Home / කෙටි කතා / ගිලන්පස ටිකක්වත්

ගිලන්පස ටිකක්වත්

2016-05-23 11:05:00       684
feature-top
 නළලතින් හා දෙකනින් බේරෙන දහදිය බින්දු අ‍ෙත් ඇති ලේන්සුවෙන් පිසදාගත් සිරිදාස උන්නැහැ ආමර්වීදියේ පදිකවීදිය දිගේ ඇවිදගෙන ගියේ වෙනදා මෙන් ම බලාපොරොත්තු රැඳි දෑසිනිග ඔහු විශ්ව මුදලාලි සොයා එන්නේ වසරකට පසුවයග මේ වසරක් තුළ ඔහු තවත් මහලු වී ඇතැයි ඔහුට හැඟුණේ යග නගරය එතරම් වෙනස් වී නැතත් ඔහුගේ පෙනීමත් මහන්සියත් නිශ්චිත තැන සොයා ගැන්මට බාධා කළේයග ඔහු ඉදිරියට ගොස් වටපිට බැලුවේල හුරු පුරුදු විශ්ව කලා මුද්‍රණාලය සොයාගැන්මටයග එහෙත් එක්වරම ඔහුගේ දෑස් මවිතයට පත්වූයේ එය තට්ටු දෙකේ ගොඩනැඟිල්ලක් වී ඇති අයුරු දැකීමෙනිග අතේ රැඳි ලේන්සුව සාක්කුවට ඔබාගත් සිරිදාස උන්නැහැට තම ගතේ රැඳි ආරියසිංහල ඇඳුමේ දූවිලි තැවරී ඇතැයි හැඟුණේ සුදු සරමේ වැදී ඇති සිහින් මඩ පැල්ලමක් දැකීමෙනිග ඔහු දහදිය මුසු ලේන්සුව ගෙන එය පිසදාගත්තේ වටපිට බලමිනිග

ර්‍ණමට විශ්ව මහත්තයා මුණගැහෙන්න පුළුවන් දරෑ ඔහු යටහත් පහත්ව එසේ ඇසුවේ ගේට්ටුව ළඟ සිටි ආරක්ෂක නිලධාරියාගෙනිග ඔහු කිසිවක් නොපවසා අතින් ඉහළ මාලයට යන ලෙස සන් කළේ මහත්තයා උඩ ඇති යන අරුතෙනිග ඔහු වටපිට බලා සීරුවට පඩිපෙළ නැඟගත්තේ පහළ තට්ටුවේ මුද්‍රණ යන්ත්‍රයක් සමඟ ඔට්ටු වී සිටින සේවකයාට අහිංසක සිනහවක් පාමිනිග ඔහු දොර අරිත්ම සිටියේ විශ්ව මුදලාලියග ඔහු වෙනස් වී නැතග එහෙත් කාමරයල මේසයල පුටුව ආදිය සියල්ල වෙනස් වී ඇති බව සිරිදාස උන්නැහැට සැණෙකින් අවබෝධ විණිග

ර්‍ණආ සිරිදාස මාත්තයගගගග හුඟ කාලෙකට පස්සෙ එන්ඩ එන්ඩ වාඩිවෙන්ඩ මුදලාලි ඔහු ඉදිරිපස ඇති පුටුව සිරිදාසට පෙන්වූයේ යග

ර්‍ණඉතින් කොහොමද විශ්ව මහත්තයා සැප සනීපග හුඟ කාලෙකින් තමයිග අවුරුද්දක් ගිය ඉක්මනග

එයට පිළිතුරක් දෙන්නට පෙර මුදලාලි අසල සිටි සේවකයාට අතින් සන් කලේ ඒ අත නැවත මුවට තබමිනිග

ර්‍ණඇත්තට ම මං සිරිදාස මාත්තයට කොහොම කතා කරන්ඩද කියල හිත හිතා හිටියෙ ටෙලි‍ෙෆාන් නොම්බරයක්වත් මා ළඟ නෑනේග

ර්‍ණමං ඕවා පාවිච්චියක් නෑනේ විශ්ව මහත්තයා

ඒ සමඟම සේවකයා ගෙනවිත් තිබූ සිසිල් බීම බෝතලය සිරිදාස උන්නැහේගේ පිපාසය තවතවත් වැඩි කළේයග

ර්‍ණ‍බොන්ඩ මාත්තය මෙච්චර දුරක් ගෙවාගෙන ඇවිල්ලා තිබහත් ඇතිනේග විශ්ව මුදලාලි විසින් ම පිළිගැන්වූ සිසිල් බීම වීදුරුව එක හුස්මට හිස් කිරීමට තරම් තිබහක් තිබුණ ද ඔහු විසින් මඳක් ඉතිරිකර නැවත මේසය මත තැබුවේයග

ර්‍ණවෙනදා ඉතින් විශ්ව මහත්තයා මාස තුන හතරකට කලින් මට වෙසක් කාඩ්වලට කවි ලියන්න පණිවිඩයක් එවනවනේග ඒත් මං බැලුව මේ පාර මොකද ලියමනක්වත් නැත්තේ කියලග

ර්‍ණමට සිංහල ලියන්න බැරිවුණාට සිරිදාස මහත්තයෝගගග මං මගේ ළඟ ඉන්න කොල්ලකුට හරි කියල සිරිදාස මහත්තයට පණිවිඩයක් එවන්නේ කොච්චර ආශ‍ාවෙන් දරෑ උන්ට කියල මං කවියක් දෙකක් අහගත්තේ බොහෝම කැමැත්තෙන් දැන් ඉතින් ඒ කාලේ ගියා මහත්තයෝග ඒ කාලේ වෙසක් කාඩ් වෙළෙන්දෝ මගේ ළඟට ඇවිල්ල ඉල්ලන්නේ අර හංවැල්ලේ සිරිදාසගෙ කවි තියෙන කාඩ් දෙන්න කියලග අනෙක ඒවට චිත්‍ර අඳින්නෙත් සූරියපාල මහත්තයනේග කවියට ගැළපෙන රූපනෙග සූරියපාල මහත්තයත් කාලෙකින් ආවේ නැහැග

ර්‍ණඇයි මහත්තයෝ ඒ වෙසක් සැරසිලි ප්‍රින්ට් කරන එක අතහැරියදරෑ

අතහැරිය නෙමෙයි මහත්තයෝල දැන් ඒව ඔක්කොම නැතිවුණාග දැන් සේරම කෙරෙන්නේ මොබයිල්වලින්නේග කොහේ හරි තියෙන රූපයක් ඩවුන්ලෝඩ් කරගන්නවග ඕකට අකුරු ටිකක් මොනාරි අටෝගන්නවගගග එම් එම් එස් කරනවාග දැන් අනිත් කෙල්ලො කොල්ලො සුබ පතාගන්නේ එෆ්ග බීග වලින්නේග

ර්‍ණමොකක්ද විශ්ව මහත්තයෝ ඔය එෆ් බී කියන්නේරෑ

දැන් ඉතින් කොම්පියුටර් කාෙලනේ මහත්තයෝග ෆේස් බුක් මොකක්ද මඟුලක්නේ ඔය දැන් ඉන්න කෙල්ලො කොල්ලො ආච්චිලටත් වෙසක් කාඩ් එවන්නේ ඕවයින්නේග දැන් ඉතින් ඔය විච්චූර්ණ නිසා අපිට මේ ව්‍යාපාර ගැන දෙපාරක් හිතන්න වෙනවා මහත්තයෝග කොටින් ම කියනවනං මහත්තයෝ මං ගිය පාර ගහපු වෙසක් කාඩ්වලින් බාගෙකට වඩා ඉතුරු උණාග අර තියෙන්නේ බන්ඩල් ගහලාග අන්තිමට අතින් පාඩුයිග

සිරිදාස උන්නැහැ කිසිවක් නොපවසා විශ්ව මුදලාලි දෙස බලා සිටියේ මහා නස්පැත්තියකට අසුවූ මුව පොව්වකු සේයග

ර්‍ණකොටින් ම කියනවනං සිරිදාස මහත්තයා දැන් මගේ දරුවොත් මට අවුරුද්දට විශ් කරන්නේ එස්ග එම්ග එස්ග වලින්ග මේ බලන්ඩ ඔහු එය පෙන්වීමට පෙර මොබයිලය නාද වියග මුදලාලි එය කනට හිරකරගත් විට එයින් මිදුණු සිරිදාස උන්නැහැ අසල කබඩ් එකක් උඩ තිබූ කාඩ්පත් ගොන්නක් දෙස නෙත් යොමු කළේයග එයින් එක් කාඩ්පතක් ඔහු අතට ගත්තේ රැඳුණු දූවිලි පිස දමමිනිග

පින් බර වෙසක් සඳ පායා බැබළේවා

බෝ අතු සැලී දම් සිහිලින් නැළවේවා

ලොවුතුරු දහම් ගඟුලේ ලොව සැනසේවා

බුදු රැස් දසත ආලෝකය පැතිරේවා

ගගගගගගගගගගගගගගගගගගගගගගගගග ගෙන් ගගගගගගගගගගගගගගගගගගගගගගග ට වෙසක් සුබ පැතුම්ග කවියට යටින් කුඩාවට ඇති හංවැල්ලේ සිරිදාස යන නම දෙස ඔහු වේදනාබර දෑසින් බලා සිටියේ යග ඔහුට තවදුරටත් එහි රැඳී සිටීමට හිතක් නොවීයග කාඩ්පත තිබූ තැනම තැබූ ජිනදාස උන්නැහැ පුටුවෙන් නැගිට්ටේ යග එහෙත් මොබයිල් ෆෝන් සංවාදය තවමත් අවසන් කර නොමැති මුදලාලි ඔහුට සන් කළේ නැවත වාඩිවෙන ලෙස යග ඒ සංවාදය බලවත් උතුමකු සමඟ බව සිරිදාස උන්නැහැට අවබෝධ වූයේ විශ්ව මුදලාලි යටහත් පහත්ව කතා කරන විලාසයෙනිග මිනිත්තු කිහිපයකින්ල අවසර ගෙන ෆෝනය විසන්ධි කළ මුදලාලි සිරිදාස උන්නැහැ දෙස බැලුවේ සතුට පිරි දෑසිනිග ර්‍ණලොකු ඕඩර් එකක් මාත්තයාග ඇමතිතුමාගෙන්ගගග පෝස්ටර් ලක්ෂයක් ඕනෙලුගගග ලොකු වැඩකටගගග ඇමති තුමාලු විවෘත කරන්නේග මුදලාලි ‍එසේ පවසා අසල තිබූ ලාච්චුව විවර කළේයග

ර්‍ණඕක තමයි මහත්තයෝල වෙලා තියෙන තත්තෙගගග අපිත් ඕව කරගෙන යන්න එපායැග ඒක නිසා මං ඔය කාඩ් ගැහිල්ල අත්හැරල ඇමතිතුමා අල්ලගත්තේග වැඩ කරන අයට පඩි නඩි ගෙවන්නත් එපායැගගග මේක තියාගන්න මාත්තයෝගගග මෙච්චර දුරක් ඇවිල්ල මග වියදමට ගන්නකෝ

මුදලාලි ඔහුගේ සාක්කුවට එබූ මුදල් කොළ කිහිපය ප්‍රතික්ෂේප කළේ මුදලාලි ගේ අත තද කර ඈතට ඇදීමෙනිග

ර්‍ණමා ගානේ සතුටින් දෙන සුළු මුදලක් මාත්තයෝග කොළඹ ආපු වෙලාවක මේ පැත්තෙ ඇවිත් යන්න එන්නග

ඔහු අකමැත්තෙන් වුවද මුදලාලි දුන් මුදල් නෝට්ටු කිහිපය බාර ගත්තේ යග

ර්‍ණඑහෙනං ඉතින් මං ගිහිල්ල එන්නම් විශ්ව මහත්තයෝග

දෝතින් ම මුදලාලිට ආචාර කළ සිරිදාස උන්නැහැ මුද්‍රණාලයෙන් එළියට ඒමට පෙර පහළ තට්ටුවේ ගෝරනාඩු කරන යන්ත්‍ර සමඟ ඔට්ටුවෙන සේවකයන් දෙසට හිස ඔබා බැලුවේ දන්නා හඳුනන කවුරුන් හෝ සිටීදැයි යන විමසිල්ලෙනිග අලුත් ම මුද්‍රණ යන්ත්‍රයක් හා තවත් උපාංග මුද්‍රණාලය තුළ සවිවී තිබුණ ද ඔහු දන්නා හඳුනන කිසිවෙක් එහි නොවීයග අතීතයේදී මෙකල වෙසක් සැරසිලි හා සුබ පැතුම්පත් මුද්‍රණයෙන් පිරී තිබූ මුද්‍රණාලය තුළ අද ඒ කිසිවක් නැතග අද ඒ යන්ත්‍රවලින් පිටවන්නේ දේශපාලකයන්ගේ වර්ණවත් මුහුණු රැගත් දැවැන්ත පෝස්ටර් යග වර්ණ හතරකට බෙදී තැටිමත ගැලී සමතල මුද්‍රණයෙන් සිනාමුසු මුහුණින් පිරි බලවත් පුද්ගලයන් රූප එළියට එන්නේ වේගයෙනිග මඳ වේලාවක් මුද්‍රණයන්ත්‍රය දෙස බලා හිඳ ඒ සේවකයා සමඟ සිනාසුණු සිරිදාස උන්නැහැගේ නෙත් ගිලටීන් යන්ත්‍රය වෙත ඇදුණේ ඉබේට ම මෙනිග එහි සේවකයා කපා කොටා ඔප මට්ටම් කරන කුඩා පොත් පිංච දෙස ඔහු උපැස් යුවළ තුළින් බැලුවේයග එම පොත් පිංචේ සිටින්නේ ඔහු දන්නා බලවත් උතුමෙකිග

උපැස් යුවළ පිසදා එහි ඇති ලොකු අකුරු පේළිය ඔහු කියෙව්වේයග එහි ලියැවී ඇත්තේ ර්‍ණමම ඔබට පිහිට වෙමි යන්නයිග

ඒ සමඟම ගිලටීන යන්ත්‍රය තුළින් ආ ර්‍ණචිරිස් ශබ්දෙන් ඔහු ගැස්සී ගියේයග ඒ කැපුණු පොත් තොගය තුළින් ඔහුට හැඟුණේ ඔහුගේ ම හිස ගිලටීනයට හසුවූවා සේ යග සියල්ලන් සමඟ කුලුපගව සිනාසුණු සිරිදාස උන්නැහැ ගේට්ටුවෙන් එළියට බැස පදිකවිදිය දිගේ ඇවිදගෙන ගියේයග

රජයේ කාර්යාලයක කාර්යාල කාර්ය සේවකයකු ලෙස වසර තිහක් පමණ රාජකාරි කළ සිරිදාස උන්නැහැ විශ්‍රාම ගැනීමෙන් පසු මේ තාවකාලික රැකියාවට අතගැසුවේ දරුවන් නිසායග අරපිරිමැස්මෙන් වියපැහැදම් කළහොත් තමාටත් බිරියටත් මේ විශ්‍රාම වැටුප සෑහෙන බව ඔහු දනීග දියණියන් දෙදෙනා විවාහ කර දුන්නදල ඔවුන්ගේ ආර්ථික ප්‍රශ්න හා අමාරුකම් නැවතත් ඔහු වෙත ළඟාවෙන බව තේරුම් ගත්තේ එම විශ්‍රාම වැටුපෙන් කොටසක් ඩැහැ ගන්නට වරින්වර මහගෙදරට පියමනින ආකාරය දුටුවියග තමන්ගේ ම ලෙයින් උපන් දියණියන් දෙදෙනා සහ මිනිපිරි මුනුපුරන් ගැන ඔහුට ඇත්තේ තදබල අනුකම්පාවකිග

ර්‍ණඅපේ ම කරුමෙට තමයි උන් අපේ දරුවන් වෙලා ඉපදිලා තියෙන්නේග යකෝ දෑවැද්ද පුදල කසාද බන්දල දුන්නත් අපිට නිවනක් නෑනේගගග

ර්‍ණකෑ ගහන්න එපා සුමනාග අපේ කාලේ වගේ නෙමෙයිග අද රටේ ‍ලෝකේ ජීවත්වෙන්න හරි අමාරුයිග

ර්‍ණජීවත්වෙන්න අමාරුබව ඇත්තගගග ඒත් උන් ලද දෙයින් සතුටුවෙන උන් නෙවෙයිග අහක යන විච්චූර්ණ ඇගේ දාගෙනගගග ණයවෙලාගගග ජීවිතේ හිර කරගෙනගගග මොකද අපි උන්ට කන්න බොන්න දීල ඉගෙන්නුවෙ ණය වෙලාදරෑ

කටට බුලත් විටක් ඔබාගන්නා සිරිදාස උන්නැහැ බිරියගේ ආඩපාලි ඉවසා සිටින්නේ නෑසුණු ගානටයග ඔහු වෙසක් පත් කවියකු වන්නට පෙර මුලින් ම කළේ වෙසක් පත් වෙළඳාමයිග තොග ක්‍රමයට කාඩ්පත් මිලට ගන්නා ඔහු ගම් දනව් පුරා ගොස් කාඩ් පත් විකුණා ලද ආදායම සියල්ල විය පැහැදම් කළේ ද දරුවන් වෙනුවෙනිග එහෙත් එක්කම අබල දුබල වෙන ශරීර කූඩුවත් දණහිස් අමාරුවත්ල ඇස්වල පෙනීමත් ඔහුට බාධා කළේයග රජයේ රැකියාව කරන කාලයේ පුවත්පත් වලට කවි කිහිපයක් ලියුවදල ඔහුගේ කවිකම වැඩියෙන් ම ඉස්මතු වූයේ විශ්ව මුදලාලි නිසායග

ර්‍ණසිරිදාස මහත්තයට වෙසක් කාඩ් විකුණන්ඩත් බැරි එකේ අපි හොඳ කවි ටිකක් ලියල වෙසක් කාඩ් එකක් ප්‍රින්ට් කරමුකෝගගග මට පුළුවන් චිත්‍රවලට සූරියපාල මහත්තය අල්ලල දෙන්නග දෙන්න එක්ක එකතුවෙලා කළොත් හොඳ ආදායමක් ගන්ඩ පුළුවන් වැඩක්ග

ඒ කවිත්ල චිත්‍රත් අතරින් විශ්ව මුදලාලි වසරින් වසර දියුණු වූ අයුරු ඔහුට සිහිවේග කවුරුන් දියුණු වුවත් ඒ අතීතය සුන්දරයග තමාත්ල සූරියපාලත් මුදලට වඩා ආදරය කළේ තමන්ගේ ම දෑත්වලින් ලියවෙන ඇ‍ඳෙන නිර්මාණවලට යග එහෙත් කාලය විසින් අතීතයත්ල වර්තමානයත් කෙතරම් දුරට වෙනස් කර ඇත්දරෑ අනාගතයේ දික මේවාද වෙනස් වේවිග මිනිසුන් රොබෝවරුන් වේවිග සිරිදාස උන්නැහැ එසේ සිතමින් ඉදිරියට ඇදුණේයග එහෙත් එක්වරම ඔහුට බිරිය සුමනා ව මතක් වූයේ රෙදි සාප්පුවක් දුටු විටයග ර්‍ණසිල් ගන්න අඳින රෙද්දත් හොඳට ම දිරල අනේග මේ වෙසක්වලට සිල්ගන්න යන්න ‍හොඳ සුදුරෙදි කෑල්ලවත් තිබුණොත් හොඳයිග

ර්‍ණමං මේ පාර ලියන කවිවලින් ඔයාට සුදුරෙදි දෙකක් ම අරන් ‍ෙදන්නංකොග

ර්‍ණඅරන්දෙයිගගග මට අරන්දෙන්න ඉස්සෙල්ල අර අම්මණ්ඩිල ඇවිල්ල ඔයාගෙන් උදුරගෙන යයි ඔහුට සුමනාව අමතක කළ නොහැකියග තවමත් ජීවිතේ දුක සැප බෙදාගන්නා බිරිය වෙනුවෙන් මෙවරවත් ඇයගේ ඉල්ලීම ඉටුකළ යුතුයග ඔහු සාප්පුවට ගොඩවී රෙදි යාර කිහිපයක් මිලදී ගත්තේල මුදලාලි පරිත්‍යාග කළ මුදලෙනිග ඔහු ඉතිරි මුදල සාක්කුවේ ඔබාගත්තේ බස් වියදමට යග

ර්‍ණදැන් ඉතින් දරුවන් වෙනුවෙන් කළා මදැයි සිරිදාස උන්නැහැග සිත එකලාසයක් කරගෙන මේ වෙසක් පෝයටවත් සිල් සමාදන් උනොත් නරකදරෑ පන්සලේ ම මරණාධාර සමිතියේ ප්‍රධාන අනුශාසකයෙක් හා දායකයෙක් වෙන අල්විස් මහත්තයා ඔහුට මුණ ගැසුණේ හංවැල්ලට යන බසයේදීයග

ර්‍ණහිත කොහොම එකලාසයක් කරගන්නද අල්විස් මහත්තයාගගග උන් දුක් විඳිනවා දැක දැක හිත හදාගෙන බණක් භාවනාවක් කරන්නේ කොහොමදරෑ

ර්‍ණමේ හැමදේම තාවකාලිකයි සිරිදාස උන්නැහැග එදා අතින් පයින් කරපු දේවල් අද යන්ත්‍ර සූත්‍රවලින්ග ඒත් මේ හිත හදන්න ඒ කිසි කෙනකුට බැහැග මං දන්නවා සිරිදාස උන්නැහැ දරුවන්ට අදාරේ බවග ඔය දරුවෝල ලියපු කවිල ඔක්කොම දාලා දවසක අපිට යන්න වෙනවනේග ඒ යන්න ඉස්සෙල්ල මේ හිත එකලාසයක් කරගන්න ඕනේග

ර්‍ණමේ පාර සුමනා නෝනත් එක්ක එන්න සිල් සමාදන් වෙන්නග

අල්විස් මහත්තයා බසයෙන් බැස තමාගෙන් සමුගත් හැටි ඔහු සිහි කළේයග කලාතුරෙකින් පන්සල් ගොස් බුදුන් වැන්ද ද ඔහු මතක ඇති කාලයක සිල් සමාදන් වී නැතග එහෙත් කළකිරුණු සිත අල්විස් මහත්තයාගේ ඉල්ලීම කෙරෙහි ඇල්මක් ඇති කළේයග

ර්‍ණඒ කතාව ඇත්ත තමයිග මට පස්සෙ සිල් රෙද්දක් ගන්න බැරි යැග මං මේ පාරත් පරණ රෙද්ම ඇඳගෙන සිල්ගන්නංග ඔයා ඔය අලුත් රෙද්දත් ඇඳගෙන හා පුරා කියල මේ පාර සිල්ගන්නග අන්තිමට අපි දෙන්නට ඉතිරි වෙන්නේ ඔය බණක් භාවනාවක් තමයිග

වෙසක් පුන් පොහෝදින හිමිදිරියේ සිරිදාස උන්නැහැ තම බිරිය සමඟ පන්සලට පිය මැන්නේ බොහෝ පින්බර සිතිනිග එහෙත් ගාථාවන් සහ ලොකු හාමුදුරුවෝ දෙසන බණ කතා අතරින් සිතට නැ‍ඟෙන කවි සිතුවිලි ඔහු සිත තුළම ගෙත්තම් කළේයග ඒ අතීත කවි ඔහ‍ුගේ සිතට දහම් මිහිරක් ගෙනදුනිග ඒ සිතුවිලි සමඟින් ඔහු පන්සලේ දොරකඩ වැලිපාර තුළින් ඈත බලා සිටියේ දියණියන් දෙදෙනාගෙන් එකෙකු හෝ ගිලන්පස ටිකක්වත් රැගෙන එන තුරුයග

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »