Home / කෙටි කතා / සංහිඳියාව

සංහිඳියාව

2017-01-22 01:28:00       684
feature-top
 ගෙවල් පේළියේ ගෙවල් තුනකිග ඒවායේ ඉදිරි බිත්තියක් නො තිබුණු අතර ආවරණය කර තිබුණේ කෙටි බැම්මක් මත ආනතව සවි කරන ලද කොළ පාට ලැටිස් වලිනිග මිදුල් ඉතා පටු වියග ගෙතුළ එතරම් ඉඩකඩක් නොතිබුණු මුත් එකිනෙකා සුහදව සමගියෙන් සිටියෝයග එ‍ෙස් කීමට වඩාත්ම හේතු වූයේ මේ ගෙවල් තුනේ පදිංචිව සිටියෝ එකිනෙකට වෙනස් ජාතීන් තුනක් වීමයග මැද ගෙදර සමරසේකර පවුල යග සමරසේකරගේ ගෙදරට වම් පසින් සිවමුත්තු පවු ද දකුණු පසින් සලීම් පවුල ද විසුවේයග

එකිනෙකා ගේ උත්සව අවස්ථාවේදී මොවුන් එකිනෙකාට ආරාධනා කරමින් සතුටේ දී ප්‍රීති වෙමින් දු‍ෙක්දී කණගාටු වෙමින් ඉතාමත් ළඟින් ඇසුරු කළෝයග සිංහල පවුලේ ගාමිණී ද්‍රවිඩ පවුලේ නාදන් සහ මුස්ලිම් පවුලේ නිෂාම් එකම වයසේ තරුණයෝ වූහග මොවුන් තිදෙනා එකතුව සිංහල ද්‍රවිඩ පමණක් නොව ඉංග්‍රිසි චිත්‍රපට ද බැලීම පුරුද්දක් කර ගෙන තිබුණිග මෙම ළඟ ඇසුර නිසා තිදෙනාට ම විරුද්ධ භාෂාවන් මැනවින් කතා කිරීමටත් සාමාන්‍යයෙන් ලියන්නටත් හැකියාව ලැබුණේයග ඔවුන් ගේ සමඟියට මේ භාෂා දැනුම මහා දම්වැල් පුරුකක් වූවේයග

මොවුන් ගේ ඇසුර දුරස් වන්නට වූයේ ගාමිණීට හමුදාවේ රැකියාව ලැබ උතුරට යන්නට සිදුවීමත් නිෂාම්ට කොළඹ ප්‍රසිද්ධ රෙදිපිළි සාප්පුවක වෙ‍ෙළඳ සහායකු වී රැකියාවට යෑමට සිදු වීමත් නිසා යග මේ ද්‍රවිඩ බෙදුම්වාදී සංවිධානය ශ්‍රී ලංකා හමුදාව සමඟ යුද වැදී සිටි කාල වකවානුව වේග නාදන්ට රැකියාවක් නො තිබුණේයග

 ඔහු උදේම හැඳ පැලඳ ගෙන හිතවත් සුලු ව්‍යාපාරික මිත්‍රයින්ගේ වෙ‍ෙළඳ සැල්වලට වී කාලය ගත කළේයග මේවා බාබර් සාප්පු වූයේයග රෙකෝඩ් බාර් වූයේයග සමහර විටෙක තෝසෙ වඩේ කඩයක් වූයේයග රැකියාවක් නොමැතිකමින් නාදන් අසහනයෙන් නො සිටියා යැයි ද කිව නොහැකියග

දැන් යහළුවන් තිදෙනා හමු වන්නේ අහම්බෙනිග ගාමිණී ගෙදර එන්නේ මාස තුනකට වතාවකිග නිෂාම් මසකට වරක් ගෙදර ආවත් ගාමිණී නොමැති නිසා තිදෙනාටම හමුවීමට අවස්ථාව විරල වියග මේ නිසාම නාදන් ගේ සහ නිෂාම් ගේ හිතවත්කම ගාමිණී සමඟ ඇති හිතවත්කමට වඩා දැඩි වියග

 ඔවුන් දෙදෙනා ද හමු වුන විට වැඩි වශයෙන්ම කතා වුණේ යුද්ධය ගැනයග ගාමිණී පැමිණි විටෙක යුද්ධයේ තතු පුන පුනා කීවේයග ද්‍රවිඩ සංවිධානයේ නපුරුකම් සහ ඔවුන් කරන විනාශයත් ඒවාට නිසි ලෙස පිළිතුරු දෙන තම හමුදාව ගැනත් පම්පෝරි දෙඩුවේයග මේ නිසාම නිෂාම්ට කෙසේ වෙතත් නාදන්ට ගාමිණී ගැනත් ලංකාවේ හමුදාව ගැනත් පිළිකුලක් මෙන්ම වෛරයක් ද ඇති වුණේයග ටික දිනකට පසු ගාමිණී ආ විට හමුදාවේ තොරතුරු හාරා අවුස්සන නාදන් ගැන සැකයක් ගාමිණී තුළ ඇති වුණේයග මෙයට හේතු වූයේ නාදන් ඇසුරු කරන බාබර් සාප්පුවක තිබී ද්‍රවිඩ සංවිධානයේ මුද්‍රිත පත්‍රිකා තොගයක් පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමයග

ර්‍ණගාමිණී උඹලා මාර පොරවල්නෙ මචංග උඹලා උතුරේ අපේ මිනිස්සු හරියට මරනවලු නේදග උඹ හමුදාවට බැඳුණෙත් ඒකටදග”

ර්‍ණඋඹේ මොළේ හොඳ නැද්දග හමුදාව එහෙම කරන්නෙ නෑ බංග උඹල ගේ මිනිස්සු තමයි අහිංසක කොල්ලෝ සංවිධානයට බඳව ගෙන උන්ට නිකං මැරෙන්ඩ ඉඩ දීලා තියෙන්නේග උඹ හිතා ගනිං උතුරේ අහිංසක මිනිස්සුන්ට කන්ඩ බොන්ඩ දෙන්නෙ ආරක්ෂාව සපයන්නේ හමුද‍ාවෙන් කියලාග අපේ හමුදාව එහෙම බලු වැඩ කරන්නෙ නෑග”

ර්‍ණඋඹලා යුද්ධ කරන නිසානෙ එහෙම වෙලා තියෙන්නේග අනාථයෝ බිහි වෙන්නෙ උඹලා නිසානෙග නැත්තං ඒ මිනිස්සුත් ලූනු ටිකක් අල ටිකක් දුංකොළ ටිකක් වවා ගෙන පාඩුවේ හිටියනෙග”

ර්‍ණඉතිං බං ඒක නැති කළේ ත්‍රස්තවාදියෝනෙග අපි ද යුද්දෙ පටන් ගත්තේග”

ර්‍ණඒත් උඹලා මරන්නෙ ත්‍රස්තවාදියෝ නෙමෙයිනෙග අර අහිංසකයොනෙග”

ර්‍ණඋඹ නො දන්නා දේ කතා නොකර ඉඳිංග අපි එහෙම කරන්නෙ නෑග ඒත් සමහරවිට එහෙම එක්කෙනෙක් දෙන්නෙක් මැරෙන්ඩ ඉඩ තියෙනවාග යුද්දෙ හැටි එහෙමයිග අනික උන් අපිට වෙඩි තියන්ඩ එනකොට ඉස්සරහට පලිහක් වගේ අර අහිංසක මිනිස්සු දානවාග එතකොට අපි ගිහිල්ලා ඒ මිනිස්සු පැත්තකට අයින් කරලා යුද්ධ කරන්ඩද කියන්නේග නාදන් උඹට නං කවුරු හරි ලණු දෙනවාග ටිකක් හොයලා බලලා කතා කරපංග

ගැමිණී සිතන්නට වූයේ තමා හමුදාවට ගියේ දෙමළ මිනිසුන් ඝාතනය කරන්නට බැව් නාදන්ලා ගේ අදහස බවයග එහෙත් රට ගැන කැක්කුමටත් වඩා තමා හමුදාවට බැඳුණේ විරැකියාව නිසා යැයි සිතා නාදන් කුමක් සිතුවත් කාරි නැතැයි තීරණය කළේයග නිෂාම් නම් එඩිතරව කතා කළේ හමුදාව පැත්ත ගෙනයග නාදන් ගේ මුහුණටම ඒ බැව් කීවේයග

ර්‍ණනාදන් මචං ඔය යුද්දේ නිසා අපි යුද්ද කර ගන්ඩ ඕනි නෑග හමුදාව කරන්නේ කොටින්ගෙන් අපි ඔක්කොමලව ආරස්සා කරන එකග අනික ගාමිණී ගියේ මිනිස්සු මරන්ඩ නෙවෙයිග රස්සාවක් නැති නිසාග හොඳයි උඹ හිතපං ලංකාවෙ දෙමළ හමුදාවක් තිබ්බොත් උඹ යන්නෙ නැද්දග ටිකක් දුර දිග බලලා කතා කරපංග උඹට කවුරු හරි ලණු දීලා තමයිග”

ර්‍ණසරි සරි උඹත් ඒ පැත්තේග හැබැයි උඹත් වෙනස් වෙයි කවද හරි මුස්ලිම් විමුක්ති සංවිධානයක් බිහි වුණු දවසටග නැද්ද බලපංග”

මේ අතර දකුණේ නගරයක සිංහලල මුස්ලිම් ආරවුලක් ඇති වීමෙන් සිංහල මිනිසුන්ට මුස්ලිම් කඩ වලින් භාණ්ඩ ගැනීම නො කරන්නැයි යන ඉල්ලීමක් යම්කිසි සංවිධානයකින් ප්‍රචාරය කර හැරියේයග මේ නිසා නිෂාම් සේවය කරන වෙ‍ෙළඳ ආයතනයට ද විශාල පාඩුවක් සිදු වුණේයග

එම හේතුව නිසාම නාදන් සහ නිෂාම් අතර බැඳීම වැඩි වුණේයග

ර්‍ණඋන්ගෙ ජාතියේ හැටි බංග” නාදන් කීවේයග

ර්‍ණඔව් බං කොටි සංවිධානයටත් ඒක ‍තේරිලා තමයි ඔය වැඩේ කරන්නේග ගාමිණීත් අපිට මොත්තෙ දාලා හමුදාවට බැඳුණේ අපිත් එක්ක තියෙන තරහටග”

ඉඳහිට ගාමිණී ගෙදර ආ දාට නාදන්ව මුණ ගැසුණත් ගාමිණී සමඟ කතා කිරීම මඟ හැරියේයග ගාමිණීට මුලදී මේ ගැන දුකක් ඇති වුණත් පසුව එය කෝපයකට පෙරළුණේයග

ර්‍ණඌ කොටියෙක් වෙන්ඩ ඇතිග මට මොකදග දැන් මං වෙනදාටත් වැඩිය කැප වීමෙන් හමුදාවට සේවය කරන්ඩ ඕනිග” ඔහු ඉ‍ටා ගත්තේයග

මේ අතර කොටි සංවිධානය පරදා යුද හමුදාව යුද්දයෙන් ජය ගත්තේයග සිංහල ඇතුළු සාමකාමී මහජනතාව රතිඤ්ඤා දල්වා ජය සැමරුවෝයග

නාදන් හැර නාදන් ගේ ගෙදර සැවොමත් නිෂාම් හැර නිෂාම් ගේ ගෙදර සැවොමත් මේ ජය අනුමත කළෝයග එදා නාදන් ගේ මුහුණ බෙරි වී තිබුණු බව ගාමිණීට කවුදෝ කීවේයග

ටික කලකින් යාපනය පළාතේ යෑමට බැරිව සිටි සිංහල මිනිස්සු රොද බැඳ ගෙන චාරිකා ගියෝයග උතුරේ දෙමළ මිනිස්සු නඩ පිරිවරා ගෙන දකුණට ආහග ගාමිණී උතුරේ දී හඳුනා ගත් පවුලක් ද දකුණට ආ මොහොතේ කලින් කතිකා කර ඔවුන්ව ගාමිණී ගේ ගෙදරට ගෙන්වා ගත්තේ යග

පවුලේ වූයේ පියාල මව සහ දියණියයිග ඔවුහු නඩරාජා පවුල වූහග ඔවුන් ආ මොහොතේ ගාමිණී විසින් නාදන්ට ඔවුන්ව හඳුන්වා දුන්නේයග නාදන්ට පුදුම සිතුණේයග නඩරාජා නම් වැඩිහිටියා නාදන්ට පැවසූ කරුණු වලින් අනාවරණය වූයේ ඔවුන් කොටි සංවිධානයට ශාප කරන බවකිග කොටි සංවිධානයේ ම්ලේච්ඡත්වය නපුරුකම තිරිසක්කම එකක් නෑර නාදන්ට කියා පෑවේයග එසේම හමුදාවේ විනය ගරුක බව ගැන ද කීවේයග

ර්‍ණඇත්තම කියනව නං මාත් ඒ දවස්වල හිතා ගෙන හිටියේ වැරද්ද හමුදාවේ කියලාග මෙහෙ අපේ මිනිස්සු කියන්නෙම හමුදාවෙන් උතුරේ අහිංසක දෙමළ මිනිස්සු ඉවක් බවක් නැතුව මරනවා කියලාග පින්තූර පෙන්නන පෙන්න කිව්වාග අපිත් පිළිගත්තාග මට සිංහල මිනිස්සුත් එපා වෙලා හිටියේග මං ගාමිණී ගැනත් වැරදි අවබෝධයකින් තමයි හිටියේග”

මේ අතර රාම්සාන් උත්සවය ළඟ නිසා ගෙදර පැමිණ සිටි නිෂාම් ද මෙතැනට පැමිණියේයග අමුත්තා නිෂාම්ට ද ගාමිණීලාගේ ගුණ කීයග ඔහු ද කට හඬ අවදි කළේයග

ර්‍ණඔව් අපි හිතුවට සිංහල මිනිස්සුන්ගෙන් එක්කෙනෙක් දෙන්නෙක් තමයි ජාති භේද කාරයෝග අර දැන් මාස ගානකට උඩදි දකුණේ වුණු සිංහල මුස්ලිම් කෝලහලේ දිත් වුණේ ඒකනේග ජාති භේදකාරයෝ තමයි ඒක ඇති ක‍ෙළ්ග මුස්ලිම් කඩවලින් බඩු ගන්ඩ එපා කිව්වාග පස්සේ මිනිස්සුන්ට කාරණේ තේරිලා ආයෙත් ආවනෙග ඔහොම දෙයක් වුණාම අපි හැම කෙනා දිහාම වැරදි ඇහෙන් බලන්න හොඳ නෑග ප්‍රශ්න දුර දිග යන්නේ ඒකයිග මේ ගෙවල් තුනේ අපි පොඩි කාලේ ඉඳලම හිටියේ සමගියෙන්ග

ඊට ඉස්සර අපේ අම්මලා තාත්තලා එහෙම හිටියලුග මේ ගෙවල් පේළියට අවුරුදු හැත්තෑ පහක් විතර වෙනවලුග මේ ගෙවල් තුනේම අපේ සීයලත් හරිම එකමුතුකමෙන්ලු හිටියේග එකම දුරුවලකම මේ පවුල් තුන අතරේ කසාදයක් වෙලා නැති එකග”

ර්‍ණකසාදයක් වෙලා නැත්තේ ඒ ගොල්ලෝ ඉඳලා තියෙන්නේ එක බඩ වැල කඩා ගෙන ආපු සහෝදරයෝ වගේනේග ඒකයි වැඩේග” නාදන් කීවේ හඬ නඟා සිනාසෙමින්යග

අමුත්තා සිනාසුණේයග රැල් බුරුල් හැරියේයග

ර්‍ණඇත්තදග එහෙනං එහෙම දෙයක් ළඟදීම වෙනවා කියලා හිතා ගන්ඩග ඕගොල්ලන්ට බලන්ඩ බැරියැයිග”

ර්‍ණමොකක්ද අප්පා ඒ කතාවෙ තේරුමග” නාදන් ගේ ඇස් උඩ ගියේයග

ර්‍ණමේ ඉන්නේ දෙන්නාග අපිටත් හොරෙන් යාළුවෙලාග” අමුත්තා තම දියණිය සරෝජා සහ ගාමිණීව පෙන්නුවේයග

ර්‍ණමේ දෙන්නා කොහොමද කොහේදිද යාළු වුණේග” නිෂාම් ඇසුවේයග

ර්‍ණපුදුමාතලන් නන්දිකඩාල් කලපුවේ අන්තිම යුද්දෙ යන වෙලාවේ බංකර් එකක් ඇතුළේග”

curtesy : http://www.silumina.lk


More News »