Home / කෙටි කතා / කවියාගේ මරණය

කවියාගේ මරණය

2016-06-05 01:22:00       684
feature-top
ර්‍ණපිට ර‍ටිං ඇවිත් පැයක් රාගය වපුරල සින්දු කියල යන එවුන් බලන්න රුපියල් තිස් පන්දාහක් දෙන්න පුළුවන් රටේ රත්නසිරි එයාගෙ කවි පොත ගහන්න අවුරුදු පහළොවක් පෙරුම් පිරුවග කවිපොත එළියට එන කොට මිනිහ තීන්දු ගමං ගෙහුං

මට හිතවත් සිංහල ගුරුවරයකු වන සුනිල් ගේ හඬ තියුණු යග ආවේගශීලී යග ඔහුට හැ‍ඟෙන වින්දනයෙන් ‍තොර වන්නේ නම් ඔහු කෝපයෙන් පුපුරා හැලෙයිග

ර්‍ණසමහර පත්තර පිටු ගණන අඩු කරනව නං කවි පිටුවයි කෙටි කතාවයි අයින් කරල බහුබූත දේශපාලන තකතීරුවන්ට ඒකෙ ඉඩ දෙනවග

රත්නසිරි ගේ මළ ගෙදර අප සිටි කුඩා මණ්ඩපයේ හුන් හතර පස් දෙනා සුනිල් ගේ කතාව අසා සිටින්නේ පිළිගත් බවට හිස වනමින් යග මා හැර එහි සිටි හැම දෙනාම විද්‍යා සහ ගණිත ගුරුවරු යග ඔවුන් සාහිත්‍ය කලාව නො හඳුනන්වුන් බව පෞද්ගලික ව මම දනිමිග

තර්ක ශාස්ත්‍රය විෂය ඉගැන්වූ එහෙත් දන්නා කියන කාලයේ සිට පුවත්පත් සඟරාවලට කවි ලියූ රත්නසිරි අවුරුදු පනස් දෙකේදි මිය ගොස් සිටියේ යග ඔහුගේ උතුම් ප්‍රාර්ථනාව ඉෂ්ට සිද්ධ වන විට ඔහු තමා ගේ බිරියත් දියණිවරු දෙදෙනාත් හැර දමා නික්ම ගොස් යග

රත්නසිරි ගේ නිවස පිහිටි කඳුවැටිය පාමුල දක්වා ශෝක ප්‍රකාශ සහිත බැනර් යග පාසල්වලින් ද දෙපාර්තමේන්තු සහ සමාගම්වලින් හැම මළ ගෙදරකම ගසන පොදු බැනරයක් හැරුණු විට අලුතෙන් ලියූ ශෝක ප්‍රකාශ තබා ඇත්තේ ඔහුගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් යග ඒ හැම එකක ම සහෘදයකුගේ වෙන්වීම පිළිබඳව සටහන් කළ කවි යග

කඳුවැටිය පාමුල නා ගස් හෙවණේ කුඩා දේවාලයකිග එහි වැඩ වාසය කරන්නේ මොන දෙවියන්දැයි කියන්නට මම නොදනිමිග එහි වාර්ෂික ව ගිනි පෑගීමේ මහා දේව කන්නලව් මහෝත්සවයකිග ඒ ඉදිරිපස ඇත්තේ හොරණ මොරගහහේන පාර යග විද්‍යා පීඨයක සේවය කරමින් සිටියදීම මිය ගොස් සිටි නිසා ඒ පාර දිගේ මළගෙදර යන එන අය බො‍හෝ යග

ර්‍ණකොහොමද තාත්තට මෙහෙම වුණේරෑ

නිරෝගී ව ගහක් ගලක් සේ සිටි රත්නසිරිගේ මරණය නිසා උපන් ප්‍රකම්පනයෙන් ඔහු ගේ දේහය සමීපයේදී මළ ගෙදරට පැමිණි මොහොතේදී මම වැඩිමහල් දියණියගෙන් ඇසුවෙමිග

දෙතුන් දිනක් එකාකාරව වැලපී සිටිය දියණිය ගේ මුහුණ තඩිස්සි වෙලා යග හිසකෙස් විසිරිලා යග පොඩි දියණිය තවමත් සිටින්නේ ප්‍රකෘතියට පත්විය නොහැකි තරම් වේදනාවෙනිග

ර්‍ණතාත්තට දවල් සිරිසුමන මහත්තය කතාකරල කිව්ව පොත මුද්‍රණය කරල අහවරයි කියලග ඒ‍ වෙලාවෙ ඉඳල තාත්ත හිටියෙ සංතෝසෙන්ග අම්මට කීප වතාවක් ම කිව්වග එදා රෑම තමයි පපුවෙ අමාරුව හැදුණෙග මෙහෙ ඉස්පිරිතාලෙදි සිහිය නැති වුණාග දවස් දෙකකට පස්සෙ අන්තරා වුණේ කොළඹදිග

නිතර අත්කොට කමිසයෙන් ද කළු කලිසමකින් ද සැරසී අනන්තවත් නගරයේ දී මට හමුවී ඇති රත්නසිරි දැන් සිටින්නේ යුරෝපීය ඇඳුමෙන් සැරසිලා යග අප්‍රමාණ ව කවි ලියූ ඔහුගේ දකුණත වම් අත සමඟ එකතු වී සදහට ම නිසල යග ඔහු ගේ දේහය සමීපයේ කනප්පුවේ මරණයෙන් පසු පුවත්පතක පළ වූ අවසන් කවියත් ඔහු පෙරුම් පුරා පළකළ ර්‍ණසඳ සමඟ සාදයක නමැති කවි පොතත් තබා තිබේග ඔහු ගේ අවසන් කවිය නම් කර තිබුණේ ර්‍ණමා සහ මනාලිය යනුවෙන් එහි මුල් පද පේළිය පමණක් මම කියවූයෙමිග

ජෙප්රි බාවා කළ

උද්‍යාන අලංකරණයක් වැනිය

සොඳුරිය ඔබේ ගත

එයින් එහා කියවිය නොහැකි තරමට වියපත් මගේ ඇස් කඳුළින් බොඳ වී යයිග

සැබැවින් ම රත්නසිරි ලියූ හැම කවියක ම තිබුණේ මිනිස් සිතේ සහ ප්‍රකෘතියේ හැබෑවයිග විටෙක එය හයිකු කවියක් තරමට කෙටි වියග වරක් ඔහු ලියූ කවියක මාළු ජෝඩුවක් පෙම් කෙළමින් කොටු දැලක් තුළට පීනා යයිග එහෙත් දැන් ඔවුන් සිටින්නේ බැදෙන්නට පෙර අධි ශීතකරණයේයග තවත් කවියක ඔහු පෙම්වතිය සමඟ දොඩා විත් පොත බලයිග එහි ඇති යුවතියක ගේ අපූරු රුවකට පද බඳියිග කිසියම් හේතුවක් නිසා පරිගණකය විසන්ධි වී යයිග ඔහුට ඉතිරි වන්නේ පෙම්වතිය පමණිග

සුනිල් තවමත් දේශපාලනය සහ සංස්කෘතිය එකට යා කරමින් තම දේශනාව පවත්වයිග ඇතැම් දේශපාලනඥයන් සඳහා ඔහු නිර්දය ලෙස අසැබි වචන දොඩයිග ඔහුගේ හදිසි ශ්‍රාවකයන් එයට සමගාමී වීමට හෝ විකල්ප වීමට හෝ නොදන්නවුන් යග

ර්‍ණරත්නසිරි ගෙ පොත එළි දැක්වීමේ උත්සවය කරන්න කිව්වෙ ඔයාට නේදරෑ සුනිල් මගෙන් අසයිග

ර්‍ණඔව් එහෙත් මා සතු ව එයට වඩා දුක්බර කතා පුවතක් ඇතග

මියෑදෙන්නට දෙතුන් දවසකට පෙර රාත්‍රියේ මට දුරකථනයෙන් කතා කළ රත්නසිරිගේ හ‍ඬේ තිබුණේ මිත්‍රශීලී උතුරන සතුටකිග

ර්‍ණමගෙ කවිපොත හෙට අනිද්දා පිටවෙයිග ඒක එළි දක්වන උත්සවය විද්‍යාරත්නෙ කරල අපේ පීඨාධිපති හාමුදුරුවන්ට ඒක පිළිගන්වන්න ඕනෑග

ර්‍ණහරි සතුටුයි මම කීවෙමිග

ර්‍ණමං මේ වැඩිමනක් කතා කළේ ඒ උත්සවය ඔයා මෙහෙයවන්න ඕනැග වැඩේ ලස්සනට කරල දෙන්නග

මොන තරම් කරදර බාධක තිබුණත් ඒ උත්සවය අපූර්ව ලෙස හරබරව කරදෙන බවට මම සපථ කළෙමිග

මහත දෙහෙත පැහැපත් කයක් ඇති රත්නසිරි හොඳ නිවේදකයකිග ඔහු ඔහුටත් වඩා ඒ කාරියේ දී මා ප්‍රිය කිරීමට තරම් නිහතමානී වී තිබුණිග

රත්නසිරි‍ ගේ කවිපොත ඔහු ගේ නෑදෑ හිතවතුන් සහ සිසු දරුවන් පිරිවරා ඉතා විචිත්‍ර සහ සම්භාව්‍ය ලෙස එළි දැක්වීම සිදු කළ යුතු යැයි මම සිතුවෙමිග ගායනා කුසලතාවය සහිත දැරියක ලවා එම කවි විටින් විට ගායනා කරවිම යහපත්යග භද්‍රයාන මුනිවරයා සඳහන් කළ පරිදි රසඥතාෙව් පෙර පින් සහිත ඔහු ගේ කවි ගුණය රමණීය වදන්වලින් අත්‍යයන්තයෙන් වර්ණනා කිරීම මැනවැයි මම සිතුවෙමිග දිගු කාලයක් දරුවෙකු රහිතව සිටි ගැහැනියක කුලුඳුල් දරුවා ප්‍රසූත කිරීම හා සමාන මේ කටයුත්ත මට හැඟුම්බර වියග

එහෙත් පෙර දා රාත්‍රියේ මගේ හිතවතකු වූ අලුත්ගේ මට දුරකථනයෙන් කතා කළේ යග

ර්‍ණරත්නසිරි නැති වුණාග ඒක කියන්නයි කතා කළේග

ඒ රාත්‍රිය මට නිදි නැති රාත්‍රියක් වියග මිනිස් ජීවිතය විවරණය කරමින් කවි ලියූ රත්නසිරි පොත එළි දැක්වීමේ දී සිඟිත්තෙකු තරමට බොළඳ වී සිටියේ යග පොත පිටවීමේ ප්‍රීතිය ඔහු ගේ සංවේදී හදවතට දරා ගැනීමට නොහැකි වී දරෑ

ර්‍ණඅපට බැරිද මේ කවිපොත පාංශුකූලයෙදි පීඨාධිපති හාමුදුරුවන්ට පිළිගන්වන්නග මම සුනිල්ගෙන් ඇසුවෙමිග සුනිල් මොහොතක් නිහඬ ව සිටියේ යග

ර්‍ණමෙහෙමයිග ඔය අවමඟුල සංවිධානය කරන්නෙ ගුරුවරුයි ළමයිනුයි එකතු වෙලාග ඔය මැද්දෙ මේ වගේ දෙයක් කරන්න අමාරු වේවිග අනෙක ඒ අය දන්නෙ නෑනෙ මේ කතාවග

එය සැබෑවක් යැයි මට සිතුණිග මාත් සුනිලුත් මිය ගොස් සිටි රත්නසිරිත් දන්නා මෙය නිශ්චිතව ගොඩ නැඟූ කාර්යයකට යා කිරීම සැබැවින් ම අසීරුයග

හවස් අඳුර බොහෝ දෙවිවරුන් වැඩ වාසය කරන නා දේවාලය මතින් පැතිරේග බෑවුමේ කවියා ගේ සිසු දරුවෝ අලංකාර ‍තොරණක් සවි කරතිග ඔවුහු ප්‍රණාම පූර්වකව ගරු ගාම්භීරව අවමඟුල සූදානම් කරතිග

හැන්දෑවේ උපකාරක පන්ති අහවර කර කන්ද නඟින රත්නසිරි ගේ රූපකාය මට මැවී පෙනෙයිග රාත්‍රියේ හැම දෙනාම නිදාගත් පසු ඔහු උත්තම කවි පද ගොතයිග ප්‍රතිභාව අතින් ගෙන උපන් ඔහු ගේ එකම පැතුම වී තිබුණේ සම්භාවනීය උත්සවයක තමා ඉදිරියේ ම පොත එළි දැක්වීම යග

සතුටේ කඳුළක් රූරා වැටෙන්නට තිබූ රත්නසිරි ගේ ප්‍රාර්ථනා උඩු සුළඟට හසුව තිබුණිග මන්දයත් කවියා සියල්ල අත්හැර දමා මතකයේ ඉහිලිය නොහැකි හාංකාව ඉතිරි කර අපෙන් ඉකුත්ව තනියෙන් ම නික්ම ගොස් සිටි හෙයිනිග

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »