ ඇස් ඒ දෙස යොමු වියග ඔහු නරඹමින් සිටියේ සමාජ වෙබ් අඩවියකිග මගේ කුතුහලය ඇවිස්සිණිග ව්‍යායාමය සඳහා වේගයෙන් ඇවිදින පුද්ගලයකු දෙස බලමින් ර්‍ණමේ අවිදින්නේ කාපු ඒවා දිරව ගන්න බැරි කෙනෙක්” ර්‍ණමේ ඉන්නෙ කන්න දෙයක් නැති අයයි” ඔහුගේ I Pod යෙන් ඇසුණිග

අප තිදෙනාම එක විට ආහාර වේල ගන්නා විට ඇය ඇස් උස් කොට අප දෙස බැලුවායග

ර්‍ණමම ඕගොල්ලන්ගෙන් දෙයක් ගත්තග මගෙන් දෙයක් ඕගොල්ලන්ට එපාද”

ර්‍ණකෑම වේලක් කියන්නේ සුළු දෙයක්”

ර්‍ණනමුත් හැමෝටම නෙවෙයි”

ර්‍ණමගෙන් යමක් එපා දරෑ” අයුබ් සහ මම ඇගේ අනුකම්පා සහගත මුහුණ දෙස බලා සිටියෙමුග

ර්‍ණයමක් දෙන්නෙ නැතුව යමක් ගන්නෙ නැහැ කියල මම හිතනවා” ඇය පැවසුවායග

ර්‍ණඕගොල්ලෝ සද්දන්ත පිරිමි නෙවෙයි දරෑමගෙන් යමක් ගන්න” ඇය පැවසුවායග

මම මගේ වම් කොපුල ඇයට පෑවෙමිග ඇය ඇගේ දකුණු කොපුල මට පෑවායග

ර්‍ණකවදාවත් අම්මා කෙනෙක් වෙන්න බැරි මට ඒ වේදනාව දුන්නේ ඇයිරෑ”

චලනි ප්‍රශ්න කළායග

ර්‍ණචලනි අපට පරක්කු වෙනවා” යැයි කියූ අයුබ් ඉදිරියට පය තැබුවේයග

මම අයුබ් ඇමතීමිග

ර්‍ණමේ අත්දැකීම මට කෙටි කතාවකට හරි වටිනවා”

ර්‍ණමොකක්ද කෙටි කතාවේ නම”රෑ අයුබ් ඇසීයග

“The Vender at the mariot Hotel”




Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »