Home / කෙටි කතා / ගමන

ගමන

2017-01-16 11:49:00       682
feature-top
කුණු ලොරියේ හඬින් අවදි වූ මම කුණු ගොඩෙන් මෑත් වූයෙමිග කුණුවී ගිය ගෝවාල බණ්ඩක්කා ද තැළී පොඩි වී ගිය තක්කාලි ද කඩබක්කිවලින් ඉවත දමන ලද එළවළු ද ඒ අතර වියග කානුවේ ගලා යන පිළීවතුර ද මාළු ලෑල්ලේ ඉතිරි වූ මාළු ඔළු ද තවමත් කිසිවකුගේ අවධානයට යොමු නොවී පැවතුණිග මා හැරුණ විට හොරිකඩයකු වූ බයිටා ද ගෙදරින් එළවා දැමීමෙන් අනතුරුව කානුවට නුදුරින් වූ බිම්කඩ රාජධානිය කරගෙන සිටියේ යග ඌ නිරන්තරයෙන් ම මට අනතුරු අඟවයිග

මා මෙතනට කවදා කෙසේ පැමිණියේ දැයි මට මතක නැතග මගේ මතකයෙහි රැඳුණ එකම තැනැත්තිය වැහැරුණල නාටු ගැහුණ මගේ මව පමණයග ඇගේ තන පුඩුවලින් කුණු ගොඩට මාරුවන්නට වූයේල අම්මා පසුපස යෑමෙන් යග වරෙක ඈල මා ගසා බසා දමන්නී යග මම කෙසේ හෝ ඇයගේ තන පුඩුවේ එල්ලෙමිග බොහෝ වේලාවල වැදගත් වැදගත් රාජකාරි කටයුත්තක් යෙදී ඇතුවා සේ මව මගෙන් ඉවත් වන්නීයග ඒත් මම ඇය සමඟ උරණ නොවෙමිග මොනවා කළත් ඇය මගේ අම්මා යග මම ඇයගේ ‍පුස්ඹට හුරු පුරුදු වී සිටිමිග අපේ වරිගයේ අතරමඟදී වුව හමුවූ විට ලොම් පුම්බා දත් විළිස්සා කා කොටා ගනිතිග ඒ කෙබඳු ව්‍යසනවලදී වුව මා සුවයක් අත් විඳින්නේ අම්මාගේ තුරුලෙහි උණුසුමින් යග උදේ ම පාසලට යන දරුවෝ මා දෙස බලා මට කතා කරතිග කුණු ලොරිය පැමිණ ඒවා රැගෙන යනවිට එතැනින් ඉවත් වී මහ මඟ සැරිසැරීමට මට සිදුවේග පුංචි සන්දියේ කුණු ගොඩට වහ වැටුණ කපුටන් අතරින් එකෙක් මගේ වල්ගයට කොටන්නට ව‍ූයේ උගේ විනෝදයට දැයි මට සිතා ගැනීමට නොහැකි වියග‍

සවස් වනවිට මස් ක‍ෙ‍ඩ් ළඟින් වමට හැරුණ පාර අයිනේ වූ බැරලයේ කුණු පිරෙයිග එය ඇතුළේ වූ කෑමක රස බලනවා තබා එක් පැත්තකින් තල්ලු කිරීමෙන් කිසිසේත්ම පියන එසවීමට නොහැකි වෙයිග අම්මා හොම්බෙන් තල්ලු කර හතර වටෙන් ම පියන එසවීමට උත්සාහයක් දරන්නීයග

ඇතැම් විට හෝටලයකින් ඉවතට වීසි කරන ඉඳුල් වතුරින් මගේ පිට නැහැවී යයිග එවිට මට ඉඳුල් වතුරේ රස බැලීමට සිදුවෙයි‍ග පාසල් දරු - දැරියන් මට කතා කරන විට සියුම් ආඩම්බරයකින් මගේ සිත පිරෙයිග

ර්‍ණහැටි විතරක්ග ලස්සනයි කියල කියන උජාරුවග”

කළුගේ පැටියෙකු මා දෙස බලා නුරුස්සන හඬින් පවසනු මම අසා සිටියෙමිග ගෙල බදාගෙන සපා කෑමට හෝ පොරකනවාට වඩා පොල් මුඩුවක් එහා මෙහා පෙරළමින් සෙල්ලම් කිරීමෙන් මම සතුටු වූයෙමිග

එක්තරා සන්ධ්‍යාවක පරිසරයේ නිහඬ බව බිඳගෙන ආ රථයක් බ්‍රේක් පාරක් ගසා නවත්වන හඬ මම සවන් දුනිමිග ඉදිරිපස අසුනේ සිටි දැරිය මා පෙන්වා කිසිවක් පවසන අයුරු මම දුටුවෙමිග ඇයගේ පියකරු සිනාව මගේ සිත ප්‍රබෝධවත් කරයිග දැරිය රථයේ දොර විවර කරගෙන මා වෙතට ආවායග මා ඔසවා ගන්නට තැත් කළා යග

ර්‍ණඑපාෟ එපාෟ”

ර්‍ණඋන්ව පිස්සු බල්ලොත් කාල ඇති”

අම්මගෙන් බැනුම් අහන්න තමයි වෙන්නෙ”

ඔහු බොහෝ දේ පැවසුවේ යග

ර්‍ණනෑ තාත්තේල අම්මත් ආසවෙයි”

දැරිය රථය තුළ වූ රෙදිකඩක් රැගෙන විත් මා දවටා ගත්තා යග ඔවුහු රථයේ පසුපස ආසනය ළඟින් මා දමා දොර වැසූහග මම බිම බිම එළා තිබූ රබර් පාපිස්ස මත වැතිරී සිටියෙමිග

ර්‍ණඒ පාර මොකෙක්ද උස්සන් ආවෙරෑ”

නිවසට සේන්දුවීමෙන් අනතුරුවල දැරිය මා ඔසවා ගෙන ගේ දෙසට යනවිට ගෙහිමි කාන්තාව විස්මයෙන් යුතුව බලා සිටියා යග

තවමත් මගේ සිතෙහි රැඳී තිබුණේ රථය අසලට වී බලා සිටි මගේ ඔබගේ මුහුණ යග අප ඉදිරියෙන් සිටි කාන්තාව බාච්චු කිමෝනාවක් ඇඳ සිටියා යග ඇගේ විශාල සාක්කු දෙකෙහි පුංචි බලු පැටවුන් දෙදෙනෙකු වුව ද රිංගවන්නට හැකි වෙතැයි මට සිතුණිග

ර්‍ණඅම්මේල අපි මූව නාවල බේත් විදල ගනිමුග”

ර්‍ණපේන්නැද්ද කවුරු හරි පාරට ගෙනත් දාපු එකියක් විත්තියග”

නෑෟ මට මගේ අම්මා ඉන්නවාග මා ඉදිරියේ වූ දැවැන්ත ගැහැනිය ඉදිරියේ කිසිවක් නොපවසා මම කරබා ගතිමිග ඉතා සැප පහසු යැයි කිවහැකි කොට්ට මෙට්ටවලින් අලංකෘත විසිත්ත කාමරය මට පෙනෙයිග මෙතැන පදිංචි වීමට නම් පෙර පිනක් කර තිබිය යුතු යැයි මට සිතෙයිග

අඩි ශබ්දයකින් මම තිගැස්සී හිස ඔසවා බැලුවෙමිග ඒ බර මා ළඟට ආවේ දැරිය හෝ මව ද නොව පිටස්තර ගැහැනියකිග

ර්‍ණපුංචි බේබි නං හොඳටම රැවටිලාග මේකි බැල්ලියක් ද කොහෙදගගග ඒකනෙ පාරවල්වල දමල යන්න ඇත්තෙගගග”

ගැහැනිය මගේ කනින් ඇද හිස ඔසවා බලමින් කීවා යග බුලත් කා රතු වූ ඇගේ දත්වල අජූව මම දුටුවෙමිග”

ර්‍ණනෑ මං කාගෙවත් නෙවෙයිග මට මගේ අම්ම ඉන්නවග”

දෙවන වතාවට ද මට එසේ කියන්නට සිතුණ ද මම ඔහේ කරබා ගතිමිග

ර්‍ණකෝ බුරන්නෙවත් නෑනෙගගග මේකි ගොළුවෙක් ද කොහෙදරෑ”

ගෙදර බලාගන්ඩ නං බැරි වෙයිග මෙතෙක් වේලා නුබුරා සිටි මගේ කට හඬ පරීක්ෂා කර බලන්නට ඇයට සිතුණා විය හැකි යග

මිදුල පුරා තණකොළ වවා ඇතග ඒ වටා වර්ණවත් වූ විවිධ වර්ගයේ මල් පිපී තිබුණිග මහලු සේවකයෙක් ඒවාට වතුර දමයිග අර ගැහැනිය මා රැගෙන ගියේ ළිඳ ළඟට යග ඇය මට බැණ වදිමින් පොල්මුඩුවකින් උලමින් රිදවමින් මා නාවන්නට වූවා ය‍ග අනතුරුව ඇය මා අත හැරියේ තණතිල්ල වෙතට යග

නිදහසේ අහසේ පියාසර කරන කුරුල්ලකු සේ මම තණගොල්ලේ වැතුරුණෙමිග ඇඟ පතට සනීප යග

ර්‍ණමාත් එක්ක ම‍ගේ අම්මත් ආවනං තණ කොළ ගස් හපමින් මා එහා මෙහා පෙරළෙන විට මගේ මිතුරිය ප්‍රීතියෙන් අත්පොළසන් දුන්නා යග

ර්‍ණමාලනීල මොකක්ද මුගෙ නමරෑ”

ඇයගේ යෙහෙළියෝ මා සුරතල් කරමින් විමසූහග

මට නමක් නැති බව වැටහුණේ මේ මොහොතේ ය‍ග වෙළෙඳ පෙළේදී මම අපූරු නමක් අසා සිටියෙමිග

ර්‍ණමටත් හොඳයි බූලි කියල දමනව නං”

ර්‍ණඅපි මූට බූලි කියල කියමුග”

පරසිත් හඳුනාගැනීමේ ඉවක් ඔවුන්ට තිබුණා දැයි මට පුදුම සිතුණිග

ර්‍ණඒක හරි කොමන් නමක්නෙ”

මගේ අම්මට ද නමක් නොතිබුණිග එහෙනම්ගගග මටත් නමක් නැතිවාට කමක් නැතැයි මට සිතෙයිග

ර්‍ණආෟ ඉජුඃගගග”

වෙළෙඳ පොළේ බත් පාර්සල් අප වෙනුවෙන් දිග ඇරෙයිග කතා කළ සැනෙන් අම්ම විදුලියක් සේ දිව එන්නීයග බැල්ලීගගග ඉජුඃගගග යැයි ඇමතුවා මිස අපටම රෙජිස්තර වූ නමක් නොතිබුණිග ඇති පැති තැන්වල වෙසෙන අයට නම් ඇති බවත් අප වැනියන්ට නමක් නැති බවත් මම ප්‍රත්‍යක්ෂ කර ගතිමිග

දහවල් බත්ල මාළුපිනි ඉදෙන විට සුවඳ පැතිරෙයිග අපවිත්‍ර වූ මහා මාර්ගයේ ඉඳුල් ලෙවකමින් සිටි අවදිය අප ගත කළේ ඉතා දුකසේ යග

ර්‍ණආෟ කාල හිටපන් බූලියෙගගග

අර තරබාරු ගැහැනිය පතුරු ගැලවී ගිය බෙලෙක් පිඟානකට බත් බෙදා මා වෙතට තල්ලු කළා ය‍ග මගේ මිතුරියගේ මුහුණ නරක් වී ඇතග

ර්‍ණ‍අනේෟ ඇලිස් අක්කෙල මේක නෙවෙයිග අර ලස්සන රෝස පාට ප්ලාස්ටික් පිඟානට දෙන්නකෝගගග”

ර්‍ණඋන්ව කරට ගත්තමගගග මිනිස්සුන්ටත් දෙවැනි වෙන්නෙ නෑග බිමට බස්සන්න බැරිව යයිග”

මගේ මිතුරිය මා අත ගාන්නට වූවා යග ඇගේ අතේ සිනිදු මට දැනෙයිග අර තරබාරු කැත ගැහැනිය මිතුරියට රවා බැලුවා යග

ර්‍ණඔය කුණු කානුවෙ ඉඳල ගෙනාපු එවුන් ඔය හැටි අත ගාන්නට එපාග”

මට මෙසේ අපහාස කිරීම ගැන ඇලිස් නම් වූ ඒ ගැහැනිය ගැන වෛරයක් මගේ සිතේ හට ගනියිග මතු කවරදාක හෝ මම ඇයව සපා කන්නෙමිග

ඈතින් කාගේ දෝ කට හඬක් ඇසෙයිග ඒ මගේ මිතුරියගේ ආත්තම්මා යග

ර්‍ණදන්නවද තට්ටු ගෙදර ඇති කරපු බලු පැටිය බේබිව හපා කාලාගගග”

ර්‍ණඉතින්ගගග”

ර්‍ණඌට පිස්සුයි කියල වෙඩි තියල දැම්මලු”ගගග මට ද කෝපයක් ඇති වුවහොත් කවුරුන් හෝ සපා කන්නට හිතෙයිග එවිට මගේ ඉරණම ද එය වනු ඇතග කෙසේ වුව ද ඔවුහු මට ඉස්තරම් දේ කෑමට දුන්නෝ යග මේ රස භෝජන මව සමඟ බෙදා හදාගෙන කෑමට නොලැබීම ගැන මට දුක හිතෙයිග

මම උඩු බුරන්නට වීමිග මගේ හඬ ඇගේ සවනට එක්වී ඇය ඉන්නා ඉසව්වට ඇසෙන සේ උඩු බිරුවෙමිග එවිට දාරක ස්නේහයෙන් ඇය මා සොයා කඳුල පර්වතල ගංගාල තරණය කරමින් වුව එනු ඇතග ඒ දවස්වල හෝටලයේ කුණු බක්කිය අවුස්සා පරණ පාන් ගෙඩියක් කටින් ඩැහැගෙන එන මව එය බස් නැවතුම්පොළ අසල කම්බි වැට අයිනේ කිසියම් තැනක පස් යටකර තබයිග අනතුරුව ඇයල මා කැඳවා එය මට පෙන්වන්නීයග

මම වරෙක සනීපයට පුටුවේ වැතිරී සිටිමිග ඇතැම් විටක ම‍ෙග් මිතුරිය සමඟ සන්ධ්‍යා සවාරියේ යමි‍ග මේ ආකාරයෙන් දින චරියාව සකස් වෙද්දී දිනෙන් දිනට මගේ ශරීරය පුෂ්ටිමත් වන්නට වියග දිගට ලොම් කඩා හැලී සිරුර ඔපවත් ව අලංකාරවන්නට වියග ඒ දවස්වල ම සියලුම එන්නත් මට ලබා දුන් නිසා මිතුරිය මා අත ගෑ අවස්ථාවලදී වැඩිහිටියෝ කරබා ගත්හග

ර්‍ණපාර අයිනෙ කුණු බැල්ලිගෙ බඩේ ඉපදුණාට මොකද මේකිගෙ මහ එකා නං හොඳ ජාතියෙ එකෙක් වෙන්නැති” මුළුතැන්ගෙයි වැඩ කරන තරබාරු ඇලිස් අක්කාගේ හැකර කටින් පිටවන වචන වක්කඩ කැඩුවා සේ ගලා එයිග

ර්‍ණබේබිල ඉන්න තැන කටට එන එන දේවල් කියන්න එපා ඇලිස්”

කෙසේ වුව ද මගේ අප්පා කවුදැයි මම නොදත්තෙමිග එය අපේ සනුහරේ හැමටම පොදු ව‍ූවක් වියග අපි පිය පරපුර ගැන දැන නොසිටියෙමුග තාත්තා කවරකු වුව ද ඇය අම්මාට බැණ වැදුණ ආකාරය මගේ සිතට ඇල්ලුවේ නැතග

ර්‍ණකුණු බැල්ලි” යයි මගේ මවට අපහාස කළ ගැහැනිය දෙස මම රවා බැලුවෙමිග

ර්‍ණපාරවල් - ගහකොළ - ගොඩනැඟිලි පසු කරගෙන යනවිට මම මගේ හිස පිටතට දමා උජාරුවෙන් අවට බලමිග අහම්බෙන් හෝ මා දකිතැයි බලාපොරොත්තු සහගතව අප සිටි ඉසව්ව පසු කරගෙන යන විට මම ඒ දෙස බලමිග

පිට පිට ම ඇද හැලුණ වර්ෂාව නිසා අපට කාලයක් ම පිටත යාමට නොහැකි වියග පුංචි මිතුරිය මහත් සතුටින් මා වෙත ආවා යග‍ ගැට ගසන ලද දම් වැලේ කොනකින් අල්ලාගෙන ඇය මා සමඟ පාරේ ගමන් කළා යග අපේ වරිගයේ අය එක් රොක් වී සිටියෝ යග‍ ඒ අතර සිටි එක් අයකු මා දෙස ඉතා වුවමනාවෙන් බලා සිටිනු මම දුටුවෙමිග ඒ අතර හැමෝම සුදු පාට දත් දෙපෙළ මතු වී පෙනෙන සේ විරිත්තමින් සපා කන්නට ඔන්න මෙන්න කියා තිබියදී මාලනී මා ද ඇදගෙන පාරෙන් පැන්නා යග

නැවුම් සුවඳ හමන රෝස පාට තීන්ත ආලේප කරන ලද අලංකාර බලු කූඩුවක් මා සතුව ඇතග එය ඇත්තේ ගෙයින් පිටත යග සඳ එළියෙන් අවට ගහකොළ බබළයිග මගේ නිවස තුළට සිහින් සඳරැස් දහරක් ගලා එයිග ඒ අතරින් කිසිවකුගේ ඡායාව මට පෙනේ‍ග කවුරුන් හෝ මගේ නිවස අසලින් සක්මන් කරනු මම දුටුවෙමිග දුඹුරු පාට සිරුරකින් යුත් ආගන්තුක බල්ලෙක් මගේ කූඩුව ඉදිරියේ ඉව කරමින් සිටියිග

ර්‍ණහැබෑවටම අඳුනන්න බැරිව වාගෙ බලා ඉන්න හැටි‍ග ඔහුගේ දෙනෙතින් කියවෙන සේ එවැනි පණිවිඩයකැයි මට හැ‍ෙඟ්ග මගේ කූඩුවේ දොර අගුල දමා වසා ඇතග මේ ආගන්තුකයා හොම්බෙන් හා දෑත්වලින් දොර පහුරු ගාන්නට වියග

සිහින් කෙඳිරිලි හඬක් ඇසෙයිග වේලාව රාත්‍රියේ පශ්චිම භාගය විය හැකි යයි මට හැඟේ‍ග අවට නිහඬ යග ඔර්ලෝසු කණුවේ වරින් වර වදින වේලාවෙන් එම නිහඬ බව අවදි කරවයි‍ග කූඩුව පිටතින් වසා කම්බි ඇණයක් දමා තිබුණි‍ග බොහෝ වේලාවක් උත්සාහ කිරීමෙන් අනතුරුව ඔහුට අගුල පන්නා ගැනීමට හැකි වියග අමුත්තා එක්වරම කූඩුවට ඇතුළු වූයේ නැතග පළමුව පිටතට වී සිටි දුඹුරා කුඩුව තුළට හිස දමා ඉව කරන්නට වියග

ර්‍ණඑන්නල අපි රවුමක් යමු”

එසේ කියන්නා සේ බලාපොරොත්තු පිරි දෑසින් මා දෙසට ඔහුගේ නෙත් යොමු කළේ යග ඔහුගේ නම කුමක් විය හැකි දරෑ එය කුමක් වුවත් මට කමක් නැතග මෙතැන් සිට මම ඔහුට දුඹුරා යයි අමතමිග

පාර තොට සෙනඟින් තොර වූ නිස්කලංක වේලාවකිග රථ වාහනයකට හසුවීමෙන් හෝ කිසිදු අනතුරක් නොවිය හැකි යග මම කූඩුවෙන් පිටතට ආවෙමිග දුඹුරා මහත් උජාරුවෙන් යුතුව මා ඉදිරියෙන් ගමන් කළේ යග උගේ වල්ගය පහතට කඩා හැලී ඇතග මුලින් මා බයාදු ගතියෙන් යුතුව ගමන් කළත් මඳ දුරක් ගිය පසු ඔහු සමඟ එක පේළියට ගමන් කිරීමෙන් මට මහත් ආස්වාදයක් ලැබුණිග ආහාර රුචියක් ද අපට ඇති නොවී යග මාවත දිගේ ම අපේ වර්ගයේ අය ගල් ගෙඩි තැබුවාසේ නිසොල්මන්ව බලා සිටියෝ යග ගතවූ රාත්‍රිය පුරා අපි ඇවිද්දෙමු මුහුණට මුහුණලා බලා සිටියෙමුග අඳුර කෙමෙන් පහවත් ම මට බියක් දැනෙන්නට වියග

ඇලිස් අක්කා මගේ පාතරාසය පිළියෙල කරමින් සිටිනවා විය හැකි යග හිස් වූ කූඩුව දකින විට ඇය මුළු ගෙදර ම ගිනි අවුළවනු ඇතග මා හැල්මේ ආපසු එන අයුරු දුඹුරා ඈත සිට බලා සිටියේ යග

ර්‍ණහෙටත් එනව නේදරෑ”

මට එසේ අසන්නට සිතුණත් දුඹුරාට බාල්දු වන්නේ කුමකට දැයි මට සිතුණිග

ගෙදර එකම කලබලයකිග හොරෙකු හතුරකු පැමිණ ගෙදර සියලුම වස්තුව හොරු අරන් ගියා වගේ යග

ර්‍ණආෟ ඔය එන්නෙ චණ්ඩියග දහයට ගණන් කරන්ඩත් බැරිව වාගෙග”

මම වේගයෙන් ඇසිපිය සැලුවෙමිග මගේ සිරුර ගැහෙයිග දෑත දෙපා හකුළාගෙන වල්ගය වනමින් මම සිමෙන්ති පොළොව මත බඩ ගාන්නට වූයෙමිග මහා ප්‍රාතිහාර්යයක් නරඹන්නා සේ නිවසේ සියලු දෙනා ම මා දෙස බලා සිටියෝ යග

ර්‍ණබූලි හොඳ එකීග ඒකිට දොට්ට යන්ඩ ඕනෑ වෙලාද කොහෙදරෑ”

මගේ මිතුරිය පිට අත ගාමින් පැවසුවා යග නඩු විභාගයේදී ඇය දුන් සාක්ෂියෙන් මට අස්වැසිල්ලක් ලැබුණිග උදේම හීල් බත් කෑල්ල සමඟ අනා දුන් මාළු කෑල්ලට යම් තම් ඉව කළ මම කන්නට පිරියක් නැතිව පසෙකට වූයෙමිග

ර්‍ණඑයා යන්ඩ ඇත්තෙ තණකොළ හොයාගෙනගගග”

බඩේ අමාරුවක් හැදෙන්ඩ ඇතිගගග”

නොඅනුමානවම අද සවස මා පියතිලක දොස්තර මහතා ළඟට ගෙන යනු ඇතග පිට්ටනියේ වැතිරීමට හෝ ඇය සමඟ ක්‍රීඩා කිරීමට ප්‍රිය මනාප බවක් මට නොදැනේග මා ඉදිරියේ දර්ශනය වන විවිධ රූප මැඬගෙන දුඹුරාගේ රූපය මා ඉදිරියේ මැවෙයිග

ර්‍ණකළු පාට හොම්බගගග දිගටි ඇස්ගගග කඩා හැලෙන ලොම්ගගග”

පාර දෙසට දෙනෙත් යොමු කළ මට මාර ගස ළඟින් පාරට අවතීර්ණ වූ බලු රංචුවක් පෙනේග මම වහාම කූඩුව පිටිපස සැඟවුණෙමිග ඔවුහු දත් විළිස්සමින්ල බිම පහුරු ගාමින්ල මාලනීලාගේ වත්ත එකම යුද පිටියක් බවට පත් කළෝ යග

ර්‍ණබූලිව එළියෙ දමන්න එපාෟ” එය ආඥාවකිග

ර්‍ණඅපොයිෟ දෙයියනේල එහෙම වෙන්න එපාල අඳුර නිවසට ගලා එයිග පෙර පැවති නිවසේ සුන්දරත්වය දැන් මට නොපෙනේග බුමුතුරුණුවල ද සිනිඳු පහස වෙනුවට ගොරහැඩි බවක් මට දැනෙයිග අවටින් ඇසෙන බල්ලන්ගේ හඬ එකම කන්දොස්කිරියාවක් සේ මට දැනෙයිග දුඹු‍රාගේ හිස් ගෙඩිය ඈතින් පොල්ගසකට මුවාවන හැටි මට පෙනෙයිග මම දම්වැල ඇදගෙන ඉදිරියට දිව්වෙමිග

තොණ්ඩුව ක්ෂණිකව ම කරෙන් ගැලවී ගියේ මගේ මිතුරිය දම්වැලේ කෙළවරින් ඇද්ද නිසා යග

දුඹුරාත් මමත් එක පේළියට ගමන් කළෙමුග දුම්රිය රේල් පීලි නගරය දක්වාම සමාන්තරව වැටී ඇතග දැවැන්ත පාලම පසු කරන තෙක් මා ගමන් කරන ලද්දේ බියෙන් හා සැකයෙන් යුතුව යග කුස පොත්තට ඇලුණ නාටු බැල්ලක් අප දෙස බලා සිටියා යග බල්ලන්ගෙන් තොර වූ නිදහස් ලොවකට පිය නැඟීම අපගේ එකම අරමුණ වියග චතුරස්‍රයේ අප වැනි අය බොහෝ වූහග මිනිස්සු බඩු පොදි රැගෙන කුලුන යට වාඩි වී සිටියෝ යග සිමෙන්ති පොළොව පුපුරා ඉරි තැළී ගොසින් යග

අපට මෙතෙක් කුසගින්නක් දැනී තිබුණේ නැතග ඒත් මොනවා හෝ ඩැහැගෙන ඒමට ඔහු සිතුවා විය හැකි යග මම බලා සිටියෙමිග

මට මගේ සවන් ඇදහීමට නොහැකි වූයේ යග දුඹුරා කලබලයෙන් පාර හරහා පනිනු මම දුටුවෙමිග ඔහු සිටියේ තනිවම නොවේග ඈ ලස්සන එකියක් වූවා යග දුඹුරාට වටපිට බැලීමට හෝ ඉස්පාසුවක් නොවී යග ඉර බැස යන තුරු මම චතුරස්‍රය අසලට වී බලා සිටියෙමිග දෑස් රිදෙන්නට පටන් ගත්තේ යග දුඹුරා දැන් දැන් එතැයි මට සිතේග අනෙක් අය එකිනෙකාට ඉස්මතු ‍ෙවමින් තැන් තැන්වලට ඉව අල්ලන හැටි මට පෙනෙයිග අධික කුසගින්න නිසා මගේ සිරුර වෙව්ලන්නා සේ දැනේග දුඹුරා යළිත් ආපසු නොඑනු ඇතග විළි බියෙන් තොරව මට ආපසු ගෙදර යාමට ද නොහැකි යග මම හුන් තැනින් නැගිට ඉදිරියට ඇදෙන බලු රංචුවට මැදි වුණෙමි

curtesy : http://www.silumina.lk


More News »