Home / කෙටි කතා / කළු - සුදු

කළු - සුදු

2017-02-05 02:48:00       686
feature-top
ර්‍ණගෝවේ - ගෝවේ ගෑනු පරාදයි
රූපේ - රූපේ මහද පිනායයි ගෝවේගගග”

සියල්ලන්ගේම හඬ පරයමින් සුගත්ගේ හඬ තාප්පයෙන් ද එළියට පනිමින් අවට සිසාරා විහිදී යයිග පහත් ස්වරයකින් ගීයට හඬ එකතු කළ නිමල් සිය හඬ තව තවත් උච්ච ස්වරයකට ගෙනාවේ යග තමන්ට සුගත්ලාට මෙන් ගීත ගැයීමේ හැකියාවක් නැතැයි ඔහුට සිත් වියග දින ගණනකට පෙර සරත් සුගත් ඇතුළු මිතුරෝ වෙලාවක සෙට් වෙමු යැයි කීවද ක්ෂණයකින් මෙබඳු සාදයක් පැවැත්වීමට හැකිවීම පිළිබඳ ව නිමල්ට ඇත්තේ පුදුමයකිග සරලා නම් සිය නිවසේ මෙබඳු සාද පැවැත්වීමට කෙසේවත් ඉඩ නොදෙන බව නිමල් හොඳාකාරව ම දනීග ඒ අතින් වත්සලා කෙතරම් හොඳ එකියකදැයි ඔහු සිතුවේ යග මදක් තරබාරු සිරුරක් හිමි වත්සලා අපූරු රූමත් ගැහැනියක් යැයි ද ඈ තමා දෙස බැලූ විගස ම තමන් කෙරෙහි කිසියම් ලජ්ජාශීලී බවක් ඇති වූයේ කුමක් නිසායැයිද ඔහු සිතන්නට වියග ර්‍ණනොමැතිව දෑස ඔබේ රාජකම රාජකමගගග” සුගත්ද අනෙක් මිතුරෝද ගී හඬ වඩාත් වේගවත් කළහග ඔවුන් තමාගේ සිත හඳුනා ගත්තේද යන සැකය මත නිමල් මවා ගත් උද්‍යෝගයකින් ගීතයට තාල සැපයියග

නිතර නිතර මෙලෙස නිවසට පැමිණ සිය මිතුරු නඩය සමඟ සරත් සතුටු වීම පිළිබඳ වත්සලා තුළ කිසියම් නොපහන් හැඟීමක් නොවීම පිළිබඳ ව නිමල්ට ඇත්තේ පුදුමයකිග ර්‍ණකෝ බං ගන්නෙ නැද්දරෑ” සරත් නිමල්ට අතින් සන් කළේ යග නිමල් වහා වීදුරුවට හලාගත් පානය එක හුස්මට බීවේ යග ර්‍ණමචං ගිනිපෙට්ටියක් හොයාගෙන වරෙන්” සුගත් නිමල්ට කීයග නිමල් වහා සරත් දෙස බැලීයග ර්‍ණවත්සලා කුස්සියෙ ඇතිල ඉල්ලගෙන වරෙන්” සරත් කීයග යම් යම් දේ පිළිබඳ ව සුගත්ට ඇත්තේ පුදුම ඉවකිග සිය සිතෙහි මෝදුවන කිසියම් අද්භූත හැඟීමක් පිළිබඳ ව ඔහුට දැනුණාවත්දෝයි නිමල් සිතුවේ යග ප්‍රකෘති ස්වරූපය මඳින් මඳ තමා වෙතින් දුරස් වෙත්ම කිසියම් අසද් හැඟීමක් පිබිදී තමා වෙළාගන්නාක් මෙන් වියග වත්සලා කුස්සියේ මොනවාදෝ සකසමින් සිටීග ර්‍ණඑක්ස්කියුස්මි” නිමල් වෙනදාටත් වඩා ශිෂ්ට බවක් ආරූඪ කර ගත්තේ යග ර්‍ණආ නිමල් අය්යා” වත්සලා කරමින් සිටි කාර්යය වහා නතර කරමින් ඇසුවා යග

 ර්‍ණඅපි හැමදාම කරදර කරනවා නේරෑ” නිමල් කීයග ර්‍ණඅනේ නෑගග මොන හැමදාමදගග අර දවසක් මළ ගෙදරකට යන්න ආවට පස්සෙනෙ අද ආවේල සරත් කොහොමත් කැමතියි ඔයාලා එනවට” වත්සලා ගෑස් ළිප නිමමින් කීවා යග ර්‍ණඇයි ඔයා කැමති නැද්දැයි” අසන්නට සිතුණද නිමල් ඒ සිතුවිලි ගිලගත්තේයග ර්‍ණනංගි ගිනි පෙට්ටියක් දෙන්නකෝ” නිමල් අමුතු හදිසියක් දැක්වීයග ර්‍ණපුතා මේ සැරේ ශිෂ්‍යත්වේ ලියනවා නේද” වත්සලා ඇසුවායග ර්‍ණඔව් ඔව්” නිමල්ට කියවිණිග ර්‍ණසරලා තමයි හැමදේම හොයලා බලන්නේ මගෙන් නම් කිසි උදව්වක් නැහැ” නිමල් කීයග ර්‍ණෂිහ්” අපරාදේ එහෙම කිව්වෙ වහාම ඔහුට සිතුණිග ර්‍ණපොඩි එකා එකේදරෑ” ර්‍ණඔව් ඔව් ලබන අවුරුද්දේ දෙකට” ගිනි පෙට්ටිය ගන්නා ගමන් නිමල් කීයග වත්සලාගේ අතේලෙහි කුඩා ස්පර්ශය ඔහු තුළ තිගැස්මක් ඇති කළේ යග කෙටි දූල් ඇඳුම යට සිටි ඇගේ කය තම බිරියට වඩා කෙතරම් සිත්ගන්නා සුලුදැයි ඔහු සිතන්නට වියග ර්‍ණයන්නම් නංගී” ප්‍රබෝධවත් මත් සිතින් නිමල් කීයග

ර්‍ණඇයි දැන්ම යන්නද” වත්සලා ඇසූ පැනය නිමල්ගේ සිතේ ප්‍රබෝධයක් ඇති කළේ යග ර්‍ණනෑ නෑ” යන ගමන් ම ඔහු කීයග ර්‍ණමොකද බං පරක්කු” සුගත් ගුගුළේයග ර්‍ණඅපෙ කෝච්චියට අහුවෙන්න ඇති” සරත් කොක්හඬ දෙමින් සිනාසුණේයග ර්‍ණමොනවා හරි කාලම යමු” සිනා හඬ නැවතූ සැණින් සරත් ඇසීයග ර්‍ණබෑ බෑ ඉක්මනට යන්ඩ ඕනැ හෙට ගමනකුත් තියෙනවාග වැඩ ඇරුණ ගමන් එන්ඩ කියලා තමයි අපෙ අණ දෙන නිලධාරිතුමිය කීවේ” සුගත් සරත් දෙස බලමින් කීයග ර්‍ණඔව් ඔව් ඉක්මන් කරමුයි” විමල් මෙන්ම ප්‍රදීප්ද එක හඬින් ම කීහග ර්‍ණහරි හරි බං හැමදාම නෑනේ ඕනැනම් පැයක් යයි” සරත් පෙරළා කීයග ර්‍ණඔව් ඔව් ටිකක් ඉමු බං” නිමල් එසේ කීවද එය සිතකින් කීවක් නොවන බව දැනී හේ වහා බිම බැලීයග ර්‍ණවෙනදා හදිස්සි කාරයා අද මොකද ගෙදර එන්ඩ එපා කීවද” නිමල්ගේ ප්‍රතිචාරයට ප්‍රදීප් කීයග ර්‍ණඋඹලට හදිස්සි නම් පලයල්ලා නේද සරත්” සිය සිතැඟි අන්‍යයන්ට දැනේදෝයි බියෙන් මෙන් නිමල් කීවේයග

හරි හරි තව සින්දුවක් කියමුයි සරත් කීවෙන් සියල්ලෝම විවිධ ගීත රසයෙන් මත්වන්නට වූහග මඳ වේලාවකින් කෑම සූදානම් යැයි කීමට පැමිණි වත්සලාට ර්‍ණඔයා කාලා නිදා ගන්න යැයි” සරත් කීයග ර්‍ණමේ සද්දෙත් එක්ක මොන නින්දක්දැයි” ඇය කීවේ මවා ගත් කෝපයකින් මිස අසතුටු සිතකින් නොවේ යැයි නිමල්ට සිතුණිග ර්‍ණඔව් ඔව් ඔයා මොකටද දුක් විඳින්නේ” යැයි කී සුගත්ගේ හඬට අනෙක් අයද අනුබල සැපයූහග සරත්ගේ පෙරැත්තයද නොසලකමින් සුගත්ද විමල් හා ප්‍රදීප්ද නිවෙස් බලා ගියහග වෙනදා වේලාසනින් ම යාමට කනිපින්දම් අල්ලන තමන් එසේ නොයාම නොමැනවි යැයි නිමල්ට සිතුණද ඒ සිතුවිල්ල ඔහු වහා යටපත් කළේයග කෙමෙන් කෙමෙන් සිය සිත තුළ මෝදු වන්නේ වත්සලා පිළිබඳ ව රාගාන්විත හැඟීමකැයිද එය මහත් ද්‍රෝහි සිතුවිල්ලකැයිද නිමල්ට සිතුණද ප්‍රකෘති සිතට වඩා බලවත් ව ඔහු තුළ විකෘතිය ගොඩනැ‍ඟෙමින් තිබිණිග වත්සලා නිදිකිරමින් සිටින සරත්ට ඇඟිල්ලෙන් අනිමින් ඔහු අවදියෙන් තබා ගැනීමට වෙර දරමින් සිටීග තාප්පයෙන් වට වූ සරත් ගේ නිවස මෙන්ම තමාත් වත්සලාත් හුදෙකලාව සිටින වගක් නිමල් දැනිණිග ර්‍ණනංගි වතුර ටිකක් බොමුදැයි” බමන මතින්ම ඔහු විමසීයග

ර්‍ණඉන්න අය්යේ මං ගෙනත් දෙන්නම්” වහා නැඟුණු වත්සලා කුස්සිය බලා පිය නැංගායග නිමල්ට ඔහුගේ සිත අදෘශ්‍යමාන බලයකින් මෙන් කුස්සිය දෙසට පිය නඟන්නට සැලැස්වීයග බමන මතින් මඳ දුරක් යන විට ම අසල වූ කනප්පුවේ හැපුණ නිමල් කපා හෙළු ගසක් මෙන් ඇදවැටිණිග ර්‍ණඇයි ඇයි මොකද” සරත් වහා නැගිටිමින් විමසීයග තමා සිටින්නේ සිහියෙන් වුවද සිත තුළ තෙරපුණ කාමාග්නිය විසින් සිය හදවත ම පුලුස්සා ඇති සෙයක් ඔහුට දැනිණිග වඩාත් වෙරිමතින් යුතු අයෙක් සේ හේ කෙඳිරිගාන්නට වියග වත්සලාද වතුර වීදුරුවක් ගෙන අසලින් සිටගෙන සිටින්නීයග ර්‍ණඉඳපන් මං උස්සන්නම්” කී සරත් නිමල් ඔසවා පසෙක වූ පුටුව මත හාන්සි කරවූවේයග ර්‍ණමචං ඔහොම ටිකක් හිටපං හරි යයි” සරත් කීයග ර්‍ණසරලා නංගිගෙන් අපිටත් බැනුම් අහන්න වෙයි” වත්සලා කනගාටුවෙන් කීවායග ර්‍ණපිස්සුද සරලා නංගි එහෙම නෑල එයා මට කියන්නෙත් ලොකු අයියා කියලා එයාලගෙ ලොකු අයියත් මං වගේලුල නේද බං” නිමල් හිස වැනුවේ යග තමා මහ නරක මිනිසෙකැයි යන සිතුවිල්ල ඔහු තුළ වියග ර්‍ණඇයි මට එහෙම සිතන්න බැරි වුණේ” හොඳ ම මිතුරකුගේ බිරියක පිළිබඳ ව තමා විසින් සමාව දිය නොහැකි වරදක් කර ඇතැයි යන සිතුවිල්ලෙන් ඔහු මිරිකෙන්නට වියග සිය මුහුණ රතුකරගත් නිමල් ර්‍ණමචං මං යන්නම් සරලා බලාගෙන ඇති” සිහින් හඬකින් කීවේයග ර්‍ණඋඹට යන්න පුළුවන්ද” සරත්ගේ පැනයට ර්‍ණඔව් දැන් හරි” නිමල්ගේ ක්ෂණික පිළිතුර වියග

සියලු දෙනා හමුවේ තමා නිරුවත් වී ඇතිසෙයක් ඔහුට දැනිණිග නොකළ යුතු නරකක් කළ අ‍යකු සේ යතුරු පැදියට නැඟගත් ඔහු වත්සලාටදල සරත්ටද ර්‍ණයන්නම්” යැයි කීයග ඔවුන් තමා දෙස බලා සිටින්නේ සියල්ල දැන ගෙන යැයි ඔහු සිතුවේයග දරුවන් නැතද ඉතා හොඳ අඹුසැමි යුවළක් වන ඔවුන් පිළිබඳ අතීත සිතුවිලි නිමල්ගේ සිතේ පිරෙන්නට වියග ප්‍රිය සම්භාෂණයන්හිදීත්ල දුකේදීත් ඔවුහු අන්‍යයන්ට හැකි පමණටත් වඩා උදව් උපකාර කළහග වත්සලාගේ ත්‍යාගශීලී බවල කුලුපග බව වරදවා වටහා ගන්නට තරම් තමා පහත් එකෙක් වූයේ කෙසේදැයි ඔහු සිතන්නට වියග සුගත් ආදි මිතුරන් තමාට වඩා කෙතරම් උසස්දැයි ඔහුට සිතුණිග අනෙක් අය ඉදිරියේ වෙස් මූණක් දමා සිටින්නකු ලෙස තමා සමාජය ඉදිරියේ විවෘත වූවාක් වැනි හැඟීමකින් ඔහුගේ සිත පිරීතිරී ගයේ යග සරලාත් පුතුන් දෙදෙනාත් විපිළිසර මුහුණින් තමා දෙස බලා සිටිනු ඔහුට මැවී පෙනිණිග ජීවිතයේ කිසි දිනක නොලද අවමානයකින් සිය ආත්මය වෙළායන්නාක් මෙන් ඔහුට දැනෙන්නට වියග ඉතා අහිංසකයකු සේ සමාජයේ පෙනී සිටි තමා මෙතරම් පහත් හැඟීම් ඇති එකකු යැයි සිතත්ම ර්‍ණදඩාං” යන ශබ්දයත් සමඟ ම සිය දෑස් නිලංකාර වී යන අන්දමක් ඔහුට දැනුණිග එළියල අඳුරල අඳුරල එළිය අතර සියල්ල නිශ්චල වියග

නිමල් සෙමින් දෑස් හැරියේයග සරලා සිය පාදය පිරිමදිමින් සිටීග පුතුන් දෙදෙනා ඇද අසලට ම විත් ර්‍ණඅප්පච්චී” යැයි කීහග සිය අත ඔසවන්නට තැත් කළ නිමල් ඒ හා බැඳී ඇති සේලයින් බටය දුටු වහාම දෑස් තදින් පියා ගත්තේයග

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »