Home / කෙටි කතා / කලකට පස්සේ

කලකට පස්සේ

2016-05-20 10:35:00       688
feature-top
සමහර මිනිස්සු කියනවා කාලෙකට පස්සේ ගමේ එනකොට ගමයි ගෙදරයි සේරම හොඳටම වෙනස්වෙලා තියෙයි කියලාග බස් එකේ එනකොට මටනම් පාරේවත් ගමේවත් ඒහැටි වෙනසක් පෙනුනෙ නෑග ගෙදර නම් තිබුනට වඩා පරනයිල පොඩියි වගේ පෙනුනේග අවුරුදු අටක් පිට රට ඉඳලා ඊයේ රෑ කටුනායකට ඇවිත් අද උදේම පිටත්වෙලා ආවේ අම්මයි අප්පච්චියි බලන්ටග මම නංගිට විතරයි කියලා තිබුනේ එනවා කියලාග නංගිත් හෙට ගෙදර එනවා කිව්වාග මම හිතාගෙන ඉන්නේ සතියක් වත් ගෙදර ඉඳලා යන්න ආයෙත් කොලඹ වැඩ පටන්ගන්ට ඉස්සරග

මම ගෙදර එනකොට අප්පච්චි වත්ත පැත්තේ ඇවිදින්ට ගිහින්ග අම්මයි ගෙදර වැඩට ඉන්න බංඩයි විතරයි හිටියේග මං දැකපු ගමන් අම්ම අතේ තිබුන බුලත් තට්ටුව බිම වැටුනාල හරියට ගන්ටාරේ ගැහුවා වගේ සද්ද කරගෙනග අම්මා හෙල්ලුනෙවත් නෑල පිලිමෙයක් වගේ මං දිහා බලාගෙන හිටියාග මම අම්මට වැඳලා ඉවර උනාම තමයි අපි වචනයක්වත් කතා කරේග කඳුලු අතරෙන් අම්ම ර්‍ණලොක්කීල මගෙ ලොක්කී මුමුන මුමුනා මාව බදාගන හිටියා හුඟාක් වෙලාග

පටන්ගත්තා වගේම හදිස්සියට ඇඬීමයි තුරුලුකරගැනීමයි නැවතුනාග අපේ අම්මා ලේසියට සසලවෙන කෙනෙක් නෙවෙයිග ලොකේ පෙරලුනත් ආයෙ ඒක කෙලින් කරන්ට ඉන්නේ අපෙ අම්මා වගේ අයග අම්මා වහාම බංඩට කතා කරාග

ර්‍ණඉක්මනට ගිහින් නිලමෙට කියාපං ලොකු බේබී ආවා කියලාග ඊට පස්සේ එහෙම්ම හන්දියේ කඩෙන් හොඳ කෙහෙල් ඇවරියකුයි රතු ලූනු පන්සීයකුත් අරන් වරෙන් - පොතට දාලාග යන්ට ඉස්සර කේතලේ ලිපේ තියාපං

මේ ඔක්කොම කිව්වේ මගෙ අත තදින්ම අල්ලාගෙනග

ර්‍ණඅනේ කෙල්ලගෙ ලස්සන කියලා අම්ම ඔසරියෙන් කදුලු පිහදාගත්තාග ර්‍ණකවද්ද ආවේරෑ

ර්‍ණඊයෙ රෑ කටුනායකට එනකොටග මං ඊට පස්සේ ඒ ලඟම හෝටලේක රෑ ඉඳලා උදේ පාන්දරම පිටත්වෙලා ආවේ

ර්‍ණතනියෙමරෑ

ර්‍ණඅම්මා පිටරට ගිහින් එන්ට පුලුවන් නම් මේ ටික මොකද්ද

ර්‍ණහ්ම්ගගල ඇත්ත තමයිගග

අම්ම ඉස්සරට වඩා ටිකක් කෙට්ටුයි හැබැයි අසනීප ගතියක් පෙනෙන්ට නෑග පරන කඩිසර කම එහෙමම තියෙනවාග

ර්‍ණඅප්පච්චී එහෙම කොහොමදරෑ

ර්‍ණආයෙ මොනවද හිටිය වගේම තමයිග වත්තේ ඇවිදිනවාග හොරු ඇවිල්ලා පොල් එහෙම කඩාගෙන යනවා කියලා කෝරලේ මහත්තයට පැමිනිලි කරනවාග මුවොයි ඌරොයි ඇවිත් වැටවල් කඩල මොකොවත් වවාගන්ට දෙන්නෙ නෑ කියලා කෑ ගහනවගකිව්ව වගේ වැඩි වෙනසක් නෑ අම්ම හිනහ වෙනවාග

ර්‍ණනංගී හෙට එනවා කිව්වා

ර්‍ණලොක්කී කතා කරාදරෑ

ර්‍ණමං එන්ට ඉස්සර එහෙ ඉඳන් ටෙලිෆෝන් කරා

අම්මා ජනේලෙන් එලිය බලාගෙන හිටියා ඇස්වල කඳුලු පුරවාගෙනග අයියා මතක්වෙලා වෙන්ට ඇතිග හෙට අයියත් හිටියනම් පවුලේ ඔක්කොම ගෙදරල අපි පොඩි කාලේ වගේග

අපෙ අයියාල පවුලේ එකම පිරිමි දරුවා හිටියේ නාවික හමුදාවේ ඉන්ජිනේරුවෙක් හැටියටග උතුරේ යුද්දේ කාලේ අයියා විනෝදෙට පැදපු බෝට්ටුවක් ගිලිලා අයියයි යාලුවෝ කීපදෙනෙකුයි නැති උනාග දැන් අවුරුදු පහක් වෙනවාග මට නංගී ආරංචිය දෙනකොට කියපු තව දෙයක් තමයි අප්පච්චියි අම්මයි තවම පිලිගෙන නෑ අයියා නැතිවෙලා කියලාග

ර්‍ණකොම්ප්ලීට් ඩිනායල් - මම කීපසැරයක් කතා කරන්ට බැලුවා - ගෙටින් නෝවෙයාග

ර්‍ණපවුලේ වෙන කාටවත් බැරිද - දෙනියෙ මාමා වගේ කෙනෙකුටරෑ

ර්‍ණබෑ ලොක්ස් - අම්මයි අප්පච්චියි චීන මහා ප්රාකාරය බැඳගෙන ඉන්නෙ අයියා වටේග මම තනියම ගිහින් දානයක් එහෙම දුන්නාග ඔයා ආපුවම බලමු ආයෙත් කතා කරලාග දිස් ඉස් නොට් ගුඩ්

නංගී මෙහෙම කිව්වේ අයියා නැති උන දවස් වලමයිග ඊට පස්සෙ හුඟ සැරයක් අපි ටෙලිෆෝන් එකෙන් කතා කෙරුවට මේකට උත්තරයක් ලැබුනෙ නෑග හෙට නංගී ආපුවාම මේක ඉවරක් කරලා දාන්ට ඕනෑග

එතකොටම අප්පච්චී මිදුලට ගොඩ උනාග

ර්‍ණමං බැලුවේ මොකද්ද මේ ගඳ කියලාමේ ලොකු එකීනේ අප්පච්චි මගෙ ඔලුව අත ගෑවාග මම දනගහල අප්පච්චිට වැංදා

ර්‍ණඕක ආරෙට එන ගඳක්

අපි ඉස්සර ඉඳන් කතා කරේ එහෙමයිග

ර්‍ණකවද්ද කෙල්ල ආවේරෑ

ර්‍ණඊයෙ රෑ - ඇත්තටම අද පාන්දර

ර්‍ණආයෙත් කොළඹ වැඩ කරන්ටද අදහසරෑ

ර්‍ණතවම දන්නෙ නෑ හරියටග පේරාදෙනියෙත් තියෙනවා තැනක් - ඒක ගැනත් හිත හිතා ඉන්නේ

අපෙ සතුටු සාමීචිය මේ විදිහටම ගියා උදේ තේ බීලා ඉවර වෙනකන්ග කියපු දේකුත් නෑ නොකියපු දේකුත් නෑග අයියා ගැන වචනයක්වත් කියවුනේ නෑ හවස් වෙනකම්මග

මම මගේ පරන කාමරේට ගිහින් ගෙනාපු මලු ඇරලා එක එක්කනාට ගෙනා තෑගි ඇඳ උඩ තිබ්බාග ගමනට ඇඳපු ඇඳුමුත් මාරුකරලා අම්මත් එක්ක කුස්සිය පැත්තේ කතා කර කර හිටියා දවල් කෑම ඉවර වෙනකන්ග

ර්‍ණලොක්කී ටිකක් හාන්සි උනොත් හොඳයි කාල

ර්‍ණඔවු අම්ම දැන් ටික ටික මහන්සිය දැනෙනවා

මම නින්දෙන් ඇහැරෙනකොට වටින් පිටින් කරුවල වේගෙන එනවාග ඇඳ ලඟ නිවිලා ගිය තේ එක දැකපුවම මට හිතුනේ නැගිට්ටොත් හොඳයි කියලාග අම්මයි අප්පච්චියි එලියේ සාලේ වාඩි වෙලා තේ බොනවාග මමත් බන්ඩගෙන් තේ එකක් ඉල්ලගෙන ගිහින් සාලෙ පොඩි පුටුවක වාඩි උනාග

ර්‍ණමං හිතුවේ ආපහු රට ගියා කියලා

ර්‍ණඒ තරම් පිස්සුවක් තවම මට නෑ

කතාව ටිකෙන් ටික ගෙදර වත්ත පැත්තට හැරුනාග අම්මා උදේ කිව්වා වගේ පොල් හොරෙන් කඩන මිනිස්සුයිල කෙහෙල්කැන් කපාගෙන ගිහින් ඒවා අපිටම විකුන මිනිස්සුයි පොලව හාරන බෝග වනසන ඌරොයි මුවොයි ගැනයි දිග දේශනයක් අප්පච්චිගෙන් ලැබුනාග අම්මයි මමයි කට කොනකින් හිනහ වෙවී අහගෙන හිටියාග

අප්පච්චි ඊලඟට කියපු දෙයින් හිටපුගමන්ම වාතාවරණය වෙනස් උනාග

ර්‍ණලොකු එකා ආපු ගමන් මෙව්වා හදා ගන්ට බැරිවෙන්නෙ නෑ

දැන් කාගෙවත් නෑ හිනා මුහුනක්ග මට හිතුනා හදිස්සියෙම සාලේ සීතලවෙලා ගියා කියලාග

අම්මත් ඈත බලාගෙන හූමිටි දෙනවාග

ර්‍ණලොකු පුතාට නිවාඩු නැතුව ඇතිග යුද්දෙ ඉවර උනාට වැඩ ඉවර නෑ නොවෑ

ර්‍ණගමේ එවුන් ලොක්කට කැමතියිග එයා කිව්වොත් ආයෙ හොරු නෙවෙයි ඌරොවත් එන එකක් නෑ

ඒ පොඩි විහිලුවෙන් කතාව ආයෙත් වෙන අතකට හැරුනාග ආයෙත් අයියා ගැන මොකොවත් කිව්වෙ නෑග

නංගිට වගේ නෙවෙයි මටනම් මේක අතාරින්ට බෑග ඉස්සරත් මම වැඩිය නහයට අහන්නෙ නැති කෙනෙක්ග

රෑ කාලා අප්පච්චි නිදා ගත්තට පස්සේ අම්මයි මමයි මගෙ කාමරේ ඇඳේ ඉඳගෙන කතා කරකර ඉන්නකොට මට හිතුනා අයියා ගැන මතක් කරන්ටග

ර්‍ණඅම්මාරෑ

ර්‍ණඇයි ලොක්කී

ර්‍ණඅයියාරෑ

අම්මා මා දිහා බලාගෙන හිටියා ඇස්පිල්ලන් නොගහග එක සැරේම ඉස්කෝලේ නෝනා උනාග

ර්‍ණඅම්මාමට නංගී කිව්වා අයියා හිටිය බෝට්ටුවක් පෙරලුනා කියලා

අම්මා මගෙ අත අල්ලාගත්තා තදින්මග ඇස්දෙක තවම මගෙ ඇස්දෙක දිහා කෙලින් බලාගෙන ඉන්නවාග තොල යාන්තන් වෙවුලනවාග

අම්ම කතා කරනට පටන්ගන්නකොට කට හඬ වෙනස්ග සද්දේ අඩුයිග පොඩි ලමයෙකුට කතා කරනවා වගෙයිග

ර්‍ණලොකු පුතා හිටිය බෝට්ටුව පෙරලුනාග කිසිම කෙනෙක් බේරුනේ නෑ ලොක්කීග ආයෙ උඹට අයියා කෙනෙක් නෑ

මම හෙල්ලිලා ගියාග මේක දැනගෙනත් අද හවස කතා කරපු හැටිෟ

ර්‍ණඅප්පච්චි ලොකු පුතාට බොහොම කිට්ටුවෙන් හිටියේග මට බය හිතුනා පුතා නැතිඋනා කිව්වොත් අප්පච්චිට මොනවා වෙයිද කියලාග ඔය විහිලු කරකර හිටියට ඇඟ ටිකක් දුර්වලයිග ඉතින් මමත් අප්පච්චී කියන දේවලට හූමිටි තියනවා මිසක් ආයෙ අලුතෙන් මොකොවත් කියන්නෙ නෑගමං කරන දේ වැරදිද ලොක්කීරෑ

අම්ම තනියම අයියා නැතිඋන දුක විඳිනවා විතරක් නෙවෙයි අප්පච්චී ගැන හිතලා ඒවා සම්පූර්නෙම්ම යටපත් කරගෙන ඉඳලා තියෙන්නේග හිතට කොච්චර අමාරු වෙන්න ඇද්දග අම්මයි ම්මයි සද්ද නැතුව ඇඬුවාග වක්කඩේ කැඩුවා වගේ හිතේ යටකරලා තිබුන සේරම එක සැරේම එලියට දාලා අපි දෙන්නම ඉකි ගැහුවා පැය කාලක් විතරග

ර්‍ණමං අප්පච්චිත් එක්ක හෙට කතා කරනවා - සමහරවිට නංගී එන්ටත් ඉස්සරග දැන් අපි දෙන්නම ටිකක් නිදා ගන්ට ඕනෑ

ර්‍ණලොක්කී මගෙ හිතට ලොකු පහසුවක් උඹ ආපු එකග හෙට කොහොම වෙයිද කියලා බලමුග තෙරුවන් සරනයි

උදේ කෑමෙන් පස්සේ මම අප්පච්චිත් එක්ක වත්තේ ඇවිදින්ට ගියාග මේක අපි ඉස්සරත් කරපු දෙයක්ග වත්තේ ඇවිදින එක බෙහෙතක් වගේග අපි වැඩිය කතා නොකර වට පිට බල බල ඇවිද්දාග මට පෙනෙන්නේ ඉස්සරට වැඩිය වල් වැවිලා තියෙනවාග ඇලේ වතුර ඉස්සරට වැඩිය අඩුයිග අපි නාන තැන ගල් පොත්තත් ඉස්සරට වඩා පොඩී වගේ පෙනෙන්නේග

ඊයේ රෑ කතාවලට අදාල වචනයක් මතු උනේ කැඩුන වැටක් ලඟදීග

ර්‍ණඅර අප්පුහාමී ගෙන්නල මේක හදල දාන්ට ඕනෑ ඌරෝ තියෙන එකත් විනාස කරන්ට ඉස්සර

අයිය ගැන කතාවක් නෑග මම හිතුවා මේක හොඳ වෙලාව් කියලා ඊයේ කතාව ඇදල ගන්ටග

ර්‍ණඅප්පච්චි ඊයේ කිව්වෙ අයිය ඇවිත් හදල දෙයි කියලාග

ඇවිද ඇවිද හිටිය අප්පච්චි එහෙමම නැවතුනාග හෙමීන් පාත්වෙලා ගල් ගෙඩියක් උඩ වාඩි වෙලා ඒ ලඟින් තට්ටු කරා මටත් වාඩිවෙන්ට කියලාග අප්පච්චී ලොකූ හුස්මක් ගත්තාග ඊට පස්සේ මං දිහා නොබලා කතා කරන්ට පටන් ගත්තාග

ර්‍ණඋඹටයි නංගිටයි තේරෙනවා ඇති ආයෙ අයියා මෙහෙ එන පාටක් නැති බවග දැන් අවුරුදු පහක් වෙනවා අන්තිමට මෙහෙ ඇවිල්ලා

නිහැඩියාව මට ඉවසන්ට බෑග

ර්‍ණඅප්පච්චී දන්නවද අයියගෙ බෝට්ටුව පෙරලුනා කියලාරෑ

ර්‍ණලොක්කී මං මේ කියනදේ අම්මට එහෙම කියන්ට එපාග බෝට්ටුවේ කතාවයිල ලොක්කා නැතිඋන එකයි හමුදාවෙන් මට ලියලා එවලා තිබුනා

ර්‍ණඅප්ප්ච්චී කියන්නේ ඒක එහෙම නෙවෙයිද උනේ

ආයෙත් නිහැඩියාවග ඇලේ වතුරේ සද්දේ විතරයිග

ර්‍ණඒවා ඔක්කොම ඇත්තයි ලොකු දුවග පුතාගෙ ජීවිතේ නැතිඋනා කියලා එයාගෙ යාලුවෝ කීපදෙනෙක් මට කිව්වා ටවුමේ හම්බුවෙලාග අම්මට දුක දරාගන්ට බැරිවෙයි කියලා මම කිසි දෙයක් ගෙදර ඇවිත් කිව්වෙ නෑග හමුදාවෙන් ආපු ලියකියවිලි හැංගුවාග දැන් වෙලා තියෙන්නේ පටන්ගත්ත බොරුව දිගටම කරගන යන්ටග උඹ ගෙදර හිටියනං මං කොහොමහරි උඹටයි නංගිටයි ඇත්ත කියලා හෙමින් හෙමින් අම්මටත් කියනවාග උඹ ගෙදර නෑල නංගී වැඩ දුර පලාතකග අපි දෙන්නා බොරු ගොඩකට යටවෙලා හුස්ම ගන්ට අම්මරුවෙන් ඔහේ ඉන්නවා

ඒ අප්පච්චි කාලෙකින් කරපු දිගම කතාවග ඒක අහලා මට දුකත් එක්ක හිනහවකුත් ආවාග එතකොට මම අප්පච්චිට කිව්වා ඊයෙ රෑ අම්මා කියාපු දේග අප්පච්චි එහෙම්මම නැගිට්ටාග

ර්‍ණමම ගෙදර යනවා මං දිහා නොබලා බොහොම ඉක්මනින් ගෙදර පැත්තට ගියාග

ර්‍ණඅප්පච්චී බ්ංඩ එවන්ට කුරුම්බ ගෙඩියක් කඩවා ගන්ට

අප්පච්චී පස්ස නොබලා අත උස්සලා පෙන්නුවා මං කියපුදේ ඇහුනා කියලාග

මම බංඩට කියල කුරුම්බ ගෙඩියකුත් කඩවාගෙන බිව්වා ගල උඩ වාඩිවෙලාග මට ඕනෑවෙලා තිබුනේ අප්පච්චිටයි අම්මටයි කතාකරගන්ට ටිකක් ඉඩ දෙන්නග බංඩගෙ ප්රස්න සේරටම උත්තර දෙනවානම් ඒ දෙන්නට වෙලා ඇති ඕනැ නම් පිරිතක් කියන්ටත්ග

ර්‍ණඒ රටේ කුරුම්බා තියෙනවදරෑ පොල් කඩන්නේ කවුදරෑ ඌරෝ එහෙමත් ඉන්නවදරෑ පොඩි බේබිටත් කුරුම්බ ගෙඩියක් අරන් යනවදරෑ

ර්‍ණනංගී ආවදරෑ

ර්‍ණනමයේ බස් එකේ ආවේ - මං එනකොට තේ බොනවා

මම ගෙදර එනකොට අප්පච්චියි අම්මයි කෑම මේසේ ලඟ ඉඳගෙනග අප්පච්චි අම්මගෙ අත අල්ලාගෙනග අම්මගෙ ඇස්වල කඳුලු පිරිලා හැබැයි හිනහ වෙනවාග නංගී තේ කෝප්පේ උඩට ඉස්සුවග

ර්‍ණදවසෙන් වැඩේ කරා නේද ලොක්ස්රෑ

අප්පච්චි නැගිටල නංගී මාවයි ඇදල ගත්තා ලඟටග

ර්‍ණඋඹලා දෙන්න ඉන්නකොට මොනවද අඩුරෑ අම්මයි මමයි හිතුවා අපි ලොක්ක වෙනුවෙන් පිරිතක් කියලා දානෙ පොඩ්ඩක් දෙමු කියලාග මොකොද කියන්නෙරෑ

නංගී මං දිහා බැලුවාග

ර්‍ණතව කියන්ට දේ තියෙනවා නේදරෑ

ර්‍ණමොකද්ද ලොක්කීරෑ

ර්‍ණඅක්ක කොල්ලෙක් හොයාගෙන කියන්නේ මගෙ මූන රතු උනාග

අම්මගෙ මූන මලක් වගේ පිපුනාග අප්පච්චිත් හිනහ උනාග

ර්‍ණකවුදරෑ චීනෙක්දරෑ සුද්දෙක්දරෑ දෙමලෙක්දරෑ තම්බියෙක්දරෑ මොකා උනත් කමක් නෑ වැටක් හදන්ට පුලුවන් එකෙක්දරෑ

අවුරුදු අටකට පස්සේ මට දැනුනා ගෙදර ආවා වගේග අපි හතරදෙනා කතා කරකර මේසේ වටේ හිටියා පැය ගානක්ග සමහරවිට අයියත් ඉන්ට ඇති අපි දැක්කෙ නැති උනාටග


More News »