Home / කෙටි කතා / මම තව හිතුව නම්

මම තව හිතුව නම්

2016-04-24 01:34:00       683
feature-top
බය වෙන්ට දෙයක් නෑග මේ දරුවට කිසිම ශාරීරික ආබාධයක් නෑග ඒත් ලොකු මානසික පීඩාවක් නම් වෙලා තියෙන බ ව පෙනෙනවාග කෝකටත් ‍අපි මෙයාව මානසික රෝගාබාධ පිළිබඳ සායනයට යොමු කරනවාග එතකොට රෝග නිධානය සොයාගෙන නියම ප්‍රතිකාරය ලබා දෙන්න අපට පුළුවනිග

පින්නවල අලි අනාථාගාරයට ඇතුල් වී සුළු මොහොතකින් දතකට පූට්ටු වී සිහිසුන්ව ඇද වැටුණු සිසුවියගේ හදිසි රෝගාබාධය පිළිබඳව කෑගල්ල දිසා රෝහලේ වෛද්‍යවරයා කුමක් පවසාවිදැයි බිය හා ශෝකය මුසු කුතුහලයෙන් එතෙක් ඔහුගේ මුහුණ දෙසම බලාගෙන සිටි සුසිලා රණසිංහ ගුරු මහත්මියගේ සිතට මේ වදන් නිසා යන්තමින් සහනයක් දැනුණිග එහෙත් මේ චාරිකාව පිළිබඳ සිසුන් දැනුවත් කළ මුල්ම දිනයේදී මේ දැරිය ගමනට සහභාගි නොවී සිටීමට උත්සාහ කළේ ඇයිදැයි හරිහැටි සොයා බැලීමට තමා උනන්දු නොවීම ගැන ඇගේ සිත ඇයට දොස් තබන බවක් හැඟුණිග ඇය ඒ සිදුවීම් පෙළ යළිත් සිතට කැඳවමින් පිරික්සා බලන්නට පටන් ගත්තේ ඒ නිසායග

ර්‍ණලබන සුමානේ බදාදා අපි පින්නවල අලි අනාථාගාරය බලන්ට යනවාග අත උස්සන්ට බලන්ට ඒ ගමනට කැමති අයග මෑතකදී ස්ථාන මාරුවක් ලබා පැමිණ හතර වසර පන්ති භාරකාරත්වය ගත් ඇය එසේ කී සැණින් ළමුන්

ර්‍ණඅපි කැමතියි ටීචර්ල අපි කැමතියි යනුවෙන් දෙමළිචි රෑනක් සේ ඝෝෂාකාරී ලෙස හඬ නඟමින් වඩ වඩා ඉහළට එසවූ අත් මන්නා කැති මෙන් වනන්නට වූයේ තම බලවත් කැමැත්ත ගුරුතුමිය අදහස් කළ තරම් සරලව ප්‍රකාශ කළ නොහැකි වූ හෙයිනිග කෙසේ වෙතත් ඒ මොහොතේ ඇති වූ ‍උද්‍යෝගය කොතෙක් ද යත් නොදැනුවත්වම සිය අසුන්වලින් නැඟී සිටි ඇතැමුන්ට ඒ බව අවබෝධ වූයේ ර්‍ණආගගග ඇති ඇති වාඩි වෙන්න වාඩි වෙන්න යනුවෙන් තමන් කීප විටක්ම නියෝග කිරීමෙන් අනතුරුව බව සිහි වෙද්දී ඇගේ මුවට සිනහ රැල්ලක් නැඟුණිග

ර්‍ණආගගග බොහොම හොඳයි අපි එහෙනම් මේ වතාවේ යන්නෙ හැමෝම කැමති තැනකටයි නේදරෑ පන්තිය බාරගත් නොබෝ දිනකින්ම ළමුන් ප්‍රිය කරන කටයුත්තක් සැලසුම් කිරීමට ලැබීම ගැන සතුටට පත් ඇය ද සිනාසෙමින් කියා තමාගේ ඊළඟ කටයුත්තට යොමු වන්නට සූදානම් වූවා පමණිග

ර්‍ණටීචර් මටගගග මට ගමන යන්ට එන්ට විදිහක් නෑ ටීචර්ග

හිස ඔසවා බැලූ සුසිලා දුට‍ුවේ තම ප්‍රතිචාරය කෙබඳු වේදැයි බිය මුසු සැකයෙන් තම දෑස දෙස ම බියමුසු මළානික බැල්මෙන් බලා සිටින කුඩා දැරියකිග ඇයගේ සිතෙහි වූ යම් බියක් වී නම් එය දුරුකරලීමට සිතූ සුසිලා මුලින්ම ඇය දෙස මඳ සිනහවක් පාමින් මොහොතක් බලා සිටියා යග බොර පැහැගැන්වී තිබුණ ඇගේ සුදු ගවුම් පොඩිත්තත් ළපටි කන්පෙති සිදුරු දෙකෙහි ගසා තිබුණ කරපින්චා නැටි දෙකත් දැරිය ගැන දැනගත යුතු බොහෝ දේ තමන් හට සැළකර සිටි බව ඇය සිතුවායග හදවතේ ඇතිවූ හැඟුම් මුහුණින් ප්‍රකාශ වීම ආයාසයෙන් වළක්වා ගත් ඇය

ර්‍ණඑහෙම කියල කොහොමද පුතේරෑ යි මඳ සිනහවක් මුවට නඟාගෙන ඍජු ව ම දැරිය දෙස නොබලා මොහොතකට පන්ති කාමරයෙන් පිටතට නෙත් යොමු කළා යග ඇගේ නෙතට යොමු වූයේ නුදුරින් වූ කෘෂි විද්‍යා අංශයේ වගා බිම් තීරුව යග කලක් තිස්සේ පස නිසරු වීමේ හේතුවෙන් කේඩෑරි වී ගිය කෙසෙල් ගසක් සහ කෙසෙල් කුරුල්ලන් දෙක තුනක් එහි වියග ඉඩෝරයට හසුවීමේ හේතුවෙන් ඒවායේ පත්‍ර සිහින් වී මළානිකව තිබුණු අයුරු ඇය දුටුවායග සෙමෙන් දැරිය ගේ මුහුණ වෙතට නෙත යොමු කළ ඇය

ර්‍ණබෑ පුතේ මේ ගමන හැමෝම යන්නම ඕනෑග නැතුව කොහොමද ඒ දේවල් ඉගෙන ගන්නේරෑ මොකක් හරි බැරි අමාරුකමක් තියෙනව නම් ඒකට විසඳුමක් හොයා ගන්ට අපට බැරිවෙන එකක් නෑග ඒ නිසා බය වෙන්ට එපා තේරුණා නේදරෑ යි දයාබර ලෙස කීවායග එහෙත් දැරිය ඒ පිළිතුරෙන් සෑහීමකට පත්වූ බවක් පෙනෙන්නට නොතිබුණිග එබැවින් ඇගේ සිහින් අතකින් අල්ලා අල්ලාගත් ඇය

ර්‍ණමොකක්ද ඔයාගේ නමරෑ යි යළිත් කතාවට මුල පිරුවායග

ර්‍ණසමන්ලතා ටීචර්

ර්‍ණඔව් සමන්ලතා ඔයාලාගේ පොතේ පාඩම් වලින් වගේම මේ චාරිකා වලිනුත් ඔයාට බොහොම දේවල් ඉගෙන ගන්ට තියෙනවාග මේ ගමන ගියහම ඔයාටම හිතෙයි නොගිහින් හිටියනං සිද්ද වෙන්නේ කොයි තරම් අවාසියක්ද කියලාග යි ඇය තවදුරටත් කරුණු පැහැදිලි කළා යග එවර දැරිය බිමට යොමු කරගත් දෑසින් යුතු ව නිහඬ ව තම අසුන වෙත පියවර මැන්නායග පිටුපා යන දැරිය දෙස මොහොතක් බලා සිටි ඇයගේ මුවින් දිග සුසුමක් පිටවියග

ෆෆෆෆෆෆෆ

ර්‍ණෂහ්ෟ මං ඉක්මන් වුණා වැඩියිග මේ දරුවට මං ඇහුන්කන් දුන්නා මදිග එහෙම කළා නම් මේ වරද නොවෙන්නට තිබුණාග යි සිය අතීතාවර්ජනය නිම වූ පසුව ඇය තැවෙන්නට පටන් ගත්තායග හතර වසර දෙමවුපිය හමුව පැවැති දිනයේ සමන්ලතාගේ මව ඊට සහභාගි නොවුණ හෙයින් සුසිලා රණසිංහ ගුරුවරිය අපේක්ෂා කළ පරිදි ඇය සමඟ කතා කිරීමට අවස්ථාවක් ඇයට නොලැබුණිග එහෙත් ඒ වෙනුවට ඇයට අවශ්‍ය වූ තොරතුරු සියල්ල අසල්වැසි වෙනත් කාන්තාවක් මඟින් දැන ගන්නට ඇයට හැකි වියග

ර්‍ණගිය සුමානේ සමන්ලතා ක්ලිනික් එකට එක්කන් ගියාද දන්නේ නෑ නේදරෑ

ර්‍ණඑක්කන් ගියා ටීචර්ල නොවරදවාම දිගට ම එක්කන් එන්ට කියලලුනෙ තියෙන්නේග

ර්‍ණඔව්ල ඔව්ග ඒක නං ඒ විදිහටම කෙරෙන්න ඕනෑ තමයිල නැත්නන් පස්සට කරදර ඇති වෙන්ට ඉඩ තියෙනවාග ඒක නෙවෙයි දොස්තර මහත්තයා මේ අසනීපේ හැදුණ විදිහක් ගැන මොකුත් කීවද දන්නේ නෑ නේදරෑ

ර්‍ණටීචර් දොස්තර මහත්තයා එහෙම මොකුත් කීව බවක් නං මල්ලිකා කිව්වේ නෑ ඒත්ගගගග

ර්‍ණමොකක්ද ඒත් කිව්වේරෑ

ර්‍ණමට හිතෙනවා ඔය දරුවා තවමත් හිතනව කියලා එයාගේ තාත්තා මැරුණ විදිහ ගැනග

ර්‍ණසමන්ලතා ගේ තාත්තා මැරුණාෟ එතකොට අර වෙලාවකට ඉස්කෝලේ වැඩවලට එහෙම එනගගගගගග

ර්‍ණටීචර් ඒ එයාගේ තාත්තා නෙවෙයිග එයාගේ බාප්පාග

ර්‍ණබාප්පා කිව්වේරෑ

ර්‍ණඅම්මගේ දෙවෙනි කසාදේ එක්කෙනාග

ර්‍ණඇත්තදරෑ ඉතින් මොනව වෙලාද සමන්ලතාගේ තාත්තා මැරුණේරෑ

ර්‍ණමම නං හිතන්නේ ඔන්න ඕක තමයි ඔය දරුවගේ ලෙඩේට හේතුවග ඒ මනුස්සයා මැරුණේ එයාම බලපු අලියා ගහලාග ඌ මහ දරුණු සතෙක්ග කලින් බලපු ඇත්ගොව්වෝ දෙන්නෙකුත් මරලා තියෙනවලුග

ර්‍ණෂහ්ෟ මේ කතාව මං කලින් දැනගෙන හිටියා නංෟ සුසිලා සිතින් තමාට ම කියා ගත්තාග

ර්‍ණඔයා හිතපු විදිහ හරි කියල දැන් මමත් හිතනවාග ඒත් මොකද දන්නෑග සමන්ලතාගේ අම්මා ඔය තරම් ඉක්මනට දෙවෙනි කසාදයක් කර ගත්තේ නේදරෑ

ර්‍ණටීචර් ඒක වුණේ මෙහෙමයිග ඔය විල්සන් තමයි මැරුණ සිරිසේන අයියගේ ගෝලයාට හිටියේග දෙන්නට දෙන්නා හරිම විශ්වාසවන්තයිග අලියා ගහලා වැටිලා ඉන්දැද්දි සිරිසේනයියා කිව්වලු ර්‍ණමට එක උදව්වක් කරපන් සිරිසේන මල්ලියේල මගේ දරු පවුල අනාථ වෙන්ට නොදී බලාගනිං කියලාග විල්සන් හිත හොඳ එකා ටීචර්ග මෑතක් වෙන තුරුම පිටින් ඉඳගෙන තමන්ගේ හිතවතාගේ ඉල්ලීම ඉටු කරන්ට උත්සාහ කළාග එහෙම කරනකොට ගමේ තරහ කාරයෝ කයිකතන්දර හදන්ට තියා ගත්තාග මිනිහ ඒ සේරම ඉවස‍ාගෙන සිරිසේනයියගේ අවුරුද්දේ පින් කමත් හොඳට කළාග ඒ ‍ඔක්කොම කරලා ර්‍ණසිරිසේන අයියා වෙනුවෙන් මට කරන්ඩ බැරි දෙයක් නෑ කියලා දැන් මාස දෙකකට විතර උඩදි විල්සනුයි මල්ලිකයි දෙන්නා එක්කම ගිහින් රෙජිස්ටාර් නෝනගේ පොතේ අත්සන් කරලම ඇවිත් සමන්ලතාගේ ගෙදර නැවතුණාග විල්සන් සිරිසේනයියගේ දරුවන් තුන්දෙනාටම එකවගේ ආදරෙයිග දැනට මොන මොන අඩුපාඩු තිබුණත් කවුරුත් කියන්නේ විල්සන් ඔය දරු පවුල මොන විදියට හරි ගොඩ ගනියි කියලයිග යි ඇය කතාව අවසන් කළායග

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »